RSS
Showing posts with label රටින් රට. Show all posts
Showing posts with label රටින් රට. Show all posts

නෝබෙල් තෑග්ග.





නව නිපැයුම්කරුවෙකු, ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය විට, ඔහුගේ අවසන් කැමැත්තෙහි සඳහන් වූයේ, ඔහුගේ ධනය "පෙර වසර තුළ මානව වර්ගයාට විශාලතම ප්‍රතිලාභ ලබා දුන් අයට" ත්‍යාග පිරිනැමීමට භාවිත කළ යුතු බව ය.

නොබෙල් ත්‍යාගය ඔහු තම ජීවිත කාලය තුළ වැඩිපුර ම සම්බන්ධ වූ ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන් කැපී පෙනෙන උත්සහයන් දැරූ විශිෂ්ටයින් සඳහා පිරිනැමෙයි.

ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා දිගු ක්‍රියාවලියක් ආරම්භ වූ අතර 1901 වසරේදී පළමු නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරන ලදී.

1969 වසරේදී, නව ත්‍යාගයක් හඳුන්වා දුන් අතර, ඒ, ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා ආර්ථික විද්‍යාව සඳහා පිරිනැමෙන ත්‍යාගය යි.

ස්වීඩනයේ මහ බැංකුවේ ශත සංවත්සරය සැමරීම සඳහා එය එකතු කරනු ලැබූ බව නොබෙල් ත්‍යාගය පිළිබඳ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

සෑම වසරක ම ඔක්තෝබර් මාසයේදී නව නොබෙල් ත්‍යාගලාභීහු ප්‍රකාශයට පත් කෙරෙති.

නොබෙල් ත්‍යාගය පිරිනැමෙන්නේ කුමන විෂයයන් යටතේ ද?

1901 වසරේ සිට ආරම්භ වූ නොබෙල් ත්‍යාගය විෂයයන් 6ක් යටතේ සෑම වසරකදී ම පිරිනැමේ.

එම විෂය ක්ෂේත්‍ර වන්නේ,

භෞතික විද්‍යාව , රසායන විද්‍යාව , කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව , සාහිත්‍යය , සාමය සහ ආර්ථික විද්‍යාව යන විෂයයන්ය.

1901 වසරේ සිට 2024 වසර දක්වා භෞතික විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 227 දෙනෙකුටත්, රසායන විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 197 දෙනෙකුටත්, කායික හෝ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 229 දෙනෙකුටත්, සාහිත්‍යය වෙනුවෙන් සාහිත්‍යකරුවන් 121 දෙනෙකුටත්, සාමය වෙනුවෙන් පුද්ගලයින් 142 දෙනෙකුටත්, ආර්ථික විද්‍යාව වෙනුවෙන් ආර්ථික විද්‍යාඥයින් 96 දෙනෙකුටත් නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කර්නල් මුහම්මර් ගඩාෆි

 




කර්නල් මුහම්මර් ගඩාෆි මේ සියල්ල දැන සිටියාක් මෙන් ය. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කොට, එහි නායක සදාම් හුසේන්ව ඝාතනය කිරීමෙන් පසු පැවැත්වුණු 2008 අරාබි ලීග් සමුළුවේදී, එවකට ලිබියානු නායක ගඩාෆි මෙසේ පැවසීය."ඉරාකය ආක්‍රමණය කිරීමටත්, විනාශ කිරීමටත්, ඉරාක ජාතිකයන් මිලියනයකට ජීවිත අහිමි කිරීමටත් හේතුව කුමක්ද? 
අපගේ ඇමරිකානු මිතුරන්ට මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉඩ හරිමු' ඇයි ඉරාකය? හේතුව කුමක්ද? බින් ලාඩන් ඉරාක ජාතිකයෙක්ද? 
නැහැ. 
නිව්යෝක් නගරයට පහර දුන්නේ ඉරාක ජාතිකයන්ද? 
නැහැ. 
පෙන්ටගනයට පහර දුන්නේ ඉරාක ජාතිකයන්ද? 
නැහැ. 
ඉරාකය සතුව බහුජන විනාශකාරී අවි (Weapons of Mass Distruction - WMD) තිබෙනවාද? 
නැහැ.

ඉරාකය සතුව WMD's තිබුණා නම්, ඒ වුණත් පාකිස්තානය සහ ඉන්දියාව සතුවත් න්‍යෂ්ටික බෝම්බ තිබෙනවා නොවේද? චීනය, රුසියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඇමරිකාව සතුවත් තිබෙනවා නොවේද? මේ සියළු රටවල් විනාශ කර දැමිය යුතුද?
හොඳයි, අප ඒ WMD's සහිත සියළු රටවල් විනාශ කර දමමු. විදේශ බලවන්තයෙකු පැමිණ, අරාබි රටක පැලපදියම් වී එරට ජනාධිපතිවරයාව එල්ලා දමනවා. අප පසෙකින් වාඩිවී සිනාසෙමින් සිටිනවා.

සදාම් හුසේන්ව එල්ලීම පිළිබඳව ඔවුන් පරීක්ෂණයක් නොපවත්වන්නේ ඇයි? යුධ සිරකරුවෙකු එල්ලා දමන්නේ කෙසේද? අරාබි රටක ජනාධිපතිවරයෙකු, අරාබි ලීගයේ සාමාජිකයෙකු යනු සුළුපටු පුද්ගලයෙකු නොවෙයි.
සදාම් හුසේන්ගේ ප්‍රතිපත්ති ගැන හෝ අප අතර තිබූ දේශපාලනික මතභේද පිළිබඳ මා කතා කරන්නේ නැහැ. අප හැමෝටම ඔහුත් සමග දේශපාලනික මතභේද තිබුණා. මේ ස්ථානයේ සිටින අප අතරත් එවැනි මතභේද තිබෙනවා. මේ ශාලාවෙන් පිටතදී අපට බෙදාගන්නට කිසිවක් නැහැ.

සදාම් හුසේන්ව ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණයක් නොපැවැත්වෙන්නේ ඇයි? 
සමස්ත අරාබි නායකත්වයම එල්ලා දමා අවසන්. අප පසෙකින් වාඩිවී සිටින්නේ ඇයි? ඔබගෙන් ඕනෑම කෙනෙකු මීළඟ වින්දිතයා විය හැකියි. ඔව්!

ඇමරිකාව, අයතුල්ලා අලී ඛමෙයිනිට එරෙහිව සදාම් හුසේන් සමග එක්ව සටන් කළා. ඔහු ඔවුන්ගේ මිතුරෙක්. 
ඩික් චේනි සදාම් හුසේන්ගේ මිතුරෙක්. 
ඉරාකය විනාශ කර දැමූ සමයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් යනු සදාම් හුසේන්ගේ සමීප මිතුරෙක්. 
අවසානයේදී ඔවුන් ඔහුව විකුණා එල්ලා දැමුවා.
ඔබ ඇමරිකාවේ මිතුරන්. 
අපි මෙසේ කියමු, ඔබ පමණක් නොවෙයි, 'අපි ඇමරිකාවේ මිතුරන්'. එහෙත් එක්තරා දිනෙක ඇමරිකාව විසින් අපවත් එල්ලා දමාවි"
- මුහම්මර් ගඩාෆි, 2008 අරාබි ලීග් සමුළුවේදී.
- - - - - - - - - -
2008 අරාබි ලීග් සමුළුව පැවැත්වුණේ මාර්තු 29 වැනිදා සිරියාවේ දමස්කස් අගනුවරදීයි. ඉන් වසරකට පසුව, 2009 අරාබි ලීග් සමුළුවේදී ලිබියානු නායක මුහම්මර් ගඩාෆි, සවුදි අරාබියේ අබ්දුල්ලා රජු බ්‍රිතාන්‍යයේ නිර්මාපිත, ඇමරිකානු ආරක්ෂාව ලබන්නෙකු බව ඔහුට ඍජුවම ප්‍රකාශ කළේය. විශාල ඇමරිකානු කඳවුරු කිහිපයක් සවුදි අරාබියේ පිහිටුවා තිබීම සහ අබ්දුල්ලා රජු උග්‍ර ඇමරිකානු හිතවාදියෙකු වීම ඊට හේතුවයි. ගඩාෆි-අබ්දුල්ලා අතර උණුසුම් වාදයක් ඇතිවෙද්දී ඊජීප්තු නායක හොස්නි මුබාරක් මැදිහත්ව ප්‍රශ්නය සමථයකට පත්කළේය.

2009දී 'අරාබි වසන්තය' නම් ව්‍යාපෘතිය පණගැන්විණි. ඒ සමග ඇතිවූ තරුණ අරගල, ඝාතන, කුමන්ත්‍රණ, කැරලි සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් පසුව ටියුනීසියාව, ඊජීප්තුව සහ ලිබියාව යන රටවල් වල පාලකයන්ගේ වෙනසක් ඇතිවිය.

සිරියාව සහ යේමනය දරුණු සිවිල් යුද්ධ වලට මුහුණපෑවේය. බහරේන්හිද සිවිල් නැගිටීම් දැකිය හැකිවූ අතර මේ බොහෝ රටවල් වල ආර්ථිකයන් කඩාවැටුණි. මහජනයා අන්ත දුගීහාවයට පත්විණි. ඒ රටවල් තුළ අන්තවාදීන් සහ අවි අත දරාගත් තරුණයන්ගේ කල්ලි සුලබ විය.
උක්ත නිර්භීත කතාව පැවැත්වූ මුහම්මර් ගඩාෆි, 2010 ඔක්තෝබර් 20 වැනිදා, ලිබියාවේ National Transition Council (NTC) නම් සංවිධානය ප්‍රමුඛ මහජනතාව විසින් මහමග දිගේ ඇදගෙන ගොස්, වෙඩිතබා ඝාතනය කළේය. එතැනින් පසුව ලිබියානු පාලන තන්ත්‍රයේ කඩාවැටීම ඇරඹිණි.

2012දී ගාසා තීරයේ යුද්ධ ගැටුම් යළි ඇවිලිණි. එය මෙතෙක් නොනවත්වා ක්‍රියාත්මක ය. 2023දී ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලන් සහ ඊශ්‍රායලය අතර ගැටුම් වැඩි විය. ඊශ්‍රායල-පලස්තීන ගැටුම්ද උත්සන්න විය. එමෙන්ම රතු මුහුදේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් ඊශ්‍රායලය සහ යේමනයේ හූති ගරිල්ලන් අතර ගැටුම් පවතියි.

එකල ජාත්‍යන්තර ප්‍රවෘත්ති වලට අනුව ගඩාෆි යනු ඒකාධිපතියෙකි. ඔහු සාන්තුවරයෙකු යැයි කිව නොහැකිය. එහෙත් ගඩාෆි විසින් 2008දී පැවැත්වූ උක්ත කතාව තුළ, මෑත කාලීන ගෝලීය දේශපාලන ඉතිහාසය පිළිබඳ බොහෝ තොරතුරු ගැබ්ව ඇත. ඉතිහාසය සියල්ලට සාක්ෂි දරමින් තිබේ. ඊශ්‍රායල්-ඉරාන ගැටුම් යනු එහි වර්තමානයයි.

"මේ හෑලි අපට මොකටදැ?"යි විමසන ඕනෑම කෙනෙකුට දියහැකි පිළිතුර වන්නේ, "කුසට පෙර මොළයට සංවේදනා දැනෙන බවත්, ඒවාට සංවේදී වීම වැදගත් බවත්" ය.

- අසංක හදිරම්පෑල.

මුණු පොතට - අයුලි නුගේරා.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

දේශපාලන උමතුව




අතීතයේ දිනක රුසියාවේ පදිංචි යුදෙව් ජාතිකයෙකුට ඊශ්‍රාලයට යාමට අවශ්‍ය විය.
මොස්කව් ගුවන් තොටුපලේදී රේගු නිළධාරීන් ඔහුගේ ගමන් මලු පරීක්ෂා කරන විට ගමන් මල්ලක් තුල තිබී ලෙනින්ගේ ප්‍රතිමාවක් හමු විය.
නිළධාරින් අතර සිටි ප්‍රධාන නිළධාරියා " මෙම ප්‍රතිමාව කුමක්ද ? " යයි ප්‍රශ්න කලාය.
" නිලධාරි සහෝදරයා මේ සහෝදරයා අදුරන්නේ නැද්ද ?. "
පුදුමයි නේ .
සමාජවාදයේ අත්තිවාරම , රුසියානු ජනතාවගේ සමෘද්ධිමත් අනාගතය නිර්මාණය කල ලෙනින් සහොදරයා. නිලධාරි සහෝදරයා අදුරන්නේ නෑ ......පුදුමයක්නේ .
අපේ වීරයාගේ සදාකාලික මතකය ......මම යන යන තැන රැගෙන යමි. "
ඔහුගේ දේශ ප්‍රේමය ගැන පැහැදුන නිලධාරියා ප්‍රතිමාව රැගෙන යාමට අවසර ලබා දුන්නේය.
යුදෙව් ජාතිකයා ප්‍රතිමාවත් රැගෙන නිරුප්‍රදිතව ඊශ්‍රාලයේ ටෙල් අවිවි ගුවන් තොටුපලට ගොඩ බැස්සේය.
පිටවීමේ අවස්ථාවේදී ගුවන් තොටුපල නිලධාරීන්ගේ පරීක්ෂාවට නැවතත් ඔහුත් ඔහුගේ ගමන් මලුත් ලක්විය.
ප්‍රතිමාව කෙරෙහි අවධානය යොමුවු ගුවන් තොටුපල නිලධාරීන් ඔහු ප්‍රශ්න කරන්නට විය.
"මේ කුමක් ද? මොනවටද ගෙනියන්නේ ? .ප්‍රශ්න වැලකට මුහුණ දෙන්නට ඔහුට මුහුණ දෙන්න සිදුවිය.
සර් මේ ප්‍රතිමාවේ සිටින්නා කවුද ?. මම හිතන්නේ අදුනාගෙන නෑ වගෙයි.
මේ ඉන්නේ මෝඩ ක්‍රියේටින් ලෙනින් .
මම යුදෙව්වෙක්. මම මේ පිලිමය ගෙන යන්නේ මේ මෝඩයාට දිනපතාම අවමන් කරන්න.
ඊශ්‍රාල නිලධාරියාට දැනුනේ සතුටක්. මේ යුදෙව්වා විශිෂ්ඨයෙක්......තවදුරටත් පරීක්ෂාවකින් තොරව බැග් සමග රේගුවෙන් නිදහස් කලේ කිසියම් ආඩම්බර සිතකින්.
යුදෙව් රුසියානුවා තම නවාතැනට ගියා.
ඔහු ලෙනින්ගේ ප්‍රතිමාව සාලයේ තැන්පත් කලා.
දිනක් ඔහුගේ මිතුරන් සමග නිවසේ රාත්‍රි භෝජන සංග්‍රහයක්.......
අතර දී මිතුරෙක් ඔහුගෙන් අහනවා..
ලෙනින් මෙතන තියාගෙන මොකට ද ? කියලා.
මිත්‍රයා , මෙතන ඝන රත්තරන් කිලෝ දහයක් !.
මම රුසියාවෙන් බදු හෝ රේගු බදු නොගෙවා මෙරටට ගෙන ආවා.
පුදුම ද ? මිත්‍රයා.
රටවල් දෙකක දේශපාලන දෙවිදියක්.
මම ඒ දෙවිදිය මගේ වාසියට යොදා ගත්තා !.
දෙරටේ නිලධාරීන් ඒ ඒ රටවල දේශපාලනයෙන් උමතුවට මෝහනයට පත්වෙලා.
මම කලේ ඔවුන් මෝඩයන් ට ඇන්දවීම.
ලෙනින් රටවල් දෙකට පෙනුනේ දෙවිදියකට.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ඒකාධිපතියෙකු තම ජනතාවට කී අවසන් කතාව

 

“දයාවන්ත වූත්, ත්‍යාගවන්ත වූත් අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන්,
අවුරුදු හතලිහක්, ඇතැම් විට ඊට වැඩි කාලයක්දැයි මට මතක නැත, මම මගේ ජනතාවට අවශ්‍ය නිවාස, රෝහල්, පාසල් හා ඔවුන් කුසගින්නේ සිටින විට ඔවුන්ට අවශ්‍ය ආහාරද ලබා දෙන්නට මට හැකි සෑම දෙයක්ම කළෙමි. කාන්තාරයක්ව තිබුණු බෙන්ගාසිය පවා මම සශ්‍රීක ගොවිබිමක් කළෙමි.
මම රොනල්ඩ් රේගන් නම් වූ ගොපල්ලාගේ ප්‍රහාර වලට එරෙහිව නැගී උන්නෙමි. ඒ ඔහු මා විසින් හදා ගත් අහිංසක අනාථ දියණියව මරා දැමූ විටය. ඔහු උත්සාහ කළේ මා මරාදමන්නටය. එහෙත් මිය යන්නට සිදු වුණේ ඒ දුප්පත් අහිංසක දැරියටය. ඉන්පසු මම අප්‍රිකානු සංධානය වෙනුවෙන් මගේ අප්‍රිකානු සොයුරන්ටත් අරාබි මිතුරන්ටත් මුදලින් උපකාර කළෙමි.
මහජන කමිටු වලින් රට පාලනය කරමින් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ සංකල්පය වටහා ගන්නට මගේ රට වැසියන්ට උදව් කරන්නට මට කරන්නට හැකි සියලු දේ කළෙමි. එහෙත් එයද ප්‍රමාණවත් වූයේ නැත. කාමර දහයකටත් වැඩි නිවාස හා ඒවා පිරෙන්නට බඩුමුට්ටුද ඇති මිනිසුන්ට පවා ඒවායින් සෑහීමකට පත් වෙන්නට නොහැකි විය. ඔවුන්ට තව තවත් දේ උවමනා විය.
තමන්ට “ප්‍රජාතන්ත්‍රවාදය“ත්, “නිදහස“ත් උවමනා බව ඔවුහු ඇමරිකානුවන්ට සහ අනෙකුත් අමුත්තන්ට කීහ. එය “ලොකුම බල්ලා විසින් සෙසු උන්ව කා දමන“ අන්දමේ බෙල්ල කපන ක්‍රමවේදයක් වේ යැයි ඔවුන් හදුනාගත්තේ නැත. ඔවුන් මේ වචන වලින් කොතරම් වශී වී උන්නාදැයි කිවහොත් ඇමරිකාව යනු නොමිලේ ඖෂධ නැති, නොමිලයේ නිවාස නොදෙන, නොමිලයේ ප්‍රතිකාර කරන රෝහල් නැති, නොමිලයේ අධ්‍යාපනය නොදෙන, නොමිලයේ ආහාර නොදෙන, සහ මිනිසුන්ට තම ආහාරවේල උපයා ගන්නට දවස පුරා වෙහෙස වී වැඩ කරන්නට සිදුවෙන රටක් බව ඔවුන් තේරුම් ගත්තේ නැත.
මා කොතරම් දේ කළද, ඇතැමුන්ට එයින් සෑහීමකට පත් වෙන්නට නොහැකි විය. එහෙත් මගේ අනෙක් රටවැසියෝ මා ගැන දැන සිටියහ. මා ගමාල් අබ්දුල් නසාර්ගේ පුත්‍රයා බව ඔවුහු දනිති. සලාහ් අල් ඩීන්ට පසුව අපට උන් එකම මුස්ලිම් නායකයා හා අරාබි නායකයා ඔහු පමණකි. ඔහු ඔහුගේ මිනිසුන් වෙනුවෙන් සූවස් ඇල ගොඩ නැගුවාක් මෙන් මම මගේ මිනිසුන් වෙනුවෙන් ලිබියාව ගොඩනැගුවෙමි. මා ගියේ ඔහුගේ පිය සටහන් අනුවය. ඔහු මෙන්ම මාද උත්සාහ කළේ අපේ උරුමය සොරා ගන්නා සොරුන්ගෙන්, යටත්විජිත ආධිපත්‍යයෙන් මගේ මිනිසුන් මුදා ගන්නටය.
දැන් මම යුධ ඉතිහාසයේ විශාලතම සේනාවකගේ ප්‍රහාරයට යටත්ව සිටින්නෙමි. මගෙ පුංචි අප්‍රිකානු පුත්‍රයා, ඔබාමාට මා මරා දමන්නට උවමනාය. ඔහුට අපේ රටේ නිදහස උදුරා ගන්නට උවමනාය. අපේ රටේ මිනිසුන් නොමිලයේ ලබන ගෙවල්, අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවය, අපේ නිදහස් අධ්‍යාපනය, අපේ රටේ මිනිසුන් නොමිලයේ ලබන ආහාර, උදුරා ගන්නට ඔහුට උවමනාය. එහෙත් එහි අර්ථය කුමක්දැයි තුන් වන ලෝකයේ රටවල අපි හොදින් දනිමු. එහි අරුත සංස්ථාවන් විසින් රටවල් පාලනය කිරීමත්, ලෝකය පාලනය කිරීමත් එයින් මිනිසුන් විදවීමත්ය.
ඉතින් මට වෙනත් විකල්පයක් නැත. මා මෙයට මුහුණ දිය යුතුය. අල්ලාහ් දෙවියන්ගේ කැමැත්ත අනුව ඔහු පෙන්වූ මාර්ගයේ යමින් මා මිය යා යුතුය. අපේ රට ගොවිබිම් වලින් සශ්‍රීක කර, ආහාරයෙන් හා සෞඛ්‍යයෙන් පොහොසත් කර, අපේ අප්‍රිකානු හා අරාබි සහෝදර සහෝදරියන්ටත් උදව් කළ යුතු බව අල්ලාහ් දෙවියන් මට පෙන්වූ මාර්ගයයි.
මම මැරෙන්නට අකමැත්තෙමි. එහෙත් මගේ මව්බිමත්, මගේ මිනිසුන් හා මගේ දරුවන් බදු වූ දහස් ගණන් දරුවනුත් රැක ගන්නට මගේ ජීවිතය දෙන්නට සිදුවේ නම් එය මම ඉටු කරමි.
මම නේටෝවේ කුරුසයුද්ධගාමීන්ගේ ප්‍රහාර වලට එරෙහිව නැගී සිටියෙමි. කෘරත්වයට එරෙහිව නැගී සිටියෙමි. පාවාදීම් වලට එරෙහිව නැගී සිටියෙමි. බටහිරටත්, එහි යටත්විජිතවාදී බල තණ්හාවටත් එරෙහිව නැගී සිටියෙමි. මගේ අප්‍රිකානු සහෝදරයින් හා මගේ සැබෑ අරාබි මිතුරන් වෙනුවෙන් මට හැකි අයුරින් පෙනී සිටියෙමි. මගේ මේ අවසන් ප්‍රකාශය ඒ බව ලෝකයට කියන මගේ හඩ වේවා.
අනෙක් අය මාලිගා තනද්දී මම සාමාන්‍ය නිවසකත්, ඇතැම්විට කූඩාරමකත් දිවිගෙවූයෙමි. සිරේට් හි ගෙවුණු මගේ තරුණ කාලය මට අමතක නැත. මා අපේ ජාතික භාණ්ඩාගාරය අත්තනෝමතික ලෙස භාවිතා කළේද නැත. අපේ ශ්‍රේෂ්ඨ මුස්ලිම් නායකයෙකු වූ සලාෆ් අල් ඩීන් මෙන්ම මාද මා වෙනුවෙන් ලබා ගත්තේ ඉතා ස්වල්පයකි.
බටහිර සිටින සමහරුන් මාව “පිස්සෙකු“ ලෙස හදුන්වනු ඇත. ඔවුන් බොරුව තව දුරටත් පතුරුවන්නේ සත්‍ය දැන දැනමය. අපේ රට අධිරාජ්‍යවාදී ග්‍රහණයට හසු නොවූ නිදහස් නිවහල් භූමියක් බව ඔවුහු දනිති. මගේ දැක්මත්, මගේ ගමන්මගත් මගේ මිනිසුන්ට පැහැදිලි බවත් ඔවුහු දනිති. එය දැන දැනමත් ඔවුහු බොරුවම පතුරුවති.
මගේ අවසන් හුස්ම පොද තෙක්ම මම අපේ නිදහස වෙනුවෙන් සටන් කරමි. නිදහස්වත් විශ්වාසවන්තවත් පවතින්නට අල්ලාහ් දෙවියන් අපට පිහිට වනු ඇත.
කර්නල් මුවම්මර් ගඩාෆි.
2011.04.17 වන දිනදීය.
(කර්නල් මුවම්මර් ගඩාෆි තම රටවැසියන් අමතා කළ අවසන් නිල ප්‍රකාශය මෙය බව කියැවෙයි.)
නිසරු කාන්තාර රටක්ව තිබුණු ලිබියාව මුවම්මර් ගඩාෆිගේ පාලන කාලය තුළ කලාපයේ සශ්‍රීකම රාජ්‍යය බවට පත් වූ බව ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයකි. මේ කර්නල් ගඩාෆිගේ පාලන සමය තුළ ලිබියාවේ පැවති තත්වය ගැන ඔබ නොදත් කරුණු කිහිපයකි.
* ඒ කාලය තුළ ලිබියාවේ විදුලි බිල් තිබුණේ නැත. සියලුම රටවැසියන්ට විදුලිය නොමිලේ ලැබිණ.
* ණය වලට පොලියක් නැත. ලිබියාවේ සියලු බැංකු රජය සතු වූ අතර, රටවැසියන්ට ණය නිකුත් කරන ලද්දේ 0%ක ණය අනුපාතයටය.
* ලිබියානුවෙකුට උපාධියෙන් පසුවත් රැකියාවක් සොයා ගැනීමට නොහැකි වී නම් ඔහුට හෝ ඇයට සුදුසු රැකියාවක් ලැබෙනතුරු රජයෙන් එම තැනැත්තාට ප්‍රමාණවත් වැටුපක් ගෙවයි.
* කෘෂිකර්මාන්තය / ගොවිපල පාලනය කිරීමට යොමු වන ලිබියානුවන්ට ඒ සදහා භූමියක්, නිවසක්, කෘෂි උපකරණ, පශු සම්පත් හා අවශ්‍ය මූලික පහසුකම් රජයෙන් නොමිලයේ සැපයෙයි.
* කාන්තාරයක්ව තිබුණු රටක සෑම තැනකටම පහසුවෙන් ජලය ලබා ගැනීමට හැකි වුණු Great Man-Made River නම් වූ ලෝකයේ විශාලතම ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ කර්නල් මුවම්මර් ගඩාෆිය.
* “නිවසක් යනු සෑම පුද්ගලයෙකුගේම මානව හිමිකමකි“ යි ලිබියාවේ එවකට සැලකිණි.
* ලිබියාවේ අලුත විවාපත් වන අයට ලිබියානු රජයෙන් ඔවුන්ගේ පළමු නිවාසය මිලදීගෙන නව දිවිය ඇරඹීම සදහා ඩිනාර් 60,000 ක් (ඇමරිකානු ඩොලර් 50,000)ක් ලබා දෙනු ලැබිණ.
*එක් දරු උපතක් සදහා මවකට ඇමරිකානු ඩොලර් පන්දහසක දීමනාවක් රජයෙන් ලබා දෙනු ලැබිණ.
* ලිබියානුවෙකු මෝටර් රථයක් මිලදී ගන්නා විට එහි වටිනාකමින් 50% ක් රජය විසින් දරනු ලැබිණ.
* එවකට ලිබියාවේ පෙට්‍රල් ලීටරයක මිල ඇ.ඩො. 0.14ක් විය.
* අධ්‍යාපනයත් වෛද්‍ය ප්‍රතිකාරත් රටවැසියන්ට මුළුමනින්ම නොමිලේ ලැබිණ. අරාබිය හා අප්‍රිකානු ලෝකය තුළ හොදම සෞඛ්‍ය සේවාවක් තිබුණු රට ලිබියාව විය. සෑම පුද්ගලයෙකුටම කිසිදු ගාස්තු අය කිරීමකින් තොරව වෛද්‍යවරුන්ගේ, රෝහල් වල, සායන වල සේවාව හා නොමිලේ ඖෂධ ලබා ගත හැකි විය.
* ලිබියානුවෙකුට තමාට අවශ්‍ය අධ්‍යාපනය හෝ වෛද්‍ය ප්‍රතිකාරයක් ලිබියාවේදී ලබා ගත නොහැකිව පිටරටකට යන්නට සිදුවුවහොත් ලිබියානු රජය විසින් ඒ සදහා අවසරය ලබා දෙන අතර ඒ වෙනුවෙන් වියදම් කිරීමට ඇ.ඩො. 2300 ක මාසික දීමනාවක්ද එකී පුද්ගලයාට ලබා දෙන්නට කටයුතු කෙරිණ.
* ගඩාෆිගේ පාලනයට පෙර ලිබියාවේ සාක්ෂරතාවය තිබුණේ 25%ක් පමණක් වන අතර වර්තමානය වන විට එය 87%කි. ලිබියාවේ 25%කට පමණම විශ්ව විද්‍යාල උපාධියක් ඇත.
එලෙසින් තිබුණු ලිබියාව ඇමරිකාවේත් නේටෝ හමුදාවන්ගේත් සහයෙන් “ඒකාධිපතියාගෙන් මුදාගත්“ පසුව අද පත්ව ඇති තත්වය ගැන කිව යුතු නැත.
බොහෝ ආසියාතික හා මුස්ලිම් රටවල් වර්තමානයේ අස්ථාවර වී ඇත්තේ එවන් පාලකයන්ගේ නායකත්වය හා ආරක්ෂාව නැති හෙයිනි.
නිම්මි මුදිතා හේරත්
ඉරිදා දිවයින

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ගගාව සහ මුහුද --ඛලීල් ජිබ්රාන්





මුහුදට ඇතුළු වීමට පෙර ගංගාවක් බියෙන් වෙව්ලන බව කියනු ලැබේ.
කඳු ශිඛරවල සිට,
වනාන්තර සහ ගම් මැදින්
යන දිගු වංගු මාවතේ සිට
ඇය ගමන් කළ මාවත දෙස ආපසු හැරී බලයි
ඇය ඉදිරියෙහි,
ඇය ඉතා විශාල සාගරයක් දකියි,
එයට ඇතුළු වීම
ඈ සදහටම අතුරුදහන් වීමට
වඩා වැඩි දෙයක් නොපෙනේ.
නමුත් වෙනත් මාර්ගයක් නැත.
ගඟට ආපසු යා නොහැක.
කිසිවකුටත් ආපසු යා නොහැක.
ආපසු යාම පැවැත්ම තුළ කළ නොහැක්කකි.
ගංගාව සාගරයට ඇතුළු වීමේ අවදානම ගත යුතුය,
මන්ද බිය පහව යනු ඇත්තේ එවිටය,
ගංගාව සාගරයට අතුරුදහන් වීම නොව
සාගරය බවට පත්වීම බව ගංගාව දැන ගන්නේ එවිටය.

– ඛලීල් ජිබ්රාන්

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කැරොලිනා මාරියා ඩී ජීසස්

 

ජනාධිපතියෝ,

උඹ කූඩුවක ඉන්න ගිරවෙක් ලස්සන ලස්සන කතා කියනවා.ඒත් බඩගින්නේ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍ර යෝ කියලා හිතා ගන්න එක හොදයි. උන් ඉන්නේ කෝපයෙන් අවස්ථාව ආපු ගමන් උඹව ගොදුරු කර ගන්නවා“ —කැරොලිනා මාරියා ඩී ජීසස්
මේ දවස් වල මූණු පොතේ හුවමාරු වන උධෘතයක් මගේ හිත ලග නතරවුනා. හිතන්න බොහෝ දේවල් තියෙනවා. අපේ රට , අපේ රටේ වර්තමාන පරම්පරාව . ඔවුන් ඉන්නේ ව්‍යාඝ්‍රයෝ වගේ. උන් දත් විලිස්සා ගෙන රතුවුන ඇස් බෝල කර ගෙන කර කවමින් බලා ගෙන ඉන්නේ ගිරවා මරා දමන්න. ඉවසීමේ සීමාව ඔවුන්ගෙන් ඔබ්බට ගිහින්. සීමාව අවුල් වියවුල් කරන්න අපේ ඇත්තන්ගේ දායකත්වයත් ඉහලයි. එයාලටත් කූඩුවේ හිරවෙන්න සිහින තියෙනවා.ඒකට මග පාදාගන්න ඉන්න ගිරව් මේ ව්‍යාඝ්‍රයෝ රෑනට මවන්නේ සුරංගනා ලෝකයක්.


මාරියා බ්‍රසිලියානු ජාතික ලේඛිකාවක්. ඈ සාඕ පවුලෝ නගරයේ පීඩිතයන් සමග මුඩුක්කු ප්‍ර‍දේශයක ජීවත්වු දිරිය කතක් .ඇගේ ජීවන සටහන් පීඩිත ජීවිතය ඇගෙන් මුදවා ගත්තත් ඈ දරිද්‍රතාවය සහ පාලකයන්ගේ දුෂ්ඨ භූමිකාව පීඩිතභාවයේ සිටම , පීඩිතභාවය අත්විදිමින් සටහන් කලා.

බ්‍රසීලයේ සැක්‍රමෙන්ටෝ නම් කුඩා නඟරයේ දී 1914 මාර්තු මස 14 දින උපත ලද කැරොලිනා කුඩා කලම නිවසින් පලා යනවා. ජීවිතය ගැන කිසිත් අවබෝධයක් නොමැතිව, දන්නා හදුනා ගත් කිසිවෙත් නැති සාඕ පවුලෝ නගරයට.එතකොට ඇගේ වයස අවුරුදු දාහතක්. පියා මව අතහැර ගිහින්. මවගෙන් ඇයට ආදරය ලැබුනේ නැහැ. මව ගෙන් පලා ආ ඇය සාඕ පවුලෝ නගරයේ තනිවනවා.මුඩුක්කු ජීවිතයටත් පියෙක් නැති ති දරු මවකගේ උරුමයත් සමග කටුක ජීවන අරගලයක යෙදෙන ඇය විවේක ඇති විට ලියන්න පෙලෙඹෙනවා.

අක්‍රමවත් ව විසිකරන කඩදාසි කැබලි වල සටහන් වන ඇගේ දරිද්‍රතාවයෙන් උණුසුම් වු ලියවිලි පැල්පතේ ගෝණි මල්ලක එකතුවෙනවා. ඈ රීඩර්ස් ඩයිජස්ට් සගරාවට මේ පිටපත් හැරියත් අප්‍රසිද්ධ චරිතයක්වු මාරියාගේ නිර්මාන ඔවුන්ගේ අවධානයට පත්වෙන්නේ නැහැ. කාලය මෙලෙස ගෙවී යද්දී “ අවුඩාලියෝ ඩාන්ටාස් “ නම් ‘ඕක්රූක්ශයරෝ‘ කියන සගරාවේ සේවය කරන මාධ්‍යවේදියා හමුවෙනවා. අවුඩාලියෝ ඇගේ සටහන් මළු සංස්කරණය කරමින් තමන් සේවය කළ පුවත්පත් ආයතනයේ පුවත් පතේ පළකරනවා.පසුව අවිධිමත් ජීවණ සටහන් මාරියෝගේ දීනපොත් සටහන් ලෙසින් බෞතීස්ම ලබා බ්‍රසීලයෙන් පිටතටත් පැතිරෙමින් මාරියෝ ගේ දූගී ජීවිතයට අරුතක් සපයනවා.

The Diary of Carolina Maria De Jesus නම් ලැබු පොත

පිටවු පසු පොතට ලැබුන ජනප්‍රියතාවය මාරියෝටත් ලැබෙනවා .විශාල ලෙස පිටපත් අලවි වෙනවා. පොත බ්‍රසීල විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව කරන සිසුන්ගෙ අත් පොතක් බවට පත්වෙනවා. නීති විද්‍යාලයේ සාමාජිකත්වය දීමෙන් ඈ හට බුහුමන් කරනු ලැබෙනවා.

1977 පෙබරවාරියේ ඈ මිය යන්නේ ජීවිත කාලයෙන් තුනෙන් දෙකකටත් වඩා කාලයක් තිස්සේ ඇ සිහින මැවූ සෞභාග්‍යමත් ජීවිතය අත්විදිමින්.

අපි අදුරට සාප කරමින් සිටිනවා. එක් පහනක් හෝ දල්වන්න උත්සහා කරන්නේ නැතිව.අපි එක් එක් පහන බැගින් දැල්වුවහොත් අදුර දුරුවෙලා යාවී. මාරියෝගේ ජීවිතය අදුරෙන් ගොඩ නැගුනේ අදුරේ සිට සාප කරමින් නොසිට පහන් එකින් එක දල්වපු නිසා කියලා මම හිතනවා.එය අහම්බයක් ලෙස පෙනුනත් ජීවිතයේ හැඩරුව වෙනස් කරන දෛවය ක්‍රියාත්මක වෙන්නේ අප නොසිතනා අයුරින්.නොසිතනා විලසින්.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS