මගේ ජීවිතයේ වැඩිපුර කාලයක් දිව්වේ කිසිම පලක් නැති අරමුණු සහ පුද්ගලයන් පිටුපස බව .හැම කෙනෙකුම සතුටු කරන්න බැරි බව .පළමුව මම දෙවනුව මගේ ආදරයන් සතුටු කිරීම සෑහෙන බව .වියපත්වීම වැළැක්වීම හරියට හමා යන හුළඟක් ඇල්ලීමට කරපු වෑයමක් බව .මම වියපත් වෙනවා මගේ සිරුර වැහැරෙනවා. ඒක නතර කරන්න බැරි බව .මගේ වියපත් බව තුළ එයට ගැලපෙන සුන්දරත්වය විඳීම වැදගත් බවකිසිවෙකුදු සම්පූර්ණ නැති බව .කිසිම කෙනෙකු ඔවුන්ට දෙන කොටස පිළිබඳව සෑහීමකට පත් නොවන බවමගේ ජීවිතය අනිකෙකුගේ ජීවිතය හා සසැඳීමෙන් මට ලැබෙන්නේ වේදනාවක් පමණක් බවමම කරන හැම හැම හොඳ දෙයක්ම හැමටම පෙනෙන්නේ නැති බව .නමුත් මම කරන වරදක් අතපසුවීමක් සියල්ලෝම ක්ෂණිකව දකින බව .මගේ පෙනුම ගැන වෙච්ච වදය කිසිම තේරුමක් නැති බව .පෙනුම වැදගත් නමුත් ජීවිතය කියන්නේ එහෙම නොවන බව .සෞඛ්ය වැදගත් බව ඇත්තනමුත් අපි කොපමණ සෞඛ්ය සම්පන්නව ජීවත් වූවත් ලෙඩ රෝග දුර්වලතා වළක්වා ගැනීමට නො හැකි බවවියපත් වෙද්දී මා මතක තියෙන අය කවුරුන්ද යන බව මට ලොකු සතුටක් ගෙන දෙන බව .නමුත් මා සෞභාග්ය සම්පන්නව ,තරුණව සිටි කාලයේ මාව මතක තිබූ වූ අය ,බොහෝමයක්වියපත් වූ මා අමතක කර ඇති බව .
කාලය .
3/30/2025 06:26:00 PM |
Labels:
කතා සයුර
Read User's Comments(0)
Subscribe to:
Comments (Atom)






