Showing posts with label ඉතිහාසය. Show all posts
Showing posts with label ඉතිහාසය. Show all posts

Friday, March 21, 2025

සුසාන.



බටලන්ද කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමත් සමග අතීතය මේසය මතට පැමිණ හොල්මන් කරන්න පටන් අරන් ඇත. වර්තමාන ආණ්ඩුපක්ෂය එවකට කරන ලද භීෂණකාරි ක්‍රියාමෙන්ම එවකට ආණ්ඩු පක්ෂය එම භිෂණය මැඩපැවත්වීමට නිල හමුදා මෙහෙයවීමද දැන් වේදිකා ගතවේ.

මේ ලිපිය ඒ දෙපාර්ශවය ගැන එකිනෙකාට එරෙහිව පල කිරීමකි.


ශ්රී ලංකාවේ සමූහ මිනීවළවල් ලැයිස්තුව..

1. 1989 දී කොළඹ දිස්ත්රික්කයේ හෝකන්දර සමූහ සුසානය. මෙහිදී සිරුරු 19 ක් හමු වූ අතර ඒ සියල්ල ම හඳුනාගෙන ඇත. 89 ජවිපෙ කැරැල්ල සමයට අයත් ය. මරා දමුනු ලැබූ අයගේ සිරුරු, 1989 අගෝස්තු 13 වැනිදා බෝම්බයක් පිපිඉරීමෙන් හටගත් වළකට දමා පුලුස්සා තිබේ.
2. 1989 දී මහනුවර දිස්ත්රික්කයේ අංකුඹුර සමූහ සුසානය. සොයාගත හැකි වූ මළසිරුරු ගණන 39 කි. 89 කැරැල්ල සමයේදී සිදු වූ ඝාතනයන් ය.
3. 1989 දී කුරුණෑගල දිස්ත්රික්කයේ නිකවැරටිය සමූහ සුසානය. සිරුරු 20 ක් සොයාගන්නා ලදී. ඒවා ද 89 කැරැල්ල සමයට අයත් විය. මෙම සිරුරු ගොඩගැනීමෙන් පසු ඒවාට කුමක් සිදු වූයේදැයි දැනටත් අබිරහසකි.
4. 1989 මාතර දිස්ත්රික්කයේ විල්පිට සමූහ සුසානය. මෙම සිරුරු ද 89 කැරැල්ල සමයට අයත් වූ අතර කිසිඳු කොමිෂන් වාර්තාවක මළ සිරුරු සංඛ්යාව නිශ්චිතව දක්වා නැත. සමූහ මිනීවල හමුවන්නේ යුද හමුදා කඳවුරක් පිහිටි ස්ථානයක ය.
5. 1990 දී හමුවූ ගම්පහ දිස්ත්රික්කයේ වවුල්කැලේ සමූහ සුසානය. වවුල්කැලේ රක්ෂිතය තුළදී 12 දෙනෙකු ඝාතනය කර ටයර් දමා පිළිස්සු බවට සාක්ෂි ඇත. මෙය 89 කැරැල්ල සමයේදී සිදු වූ අවසන් සමූහ ඝාතනය යැයි සැළකේ. වයස 17-34 අතර තරුණයින් 34 දෙනෙකු පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන සිදුකළ ඝාතනයක් වන අතර ඇසින් දුටු සාක්ෂිකරුවෙකු සිටිය හෙයින් විස්තර හෙළි විය. නමුත් හඳුනාගත් සැකකරුවෝ සියලු දෙනා 2000 දී නිදොස් කොට නිදහස් කරන ලදී.
6. 1994 දී හමු වූ ගම්පහ දිස්ත්රික්කයේ වල්පිට රජයේ ගොවිපළ තුළ සමූහ සුසානය. මහේස්ත්රාත් නියෝගය මත මළසිරුරු 30 ක් හමු විය. ජවිපෙ සැකකරුවන්ගේ බවට සැක කෙරේ. පරීක්ෂණ කළ මහේස්ත්රාත්වරයාට ස්තාන මාරුවක් ලැබුන අතර, මුලින්ම අත් අඩංගුවට පත් සැකකරුවෙකු වූ නිමල් ප්රනාන්දු, පසුකලෙක වයඹ පළාත් පොලිස් ස්ථානාධිපතිවරයෙකු ද බවට පත්විය.
7. 1994 දී හමු වූ රත්නපුර දිස්ත්රික්කයේ සූරියකන්ද සමූහ සුසානය. 89 කැරැල්ල සමයේ මෘතදේහවල ශේෂයන් වන අතර, හමු වූ මළ සිරුරු ගණන 300කට අධික ය. ඇඹිලිපිටියෙන් අතුරුදහන් වූ පාසැල් සිසුන් 46 කගේ සිරුරුද එහි ඇති බවට සැක කෙරේ. කැණීම්වල අවිධිමත් බවින් සාක්ෂි සියල්ල විනාශ වූ සමූහ මිනීවලකි. පරීක්ෂණවලට සහභාගී වූ නීතීඥයෙකුට වෙඩි තබණ ලද අතර, හාරන ලද වළවල්වලට පස් සහ වතුර දමා කිහිපවරක් වසා ඇත. මිනිස් හිස් කබලක් සහ සිවුරක් අලුතෙන් වළලා සාක්ෂි ව්කෘති කරන ලදී. මේ සිදුවීමේ ප්රධාන සැකකරුවෙකු වූ කර්නල් ආර් පී ලියනගේ පසුකලෙක බ්රිගේඩියර් තනතුරට උසස්වීම් ලැබීය. සිසුන්ගේ දෙමව්පියන්ගේ පෞද්ගලික මැදිහත්වීමෙන් නඩු පැවරුවද නිසි යුක්තිය ඉටු නොවිණ.
8. 1994 දී හමු වූ ගම්පහ දිස්ත්රික්කයේ එස්සැල්ල සමූහ මිනීවල. 89 කැරැල්ල සමයට අයත් සිරුරු හමුවිණ. කොමිෂන් වාර්තාවලට අනුව මේ සිරුරු අයත් වන්නේ බස්නාහිර පළාතේ හමුදා කඳවුරකට 1989 සැප්තැම්බර් 19 දා ගෙනයන ලද සිරකරුවන් 15කට හෝ 16කට ය. කාන්තාවෝ තිදෙනෙක් ඒ අතර විය.
9. 1995 හමුවූ කොළඹ දිස්ත්රික්කයේ බොල්ගොඩ වැවේ තිබූ සිරුරු. මළ සිරුරු ගණන 21 කි. ඒවා LTTE සාමාජිකයින්ගේ මළ සිරුරු ය. පොලිස් විශේෂ කාර්ය බළකායේ 21 ක් සහ සාමාන්ය වැසියන් තිදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගෙන නිදහස් කරන ලදී.
10. 1999 දී හමුවූ යාපනය දිස්ත්රික්කයේ දොරේඅප්පා ක්රීඩාංගණයේ සමූහ සුසානය. 1987 දී ඉන්දීය සාම සාධක හමුදා විසින් මරා දමන ලද යාපනේ වාසීන්ගේ සිරුරු යැයි සැක කරන නමුත් සිරුරු හඳුනාගත නොහැකි විය. සිරුරු 40-50 අතර ශේෂයන් හමුවිය.
11. 1999 දී හමුවූ යාපනය දිස්ත්රික්කයේ චෙම්මනි සමූහ සුසානය. 1996 දී පාසැල් ශිෂ්යාවක වූ 'ක්රිෂාන්ති කුමාරස්වාමි' සහ ඇගේ මව, සොහොයුරා, සහ අසල්වාසියෙකු ඝාතනය කළ ලාන්ස් කෝප්රල් සෝමරත්න රාජපක්ෂ ඇතුලු හමුදා සෙබළු පස් දෙනෙකුට එරෙහි නඩු විභාගයේදී මෙම සුසානය හමුවිය. අදාල අයට අමතරව තවත් මළසිරුරු 400 ක් පමණ එහි වළදමා ඇතිබව සැකකරු පාපොච්ඡාරණය කළේය. නමුත් සොයාගත හැකි වූයේ ඉන් 15 ක් පමණි. ප්රධාන සැකකරු වූ ලාන්ස් කෝප්රල් සෝමරත්නට පමණක් ක්රිෂාන්ති කුමාරස්වාමි ශිෂ්යාව දූෂණය කොට මරාදැමීම ඔප්පු වීමෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය. ඊට සම්බන්ධ යැයි ඔහු හෙළිකල තවත් හමුදා සාමාජිකයෝ 17 දෙනෙකු පමණ නඩුවෙන් නිදහස් වී ඉන් 4 දෙනෙකු උසස්වීම් ලැබූහ.
12. 2000 දී හමු වූ යාපනය දිස්ත්රික්කයේ මිරුසුවිල් සමූහ සුසානය. සිරුරු ගණන 8කි. ළමුන් 3 දෙනෙකි. ඉන් එක් දරුවෙකු පස් හැවිරිදි වූ අතර එම දරුවාගේ සිරුරේ වධ හිංසාවලට ලක් වූ සලකුණු හඳුනාගැණින. නඩුව චාවකච්චේරි අධිකරණයේ ආරම්භ විය. සැකකාර හමුදා නිලධාරීන් ගණන 14 කි. අනතුරුව මෙම නඩුව අනුරාධපුරයටත්, එතැනින් කොළඹ මහාධිකරණයටත් ලෙස ස්ථානය වෙනස් කරන ලදී . යුද හමුදා දිගුදුර විහිඳුම් බළකායේ සුනිල් රත්නායකට 2015 දී මරණ දණ්ඩනය හිමිවිය. අභියාචනාධිකරණයද එය තහවුරු කරන ලදී. 2020 දී ගෝඨාභය රාජපක්ෂ මෙම අපරාධකරුට ජනාධිපති සමාව ප්රදානය කළේය.
13. 2010 දී හමුවූ කිලිනොච්චි දිස්ත්රික්කයේ ගණේෂපුරම් සමූහ සුසානය. සිරුරු ගණන 6කි. වැසිකිලි වළකින් හමුවිය.
14. 2012 දී මාතලේ දිස්ත්රික්කයේ මාතලේ මහ රෝහල් පරිශ්රයෙන් හමුවු සමූහ සුසානය. ගොඩගත් සිරුරු ගණන 155 කි. කැණීම් සඳහා නියෝගය නිකුත් කළ මහේස්ත්රාත් චතුරිකා ද සිල්වාට වහාම ස්ථාන මාරුවක් ලබාදෙන ලදී. මහාචාර්ය රාජ් සෝමදේවගේ වාර්තාවට අනුව හිස් කබල්වලට ඇණ ගසා මරණ ලද සලකුණු ඇති බව තහවුරු විය. 1980 අග භාගයට අයත් බව තීරණය කර ඇත. නමුත් එක්සත් ජනපදයට යැවූ සාම්පල පරීක්ෂාවේ නිගමනය වූයේ මෙම සිරුරු 1950 ට ආසන්න ඒවා වියහැකි බවය.
15. 2013 දී හමුවූ මන්නාරම දිස්ත්රික්කයේ තිරුකේතීස්වරම් සමූහ සුසානය. LTTE ය විසින් මරා දමනලද යුද හමුදා භටයින්ගේ සිරුරු 80කට වඩා මෙහිදී හමුවිය. තවත් සිරුරු ගොඩගන්නට තිබේ. බොහෝ සිරුරුවල අත් පිටුපසට කොට ගැටගසා තිබේ. තවමත් එම ශේෂයන් මහේස්ත්රාත් භාරයේ පවතින අතර නියෝගයන් හා මුදල් නොමැතිවීම මත පරීක්ෂණ නවත්වා ඇතැයි ප්රකාශ විය.
16. 2014 මඩකළපුව දිස්ත්රික්කයේ කළුවන්චිකුඩි සමූහ සුසානය. මළ සිරුරු 160 කට වැඩිය. කොටි සංවිධානය විසින් 1990 ජූලි 12 දින කුරුක්කල්මඩමින් පැහැරගත් මුස්ලිම්වරුන්ට අයත් යැයි සැළකේ. සිරුරු 160 න් එකක් හෝ මේවනතෙක් ගොඩ ගෙන නැත. පරීක්ෂණ නැවතුනේ මහින්ද රාජපක්ෂ සමඟ විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) සම්බන්ධ වීමත්, එහි සබඳතා හෙළිවන බවට වූ සැකයත් නිසා ය.
17. 2018 දී හමුවූ මන්නාරම දිස්ත්රික්කයේ මන්නාරම සතොස ගොඩනැගිල්ලට අයත් භූමියේ සමූහ සුසානය. කුඩා දරුවන් 28 ක් ඇතුලු 318 කගේ සිරුරු ගොඩගන්නා ලදී. කකුල් යකඩ කම්බි මඟින් බැඳ තිබිණ. ෆ්ලොරීඩාවේ කාබන් දත්තපරීක්ෂාවකට අනුව ඒවා 15-18 ශතවර්ෂවලට අයත් යැයි සඳහන් විය.
18. 2019 දී හමු වූ මුලතිව් දිස්ත්රික්කයේ පුදුකුඩියිරිප්පු සමූහ සුසානය. සිරුරු ගණන 9කි. පරීක්ෂණ අවසන් නැත.
19. 2020 දී මුලතිවු දිස්ත්රික්කයෙන් හමුවූ මුලතිවු සමූහ සුසානය. සිරුරු ගණන නොදනී. ආණ්ඩුව විසින් පිහිටුවන ලද අතුරුදහන් වූවන්ගේ කාර්යාලය විසින් නඩුව විමර්ශනය කෙරේ. තොරතුරු නොමැත.
20. 2020 කිලිනොච්චි දිස්ත්රික්කයේ සමූහ සුසානය. තොරතුරු නැත.
ලංකාව අපරාධ රාජ්යයකි. සියලු පාර්ශ්ව සියලු යුගයන්වලදී සියලු ජනවර්ග සමූහ ඝාතනය කොට ඇත. ඒ සිරුරුවලින් හමුවන සලකුණු අනුව අමානුෂික වධ බන්ධනයන්ට ලක් කර ඇත. ඉතා කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා ඝාතනය කර ඇත. දූෂණය කොට ඇත.
මේ සිරුරු ගොඩගත යුත්තේ ඇයි? පරීක්ෂණ කළ යුත්තේ ඇයි?
සියලු අපරාධකරුවන්ට දඬුවම්ලැබිය යුතුය. වින්දිත පවුල්වලට හා මියගියවුන්ට යුක්තිය ඉටුවිය යුතුය. ඒ කිසිවක් නැතත් වධ වේදනා විඳ එකා පිට එකා මැරී වැටීම වෙනුවට, මියගියේ කවුදැයි හඳුනාගෙන තමන්ට වෙන් වූ සුසානයක ගෞරවණීය සමුදීමක් සහිතව භූමදානය වන්න ඒ සෑම මළ සිරුරකට ම මිනිසෙකු ලෙස අයිතිවාසිමක් ඇත.
ලංකාවට තවම මේ ගැන හරිහමන් නීතියක් නැත. අපරාධ නඩුවිධාන සංග්රහයේ ඇති "චූදිතයින් නොමැති හෝ හඳුනානොගත්" අපරාධවල පටිපාටිය අනුව මේ සිරුරු පරීක්ෂා කොට සියල්ල අවසන් කිරීම යුක්තිසහගත නොවේ.
පහත තාච්චිවල ඇත්තේ ඔබගේ හිස නම්? එළැඹීමට නියමිත අයුක්තිසහගත මොහොත වෙනස් කිරීමට දැන්ම කටයුතු කළ යුතු නොවේද?
(ඡායාරූපය : මන්නාරම සමූහ සුසානය. ශ්රී ලංකාව)
76 වසරක සාපයේ ප්රධාන කොටස්කරුවන්ගේ කාර්යභාරය
1971 දී පොලිස් ස්ථාන 92කට ගැහුවා පොලිස් නිලධාරීන් 37ක් සහ හමුදා නිලධාරීන් 26ක් ජවිපෙ කැරලිකරුවන් අතින් ඝා/තනය වුනා.
කැරලිකරුවන් විසින් මhරා දමන ලද සිවිල් වැසියන් සංඛ්යාව 411ක් ඇතුලු 7000ක් ඝාතනය කලා
1988/89
1989 පෙබරවාරි 08 වෙනි දින දළදා මාලිගාවට පහ/රදුන්නා
1988 අප්රේල් 23 වෙනි දින කටුනායක ගුවන් තොටුපලට පහර/දුන්නා
1987 අගෝස්තු 18 වැනි දින පාර්ලිමේන්තුවට පහර / දුන්නා
සාමාන්ය ජනතාව - 3210 එවකට ආණ්ඩු පක්ෂ සාමාජිකයන්- 1735 රාජ්ය සේවකයන් - 487
අධ්යාපනඥයන් - 52 දේශපාලනඥයන් -70 හමුදා සාමාජිකයන්- 209 පොලිස් නිලධාරීන්- 342
මුරකරුවන් - 98 ඝාaතනය කලා.
පොදු දේපළ..
ලංගම බස් - 553, ඩිපෝ - 15, ලංගම වැඩපලවල් - 01, රජයේ වාහන - 113, පෞද්ගලික වාහන - 29
දුම්රිය - 16ද, ම්රිය මාර්ග - 12, දුම්රිය ස්ථාන - 24 තැපැල් කන්තෝරු - 18 පණිවුඩ හුවමාරු මධ්යස්ථාන - 12
තාක්ෂණික ආයතන - 01, දුරකථන රැහැන් - 84 ගොවි මධ්යස්ථාන - 04, තේ කම්හල්- 73, වතු බංගලා - 38
ට්රාන්ස්ෆෝමර -132, අට්ටාල - 13, විදුලි රැහැන් - 69, විදුලි මීටර - 25, විදුලි බලාගාර - 02 උප විදුලි බලාගාර - 09
කෘෂිකර්ම මධ්යස්ථාන - 103.
විනාශ කරපු රාජ්ය ආයතන
දැව සංස්ථා මධ්යස්ථාන , ස්කාගාර, පෙහෙකම්හල් , ගොඩනැගිලි ද්රව්ය සංස්ථාව , තුනීලෑලී සංස්ථාව , කජු සංස්ථාව, පොහොර සංස්ථාව , පතල් ආකර, රජයේ පාසල් , පහරදීම් හා මංකොල්ල කෑම්බැංකු - 40 (වැඩි), රාජ්ය කන්තෝරු - 21 , රජයේ නියෝජිත කන්තෝරු -294, පෞද්ගලික දේපල හානි , රාජකාරි නිල නිවෙස් - 107, පොලිස් නිල නිවෙස් - 76, සාමාන්ය නිවාස- 20, පෞද්ගලික ගොඩනැගිලි - 33, සර්වෝදය මධ්යස්ථාන - 05 , ප්රාදේශීය සභාසමාජ ශාලා, විදේශ ඉදිකිරීම් ව්යාපෘති හා මධ්යස්ථාන වෘත්තීය සමිති කාර්යාල ගිනිතැබීම් සහ විනාශ කිරීම් - වී මෝල් - 18ක්.
01.යටියන වී මෝල.- වී මෙටිට්රික් ටෝන් මිලියන 800ක පහසුකම් සහිත අංග සමිපුර්ණ වී කොටන මැෂින් තුනක්
02. තෙඹුවන වී මෝල - වී මෙටිට්රික් ටෝන් මිලියන 300ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ යන්මාර් මැෂින් 02ක්
03.හසලක වී මෝළ - වී මෙටිට්රික් ටෝන් මිලියන 500ක් ගබඩා පහසුකම් ඇති අංග සමිපුර්ණ වී කොටන මැෂින් 6ක්.( කුබෝටා)
04.මිද්දෙණිය වී මෝළ - වී මෙටිට්රික් ටෝන් මිලියන 900ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ කමීන්ස් මැෂින් 02ක්.
05. රණ හංස වී මෝළ - මොණරාගල .
වී මෙටිට්රික් ටෝන් මිලියන 830ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ මැෂින් 02ක් .
06.රන්න උණාකුරුව වී මෝළ - වී මෙටිට්රික් ටෝන් මිලියන 700ක් සහිත අංග සමිපුර්ණ ලැන්මාර් මැෂින් 02ක්.
07.අගුළුකොළපැලැස්ස වී මෝල - වී මෙටිට්රික් ටෝන් මිලියන 900ක් ගබඩ පහසුකම් සහිත අංග සමිපුර්ණ කුබෝටා මැෂින් දෙකක්.
ආදී වශයෙන්..
08.උරගහ වී මෝල - ගාල්ල.
09.බද්දේගම මෝල - ගාල්ල
10.කිරිමැටිමුල්ල වී මෝල -මාතර
11.කඩ පනහ වී මෝල නොචිචියාගම - අනුරාධපුරය .
12.යාය 14 /13/12/11 වී මෝළ කාශ්යප පුර - පොළොන්නරුව .
13.යාය 01 ඇලහැර මෝල - පොළොන්නරුව .
14. ලිර වී මෝළ - යාපහුව .
15.සකුනි වී මෝළ - ආන්දමිකුලමි - කන්තලේ
16.රත්න වී මෝළ - වී මෝළ - ත්රිකුණාමලය
17.පල්ලත්තර වී මෝළ - මොදරවාන බෙලිඅත්ත .
18.සහන වී මෝළ දමිමුල්ල බෙලිඅත්ත .
🟫 දැනට ලංකාවෙ සහල් අවශ්යතාවයෙන් 60%ක් සැපයීම අඩාල වීම.
1987 ලංකාවෙ සහල් අවශ්යතාව මෙට්රික් ටොන් මිලියන 1700 උන අතර රජයේ සතු සහල් මොල් වලින් මෙට්රික් ටොන් මිලියන 1450 පමණ නිශ්පාදනය කරන ලදී.
1992 වසරේ රජයෙ 1992 වසරේ ලංකාවෙ සමස්ථ සහල් අවශ්යතාව මෙට්රික් ටොන් මිලියන 1900 වන අතර රාජ්ය අංශයෙ නිශ්පාදණය මෙට්රික් ටොන් මිලියන 800 දක්වා එනම් මෙට්රික් ටොන් මිලියන 1100 පහත වැටී ඇත.
සහල් මෝල් ගිණි තැබිම නිසා අස්වැන්න අලවිකල නොහැකි විම සහ එම වකවානුවෙ පෞද්ගලික මහා පරිමාණ මොල් හිමියන් නොසිටී නිසා වී ගොවියන් විකල්ප බොගවලට යොමු ඌ අතර අක්කර දස දහස් ගනන් වගාකිරීම අත් හැර දමන ලදී.
🟫 ලොරි සහ ට්රැක්ටර් 52 ගිණි තැබීම.
🟫 කළමනාකාර වරුන් තුන් දෙනෙකු පුළුස්සා ඝා#තනය කීරිම.
🟫 එවට අයිති වාහණ 19ක් පුළුස්සා විනාශ කිරිම.
🟫 සේවකයන් 1543 දෙනෙකුට රැකියා අහිමි කිරිම.
88/89 ජවිපේ විනාශ කාරි කැරැල්ල නිසා රජය සතු සමස්ත පාඩුව - රුපියල් බිලියන 5450 ක්
ජෙප්පෝ රටට කරපු ආර්ථික හානිය බිලියන 6000 ක් ප්රභා කරපු විනාශය ට විතරයි දෙවනි වෙන්නෙ

Sanjeewa Batuwaththa.

Monday, January 27, 2025

උඹෙනුත් කැකුළු හාල් ඉල්ලුවද




*උඹත් මාලිමාව රට හදයි කියල අවංකවම ඡන්දය දීපු හෝ ඒ වෙනුවෙන් වැඩ කරපු එකෙක් ද?
මේ ටික මතක තියාගෙන ගැම්මෙන් ඉදහල්ල.
ගෝඨබය කියල එකෙක් ගෙනල්ලා රතිඤ්ඤා පත්තුකරල ,කිරිබත් කාල
පොහොර ⁣ටික නැති කලා උඹ උන්ගෙ ගොට්ටන්ගෙන් පොහොර ඉල්ලුවද
රට බංකොලොත් කරල තෙල් නැතිව වාහනෙ තෙල්පෝලිමේ තියල, කොල අතු ,ඉටිරෙදි වලින් වහල පයින් ඇවිත් ආයෙ පයින් ගිහින් දුක් වින්ද උඹ උන්ගෙන් තෙල් ඉල්ලුවද?
කරන්ට් එක නැතිව බැටරියකට වයර් අමුනගෙන දරුවො පාඩම් කෙරෙව්වා උඹ උන්ගෙන් කරන්ට් එක ඉල්ලුවද?
ගෑස් නැති උනා,හැම භාන්ඩයක්ම එකට තුන්ගුනයකින් මිල වැඩි කලා( උදා- රුපියල් 5ට තිබ්බ ගිණි පෙට්ටිය 20 කලා,රුපියල් 900ට තිබ්බ සිමෙන්ති කොට්ටෙ 3200 කලා,රුපියල් 50,60 තිබ්බ සබන් කැටේ 145 කලා
රුපියල් 10ට තිබ්බ පෑන රුපියල් 50 කලා)
කොටින්ම කියවවනම් pulsar ,Fz පැදපු එකා ct100 පදින තැනට දැම්ම
ගෝල්ඩ්ලිෆ් එක බීපු එකා බීඩියට දැම්ම ,, වඩුවැඩ කරපු එකා මේසන් වැඩ කරපු එකා වැඩ නැතිව හූල්ලමින් හිටිය
උඹල මේව උන්ගෙන් ඉල්ලුවද ? නෑනෙ ,නෑනෙ 



එහෙනම් රෙද්දටද කෙලවලා දීපු රටක් මාස තුනක ආන්ඩුවෙන් සියල්ල අංගසම්පූර්ණ වෙන්න කියල කින්ඩි දාන්නේ ඇයි කියල ගැම්මෙන් අහපල්ල
කොටින්ම මිනිස්සු කරන්ට්,තෙල් ,ගෑස් නැතිව දුක් විදිද්දි මහ එවුන් උඩින් යමින් රට සවාරි යමින් ,බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සු මරමින් කටයුතු කරද්දි ඔය කටවල් පූට්ටු වෙලා තිබුනෙ ඇයි කියල අහපල්ල
මේ රටේ බදු බර දරාගන්න බැරිව උගත් මිනිස්සු රට දාල යනකොට, විසඳනව කියල ඇවිත් රනිල් කෑලි කෑලි විකුණල ,ණය ගන්නකොට රනිල් පොර කියල දගලන ලදරු මානසිකත්වය ගැන ඇත්ත කතාව ගැන මොකක්ද කියල ගැම්මෙන් කියල දියල්ල
ගැම්මෙන් , ගැම්මෙන් ඉදපල්ල
........................ ............
*දශක ගානක් හොරා කාපු වලව් හාමුලගෙ කකුල්වලට පෑගිල හිටපු ජනතාව අපේ පංතියේ පොඩි මිනිහෙක් ජනාධිපති කරගත්ත කියල ගැම්මෙන් ඉදහල්ල
ඒ පත්කරපු ජනාධිපති විශාල උත්සව නැතිව,වරප්‍රසාද අඩුකරගෙන සාමාන්‍ය මිනිහෙක් වගෙ රට පාලනය කරන එක ගැන ගැම්මෙන් ඉදහල්ල
* ඡන්දෙ දින්නට පස්සේ වෙනද වගෙ මිනිස්සුන්ට හිංසා නොකර පාරවල්වල කිරිබත් කාල,රතිඤ්ඤා පත්තුකරල පලිගත්තෙ නැති එක ගැන ගැම්මෙන් ඉදහල්ල
* ජනාධිපති ,ඇමතිල තමන්ගේ සනුහරේ අමාත්‍යාංශවලට පුරවගෙන ,රට සවාරි යමින් සංදර්ශන නැති එක ගැන ගැම්මෙන් ඉදහල්ල
* දීර්ඝකාලීන වැඩපිළිවෙළක් යටතේ වැසී තිබූ කර්මාන්ත ශාලා අරම්භ කරමින් දැවැන්ත ආයෝජන රටට ගේන එක ගැන ගැම්මෙන් ඉදහල්ල
බංකොලොත් රට නිල වශයෙන් බංකොලොත් බාවයෙන් මුදා ගත්තෙ අනුරල කියල ගැම්මෙන් ඉදහල්ල
විකුණන්න හදපු ආයතන,සම්පත් බේරගෙන ගොවියත්,දුගියත් වියාපාරික⁣යනුත් බේරගෙන සීරුවට මේ ගහන ගේම දැකල ගැම්මෙන් ඉදහල්ල
දින්නොත් විදෙස් සම්බන්ධතා නැතිවෙනව,ආගම විනාශ කරනව,පෙරහැර නවත්වනව, රට ලේ විලක් වෙනව,ඩොලරය ඉහල යනව,කොටස් වෙළඳපොල කඩා වැටෙනව ,තෙල් නැතිවෙනව,ගෑස් නැතිවෙනව වගේ මඩ ගහපුව බොරු කරපු එක ගැන ගැම්මෙන් ඉදහල්ල
හාල් ඇටේ අල්ලගෙන දගලද්දි බොහෝ භාන්ඩවල ,⁣⁣ බෙහෙත්වල මිල අඩුවීම ගැන ගැම්මෙන් ඉදහල්ල
කුඩු මාධ්‍ය හා ජවාරම්කාර මාධ්‍ය කිහිපයක් (හිරු,දෙරණ ) ආන්ඩුව වට්ටන්න හිතන් කරන ප්‍රචාර පරම සත්‍ය කියල පිලිගන්නෙ නැතිව ඇත්ත දැකල ගැම්මෙන් ඉදහල්ල
කොටින්ම උත්සව පලකට ගියාම සම්බා රයිස් එක කාල එළියට ඇවිත් කැකුළු හාල් ඤැහ් ගාන තක්කඩින්ට විරුද්ධව ගැම්මෙන් ඉදහල්ල
විධායක ජනාධිපති කෙනෙක් ඉන්න 2/3 ආන්ඩුවට සහය දෙන උඹලට ගැම්මෙන් ඉන්න බැරිනම් රටටම කෙලවල පරාද වෙල ගිය හාමුලගෙ හෙන්චයියන්ට කොහොමත් ගැම්මෙන් ඉන්න බෑ කියල තේරුම්ගෙන ගැම්මෙන් ඉදහල්ල
 ⁣ඡන්දය දීපු හා දුන්න වගෙ රගපාපු ,දෙන්න කෙනෙක් නැති නිසා දෙන්නම් වාලෙ ඡන්දෙ දීපු අය තේරුම්ගෙන නොතේරෙන කමට බනින අයට තේරුම්කරල,තක්කඩි කමට අපහාස කරන අයට ගැම්මෙන් උත්තර දීපල්ල
 නිවාස,සුපෝඛබොෝගී වාහන අතඇරල,රට පුරා තියෙන ජනාධිපති මන්ධිර අත ඇරල,රට ඇතුලත ගුවන් ගමන් අත ඇරල ,ආරක්ෂාව අඩුකරගෙන, ඒ විතරක් නෙවෙයි මිලියන ගනන් වැටුප් අතඇරල රට හදන්න ස්වෙච්ඡාවෙන් ( වැටුප්,වරප්‍රසාද නොගෙන) වැඩකරන ලේකම්ල,උපදේශකල දාගෙන මේ රට හදන ගේම තමයි මේ ගහන්නේ කියල ගැම්මෙන් ඉදහල්ල
හොද දේවල් කප්පරක් තියෙද්දී හාල් ඇටේ, බස් ,බයික් කෑලි ගැන කියමින් ආන්ඩුව පෙරලන්න හිතනවනම් ඒව හීන කියල තේරුම්කරල ⁣,මිනිස්සුන්ට පොහොසත් රටක්,ලස්සන ජීවිතයක් හදනවම තමයි කියන ගැම්ම තියාගෙන ගැම්මෙන් ඉදහල්ල .

Wednesday, June 19, 2024

තේ කෝප්පයේ අතීතයට.



කඩුල්ලේ අතීතය පිටු පෙරලමින් යලි විමර්ශණය කලා.මාස ගණනාවකට පස්සේ සෑහෙන කාලයක් නොලියවී තිබුන නිසා ලියවිය යුත්තේ කුමක්ද? ලිවිය යුතු ඉම ගැන හිතන්න පටන් ගත්තා . සමහර සිතිවිලි මා මීදුම බ්ලොගයේ පලකරනවා. ඒ තේමාවන්ම පල කිරීම සුදුසු නැහැ. මම සිතනවා. තෝරා බේරා ගෙන ලියන්නම්. විශේෂයෙන් මගේ නොලියවෙන දිනපොත ආයෙත් පටන් ගන්න ඕන. මම හිතුවා.අද තේ කෝප්පයක අතීත සුවද ගැන වියමන් කරන්නේ තේ ගැන කතා කරන්න මගේ මිතුරෙක් මැදිහත් වුන නිසා. අපිට රසවත් තේ කෝප්පයක් බොන්න ලැබෙන්නේ නැහැ .ඒකට හේතුව අපිට වෙළද පොලෙන් හොදම තේ ලැබෙන්නේ නැහැ. . ඒත් හොදම දවටන නම් ලැබෙනවා. මේ ගැන සංවාදයකට පත් අපිට තේ කෝප්පයේ උපත දක්වා අතීතයට යන්න මග එලි කලා. ඒ මග ඔස්සේ ගොස් ඇහිද ගත්තදේ අද නොලියවෙන දින පොතෙන්.
තේ වෙළෙඳපලක් විතරක් නෙමෙයි. , කෘෂිකාර්මික පැවත්මක් . ඒ වගේම සහ දේශයක ආර්ථිකයක් ගොඩ නන්වපු ශාකයක් . එ විතරක්ද තේ සංස්‌කෘතියක් , දේශපාලන බල අරගල උදෙසා අවධානයක් හා ජාත්‍යන්තර සබදතා ඇති කල ශාකයක්.තේ

 



තේ පානයක් ලෙස සකස් කිරීමේ ක්‍රියාවලිය සොයාගැනීමේත් හා ලොවට හදුන්වා දීමේත් ගෞරවය හිමිවන්නේ චීන ජාතිකයන්ටය. තේ පානය පලමුවෙන්ම ප්‍රචලිත වන්නේ චීන ජාතිකයන් අතර. තේ ගස ප්‍රථමයෙන්ම සොයාගනු ලැබ ඇත්තේ බුද්ධ උත්පත්තියටත් වසර 2700 කට පෙර චීනයේ රජකම් කළ සෙන්නූන් Shen Nune අධිරාජයාය.

සෙන්නූන් Shen Nune අධිරාජයා චීනයේ ඈත ප්ර්දේශයකට සිය හමුදාව සමඟ යනවා. ඒ ගමනේදී වෙහෙස මහන්සියට පත් රජතුමා ගිමන් නිවා ගැනීම සඳහා අතරමග නතර වවෙනවා. රජතුමා උණු වතුර ස්‌වල්පයක්‌ පානය කරමින් සිටින විට එම පැන් කෝප්පයට සුළඟේ පාවී ආ මලක්‌ වැටෙනවා. වැටුනේ මලක්‌ නිසා ඒ ගැන තැකීමක් නොකර රජතුමා මලත් සමග උණු ජලය පානය කරනවා. උණු ජලයේ මල තැම්බී දියවී ආ එම ජලයේ දිවට දැනුන ඉමිහිරි රසයෙන් රජතුමා වශී වෙනවා. මල වැඩුනු ශාකය හදුනා ගන්නා රජතුමා එම මල් තම්බා බීමට හුරු වෙනවා. රටවැසියෝද මේ අනුව තේ පානයට හුරු වෙනවා.

තේ බිමක්‌ ලෙස චීනයේ පැතිරුනේ ඉන් පසුවයි. කාලයක්‌ තිස්‌සේ මේ අනගි බීම චීන ජාතිකයන්ට පමණක්‌ ආවේණික රහසක්‌ විය. ශත වර්ෂ ගණනාවකට පසුව බුරුමයේත් ඉන් පසුව සියමේත් තේ වගාව පැතිරී ගියේය.
8 වන සියවස පමණ වනතුරු චීනුන් තේ පානය කළේ ඖෂධීය බීමක්‌ ලෙස පමණි.
කැමිලියා සයිනෙන්සීස්‌ Camillia Sinensis යන උද්භිද විද්යා නාමයෙන් තේ හදුනවනවා.
1852 වර්ෂයේ දී එංගලන්තයේ සිට ලංකාවට ආපු ජේම්ස් ටේලර් නමැති 17 හැවිරිදි තරුණයෙක් වසංගත රෝගයක් පැතිරී විනාශ වෙමින් තිබුන කෝපි වගාව වෙනුවට තේ වගා කරන්න හිතුවා. ඉන්දියාවේ සිට ලංකාවේ සංචාරයකට පැමිණි නෝබල් නැමති ඉංග්‍රීසි ජාතිකයෙක් ටේලර්ට තේ පිළිබඳ මූලික දැනුමක් ලබා දුන්නා. ඉන් පසු තේ පිළිබඳ නොයෙකුත් අත්හදා බැලීම් සහ පර්යේෂණ කරන්නට ජේම්ස් ටේලර් පෙළඹූනා. ඔහු හේවාහැට ලූල් කඳුර වතුයායෙ අංක 7 දරණ කොටසේ සාර්ථක තේ වගා ව්‍යාපෘතියක් ඇරඹුවා. ඒ 1847 වර්ෂයේ දීයි. අප රටේ ආරම්භක තේ වගාව ඒ විදියට ආරම්භ වුණා.
මේ නිසා ලංකාවේ තේ වගාවේ පුරෝගාමියා ලෙස ජේම්ස් ටේලර් නම් වෙනවා.
පුස්‌සැල්ලාව රොත්ස්‌වයිල්ඩ් වත්තේ මවුරයිස්‌ වර්ම්ස්‌ ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වැවිලිකරුවා යයි මතයක්ද තියෙනවා. එහෙත් ජේම්ස් ටේලර්ගේ නම තමයි වඩාත් තහවුරු වන්නේ.
ජේම්ස් ටේලර්ගේ ලූල් කඳුර වතුයායේ තේ වගා ව්‍යාපෘතියේ ඇති සාර්ථකත්වය නිසා. ඒ ආදර්ශය තුළින් ලංකාවේ තේ වගාව ව්‍යාප්ත වීම නිසා 1873 වසර වන විට තේ රාත්තල් 23 ක් අපනයනය කරමින් ලංකාව ජාත්‍යාන්තර අපනයන ක්‍ෂෙත්‍රයට එක් වුණා.
1892 වසරේදී ජේම්ස් ටේලර් මිය ගියා. ඔහු වෙනුවෙන් ඉදි වූ කිරිගරුඬ සොහොන අදත් මහනුවර මහයියාව සුසාන භූමියේ තිබෙනවා.
අපේ රටේ තේ වගාවේ පුරෝගාමීන් ඉංග්‍රීසි ජාතිකයන්ය.
යුරෝපය ඇතුළු එංගලන්තයේ තේ බීම කොතෙක්‌ ජනප්‍රිය වූවාද යත් 1786 වන විට යුරෝපයට යවන ලද තේ ප්‍රමාණය රාත්තල් (චීන තේ) මිලියන 18 ක්‌ පමණ වුනා.
18 වන සියවසේ අග භාගය වන තුරු උතුරු ඇමරිකාවේ හෙවත් වර්තමාන ඇමරිකා එක්‌සත් ජනපද විශාල ප්‍රමාණයක්‌ එංගලන්තයේ යටත් විජිත ලෙස පාලනය වූ ඒවා. මේ කාලය වන විට ඇමරිකාවේ ද තේ බීම ජනප්‍රියව තිබුනා.
1773 දී එංගලන්ත පාර්ලිමේන්තුව තේ වලට අදාල පනතක්‌ සම්මත කරමින් බ්‍රිතාන්‍යද පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගමට යටත් විජිතවල තේ බෙදාහැරීමේ තනි බලය ලබා දුන්නා.
(ශ්‍රී ලංකාවේද ලංදේසින් සතු මුහුදු බඩ පළාත් ඉංග්‍රීන් අල්ලා ගනු ලැබුවේත්, 1802 දක්‌වා පාලනය කරනු ලැබුවෙත් මේ වෙළෙඳ සමාගම මගිනි.) මේ අතර 1773 නොවැම්බර් මාසයේ ඇමරිකාවේ බොස්‌ටන් වරායට තේ පටවා පැමිණි ඩර්මවුත් නමැති ඉංග්‍රිසි නැවට සැමුවෙල් ඇඩම්ස්‌ ඇතුළු විප්ලවවාදීහු පහරදීම සුප්‍රකට බොස්‌ටන් තේ සාදය නමින් ඉතිහාසයේ සටහන්ව ඇත.
එම අරගලය නිමා වූයේ 1776 දී ඇමරිකාව නිදහස්‌ රටක්‌ බවට පත් වීමෙනි.
ශ්‍රී ලංකාව ඉංග්‍රීසි පාලනයට නතුවීමෙන් පසුව වුවද ලන්දේසි වී.ඕ.සී. සමාගමේ පෙරදිග වෙළෙඳ කටයුතු දිගටම සිදුවුනා. විශේෂයෙන්ම යුරෝපයට තේ සැපයීමේ තනි ඒකාධිකාරය පැවතියේ වී.ඕ.සී. සමාගම සතුව. එහෙත් 1833 දී චීනය හා ලන්දේසි සමාගම අතර තිබූ වෙළෙඳ ගිවිසුම අහෝසි වී ගිය අතර එම සමාගමට තේ ආනයනය සඳහා තිබූ නීත්‍යානුකූල අයිතිය අහිමි වුනා.


ඒ වන විට යුරෝපයට සැපයූ තේ රාත්තල් මිලියන 300 න් අඩක්‌ පරිභෝජනය කළේ එංගලන්ත වාසීන්ය. බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව සිය අවශ්‍යතාව පිළිබඳව තම යටත් විජිතවල ආණ්‌ඩුකාරවරුන්ගේ අවධානය යොමු කලා. එවකට ඉන්දියාවේ ඉංග්‍රිසි ආණ්‌ඩුකාරවරයා වූ විලියම් බෙන්ටින්ක්‌ තේ පිළිබඳ සොයා බැලීමට කොමිටියක්‌ පත් කළේය.
එම කොමිටිය මගින් ඉන්දියාවේ ඇසෑම් ප්‍රදේශයේ කැලෑවල තේ ගස ස්‌වාභාවිකව වැවෙන බවද, ඒ නිසා එම ප්‍රදේශය නව තේ වගාවන් ඇරඹීමට සුදුසු බවද නිර්දේශ කොට තිබිණි.
මේ නිර්දේශයන්ට අනුව යමින් ජේම්ස් ටේලර්ගේ තේ වගාවට අවුරුදු 30 කට පෙර ලංකාවේ තේ වගා කරන්න උනන්දු වූනේ 1837 සිට 1841 දක්වා ලංකාවේ ආණ්ඩුකාරයා වූ ‘ ස්ටුවට් මැකන්සි’ විසින් ඔහුගේ පාලන සමයේ දී ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙන් ලංකාවට ගෙන ආ තේ ඇට ස්වල්පයක් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පැළ තවානේ රෝපණය කළා. ඒත් ලංකාවේ ඒ තේ වගාව ව්‍යාප්ත කරන්නට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා ලංකාවේ තේ වගාවේ පුරෝගාමියා ලෙස ජේම්ස් ටේලර් බවට අවිවාදයෙන් නම් වෙනවා.



Saturday, May 25, 2024

පේරාදෙණිය පැරණි බුරුත පාලම

 පේරාදෙණිය පැරණි බුරුත පාලම



ශ්‍රීමත් එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා ගේ සැලැස්මට අනුව මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු, එවකට රජයේ ඉංජිනේරුවරයෙකු ව සිටි 37වන රෙජිමේන්තුවේ ලුතිනන් ජනරාල් ජෝන් ෆ්‍රෙසර් විසින් ඉටු කර ඇත. මාර්ග ඉදිකිරීම් සහ සිතියම් ඇදීමේ ක්‍ෂේත‍්‍රයන් හි නිපුණතාවකින් හෙඹි මොහු විසින් මෙම පාලමේ සැලැස්ම නිර්මාණය කර ඇත. ඒ අනුව 1826 දෙසැම්බර් මාසයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර 1933 ඔක්තෝබර් මාසයේ ගමනාගමන කටයුතු සඳහා විවෘත කර ඇත. ඒ සඳහා කම්කරුවන් 1,200ක ගේ ශ‍්‍රමය භාවිත කර ඇත. බ‍්‍රවුන් ගේ මාර්ග සංවර්ධන කි‍්‍රයාදාමයේ දී උඩරට ආරක්‍ෂාව වෙනුවෙන් බලකොටු ඉදිකිරීම සඳහා යොදවා සිටි කම්කරුවන් ගේ ශ‍්‍රමය ලබාගත් බවට ලිඛිත සාධක පවති. පාලමේ සමස්ත ඉදිකිරීම් සඳහා කහ පැහැති බුරුත දැව උපයෝගි කරගෙන ඇත. සම කාලීන ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ බහුල වශයෙන් යොදා ගෙන ඇති මෙම දැවවල විශේෂත්වය වන්නේ දැඩි බව, කල්පවත්නා බව, දීප්තිමත් බව, තෙතමනයට මෙන්ම වියළි උෂ්ණත්වයට වඩා හොඳින් ඔරොත්තු දීමේ හැකියාව පැවතීම ය. මෙනිසාවෙන් ම මෙම පාලම ‘බුරුත පාලම’ , ‘දැව ආරුක්කු පාලම’ යන නමින් ව්‍යවහාරයට පත් ව ඇත. ඇතැම් වාර්තාවල බුරුත හා මිල්ල යන දැව දෙක ම වාර්තා කළ බව සඳහන් වේ. ඉදිකිරීම් සඳහා උපයෝගිකර ගත් දැව සියල්ල කොළඹ දී අවශ්‍ය ප‍්‍රමාණයට කපා යතු ගා ප‍්‍රවාහනය කර ඇත.බ‍්‍රවුන් ගේ උපදෙස් පරිදි ගලින් නිමවන ලද දෙ පස යා බැමි ආධාරක වශයෙන් උපයෝගි කර ගනිමින් තනි ආරුක්කුවක් සහිත ව නිමවන ලද මෙම පාලමේ දිග උඩි 205ක් හා පළල අඩි 22ක් වේ. ආරුක්කුව සඳහා වක‍්‍රාකාර ති‍්‍රත්ව දැව බාල්ක 4ක් (Trible ribs) හරස් අතට (පාමේ පළලට) ඒවා මැදින් මැද අඩි 5ක දුරස්තර බාවයකින් යුක්තව පිහිටන පරිදි යා බැමි හා සම්බන්ධ කර ඇත. දැව බාල්ක ත‍්‍රිත්වය එක්ව ගත් කල උස අඩි 4ක් වන අතර ආරුක්කුව නිර්මාණයේ දී එකිනෙක අතර අඩි 2ක පරතරයක් තබා නිමවීමේ දී ත‍්‍රිත්ව බාල්කයක සමස්ත උස අඩි 8කි. දැවමුවා මාර්ග පථය සමබරව පිහිටන වන පරිදි, මෙම ති‍්‍රත්ව දැව බාල්ක හතර, තිරස්ව සහ සිරස්ව (ගරාදි වැටක් මෙන්) දැව රීප්පවලින් සම්බන්ධ කර ඇත. සමස්ත පාලම ඉදිකිරීම්වල දී එකඳු යකඩ ඇණයක් හෝ කූඤ්ඤයක් භාවිත නොකර දැව කූඤ්ඤ පමණක් භාවිත කිරීම මෙහි ඇති විශේෂත්වය යි. මේ නිසා පාලම අලුත්වැඩියා කිරීමේ දී ගමනාගමනයට බාධාවක් නොවන පරිදි සහ ආරුක්කුවට හානි නොවන පරිදි කොටස් ගලවා ඉවත් කිරීමට සහ වෙනත් කොටස් පිරිද්දීමේ හැකියාව පැවතිණ.


ගංගාවේ පහළ ජල මට්ටමේ සිට රථ මාර්ගයේ මතුපිට (Road way) දක්වා පාලමේ උස අඩි 67ක් වන අතර ආරුක්කුව යටි පැත්තේ මතුපිට දක්වා උස අඩි 57 1/2ක් වේ. මේ නිසා අධික වර්ෂා කාලවල දී ගංගාවේ ජල මට්ටමට වඩා හොඳින් ඔාරාත්තු දී ඇත. 1834 දී ගඟේ ජල මට්ටම අඩි 60 දක්වා ඉහළ ගිය ද පාලමට කිසිදු හානියක් සිදු වී නොමැත. මාර්ග පථය දෙ පස දැවමුවා අත් වැටක් නිමවා ඇත. වත්මන මෙම පාලමේ දෘශ්‍යමාන සාදක කිසිවක් දක්නට නොමැති වුව ද එහි ආකෘතියක් ලන්ඩනයේ දකුණු කිංස්ටන් කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා ඇත. පාලම ඉදිකිරීම් කටයුතු අවසානයෙන් පසු කොළඹ සිට මහනුවර දක්වා මෙම පාලම මතින් ගමන් කළ ප‍්‍රථම වාහනය වූයේ තැපැල් අශ්ව කෝච්චිය යි. මෙම කෝච්චි සේවය දකුණු ආසියාවේ ප‍්‍රථම තැපැල් අශ්ව කෝච්චිය වීම ද විශේෂ කරුණකි.
පේරාදෙණිය අලුත් පාලම
මහජනතාව වෙනුවෙන් පාලම විවෘත වූ දා පටන් ඒ හරහා ගමන් කරන මිනිසුන්ගෙන් සහ රථවාහනවලින් මධ්‍යම පළාත් රජයේ නියෝජිත විසින් බදු අයකර ගැනීම සිදුකර ඇත. ඒ අනුව 1866 දී උපයන ලද මුළු ආදායම රු. 64,250.00ක් විය. 1867 පළමු වරට කොළඹ – නුවර දුම්රිය මාර්ගය ඉදිකිරීමත් සමඟම ඉපැයූ බදු මුදල් ප‍්‍රමාණය ක‍්‍රමයෙන් පහත වැටුණි. එය වසරකට රු 1,900.00ක් දක්වා පහත වැටුණු බව වාර්තාවල සඳහන් වේ. 1866 සිට මහනුවර මහ නගර සභාව විසින් පාලමේ නඩත්ත කටයුතු බාරව සිට 1881 දී රජයට භාර දී ඇත. නගර සභා වාර්තාවලට අනුව 1887 දී පාලමේ අලුත්වැඩියා කටයුතුවල දී කොන්ත‍්‍රාත්කරුවන් ලෙස messrs middlton company කටයුතු කර ඇත. වසර 71ක කාලයක් භාවිතයේ පැවති බුරුත පාලම ක‍්‍රමයෙන් ගරාවැටෙන ස්වභාවයට පත් වූයෙන් වාහන ගමනාගමනය නතර කරන ලදී. එහෙත් 1904 ඔක්තොබර් 14 දක්වා මගීන්ට පමණක් ගමන් කිරීම සඳහා අවසර ලබා දී ඇත. තවදුරටත් පාලම මතින් ගමන් කිරීම අනාරක්‍ෂිත සහ අවධානම් සහිත වූයෙන් නව පාලමක් ඉදිකිරීමේ අවශ්‍යතාව සඳහා අවධානය යොමු කර ඇත. එහි දී පාලම ගලවා ඉවත් කිරීමට පෙර තාවකාලික පාලමක් ගන්නෝරුව තොටුපොළ අසළ දී ඉදිකර පසුව අබලන් වූ පාලම ගලවා එහි කොටස් ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා ඇත. 1906 නව පාලම වානේ මාධ්‍යයෙන් ඉදිකිරීම සිදුකර ඇත. එහි දී පැරණි පාලමේ යා බැමි දෙක උපයෝගිකර ගනිමින්, ගංගාවේ පළල කොටස් 3කට බෙදෙන පරිදි, ක‍්‍රමයෙන් ඉහළට සිහින් වන සේ කළුගල් සහ සිමෙන්ති කොන්කී‍්‍රට්වලින් කුළුණු දෙකක් (දෙපස යා බැමි දෙක අතර) ඉදිකර කර ඇත. එම කුළුණු ජල මට්ටමේ දී අඩි 38×10 වන අතර ඉහළ මට්ටමේ දී අඩි 28×6ක් වේ. මේවා ජල පිටාර මට්ටමේ දී පාෂාණ මුහුණත් සහිතව සිමෙන්ති කොන්ක‍්‍රීට්වලින් නිමවා ඇත. තව ද මෙම කුළුණු නිර්මාණයේ දී අඩි 35ක් පහළ ජල මට්ටමේ දී පිළිවෙලින් අඩි 11×4 සහ 13×3 අෂ්ටඝ‍්‍රාකාර හැඩැති ද්විත්ව ළිං දෙකක් මව් පාෂාණය දක්වා ගිල්වීම කර ඇත. ආරුක්කුව සඳහා භාවිත වානේ බාල්කවල බර උසුලා සිටීමට ඔරොත්තු දෙන පරිදි මෙම ළිංවල අත්තිවාරම මව් පාෂාණය දක්වා කැන ඇත.

මෙම නව පාලම, ත‍්‍රිත්ව ආරුක්කු සහිතව, පහළ ජල මට්ටමේ සිට උස අඩි 67 අඟල් 9ක් වන සේ යා බැමි හා කුළුණු ආධාරක මත සම්බන්ධ කර නිමවා ඇත. මාර්ග පථය දෙපස අලංකාර සිමෙන්ති කොන්ක‍්‍රීට් අත්වැටක් නිර්මාණය කර අති අතර රැළි කරන ලද වානේ බිම් ගල් සහ පාරට යොදන ගල් තාර (තාර හා ගල් කැට මිශ‍්‍ර කොට පාරවල යෙදීමට ගන්නා ආලේපය) මේ සඳහා භාවීත කර ඇත. මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කර 1906 සැප්තැමිබර් 11 හෙන්රි බ්ලේක් ආණ්ඩුකාරවරයා ව්සින් ගමනාගමන කටයුතු සඳහා ව්වෘත කර ඇත.



ලිපියේ පූර්ණ අයිතිය නිලන්ති කේ. එදිරිසිංහ
පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ.

උපුටා ගැනිමකි.

ස්තුතියි
මුල් හිමිකරුට