RSS

මග නිවරදි ද ?



මම ෆේස්බුක් හෙවත් මුණු පොතට දේශපාලන අදහස් ලියන 

එක නතර කරන්න හිතුවා.

ජණාධිපතිවරණය වෙලාවේදී මගේ සගයෙක් ( දැන් පාර්ලිමේන්තු මංත්‍රීවරයෙක් )

ඇහුවා “ අංකල් මේ පාර අපි මේ යන ක්‍රමය වෙනස් කරමු ද ?

කියලා. 

මම “හා වෙනස් කරමු“ කිව්වා.

පාර්ලිමේන්තු මැතිවරණයෛ්දී නම් බෑ මට 

මගේ ඥාතිවරයා තරග කරනවා.නේ.

කියලා ජණාධිපතිවරණයේදී රැල්ලට මාත් එකතු වුනා.

ගුණ සුවද බැළුවේ නෑ..

හිටපු අයත් එක්කත් පුංචි පුංචි විරසක කම් තිබුනා.

දැන් සුවද හමනවා…..

අපි දන්නා දවසේ ඉදන් හමන සුළගෙයි මේ සුළගෙයි වෙනසක් නැහැ.

එකම පිහිට IMF එක කියලා හිතෙනවා.

ළගදී NSB බැංකුවේ වංචාවක් පලවුනා.

SLCB එකේ පුද්ගල සම්බන්ධයක් නැතිව මාසෙකින් එහා දිගින් දිගට එවැනි වංචාවක් පවත්වා ගෙන යන්න පුළුවන් ද ? 

මට හිතෙනවා.

කියවලා ඔළුව දාගත්ත දෙයක් හැරෙන්වැඩි යමක් මගේ ඔළුවේ නැහැ.

ඒ හින්දා මේ ගැන සාකච්චා කරන්නේ නැහැ.

මේ වගේ දේවල් රටේ වෙනවා.

අපිට අවබෝධයක් නැති නිසා නිළදාරින් පිරිසක් අධිකරණයට යන එක විතරක්  පෙනෙනවා.

ගල්අගුරු  පාර්ලිමේන්තු වේ විවාදයට පත්වුනා.

සිරිත් පරිදි ආණ්ඩු පක්ෂයේ ඡණ්දය විශ්වාශ භංගයට විරුද්ධවත්,

විපක්‍ෂය පක්‍ෂවත් ඡණ්දය දීලා

විශ්වාශය භංගවෙලා නෑ කියලා ප්‍රදර්ශණය කලා.

ඒත් පාර්ලිමේන්තු විවාදය ඇහුවනම් , කියවන්න අවස්ථාව ලැබුන නම්

ජනතාවගේ විිශ්වාශය භංග වෙලා තියෙන හැටි පැහැදිලිවෙනවා.

මට දුක හිතුනා.

විජේවීර ආරම්භ කරපු දේශමාමක දේශපාලන පක්‍ෂයකින් මේ වගේ දේවල් වෙන කොට.

ඔව් දැන් ජවිපෙ නැහැනේ.

මාළිමාව නේ තියෙන්නේ.

තවත් අපට මග පෙන්නාවි.












Do you miss me .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment

ඔබේ අවධානයට ස්තුතියි.