වියලි පිදුරු ' ගිනිමානා ' අලි මානා ' ඉලුක් ' කෙසෙල් පරඩැල් ' වලින් පහසු දෙයක් ගෙන අමුද්‍රව්‍ය කිලෝ පහකට හුණු අළු ග්රෑම් දහයක් යොදා පැය දෙකක් පමණ හොදින් තම්බාගෙන 60% පමණ තෙතමනය රැදෙන පරිදි වේලාගන්න (කොටසක් ගෙන ඉහලට ඔසවපුවාම දිය බේරෙන් නැති ගානට ) ඉන්පසු වියලි සිසිල් ඉර ඵළිය නොවැටෙන අදුරු සහිත තැනක මැස්සක් හෝ සිදුරු සහිත භාජනයක් කූඩයක් වැනි දෙයක අගල් දෙකක් උස තට්ටුවක් අතුරන්න .
ඵයට මුං පිටි ' රයිස් පොළිස් ' කඩල පිටි ' උදුපිටි ' හෝ සමපෝෂ කුඩු ස්වල්පයක් ඉසින්න .ඒ මතට පිදුරු හතු හෝ වෙනත් බිම්මල් බීජ ස්වල්පයක් විසුරුවා හරින්න . (ඇමරිකන් වොයිස්ටර් ' ඇබලෝනි ' වැනි)
නැවත පිදුරු අගල් 02ක් අතුරන්න .
නැවතත් ඉහත පිටිවලින් ඵකක් විසුරවා හැර බීජ ස්වල්පයක් ඒ මත දමා අගල් දෙකක නැවත පිදුරු තට්ටුවක් යොදන්න .
නම් අගල් 10_12 තට්ටුවක් කූඩයක නම් කූඩයෙ කට මට්ටමට මේ විදියට අතුරන්න . උඩම කොටසටත් ඉහත පිටි හා බීජ විසුරුවා කළු ඉටි රෙද්දකින් සම්පූර්ණයෙන්ම වසා දින 14 තබා විවෘත කර දිනකට තුන්වරක් වතුර ස්ප්රේ කරන්න.
තෙතමනය රදා පවත්වාගැනීමට .
හතු යනු දිලීරයක් බව මතක තබාගන්න .
කෘමි හානිවලින් රැකගැනීමට මදුරු දැලකින් වගා කොටස ආවරණය කරගන්න .
ඔබට දවස් 45 පමණ කාලයක් අස්වැන්න නෙලිය හැක . යම් ගැටළුවක් ඇතිවූවොත් සවස 07 න් පසුව කතා කරන්න.
කියල දෙන්නම් .
නිවසේ සිටම කුඩා ඉඩක හෝ වවාගෙන ඔබට පරිභෝජනයට අාර්ථිකයට පොඩි හෝ සහනයක් ලබන්න පුලුවන් .
වානිජ වගාවකට යන්නත් පුලුවන් .
0779066344.
තත්වයෙන් උසස් බීජ ලබාගැනීමට ඔබේ පලාතේ බිම්මල් බීජ විකුණන තැනකින් ගන්නත් පුලුවන්.
කෘෂිකර්ම නිළධාරි හරහා ලබාගන්නත් පුලුවන්
නැති උනොත් කියන්න බීජ නිශ්පාදකයෙක් සම්බන්ධ කරල දෙන්නත් පුලුවන්.
කූරියර් හරහා ගෙන්වා ගැනීමට .
මුලින්ම ටිකක් කරල බලල අත්දැකීමකුත් ලබාගෙනම වැඩි දියුණු කරගත්තොත් ඔබටත් හොද බිම් මල් නිශ්පාදකයෙක් විය හැකියි.






0 comments:
Post a Comment
ඔබේ අවධානයට ස්තුතියි.