කියවන එක්කෙනා පළමුව බලන්නේ මේකා මොන පිලේද කියලා. කලින් අදුනන කෙනෙක් නම් ඥාති සමුහයාත් එක්ක විශ්ලේෂණය කරලා බලනවා මූගේ පාට මොකක්ද කියලා.
එහෙම අදුනගෙන තමයි කියවන්න පටන්ගන්නේ.
ලියලා තියෙන අදහස ගැන හිතලා ප්‍රතිචාරයක් දක්වනවා වෙනුවට හතර වරිගෙටම දෙහි කපනවා.
මම සමහර උදවියට දක්වන ප්‍රතිචාර වලට මුණිවත රකිනවා.
මාව තේරුම් ගත්ත කෙනෙක්ගේ ප්‍රතිචාරයක් දැක්වොත් ආයෙත් පිළිතුරක් පලකරනවා.
මම බෞද්ධයෙක්.
තමන්ගේ වුනාම හිතේ වේදනාව වැඩියි මේ සිද්ධ වෙන දේවල් වලට
මගේ පන්සල පොත් රාක්කේ කියලා මම කලින් දවසක ලිව්වා.
ඒ පොත් රාක්කේ පන්සලට වඩා බුදුහාමුදුරුවන්ගේ දේශනා , බණ දහම් රැදිලා තියන නිසා.
පොත් රාක්කේ…………………………..
නිකාය වලට පාර්ශවවලට, එක් එක් දේශපාලන මතිමතාන්තර වලට බෙදිලා නැහැ.
ජාවාරම්කාරයින්ගේ ග්‍රහණයට ලක් වෙලා නැහැ.
ඉතින් , මැවෙන පන්සල නිහඩව නිසලව මනස සන්සුන් කරනවා.
1948 සිට මේ රටේ ආණ්ඩු තිබුනා.
ඩී.එස් ගේ ඉදන් ගෝඨා දක්වාත්..
වර්තමානයේ අනුර කුමාර දිසානායකත් රට පාලනය කරනවා.
මම 48 සිට 2024 දක්වා රටේ සංවර්ධණයක් වුනේ නෑ කියන මතය පිළිගන්න කෙනෙක් නෙවෙයි.
විදුලිය ගැන විතරක් කිව්වොත් රටම අද විදුලිය භාවිතා කරනවා.
1958 වෙනකම්ම මේ මම ආලෝකය ලබා ගත්තේ භුමිතෙල් පහනකින්.
අවුරුදු 74 කට කරපු දේවල් අවුරුදු දෙකකින් කරන්න බැහැ.
හොරකම් කරන්නත් අවුරුදු හැත්තෑහතරකට කරපු හොරකනම් අවුරුදු දෙකකින් කරන්න බැහැ.
ඉතින් ,
අපිට ඉවසන්න වෙනවා.
අද උදේ මුණු පොතේ මගේ සහෘදයෙක් මා ගැන අදහසක් පල කරනවා .
” පරිනතයි කියලා හිතපු මමත් මෝඩයෙක් “ කියලා. යි එයා අදහස් කරන්නේ. ( මගේ වයස දැන් 79 වෙලා ) සහෘදයා තරුණයෙක්.
“ කියල වැඩක් නෑ වැඩිහිටි පරම්පරාව තාමත් තමන්ගේ ඒකායන පෞද්ගලික අරමුනු වෙනුවෙන් මෙහෙම දේශපාලනිකව මේ දේවල් දිහා බලනව කියන්නේ සමාජගත කරනව කියන්නෙ හරිම කනගාටුයි.
සාමාන්‍ය කොල්ලෙක් කෙල්ලෙක් ශෙයා කලානම් කමක්නෑ.
පරිනතයි කියල හිතං ඉන්න මිනිස්සු මේ විදියට දැක්කම ටිකක් ඈ...ක් වගේදැනෙනවා.”
මෙහෙම කියන මේ තරුනයා එදා හිටියේ සජබ තරුන මංත්‍රිවරයෙක් සමග .මංත්‍රීතුමා එයා පදිංචි නිවස පහුකරගෙන යනකොට මෙතුමාට කතා නොකර ගිහින්
අවස්ථා කිහිපයක් මෙහෙම වෙලා. එයා හිතන්න පටන් ගත්තා මංත්‍රීතුමා මට සලකන්නේ නැහැ කියලා. දේශපාලන ධාරවත් වෙනස් කරලා මංත්‍රීතුමත් අමතක කරලා…………………..ඒ හිලව්වට.
මෙහෙම පටු ලෝකෙක ඉන්න අය ගැන කුමන කතාද ?.
එයාගේ මතයට එකග නැත්නම් ඉතින් එයාගේ කෝණයෙන් මම අපරිනිත මෝඩයෙක්.
ටෙලියකත් පැය බාගෙට කතා හතරක් පෙන්වනවා වගේ මගේ හෑල්ලත්.
අපේ මහානායක හිමිවරු………………..
කිසිදු වැදගැම්මක් නැති තැනක ඉන්නේ.සංඝ සමාජය පාලනයකින් තොරව නූල කැඩුන සරුංගලයක් වගේ
අන්‍ය ආගමිකයින් ,අන්‍ය ජාතින් වගේම තමන්ගේම දායකයින් අතර සමච්චලයට පරිභවයට ලක්වෙනවා.
පව්
අපි පව්.






