Saturday, April 12, 2025
Saturday, April 5, 2025
කල්පනා කලේ .....
දිනක් නව විවාහක ඇමෙරිකානු යුවළක් මධුසමය ගත කරන්න අරාබියේ කාන්තාරයක සංචාරයක් ගියා. අතරමගදී ඔවුන්ට අරාබි ජාතිකයෙක් මුණ ගැහුනා. ඔවුන් අතර ඇති වූ සංවාදයක්,
අරාබි මිනිසා : ආයුබෝවන් ! මේ නුඹේ බිරිඳ ද ?
සැමියා : ඔව්. මේ මගේ බිරිඳ .
අරාබි මිනිසා : ඇය වැනි බොහෝම සුන්දර කාන්තාවක් මම කොහෙවත් දැකලා නෑ . ඔබ මට ඇයව දෙනවනම් මම ඔබට හොඳ තරුණ ඔටුවො පන්සීයක් එක්ක කිරි එළදෙන්නු දෙසීයකුත් දෙන්නම්. මට ඔබේ බිරිඳ විකුණන්න.
සැමියා බොහෝ වේලාවක් කල්පනා කලේය. අන්තිමට,
සැමියා : සමාවෙන්න. ඇයව විකුණන්නෙ නෑ .
අරාබි මිනිසා ශෝකයෙන් පිටව ගියේය.
කෝපයට පත් වූ බිරිඳ සිය සැමියාගෙන් මෙසේ ඇසීය.
බිරිඳ : ඇයි ඔයා මාව විකුණන්න බෑ කියල කියන්න ගොඩක් වෙලා ගත්තේ ? එක පාරින්ම බෑ නොකිව්වෙ ඇයි ?
සැමියා : නෑ මම මේ කල්පනා කලේ ඔටුවෝ පන්සීයයි එළදෙන්නු දෙසීයයි ඇමෙරිකාවට අරන් යන්නෙ කොහොමද කියල
මුණු පොතෙන්.
Sunday, March 30, 2025
කාලය .
මගේ ජීවිතයේ වැඩිපුර කාලයක් දිව්වේ කිසිම පලක් නැති අරමුණු සහ පුද්ගලයන් පිටුපස බව .හැම කෙනෙකුම සතුටු කරන්න බැරි බව .පළමුව මම දෙවනුව මගේ ආදරයන් සතුටු කිරීම සෑහෙන බව .වියපත්වීම වැළැක්වීම හරියට හමා යන හුළඟක් ඇල්ලීමට කරපු වෑයමක් බව .මම වියපත් වෙනවා මගේ සිරුර වැහැරෙනවා. ඒක නතර කරන්න බැරි බව .මගේ වියපත් බව තුළ එයට ගැලපෙන සුන්දරත්වය විඳීම වැදගත් බවකිසිවෙකුදු සම්පූර්ණ නැති බව .කිසිම කෙනෙකු ඔවුන්ට දෙන කොටස පිළිබඳව සෑහීමකට පත් නොවන බවමගේ ජීවිතය අනිකෙකුගේ ජීවිතය හා සසැඳීමෙන් මට ලැබෙන්නේ වේදනාවක් පමණක් බවමම කරන හැම හැම හොඳ දෙයක්ම හැමටම පෙනෙන්නේ නැති බව .නමුත් මම කරන වරදක් අතපසුවීමක් සියල්ලෝම ක්ෂණිකව දකින බව .මගේ පෙනුම ගැන වෙච්ච වදය කිසිම තේරුමක් නැති බව .පෙනුම වැදගත් නමුත් ජීවිතය කියන්නේ එහෙම නොවන බව .සෞඛ්‍ය වැදගත් බව ඇත්තනමුත් අපි කොපමණ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වූවත් ලෙඩ රෝග දුර්වලතා වළක්වා ගැනීමට නො හැකි බවවියපත් වෙද්දී මා මතක තියෙන අය කවුරුන්ද යන බව මට ලොකු සතුටක් ගෙන දෙන බව .නමුත් මා සෞභාග්‍ය සම්පන්නව ,තරුණව සිටි කාලයේ මාව මතක තිබූ වූ අය ,බොහෝමයක්වියපත් වූ මා අමතක කර ඇති බව .
Saturday, February 15, 2025
ඉවසීමෙන් විමසිල්ලෙන් බලා සිටිය යුතුමයි.ඉක්මන් නොවිය යුතුයි.
මගේ මුණු පොතේ මේ අදහස පලකලේ ලැබෙන ප්‍රතිචාර නිරීක්ෂණය කරන අදහසින්. සමහර පාඨකයෝ මා පලකල ලිපියේ අන්තර්ගතය අවධානයට ලක්නොකර බාහිර අදහස් ප්‍රකාශ කරනවා. එයට හේතුවක් තියෙනවා වර්තමාන ආණ්ඩුවට ලැදි කොටස් ඉලක්ක කර ගන්නේ පලකිරීම නෙමෙයි පලකරන්නා. ඔවුන් හිතන්නේ ආණ්ඩුවට පහර දෙන්න මෙවැනි වියමන් පලකරනවා කියලා.
"යම් දවසක අනුර බලයෙන් විසිකර හරිණි අමරසුරිය රනිල් වික්‍රමසිංහ මෙන් " වැඩ බලන්න " ජනාධිපති කරවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන විට ඇමරිකන් අවශ්‍යතාවයට ජවිපය යෙදවා ගෙන පමණක් ඇති බව ඔවුන් වටහා ගනු ඇත." ----Copied
මෙය පාදක කරගෙන මෙම වියමන වියමන් වෙනවා.
"2018 වෙනකොටත් ෆේස්බුක් එකේ නැතිවෙච්ච පූසන්ගෙ පෝස්ට් ශෙයා කර කර හිටපු හරිනි අමරසූරිය...
අලුතෙන් හදපු මාලිමාවේ ඉහලම පුටුවට යනකොට,
කවදාවත් ජවිපෙ හෝ වාමාංශික දේශපාලනයක නොසිටිය ඇය පළපුරුදු ජවිපෙ දේශපාලකයන් අබිබවා රටේ අගමැති වෙනකොට,
අපි කිව්වා මෙතන තියෙන්නේ වෙනම ගේම් එකක් හරිනි කියන්නේ එක්සත් ජනපද උවමනාවට ගෙනල්ලා ප්ලාන්ට් කරපු ඉත්තෙක් කියලා.
LGBT ව්‍යාපෘතිය, ෆෙඩරල් මතවාද එක්ක එන හරිනි ඇතුලු මාලිමා නඩය නටන්න හදන නාඩගම අපි එදා දැක්කා.
ඒක මුහුණු පොතේ ලිව්වා.
අපට එදා හිනාඋනා අපහාස කරා.
ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කියපු විමල් වීරවංශට උසුලු විසුලු කරා
මේවා කුමන්ත්‍රණ නෙමේ ඇමරිකානු බල කඳවුරේ එලිපිට කරන ප්‍රොජෙක්ට් කියල නලින් ද සිල්වා මහතා කියනකොට මැන්ටලයක් පිස්සෙක් කිව්වා.
නමුත් අද USAID සංවිධානය ලංකාවේ ව්‍යාපෘති සඳහා තෝරාගත් පිරිස අතර පළමු 10 අතරේ හරිනි අමරසූරිය සහ ඇගේ විශේෂ ලේකම්වරිය ඉන්න බව ඊලෝන් මස්ක් ගේ හෙලිදරව්වල පැහැදිලිවම සටහන් වෙනවා.
ඊට අමතරව එජාපයේ සෑහෙන පිරිසකගේ නම් මේ ලැයිස්තුවේ සඳහන්.
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊලෝන් මස්ක් නොහිටින්න අදත් රටේ මිනිස්සු හිතන්නේ ජාත්‍යන්තර බලපෑම් කතා බොරුවක් කියලයි.
( උපුටනය අවසන්.)
ප්‍රතිචාර දක්වන්නියක් මෙහෙෙ කියනවා
"ඒකත් දැනගත්තේ ට්‍රම්ප්පච්චිට පිං සිද්ද වෙන්න. God bless him "
තවත් කෙනෙක් ගේ අදහස
"පාලකයින් බුද්ධියෙන් රට පාලනය නොකොලොත්,රටම අමාරුවේ " කියලයි
වැඩියෙන් ගෙදර ගිය .....පොඩිහිටියන්ට රට ගිය 85 න් ලක්ෂ නවයක් ගෙදරවී නිහඩවුන ඡණ්ද පොල හිස් වුන......කවුද වගකියන්නේ මේ රටට " රටට වගකිවයුතු කෙනෙක් නැති බව පලකරන්නේ වැඩිහිටි ගුරුවරයෙක්.
විශ්‍රාමික විදුහල්පතිනියක් ""මම නම් තාමත් මෙසේ නොදකිමි. මේ කතාවද පච වංශගේ ඇමරිකන් කුමන්ත්‍රණයක් කියන තලියේත් කිඹුලන් දැකීමකි.""
"බොහො ක්‍රියාකාරකම් ගැන එම ක්‍රියා කාරිකයින්ම පසුව පාපෝච්චාරණය කල වාර්තා ඕනි තරම්, සොයා කියවන්න. "කියලා තවත් ගුරු මහත්මියක කියන කොට පළමු විදුහල්පතිනියට චුට්ටක් තරහ ගිහිල්ලා වගේ "විශේෂ අවශ්‍යතාවයක් සැබව්න්ම නැත.ස්තුතියි ඒ බව දැන්වූවාට" පලකරනවා.
"ලෝකය ගැන දන්නේ නැති අය ට තමයි මේවා විහිළුවක් වෙන්න ඇති කියලා හිතෙන්නේ " ඒ තවත් අදහසක්.
දේශපාලන පීඩාව ,වෛරය සහ නිතර පිටකරන මගේ මේ මිත්‍රයා
"අවුරුදු 76ක් රට විනාශවෙනතුරු බංකොලොත් වෙනතුරු බලා හිටපු මිනිස්සුන්ට මේ අවුරුදු 5 බලාඉන්න බැරි හැටි. හරි පුදුම ජාතියක්. මේ විදියට ඒ කාලෙත් විවේචන හොරකම් , ඩීල්, කොමිස් ගහපුව පෙන්නල දීල ඒ අයව නීතියේ රැහැනට කොටු කරල දුන්න නම් එක්කො උන් හිරේ, නැත්නම් මේ පෝස්ට් ලියන අය දිව්‍යලෝකෙ හරි අපායෙ හරි ඉන්න තිබුනා. ඒ තරම් ධාර්මික සුදු වෑන් නැති රටක්නෙ අපිට තිබුනෙ."
මෙතුමා විශ්‍රාමික විදුහල්පපති වරයෙක් ජවිපෙට සහයෝගය දක්වන් දවසකට එකක් දෙකක් පෝස්ට් ලියන මිත්‍රයෙක් ."එයාලා ඉස්සර කිව්වෙ ජවිපෙ ඉන්නෙ අඩුකුලේ උන් කියලා.ඊට පස්සෙ කිව්වා උන් හිඟන්නො කියලා. 2010/15 වෙද්දි පෞද්ගලිකව එක් එක් අයට අපහාස කළා.අනුරට ලපයා,පචයා,කට උල්කරලාබොරු කියන්නා,පුංචි අම්මා,සුනිල්ට ඇඟිලිකොටා,ආදිය.2020 විතර වෙද්දි අනුන්ගෙ කළිසම් කමිස ඉල්ලන් ඇඳින ආදී අනුන්ගෙන් යැපෙන කොටසක් ලෙස ඒත්තු ගැන්නුවා.ඊළඟට ඉංග්‍රීසි බැරි සමාජ සම්බන්දතා නැති ගොඩයො කිව්වා.ජවිපෙ ජාජබ වෙලා උගත් බුද්ධිමතුන් ඒවටා රොක් වෙද්දී ඊළඟට බැලුවා මාලිමාව ඇතුළෙ ජවිපෙ හා අලුතින් එකතුවූ පිරිස අතර භේදයක් හදන්න.ඒකත් අසාර්ථක වුනාම පක්ෂය තුළ දක්ෂ ක්‍රියාකාරීන් දඩයම් කරන්න ගත්තා.චතුරංග,හරිණී,කොට්ටහච්චි,කෞශල්යාආදීන්.
එයාලට මුළ ඉඳන්ම හරිණී මාළිමාව තුළ හිඳීම ලොකු හිසරදයක් වුනා.එයා අපේ පංතියේ කෙනෙක්.ප්රභූවරියක්.කියලයි ඔවුන් හිතුවේ.අවසානේ දැන් ඇය අමෙරිකන් ඔත්තු කාරියක ලෙස හංන්වඩු ගැහීමේ බොළඳ උත්සාහයක යෙදී සිටී."
තවත් මහත්මයෙක් ගේ අදහස මෙහෙමයි"තමන්ගේ පක්ෂ කුල්ල කුජීත වෙලා තියෙද්දී.ඉන්ද්රකීළයක් සේ නොසැලිව බලවත්ව සිටින පක්ෂයක් සොලවන්න ගන්නා මේ උත්සාහයන් ලේනියක් වලිගයෙන් මුහුද සිඳින්නට ගත් උත්සාහයට සමානයි.
වත්මන් පාලකයන්ගේ අභිමතාර්ථය, බoකොලොත් කර ඇති රට, සoවර්ධිත රටක් බවට පත්කොට, පීඩිත ජනතාවට බලාපොරොත්තු සහිත ජීවිතයක් ලඟා කරදීමේ උතුම් අරමුණ මිස, පැවැත්මක් නැති හුදු බලකාමය නොවන බව, ගැටලු නිර්මාණය කිරීමට යත්න දරණ්නන් තේරුම් ගත යුතුය . " විශ්‍රාමික අධ්‍යාපන පරිපාලන නිලධාරියෙක් මෙහෙම අදහසක් පලකරනවා. "දැන් ඇමෙරිකාවෙ අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම කණපිට හැරිල නේද තියෙන්නේ. හැම කාලෙකම වගේ රාජ්‍ය නායකයින්ට මේවගේ චෝදනා එල්ලවුනා. ඒක අපේ රටට විතරක් නෙවෙයි. විශේෂයෙන් තුන්වැනි ලෝකයේ රටවල නායකයන්ටත් අඩුවැඩි වශයෙන් වෙනත් සමහර රටවල නායකයන්ටත් එහෙම වුනා. විදේශ බලවේග කොහොම වුණත් රටට විනකරන දේශපාලනඥයින් ගැන මිනිස්සු තීරණ ගන්න එක වළක්වන්න බෑ. විමල් වීරවංශ ඔය දේවල් කියන්නෙ මොන අරමුණින්ද කියල හැමෝම වගේ දන්නවා. ඒ නිසා අඩුම නපුර තෝරාගැනීමේ න්‍යාය තමා අනුගමනය කරන්නේ.
මේ තවත් ප්‍රතිචාරයක් . මාලිමාවේ සහෝදරයෙක්."වීරවංශ ගනයේ මේවැනි පුලාප වලට රටේ මිනිසුන් රැවටුන යුගයක් තිබුනා නමුත් දැන් ලෝකය ගොලීකරණය අතින් උච්ච ම තලයකට පත් වෙලා. ලංකාවත් එහිලා සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන එම නිසා තව දුරටත් ගොත්ත්රික නොවන සමාජයක මේ වැනි අධිරාජ්යයවාදි බීජයන් රෝපනය කල නොහැකි බව කපටි වන්චනික ප්‍රබන්ධකරුවන් තේරුම් ගත යුතුව ඇත."
ඈ ලියන්නේ බංගලි දේශයේ ඉදන්"ඔය තියෙන්නේ ඩුබායි සහ මැද පෙරදිග රටවල් එක්ක අපේ සම්බන්ධතාවය වැඩි කර ගනිවි කියන භය . ඇමරිකාවත් දැන් භුමිතෙල් ගහපු ගැරඩි වගේ. එක ගලෙන් කුරුල්ලෝ පහක් හයක් මරන්න ට්‍රයි කරන්නේ . අපේ ලංකාවේ ඇත්තොන්ටත් ඉතිම් ඉබ්බා දියට දැම්මාම ඇන්නැවේ කිව්වලු . ඇයි ඉතින් ඇමරිකාවෙන්නේ මේ නිවුස් ටික ඔක්කොම දුන්නේ . පුදුම ආවැඩිල්ලක් තියේවි බුකියේ මේ සතිය පුරා.එක්සත් ජාතිම පක්ශයේ නම් වැඩි පුර ඉන්නේ. එ අයට දින්න බැරි උනේ ඇයි.ලියන්නා කෙසේ ලීවත් බලන්නා.
මේ නිව්යෝර්ක් දෘෂ්ඨියෙන් . කවදත් සුබවාදී දේශපාලන අදහස් දරන මගේ සහෝදරයා.Dream island people newer ever getting up still looking bad dream.how ever building the country
මෙතුමිය විශ්‍රාමික ගුරුතුමියක්. මාත් එකග වෙනවා අදහසට හෙඩිමටත් ඒකම යෙදුවා."ඉවසීමෙන් විමසිල්ලෙන් බලා සිටිය යුතුමයි.ඉක්මන් නොවිය යුතුයි."
අයෙත් මෙවන් බහුබූතයකින් හමුවෙමු.එතෙක් ආයු...බෝ වේවා.
Tuesday, February 11, 2025
ලයිට් කපනවා.
ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය. සිංහලෙන් කිව්වොත් System Control Centre එක. ලංකාවේ මෙගාවොට් 10ට වැඩි හැම බලාගාරයක්ම සහ කිලෝවෝල්ට් 132 සහ 220 ප්‍රමාණයේ අධි බල විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය පාලනය සහ නිරීක්ෂණය කරන්නෙ මෙතැන් සිට. ඕගොල්ලො දන්නව විදුලිය කියන්නේ දවස පුරාම විචලනය වෙන ඉල්ලුමක් සහිත දෙයක්. ඒ වගේම ඒක Real Time System එකක්. ඒ කියන්නේ ඉල්ලුම සහ සැපයුම සැමවිටම බැලන්ස් වෙන්න ඕන. නැත්තම් පද්ධතියට හානි වෙනව සහ බිඳවැටෙනව. ඉතින් මේ ඉල්ලුම සහ සැපයුම බැලන්ස් කරන්න විදුලි බලාගාර පද්ධතියට එකතු කරන්න සහ ඉවත් කරන්න බලය තියෙන්නේ මෙතැනට.
ඊළග ගැටලුව කොහොමද හරියට ඉල්ලුම සහ සැපයුම ගැලපෙනවද කියල දැනගන්නෙ. විදුලියේ ආකාර දෙකක් තියෙනවා. එකක් සරල ධාරා (DC) සහ ප්‍රත්‍යාවර්ත ධාරා (AC). ජාලගත විදුලි පද්ධතියක තියෙන්නේ AC විදුලිය. මේ ධාරාව දෝලනය වෙනව. ඒ තප්පරයට වට 50ක වේගයෙන්. නැත්තම් හර්ට්ස් 50ක සංඛ්‍යාතයෙන්. ඉතින් පද්ධතියේ ඉල්ලුම සහ සැපයුම හරියටම ගැලපෙනවා නම් සංඛ්‍යාතය 50Hz වෙන්න ඕන. 50ට අඩු නම් ඉල්ලුමට වඩා සැපයුම අඩුයි. 50ට වැඩි නම් ඉල්ලුමට වඩා වැඩිපුර සැපයුම තියෙනවා. පද්ධති පාලකවරු මේ අගය ගැන ඇහැ ගහගෙන ඉන්නෙ පැය 24 පුරාම. ඕක 49.5 - 50.5ට අතර පවත්වා ගන්න ඕන ලංකාවේ සම්මතයන්ට අනුව.
ඉතින් මේක පාලනය කරන්නෙ කොහොමද? ඒක කරනව ක්‍රම දෙකකට. කෙටි කාලීනව සහ දිගු කාලීනව. හිතන්න දවල් කාලයේ ඉල්ලුම මෙගාවොට් 1000යි. විවිධ තැන්වල
විදුලි යන්ත්‍ර පණගන්වන / ක්‍රියාවිරහිත කරන නිසා මේක 950 - 1050 අතර විචලනය වෙන්න පුළුවන් (මේ පරාසය එතන ඉංජිනේරුවො අත්දැකීමෙන් දන්නව). ඉතින් ඒ නිසා කරන්නෙ මෙගාවොට් 900ක් විතර විවිධ බලාගර වලින් ගන්නව. ඒ හැමෝම තමන්ගෙ සැපයුම නියතව තියාගන්නව. ඉතිරි ටික පාලනය කරන්න ගන්නව එක් බලාගාරයක්. එයාට කියන්නේ Frequency Controlling Machine කියල. අපි හිතමු මෙයාගේ ධාරිතාව මෙගාවොට් 200යි කියල. එතකොට එයාට පුළුවන් සම්පූර්ණ ඉල්ලුම 900 සිට 1100 දක්වා විචලනයකට මූණ දෙන්න එයාගේ සැපයුම වෙනස් කරමින්. ඒක කරන්නෙ අර කලින් කියපු සංඛ්‍යාතය වෙනස් වෙන දිහා බලාගෙන (දැන් නම් මේවා ස්වයංක්‍රීයව කෙරෙන්නෙ). ඒත් හවස් වෙද්දි මිනිස්සු විදුලි පහන් දල්වනකොට, ටෙලිනාට්‍ය බලන්න ගන්නකොට ඉල්ලුම එක පාරට වැඩි වෙනව. එතකොට දෙවෙනි ක්‍රමයට යනව. පද්ධති පාලකවරු විවිධ බලාගාර වලට කතා කරල කියනව ඔයා දැන් මෙච්චරක් දෙන්න කියල. එතකොට ඒ යන්ත්‍ර පණගැන්වෙනව. ඒ වැඩි වෙන සැපයුම සහ වැඩි වෙන ඉල්ලුම අතර වෙනසක් වෙනව නම් අර කලින් කියපු පාලක යන්ත්‍රයේ අවුට්පුට් එක වෙනස් කිරීමෙන් බැලන්ස් කරනවා.
අද උනේ මොකද? අද වුණේ විරල සිද්ධියක්.
ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ ඇති වුන අසමතුලිකතාවයක් නිසා සිස්ටම් එකම පාලනයෙන් ගිලිහෙනව. පානදුර ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමර්ස් එකක වදුරෙක් ගැටීමක් සිදුවෙලා තමයි මේ සිදුවීමට මූලික හේතුව. එතකොට ඒ මුළු සැපයුමම පද්ධතියට නැතිවෙනව. ඒ ප්‍රමාණයේ අඩුවීමක් පද්ධතියට දරන්න බෑ. ඒකට ප්‍රතික්‍රියා කරන්න කාලයක් නෑ. ඉතා ක්ෂණිකව වෙන දෙයක්. වෙන බලාගාරයකින් ඒ අඩුව සපුරන්න බෑ. එතකොට වෙන්නෙ අර 49.5ට උඩින් තියාගෙන ඉන්න ඕන එක 48, 47, 46, 45 වගේ බැහැගෙන යනව. ඔහොම බහිද්දි පද්ධතියේම ආරක්ෂාව වෙනුවෙන් සියලුම යන්ත්‍ර ඉබේම අක්‍රීය වෙනවා. දැන් සේරම නිහඬයි. බලාගාර වල පවා දැන් වැඩ කටයුතු කරන්නෙ ඒවයේ තියෙන හදිසි ඩීසල් ජනක යන්ත්‍ර වලින්. මේ බිඳිල විසිරිලා ගිය පද්ධතිය නැවත සංයමයෙන් අමුණන්න ඕන, අර බැලන්ස් එකත් තියාගෙන. නැත්තම් කොච්චර කලත් ආයෙ බිඳවැටෙව. මේක ලේසි කටයුත්තක් නෙවෙයි. දැන් වෙන්නෙ ඒක.
මම මේ කිව්වේ බොහෝම සරලව විදුලි පද්ධතියක වෙන දේ. සමහරු කොච්චර විශේෂඥ මත පලකරත් බැටරියකට වයර් කෑල්ලක් අමුණල බල්බ් එකක් පත්තු කරනවා වගේ නෙවෙයි රටකට විදුලිය දෙන එක. ඒක දන්නෙ ඒකෙ නියැලෙන අයම තමා. කොටින්ම මම දන්නෙත් බොහෝම පොඩ්ඩයි.



මාධ්‍ය , සමාජ මාධ්‍ය දේශපාලන අදහස් විවිධයි. හෙටත් මොනවත් ලියන්න එපැයි. අනිත් ලිපියෙන් ඒ බහුබූත කතා කරමු.
Monday, February 10, 2025
වී ගොවියා .
Gunatilaka Herath
"ඇතැම් ඇමැතිවරුන්ගේ අදහසක් තියෙනවා ගොවියා නිපදවන වී ටික වී අලෙවි මණ්ඩලයට නොදීම සාධාරණ නෑ කියලා. එසේ කියන්නේ, භූමිය, ජලය, සමහරවිට බිත්තර වී, පොහොර ආදියත් රජයේ අනුග්‍රහය ඇතිව ලබා දෙන නිසා.
එසේ වුවත් වී අලෙවි මණ්ඩලය ස්ථාපනය කිරීමේ අරමුණ වූයේ ගොවීන්ගේ වී සියල්ල මිලට ගැනුම නොව ආරක්ෂිත වී තොගයක් පවත්වාගෙන යමින් වෙළඳපොලේ වී සහ සහල් මිලේ ඇතිවන උස් පහත් වීම් පාලනය කිරීමයි.
පෞද්ගලික මහ මෝල් හිමියන් සහල් වෙළෙඳ පොළේ ඒකාධිකාරයක් ඇතිකරගෙන සහල් වෙළෙඳ පොළට නිකුත් නොකර සඟවාගෙන, සහල් හිඟයක් කෘතිමව ඇතිකර, මිල වැඩිවීමට සලස්වා අසාධාරණ ලෙස අධික ලාභ ලැබීම, පවතින පාලනය අපහසුතාවයට පත් කිරීම හා ජනයා කුසගින්නේ තැබීමට ක්‍රියා කරනවා නම් ඒ සඳහා එවැනි මෝල් හිමියන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුය. එහිදී මොවුන් වරදක් සිදු කරබව සනාථ කළයුතුවේ.
මේ සඳහා රජයේ විගණන දෙපාර්තමේන්තුවේ පළපුරුදු විගණන
නිළධාරීන්ගේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සේවය ලබාගත යුතු වේ. එහිදී ඔවුන් විසින්, වගාකළ බිම් ප්‍රමාණය, ගොවීන් සංඛ්‍යාව, මාස් කන්නයට ලබාගත් බිත්තර වී, පොහොර හෝ මුදල්, දළ වශයෙන් ලබාගත් අස්වැන්න ප්‍රමාණය, පරිභෝජනයට තබා ගත් ප්‍රමාණය, අලෙවි කළ ප්‍රමාණය, අලෙවි කළේ කාටද, ගොවිතැන සඳහා නය මුදල් ගනු ලැබුවේ නම් ඒ විස්තර හා වල් නාශක හා කෘමි නාශක ලබා ගත්තේ කෙසේද, ආදී දේවල් ගැන විගණන නිළධාරීන් ගොවීන් නියැදි ලෙස තෝරා ගෙන ඒ කෙරෙහි අවධානය යොමු කරනවා ඇත. එසේම මහ මෝල් හිමියන් බැංකු වලින් ලබාගෙන ඇති නය මුදල්ද,දැනට ඔවුන් සතුව ඇති වී තොග ද මෙහිදී නිරීක්ෂණය කරනවා ඇත.
මෙලෙස කිරීමෙන් මහ පරිමාණ සහල් මෝල් හිමියන්, සුලුපරිමාන මෝල් හිමියන් හා වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් රැස්කරගෙන ඇති වී ප්‍රමාණය දළ වශයෙන් ගණන් බැලිය හැකිවේ.
මෙය ඉතා දුෂ්කර කාර්යයක් වූවත් වංචාවක් සිදුකර තිබේ නම් ඒ බව සනාථ කිරීමට මෙම දත්ත උපකාර වේ."
මුණු පොතට ලියන ගුණතිලක හේරත් මහතා ගේ අදහස එහෙමයි.
කඩුල්ල ගොවියාත් පාරිභොගිකයාත් ආරක්ෂා විය යුතුයැයි හිතන කෙනෙක් . මේ දෙදෙනාම ආරක්ෂා කරන්න නම් රජය මැදිහත් වෙන්න වෙනවා.
ගොවියාට ජලයත් පොහොර සහණාධාරයත් අඩු මිළට කෘෂි රසායන ආදියත් රජය සපයනවා නම් වී අස්වැන්න රජයට දිය යුතුයැයි , වර්තමාන රජය කියන්නේ. එහෙම නම් රජය වෙළද පලේ ඇති මිළට සමාන මුදලකට වී මිළදී ගන්න ඕනෑ කියලයි කඩුල්ල හිතන්නේ.ගොවියා හැමදාමත් දුප්පතෙක්. ඒ දුප්පත්කකම නැතිකරන්න , සූරාකෑම නතරකරන්න කියන ස්ලෝගන් එක වයමින් ජවිපෙය වර්ෂ ගනනාවක් ධනපති ආණ්ඩුවලට බල කරමින් එරෙහි වෙමින් කටයුතු කලා. ගොවියා ඒ ගීතයට මෙවර සවන් දුන්නා. එහෙම නම් අද ගොවියාට සවන් දිය යුතුය.
අද පුද්ගලික වී මෝල් හිමියන් තෙත වී රුපියල් 170.00ට මිළදී ගන්නවා. ඔවුන් සතුව ඇති නවීකරණයවු මෝල් ප්‍රමිතියට වී ගබඩා කරගන්න පහසුකම් වලින් යුක්තයි.ඔවුන් හට රජයේ පාලන මිළට හාල් අළවි කරන්න බැරිවු විට රටේ හාල් හිගයක් ඇති වෙනවා.මිළ පාලනය කරන්න බැරිව ගිලිහෙනවා. මේ ගබඩාවල ඇති වී වල නියම අයිතිකරුවා බැංකු පද්ධතිය බව අපි අමතක කරන්න හොද නැහැ. රජය බලහත්කාරය යෙදවුවොත් සමස්ත ක්‍රියාදාමයම බිදවැටෙනවා.
ගොවියාගේ නිෂ්පාදන වියදම අඩු කිරීමට අවධානයක් රජයට තියෙන බවක් පෙනෙන්න නැහැ. පසුගිය ආණ්ඩු මේ ගැන සැලකිලිමත් වුනේ නැති නිසා කියලා ඇග බේරා ගන්න හදනවාට වඩා දැන්වත් ඒ ගැන සැලකිලිමත් වෙනවා නම් හොදයි.නිෂ්පාදන වියදම අඩුකරගන්න අස්වැන්න වැඩිකරගන්න ක්රමෝපායන්, ශ්‍රමදායකත්වය අඩු කරගන්න කෘෂියන්ත්‍රෝපකරන පහසු මිළට ගන්න බදු සහන වගේ දේවල් ලැබෙන්න ඕනි. අපි තාමත් මේ අතින් ප්‍රාථමිකයි.ව්‍යාපාරිකයෝ ළග තියෙන යන්ත්‍රෝපකරන ගොවියා හයර් කරන්න අධික පිරිවැයක් දරනවා. කන්නයක් වපුරා අස්වැන්න නෙලා ගන්නාතෙක් ගොවියා විදින දුක මේ රජය දන්නේ නැත්නම් ඒක අරුමයක්.
හාල් සේරු දෙකක් නිකම් දුන්න රටක්. එකක් ශත විසිපහටත් අනෙක ශත පනහටත් දුන්න කාලයක් තිබුනා. මෙයින් පාරිභෝගිකයා ආරක්ෂා වුනා කියලයි මම හිතන්නේ. පිනට දී මේ සංකල්පය ලෙස හදුන්වන මේ ක්‍රමය මොඩිෆයි කලොත්..........
වී අළවි මණ්ඩලය වහලා දාමු. එතකොට වී එකතු කරන්න වේලන්න ඕන නැහැ. වී ගබඩා නඩත්තු කරන්නත් ඕනි නැහැ. නිළධාරි සේවකයෝ මෝඩ සභාපතිවරු අධ්යක්ෂ මණ්ඩල ඕනිත් නැහැ.
මෝල් හිමියන් ට නියෝග කරමු සහල් සතොස STC වගේ ආයතනවලට පමනයි දෙන්න ඕන කියලා. ඕනි නම් එයාලගෙන් වැඩි මිළට අරගෙන පාරිභොගිකයාට අඩු මිළට දෙමු. එතකොට සහනාධාරය පාරිභෝගිකයටයි මෝල් හිමියන්ටයි දෙගොල්ලටම ලැබෙනවා. දේශපාලකයාටත් පහසුවෙන් ගානක් ෂේප් කර ගන්න පුලුවන්.
Saturday, February 8, 2025
ඒකාධිපතියෙකු තම ජනතාවට කී අවසන් කතාව
“දයාවන්ත වූත්, ත්‍යාගවන්ත වූත් අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන්,
අවුරුදු හතලිහක්, ඇතැම් විට ඊට වැඩි කාලයක්දැයි මට මතක නැත, මම මගේ ජනතාවට අවශ්‍ය නිවාස, රෝහල්, පාසල් හා ඔවුන් කුසගින්නේ සිටින විට ඔවුන්ට අවශ්‍ය ආහාරද ලබා දෙන්නට මට හැකි සෑම දෙයක්ම කළෙමි. කාන්තාරයක්ව තිබුණු බෙන්ගාසිය පවා මම සශ්‍රීක ගොවිබිමක් කළෙමි.
මම රොනල්ඩ් රේගන් නම් වූ ගොපල්ලාගේ ප්‍රහාර වලට එරෙහිව නැගී උන්නෙමි. ඒ ඔහු මා විසින් හදා ගත් අහිංසක අනාථ දියණියව මරා දැමූ විටය. ඔහු උත්සාහ කළේ මා මරාදමන්නටය. එහෙත් මිය යන්නට සිදු වුණේ ඒ දුප්පත් අහිංසක දැරියටය. ඉන්පසු මම අප්‍රිකානු සංධානය වෙනුවෙන් මගේ අප්‍රිකානු සොයුරන්ටත් අරාබි මිතුරන්ටත් මුදලින් උපකාර කළෙමි.
මහජන කමිටු වලින් රට පාලනය කරමින් සැබෑ ප්රජාතන්ත්රවාදයේ සංකල්පය වටහා ගන්නට මගේ රට වැසියන්ට උදව් කරන්නට මට කරන්නට හැකි සියලු දේ කළෙමි. එහෙත් එයද ප්‍රමාණවත් වූයේ නැත. කාමර දහයකටත් වැඩි නිවාස හා ඒවා පිරෙන්නට බඩුමුට්ටුද ඇති මිනිසුන්ට පවා ඒවායින් සෑහීමකට පත් වෙන්නට නොහැකි විය. ඔවුන්ට තව තවත් දේ උවමනා විය.
තමන්ට “ප්රජාතන්ත්රවාදය“ත්, “නිදහස“ත් උවමනා බව ඔවුහු ඇමරිකානුවන්ට සහ අනෙකුත් අමුත්තන්ට කීහ. එය “ලොකුම බල්ලා විසින් සෙසු උන්ව කා දමන“ අන්දමේ බෙල්ල කපන ක්‍රමවේදයක් වේ යැයි ඔවුන් හදුනාගත්තේ නැත. ඔවුන් මේ වචන වලින් කොතරම් වශී වී උන්නාදැයි කිවහොත් ඇමරිකාව යනු නොමිලේ ඖෂධ නැති, නොමිලයේ නිවාස නොදෙන, නොමිලයේ ප්‍රතිකාර කරන රෝහල් නැති, නොමිලයේ අධ්‍යාපනය නොදෙන, නොමිලයේ ආහාර නොදෙන, සහ මිනිසුන්ට තම ආහාරවේල උපයා ගන්නට දවස පුරා වෙහෙස වී වැඩ කරන්නට සිදුවෙන රටක් බව ඔවුන් තේරුම් ගත්තේ නැත.
මා කොතරම් දේ කළද, ඇතැමුන්ට එයින් සෑහීමකට පත් වෙන්නට නොහැකි විය. එහෙත් මගේ අනෙක් රටවැසියෝ මා ගැන දැන සිටියහ. මා ගමාල් අබ්දුල් නසාර්ගේ පුත්‍රයා බව ඔවුහු දනිති. සලාහ් අල් ඩීන්ට පසුව අපට උන් එකම මුස්ලිම් නායකයා හා අරාබි නායකයා ඔහු පමණකි. ඔහු ඔහුගේ මිනිසුන් වෙනුවෙන් සූවස් ඇල ගොඩ නැගුවාක් මෙන් මම මගේ මිනිසුන් වෙනුවෙන් ලිබියාව ගොඩනැගුවෙමි. මා ගියේ ඔහුගේ පිය සටහන් අනුවය. ඔහු මෙන්ම මාද උත්සාහ කළේ අපේ උරුමය සොරා ගන්නා සොරුන්ගෙන්, යටත්විජිත ආධිපත්‍යයෙන් මගේ මිනිසුන් මුදා ගන්නටය.
දැන් මම යුධ ඉතිහාසයේ විශාලතම සේනාවකගේ ප්‍රහාරයට යටත්ව සිටින්නෙමි. මගෙ පුංචි අප්‍රිකානු පුත්‍රයා, ඔබාමාට මා මරා දමන්නට උවමනාය. ඔහුට අපේ රටේ නිදහස උදුරා ගන්නට උවමනාය. අපේ රටේ මිනිසුන් නොමිලයේ ලබන ගෙවල්, අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය, අපේ නිදහස් අධ්‍යාපනය, අපේ රටේ මිනිසුන් නොමිලයේ ලබන ආහාර, උදුරා ගන්නට ඔහුට උවමනාය. එහෙත් එහි අර්ථය කුමක්දැයි තුන් වන ලෝකයේ රටවල අපි හොදින් දනිමු. එහි අරුත සංස්ථාවන් විසින් රටවල් පාලනය කිරීමත්, ලෝකය පාලනය කිරීමත් එයින් මිනිසුන් විදවීමත්ය.
ඉතින් මට වෙනත් විකල්පයක් නැත. මා මෙයට මුහුණ දිය යුතුය. අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත අනුව ඔහු පෙන්වූ මාර්ගයේ යමින් මා මිය යා යුතුය. අපේ රට ගොවිබිම් වලින් සශ්‍රීක කර, ආහාරයෙන් හා සෞඛ්‍යයෙන් පොහොසත් කර, අපේ අප්‍රිකානු හා අරාබි සහෝදර සහෝදරියන්ටත් උදව් කළ යුතු බව අල්ලාහ් දෙවියන් මට පෙන්වූ මාර්ගයයි.
මම මැරෙන්නට අකමැත්තෙමි. එහෙත් මගේ මව්බිමත්, මගේ මිනිසුන් හා මගේ දරුවන් බදු වූ දහස් ගණන් දරුවනුත් රැක ගන්නට මගේ ජීවිතය දෙන්නට සිදුවේ නම් එය මම ඉටු කරමි.
මම නේටෝවේ කුරුසයුද්ධගාමීන්ගේ ප්‍රහාර වලට එරෙහිව නැගී සිටියෙමි. කෘරත්වයට එරෙහිව නැගී සිටියෙමි. පාවාදීම් වලට එරෙහිව නැගී සිටියෙමි. බටහිරටත්, එහි යටත්විජිතවාදී බල තණ්හාවටත් එරෙහිව නැගී සිටියෙමි. මගේ අප්‍රිකානු සහෝදරයින් හා මගේ සැබෑ අරාබි මිතුරන් වෙනුවෙන් මට හැකි අයුරින් පෙනී සිටියෙමි. මගේ මේ අවසන් ප්‍රකාශය ඒ බව ලෝකයට කියන මගේ හඩ වේවා.
අනෙක් අය මාලිගා තනද්දී මම සාමාන්‍ය නිවසකත්, ඇතැම්විට කූඩාරමකත් දිවිගෙවූයෙමි. සිරේට් හි ගෙවුණු මගේ තරුණ කාලය මට අමතක නැත. මා අපේ ජාතික භාණ්ඩාගාරය අත්තනෝමතික ලෙස භාවිතා කළේද නැත. අපේ ශ්‍රේෂ්ඨ මුස්ලිම් නායකයෙකු වූ සලාෆ් අල් ඩීන් මෙන්ම මාද මා වෙනුවෙන් ලබා ගත්තේ ඉතා ස්වල්පයකි.
බටහිර සිටින සමහරුන් මාව “පිස්සෙකු“ ලෙස හදුන්වනු ඇත. ඔවුන් බොරුව තව දුරටත් පතුරුවන්නේ සත්‍ය දැන දැනමය. අපේ රට අධිරාජ්‍යවාදී ග්‍රහණයට හසු නොවූ නිදහස් නිවහල් භූමියක් බව ඔවුහු දනිති. මගේ දැක්මත්, මගේ ගමන්මගත් මගේ මිනිසුන්ට පැහැදිලි බවත් ඔවුහු දනිති. එය දැන දැනමත් ඔවුහු බොරුවම පතුරුවති.
මගේ අවසන් හුස්ම පොද තෙක්ම මම අපේ නිදහස වෙනුවෙන් සටන් කරමි. නිදහස්වත් විශ්වාසවන්තවත් පවතින්නට අල්ලාහ් දෙවියන් අපට පිහිට වනු ඇත.
කර්නල් මුවම්මර් ගඩාෆි.
2011.04.17 වන දිනදීය.
(කර්නල් මුවම්මර් ගඩාෆි තම රටවැසියන් අමතා කළ අවසන් නිල ප්‍රකාශය මෙය බව කියැවෙයි.)
නිසරු කාන්තාර රටක්ව තිබුණු ලිබියාව මුවම්මර් ගඩාෆිගේ පාලන කාලය තුළ කලාපයේ සශ්‍රීකම රාජ්‍යය බවට පත් වූ බව ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි. මේ කර්නල් ගඩාෆිගේ පාලන සමය තුළ ලිබියාවේ පැවති තත්වය ගැන ඔබ නොදත් කරුණු කිහිපයකි.
* ඒ කාලය තුළ ලිබියාවේ විදුලි බිල් තිබුණේ නැත. සියලුම රටවැසියන්ට විදුලිය නොමිලේ ලැබිණ.
* ණය වලට පොලියක් නැත. ලිබියාවේ සියලු බැංකු රජය සතු වූ අතර, රටවැසියන්ට ණය නිකුත් කරන ලද්දේ 0%ක ණය අනුපාතයටය.
* ලිබියානුවෙකුට උපාධියෙන් පසුවත් රැකියාවක් සොයා ගැනීමට නොහැකි වී නම් ඔහුට හෝ ඇයට සුදුසු රැකියාවක් ලැබෙනතුරු රජයෙන් එම තැනැත්තාට ප්‍රමාණවත් වැටුපක් ගෙවයි.
* කෘෂිකර්මාන්තය / ගොවිපල පාලනය කිරීමට යොමු වන ලිබියානුවන්ට ඒ සදහා භූමියක්, නිවසක්, කෘෂි උපකරණ, පශු සම්පත් හා අවශ්‍ය මූලික පහසුකම් රජයෙන් නොමිලයේ සැපයෙයි.
* කාන්තාරයක්ව තිබුණු රටක සෑම තැනකටම පහසුවෙන් ජලය ලබා ගැනීමට හැකි වුණු Great Man-Made River නම් වූ ලෝකයේ විශාලතම ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ කර්නල් මුවම්මර් ගඩාෆිය.
* “නිවසක් යනු සෑම පුද්ගලයෙකුගේම මානව හිමිකමකි“ යි ලිබියාවේ එවකට සැලකිණි.
* ලිබියාවේ අලුත විවාපත් වන අයට ලිබියානු රජයෙන් ඔවුන්ගේ පළමු නිවාසය මිලදීගෙන නව දිවිය ඇරඹීම සදහා ඩිනාර් 60,000 ක් (ඇමරිකානු ඩොලර් 50,000)ක් ලබා දෙනු ලැබිණ.
*එක් දරු උපතක් සදහා මවකට ඇමරිකානු ඩොලර් පන්දහසක දීමනාවක් රජයෙන් ලබා දෙනු ලැබිණ.
* ලිබියානුවෙකු මෝටර් රථයක් මිලදී ගන්නා විට එහි වටිනාකමින් 50% ක් රජය විසින් දරනු ලැබිණ.
* එවකට ලිබියාවේ පෙට්‍රල් ලීටරයක මිල ඇ.ඩො. 0.14ක් විය.
* අධ්‍යාපනයත් වෛද්‍ය ප්‍රතිකාරත් රටවැසියන්ට මුළුමනින්ම නොමිලේ ලැබිණ. අරාබිය හා අප්‍රිකානු ලෝකය තුළ හොදම සෞඛ්‍ය සේවාවක් තිබුණු රට ලිබියාව විය. සෑම පුද්ගලයෙකුටම කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව වෛද්‍යවරුන්ගේ, රෝහල් වල, සායන වල සේවාව හා නොමිලේ ඖෂධ ලබා ගත හැකි විය.
* ලිබියානුවෙකුට තමාට අවශ්‍ය අධ්‍යාපනය හෝ වෛද්‍ය ප්‍රතිකාරයක් ලිබියාවේදී ලබා ගත නොහැකිව පිටරටකට යන්නට සිදුවුවහොත් ලිබියානු රජය විසින් ඒ සදහා අවසරය ලබා දෙන අතර ඒ වෙනුවෙන් වියදම් කිරීමට ඇ.ඩො. 2300 ක මාසික දීමනාවක්ද එකී පුද්ගලයාට ලබා දෙන්නට කටයුතු කෙරිණ.
* ගඩාෆිගේ පාලනයට පෙර ලිබියාවේ සාක්ෂරතාවය තිබුණේ 25%ක් පමණක් වන අතර වර්තමානය වන විට එය 87%කි. ලිබියාවේ 25%කට පමණම විශ්ව විද්‍යාල උපාධියක් ඇත.
එලෙසින් තිබුණු ලිබියාව ඇමරිකාවේත් නේටෝ හමුදාවන්ගේත් සහයෙන් “ඒකාධිපතියාගෙන් මුදාගත්“ පසුව අද පත්ව ඇති තත්වය ගැන කිව යුතු නැත.
බොහෝ ආසියාතික හා මුස්ලිම් රටවල් වර්තමානයේ අස්ථාවර වී ඇත්තේ එවන් පාලකයන්ගේ නායකත්වය හා ආරක්ෂාව නැති හෙයිනි.
Friday, February 7, 2025
ජනාධිපති සහ පැලවත්ත.
පහුගිය දවසක ප්‍රසිද්ධ රූපවානි සංවාදයකට ආපු මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මාලිමාව ගැන හරි අපූරු විග්‍රහයක් කළා.රටේ රාළට නිර්මාල්ගේ සම්පුර්ණ කතාව අහන්න බැරිවුනත් අහපු පොඩි කෑල්ල ඇතුලේ නිර්මාල් ලොකු දේශපාලන කතාවක් කියනවා.නිර්මාල් කියපු කතාව කියන්න ඉස්සෙල්ලා නිර්මාල් කවුද කියලා කියන්න ඕනි. මහාචාර්ය නිර්මාල් කියන්නේ පහුගිය ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටිය උගත් බුද්ධිමත් කණ්ඩායමේ මූලිකයෙක්.
ඒ වගේම නිර්මාල් අගමැති හරිනි අමරසූරියගේ ඉතා සමීපතමයෙක්.නිර්මාල් මාලිමාව බලයට ඇවිත් ඉතා කෙටි කාලයකින් මාලිමාව දැඩි ලෙස ප්‍රශ්න කරන්න පටන් ගත්ත කෙනෙක්.හිටපු කතානායක අශෝක සපුමල් රංවලගේ උපාධි සහතිකය ඉදිරිපත් කරන්න කියන අභියෝගය ඉස්සෙල්ලාම කළේ නිර්මාල්.නිර්මාල්ගේ ඒ අභියෝගයෙන් පස්සේ මාලිමාව ඇතුලේ හැංගිලා හිටිය හොර උපාධිකාරයින්ගේ,හොර ආචාර්ය මහාචාර්යවරුන්ගේ,හොර දොස්තරවරුන්ගේ පට්ටම් එකින් එක ගැලවෙන්න පටන් ගත්තා.
තවමත් ඒවා ගැලවෙමින් තියනවා.එදා නිර්මාල් අභියෝග කළේ මාලිමාව ඇතුලේ උගතුන් බුද්ධිමතුන් විදිහට පෙනී හිටපු හොර නඩේට.
නිර්මාල්ගේ ඒ ප්‍රහාරයෙන් මාලිමාව ජනතාවට පෙන්වූ බොරු පාරිශුද්ධභාවය කුඩුපට්ටම් වෙලා ගියා.එතනින් පස්සේ නිර්මාල්ට අනුර සහ ජවිපෙ - මාලිමා ආණ්ඩුව සම්බන්ධව තිබුණේ විවේචනයක්.මේ විවේචනයේ තවත් ප්‍රබල තර්කයක් එදා නිර්මාල් ගොඩනැගුවා.
නිර්මාල් කිව්වේ අනුරට සහ මාලිමා ආණ්ඩුවට තියන ජනතා කැමැත්ත පවතින්නේ ඉතාම සුළු කාලයයි කියලා.නිර්මාල් කියන ඒ සුළු කාලය තවම අවසන් වෙලා නැතිවුනත් ඒ කාලය අවසන් වීම ආරම්භවෙලා තියනවා.ඊළඟට නිර්මාල් කියන්නේ ඒ විනාශය කරගත්තේ වෙන කවුරුවත් නෙවෙයි ජවිපෙ ඇතුලු මාලිමාව විසින්මයි කියලා.
නිර්මාල් එතනදී උදාහරණයට ගන්නේ උස පනින ක්‍රීඩකයෙක්.
නිර්මාල් කියන්නේ මාලිමාව නැමති දෙමුහුන් ක්‍රීඩකයා විසින්ම තමන්ට පනින්න බැරි උසක් දක්වා බාර් උස්සලා ඒ උස තමන්ට පනින්න පුළුවන් කියලා ජනතාව ඉස්සරහා වහසි බස් කිව්වා කියලයි.මේ අසාමාන්‍ය උස පනින එක අපිට සිම්පල් බලය දීලා බලන්න කියලා එයාලා ජනතාවට කිව්වා.ඒ වෙනුවෙන් එයාලා ලග නැති ගුණයන්,සද්භාවයන් ගැන කිව්වා.ඉතිහාසයයේ ජවිපෙ ඇතුලේ තිබුණ ආදර්ශයන් තමන්ට ආරෝපනය කරගෙන ජනතාව ගොනාට ඇන්දුවා.
ගොනාට ඇඳගත් බයියෝ ජවිපෙ මාලිමා සන්ධානයට බලය දුන්නා.දැන් තමයි ප්රශ්නය වෙලා තියෙන්නේ.දැන් අර ජවිපෙ සහ මාලිමාව විසින් තියපු තැනම බාර් එක තියනවා.අනුරට හෝ ජවිපෙ මාලිමා ආණ්ඩුවට ඒ උස පනින්න තියා පනින්න හිතන්නවත් බෑ.ඊට පස්සේ මෙයාලා කිව්වා " අපි එහෙම කිව්වේ නෑ " කියලා.ඇත්තටම ජවිපෙට එක ලග ජනතාවට බොරු දෙකක් කියලා තියනවා.එකක් පනිනවා කියපු එක සහ අපි එහෙම කිව්වේ නෑ කියපු එක.
දැන් මේ බොරු දෙකම ජනතාවට අහුවෙලා ඉවරයි.
දැන් ජවිපෙට තමන්ට පනින්න පුළුවන් ගානට බාර් එක තියාගන්න වෙලා.එහෙම තිබ්බම ඊට වැඩිය ගොඩක් උඩින් රනිල් පැනලා තියන බව රටට පේනවා.දැන් ජවිපෙට සිද්ධවෙලා තියනවා තමන් බාර් එක පහලට ගන්න බව ජනතාවට අමතක කරවන්න.ජවිපෙ දැන් වැඩ තෝරගන්නේ ඒ වෙනුවෙන්.ඒ වෙනුවෙන් එලියට දාපු පලවෙනි නාට්ටිය තමයි නිල නිවසෙන් මහින්ද පන්නා දැමීමේ නාට්ටිය.
දැන් අනුර ඒ සටනින් පැරදිලා ඉවරයි.
දැන් ඒ ගෙදර මහින්ද හිටියත් අනුර පරාදයි, මහින්ද ඒ ගෙදරින් ගියත් අනුර පරාදයි.රටේ රාළ කියන්නේ එයාලා තවත් නාට්ටිය කීපයකට ලෑස්ති වෙනවා.එකක් රනිල් සහ එජාපයේ ඇතමුන් ඉලක්ක කරගත්ත ප්‍රහාරයක්.අනික ගෝඨාභය ඉලක්ක කරගත්ත ප්‍රහාරයක්.මීට අදාලව තිර පිටපත් මේ වෙනකොටත් සකස් වෙමින් තියනවා. ඇතැම් ඒවා සම්බන්ධ අනාවරණයන් පහුගිය දවසක උදය ගම්මන්පිලත් කරලා තිබුණා.
ගොඩක් වෙලාවටම මේ සියල්ල ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉස්සෙල්ලා සිද්ධවෙයි.ආණ්ඩුව හදන්නේ මේ නාට්ටි දෙක තුනෙන් සමාජ බය බිරාන්ත කරමින් පහලට මර්ධනය මුදා හරින්න. ජවිපෙ පහල බලවේගවල හැසිරීමෙන් ඒක පේනවා.ටිල්වින් සත්තු ටික ලෙහලා දාන්න සුදානමින් ඉන්නවා.ජවිපෙ මේ සියල්ල කරන්නේ වෙන මොකකටවත් නෙවෙයි ජනතාවගේ ඇස්වලට වැලි ගහාලා ජවිපෙ ඔසවා තියාපු බාර් එක තමන්ට පනින්න පුළවන් ගානට පාත් කරගන්න.
ඒ කියන්නේ අපේ රට ජවිපෙට ඕනි ගානට පුංචි කරගන්න.එතකොට මේ රටේ විපක්ෂයේ ඉන්නේ ජවිපෙ නායකයන්ට වැඩිය පොඩි මිනිස්සු. ජනතාව කියන්නේ ජවිපෙට අවශ්‍ය විදිහට ජීවත් වෙන මිනිස්සු.මේ හදමින් ඉන්නේ ජවිපෙ කියන විදිහට කන්න බොන්න විතරක් නෙවෙයි ජවිපෙ කියන විදිහට හිතන බොයිලර්ස්ලා ඉන්න සමාජයක්.ඒකට දැන් ජවිපෙ විසින් හැම ක්ෂේත්රයකටම කමිටු ක්‍රියාවලියක් මුදා හරිමින් ඉන්නවා.
මේ කමිටු හරහා තමයි පැලවත්තේ අණ ක්‍රියාත්මක වෙන්නේ.සමහරවිට මේ කමිටු ක්‍රියාවලියකට අවශය දේවල්ද වරායෙන් පන්නපු බහාලුම් 323 ඇතුලේ තිබුනේ කියන සැකය රටේ රාළ නං තියනවා.තවමත් ඒවා කොහේටද ගියේ කියන එක අභිරහසක්.ඇත්තටම මේ හදන්න හදන්නේ ටිල්වින්ගේ පන්නයේ බෝල්ෂෙවික් යාන්ත්‍රණයක් රට ඇතුලේ ස්ථාපිත කරන්න.
ඒක හරහා බොහෝ වෙලාවට චීන කොමියුනිස් පක්ෂයේ පාලනයට සමාන පාලනයක් මුලදී හැදිලා ඒක කාම්බෝජයේ පොල්පොට් පන්නයේ පාලනයක් දක්වා පරිවර්තනය වෙන්න පුළුවන්. මුලදී මේ ආණ්ඩුව ජාවාරමිකාරයින් සහ බලවතුන් සතුටු කරන ආණ්ඩුවක් වේවි.පහල බලවේගවලට මෙයාලා කියන විදිහට ජීවත් වෙන්න වේවි.ඒ ජනතාවගෙන් එන පීඩනය යට කරන්න මෙයාලගේ කඩර්වරුන්ගේ යාන්ත්‍රණ පහලට හැදේවි.
ඒ කාඩර් එක නඩත්තු කරන්න සුභසාධන වැඩපිලිවෙලක් හදයි.මේ යමින් තියෙන්නේ එතෙන්ට.
තවත් ගොන් පාට් දදා ඉන්නේ නැතිව විපක්ෂය එක අරමුණක් වෙනුවෙන් පෙලගැහුනේ නැත්තං මේ රට පොල්පොට් පන්නයේ පාලනයක් දක්වා ගමන් කරනවා.එක පොල්පොට් කෙනෙක් නෙවෙයි පොල් පොට්ලා දෙන්නෙක්ගේ පාලනයට යටත්වෙන රටක් බවට අපේ රට පත්වේවි.
ඒ ජනාධිපති පොල් පොට් සහ පැලවත්තේ පොල්පොට්.
Tuesday, February 4, 2025
අද නිදහස් දිනයයි.
අද නිදහස් දිනයයි.
ඉංග්රීසින්ගේ පාලනයෙන් මිදි හැත්තෑහත් වසරක් වු නිදහස් දිනය අදයි
ඇත්තෙන්ම අපි නිදහස් ද?
ආර්ථික නිදහසක් පේන තෙක් මානයේ නැත.1948ට වඩා රට සංවර්ධණයවී ඇති බව අප පිලිගත යුතුය. මාද නිදහසත් සමග ශ්‍රී ලංකාවට සැපත් වු මානවයෙකි. එදාට වඩා අද සෑම කේෂත්‍රයකම පිබිදීමක් සංවර්ධණයක් ඇතිවී ඇත.එහෙත් අපි විශාල ණය බරකින් අපි මිරිකී සිටිමු. සරලව සිතුවොත් අපි ආදායමට වඩා ආයෝජණය කර ඇත්තෙමු . ආයෝජන තවමත් ආදායම් උපදවන්නේ මන්දගාමී ස්වරයෙනි.
අද නිදහස් දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලාපොරොත්තු සහගත දේශනයක් කලේය. එය කඩුල්ල සටහන් කර ගත්තේ මෙසේය."අපට නිසැක වශයෙන්ම ලෝකයේ ධනවත්ම රට බවට පත්විය නොහැක. නමුත් අප උත්සාහ කළොත් අපට මේ ලෝකයේ පොහොසත්ම ජාතික ආත්මය දරාගත් සාමානාත්මතාවයේ සහ නිදහසේ ආදර්ශය රාජ්‍යය බවට පත්විය හැකිය."පුරවැසියෙකු ලෙසට රාජ්‍ය නායකයාගේ ප්‍රාර්ථණය අගේ කොට සැලකිය යුතුය.
සුපුරුදු පරිද්දෙන් මේ දේශණය සාකච්චාවට යොමු කිරීමට කඩුල්ලට අවශ්‍ය විය. කඩුල්ල අමුවෙන්ම මුණුපොතේ සරත් අනුර හියාරෙ හේවගේ මහතාගේ පෝස්ටුවක් ඔහුගේම සිරස්තලය යටතේ පලකලේය. සිරස්තලය වුයේ
" මොකක්ද බං මේ අප්‍රබංශ රාජ්ජේ " යන්නයි.
පාඨකයින් කලබල වී ඇති සැටියක් දක්නට ලැබුනෙන් කඩුල්ලත් අතරමග සංවාදයට එක්විය. "තවත් කුරු ගුරුං එකක් " යයි කියන සංජීව ගුණවර්ධන මහතාට ''කුරුං ගුරුං ගේ මුණුපුරා'' යයි සරත් අනුර හියාරෙ හේවගේ මහතා පිළිතුරක් සපයා තිබිනි.පියසිරි මලවිපතිරන මහත්තයා "
දැං මේ කියපු ටික සිංහලෙන් කියන්නෙ කොහොමද? ඒ.අයි. තාක්ෂණයෙ පිහිට වැදගත් වෙන්නෙ මේං මේ වගේ අවස්ථා වලදි.
සිරි ලාංකික අපේ "ඒ. ඇයි." තාස්සනේ අගයමු ! "
කියන කොට සමන්තිකා පණ්ඩිතරත්න මහත්මිය අත්වැලක් ඇල්ලුවේය"ඒක තමා මටත් මතක් උනේ ගූගල් ට්‍රාන්ස්ලේශන් දෙයියගේ පිහිට කියල"යි
මම ෂෙයාර් කල එම පෝස්ටුවට මටත් සමග ගල් මුල් වදින්න විය.
නිමලසිරි වීරකෝන් කඩුල්ලගේ ඥාතියෙකි. ඔහුට අනුව මම විරුද්ධ පාක්ෂිකයෙකි. " සිහින මාළිගා ගොඩනැගීම වෙනුවට යථාර්ථවාදීව කතාකරන එක තේරැම්ගන්න බැරි කමද? නැත්නම් දේශපාලනික විරැද්දකම නිසාමද ?. යයි ඇසු නිසාදෝ සමන් මුතුකුමාරන " ලයනල් මාමා වගේ වැදගත් බුද්ධිමත් මහත්මයෙක් මෙික තේරැමි අරන් තියනවා වැරදියි." මට පිලිසරනට ඉදිරිපත්වු බවකි.මම ඔහුගෙන් " හෙඩිම මගේ නොවෙයි - දැක්කේ නැද්දැයි " විමසුවෙමි.වීරකෝන් මාව අතහැරියේ නැත ඔහු '' සමාවෙන්න ඕනී බාප්පේ, ඇත්තටම හෙඩිම අපිට තේරෙනවානම් ඒක ඇතුලේ කතාවත් අපිට තේරෙනවානම් සහ අපිත් ඒකට එකඟතාවක් ඇත්නම් මිස ඒවගේ එකක් අපි අපේ වෝල් එකේ පල කරන්නේ නෑ නේද?." යයි පවසමින් කඩුල්ල විත්ති පාර්ශවයේම රදවනු ලැබිනි.
"මෙි කථාවෙ මොකක්හරි අවුලක් තියනවද මාමෙ.ඇත්තටම යථාර්ථවාදි සත්‍ය කතාවක්." කියලා කියන සමන් මුතුකුමාරනට මම පිලිතුරක් බැන්දා. මේ විදියට .."......"අවුලක් දැක්කේ නැහැ. පෝස්ට් එකට දමන comment s බලන්න. සමහර ඒවා එල්ල කරන්නේ පලකරපූ කෙනාට. තවත් සමහරු කථිකයාට.අදහස පිලිබඳ අදහස් පලකරන අය බොහෝවිට ඉතාමත් අඩුයි. මම බ්ලොග් එකක් කරනවා. Post එකයි comments වලයි මගේ අදහසයි විශ්ලේෂණයක් කරමින්. මිනිසුන්ගේ මනෝභාවයන් බොහෝම අවුල් වුන වකවානුවක්."
මේ කතාව තව තව දිග්ගැස්සෙනවා. පුංචි වචනයක් " නිදහසේ රාජ්‍ය " දුර යන තරමක්.
ජේ.ඩී සිල්වා ලියනාරච්චි මහත්තයාගේ තීරණයෙන් අදට සමුගන්නවා. ආයෙත් අලකලංචියකින් හමුවෙමු.'' --මොකක් හෝ කෑල්ලක් අල්ලගෙන මහා දාර්ශනිකයො වෙන්න හදන අමු ගවයොත් නැතුවාම නොවේ,"
පෙබ. 05 දා.
මිල මුදලින් ලෝකයේ අන් ක එකේ ධනවත් ම රට වීමට අපට නොහැකිය .එසේ වුවත් එකම ශ්‍රී ලාංකීක ජාතියක් යන හැගීමෙන් සිය ආත්මය පුරවාගත් එනම් එයම දරාගත් එකීනෙකා අතර සමානාත්මතාවය හා පූර්ණ නිදහස ආදර්ශයෙන් ,ප්‍රායෝගිකව ලොවට පෙන්වීම යනාදි කරුණු මත ලොව පොහෝ සත්ම රාජ්‍යය බවට පත්විය හැකි බව මෙම ප්‍රකාශයේ අර්ථයයි.ඉතිහාසය පුරාම දේශපාලකයන් ගේ බොරු සෝබන සුරංගනා කතා අහල පුරුදු මිනිසුන්ට යතාර්තවාදී ප්‍රකාශයක් තේරුම් ගැනීම අපහසුයි තමයි.
Monday, February 3, 2025
විජේරාම නිළ නිවස
ලෝකයේ විශ්‍රාම ගිය කිසිම ජනාධිපතිවරයෙකුට නොමැති වැඩ ගොඩක් මොහුට ඇත. නමුත් තනිව ඇවිදගන්න වත් නොහැකි දැන් මතකය වත් හරියට නොමැති ඔහු කරන එකම වැඩ කොටස නම් තමාගේ පවුල සිරගත වීම වලක්වාගෙන පුතා යලිත් බලයට පත්කිරීමට කැසකැවීම මිසක මේ රටේ ජනතාවට කරන සෙතක් නැත. ඔහුට ජීවිත තර්ජනයක් නොමැතිබව ආරක්ශක බුද්ධි වාර්තා පවසා ඇත. ආරක්ශාවක් අවශ්‍ය වන්නේ සොරුන්ට නීතියෙන් ගැලවීමටයි. ඒ සදහා ඔහු උපරීම ශක්තිය බොරුව වපුරවමින් සිටී. මේ පෝස්ට් එක ඊට හොදම නිදසුනයි. රනිල්ට මහින්දට වඩා පිළිගැනීමක් ජාත්‍යන්තරය තුල ඇත. මහින්ද දැන් කිසිවකු පිළිගන්නේ නැත. ජනතාව ඔහු ප්‍රථික්ශේප කොට කුනුකූඩයට දමා 2.5% කගේ පමණක් ප්‍රසාදයට පත්කොට ඇත.
ඔහු දැන් බිරිඳ සමග අරුවන්ගේ ආරක්ශාව බලාකියාගැනීම යටතේ ජීවත්විය යුතු මහල්ලෙකි. බල ලෝභීත්වය නිසා , මහජන මුදල් සොරකම් කිරීමෙන් රට ආර්ථික බංකොලොත්වයට පත්කිරීමෙන්, කිසිදු අද්යාපන සුදුසුකමක් නැති බැසිල් වැන්නවුන් මුදල් ඇමති කිරීමෙන්, දරුවන් තිදෙනා සහ පවුලේ හැම එකෙක්ටම හොර ගනුදෙනු, ඩීල්, කොමිස් , ඝාතන කිරීමට ඉඩ පහසුකම් සැලසීමෙන්, වංචා දූශන වලට ප්‍රසිද්දියේම ඉඩ පසුකම් සැලසීමෙන් අනුන්ගේ දේපල වංචා සහගත ලෙස පවුලේ උදවියට ලබාගැනීමට සැලැස්වීමෙන් තමා යුද ජයග්‍රනයෙන් ලබගත් කීර්තිය, නම්බුව, සියල්ලක්ම විනාශ කරගෙන පීචං වී ඇතිබව දැනගත යුතුව ඇත. එනිසා ඔහුට තවත් රජ සැප දීමට දුප්පත් ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරන්නේ නම් එය හුදී ජනතාවටම කරන පාපකාරී දේශ ද්‍රෝහී ක්‍රියාවකි. ඔහු නියම ජනතාවාදී පුද්ගලයෙක් නම් ප්රජාතන්ත්රවාදී මිනිසෙකු නම් රනිල් , ගොඨාභය මෙන් තමාගේ නිවසට ගොස් නිවී සැනසිල්ලේ ජීවත්විය යුතුයි. දරුවන් ඔහුව බලාගත යුතුයි. යම් සහනයක් අවශ්‍යනම් ජනතාවට බරක් නොවනසේ රජය ඔහුට උදවු කලයුතුයි.
දැන්වත් මෝඩයින්ගේ වහසිබස් , ඔහුට කඩේ යාම බොරුව උලුප්පා ජනතා මුදල් කාබාසිනියා කිරීමට දරන පටු උත්සාහයන් නැවැත්විය යුතුයි. අවසානයේ අපහාසයට, උපහාසයට ලක්වෙන්නේ මහින්ද පමනමයි.
මනෝජ් විජේසේකර. සහෝදරයා ගේ අදහසට ප්‍රතිචාර දක්වන ඩී.වී උපාලි සහෝදරයාට මෙහෙම අදහසක් තිබුනා.
සහතික ඇත්ත අයියා මේ වයසක මනුස්සයා රිදවලා මොනවද බලාපොරොත්තු වන්නේ සමහර විට මෙම සිදුවිමම පරිහානියේ ආරම්ය වි.යහැකියි සත්‍ය ජයගනි.