ලැගුම් බිම

ලැගුම් බිම.




"ගෙයක් නැති මම
දිය දහරක් සේ නිරන්තර
ගමනෙහි යෙදී සිටින්නෙමි
අදුරු දෙවියන්ට බදු
ලැගුම් බිමක් මට නැත"




සෙවනැලි අවදි නොමවෙන වැව් ඉවුරු කොනේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ
මල කා කළුව ගිය ආයුද කැබලි පෙනේ
දෙවියෙක් නැත ද මෙහි බලයක් තිබෙනූු දැනේ.

දෙවි දේවතාවුන් සැරිසරන මහ වනේ
පවතින බලය ඇග ලොම් තුඩකට ද දැනේ
මොළයෙන් තමා ලෝකයෙ සුවය වැනසුනේ
මගේ ගැරහූමට නැත ඒ් පිරිස යොමු වුණේ.

---අයියනායක - විමලරත්න කුමාරගම 

No comments:

Post a Comment

ඔබේ අවධානයට ස්තුතියි.