RSS

තාමත් හිතනවා ?.




මළ ගෙදරක ගෙවුන සතියක්.

අද පෙර මෙන් අවමගුල් සිරිත් විරිත් සදහා කාලය ගන්නවා අඩුයි.

කොරෝනා අපට ලබා දුන් ආදර්ශයක් කියලයි හිතෙන්නේ…

සිරිත් විරිත් සිදු කලත් අවසන් ගෞරව දැක්වීමට තියා ගන්නා කාලය දවසක් දෙකක් වෙලා.

සංනිවේදනය දියුණුයි . පැයක් දෙකක් ගත වෙන කොට දැන ගත යුතු ඥාති හිතමිත්‍රාදීන් ප්‍රවෘත්තිය දැනගන්නවා. දුර බැහැර අද ප්‍රශ්නයක් නෙමෙයි.

ඒ නිසා සියල්ලන්ට සහභාගීවීම දුෂ්කර නැහැ.

තාමත් බැහැර නොවු සිරිත් වුනත් නැත්තෙම නැහැ.

සරල කෑම වේලක් වෙනුවට බරපතල මෙනුවකින් යන එන අයට සංග්‍රහ නොකොලොත් මදි කමක්.

නිවසියන්ට භාරධුර කටයුත්තක්.

සමහරක් අවස්ථාවල ඥාතී හිතමිත්‍රාදීන් , අසල්වාසීන් බරපැන දරාගෙන මේ කටයුත්තට උර දෙනවා.

ආදාහණාගාර පිහිටුවා තිබීමත් තවත් පහසුවක් වෙලා.

මේ අනම් මනම් කියන්න නෙමෙයි හිතුවේ.

ඒත් කියවුනා කියමුකෝ.

මට මරණය පිලිබදව සංනිවේදන සිද්ධීන් තුනක අත්දැකීම් තියෙනවා.

මේවා විශ්මය සහ අත්භූත සිදුවීම්.

ගෙවුන සතියේ සිදුවුන සිද්ධියෙන් පටන් ගන්නම්කෝ.

දැන් අවසන් කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙන වෙලාව.

ආගමික කටයුතු සදහා ස්වාමීන් වහන්සේලා වැඩම කරවන අවස්ථාව.

මම පළමු ස්වාමීන් වහන්සේත් කැටුව නිවසට පා තැබුවා විතරයි.

නිවස ඉදිරිපිට තිබුන මහ දෙල් වෘක්ෂයක්.

ඒකේ වට අඩියක විතර විශාල අත්තක් මහත් ශබ්දයක් දෙමින් කඩා වැටෙනවා.

කළබලවු පිරිස ඒ වටා රොක් වෙනවා.

කිසිවෙකුටත් අණතුරක් නැහැ.

වායු ගොලයේ කිසිදු කැළඹීමක් නැහැ නිශ්චලයි.

තවත් දිනක තිස්සමහාරාමයේ ඥාතිවරියකගේ මළ ගෙදරක සහභාගි වෙනවා.

දැන්  ආගමික කටයුතු අවසන් වෙලා . දෙන නිවසින් එළියට ගන්නවා.

නිවස ඉස්සරහ ලස්සනට වවලා තිබුන අඹ ගහක් .

ගහ වටේට බැම්මක් බැදලා මිදුලට ආභරණයක් වගේ .

ඒ දවස් අඹ වාරේ ගහ පිරෙන්න අඹ.

මෙන්න චර බර සද්දෙත් එක්ක විශාල අඹ අත්තක් සෙනග මැදට කඩා වැටෙනවා.

අඹත් පිරිලා…

කාටවත් අණතුරක් නැහැ.

එදත් පුංචි හුළගක්වත් නිසල පරිසරයේ ඇහුනේ අඹ අත්ත කඩා වැටුන සද්දේ විතරයි.

මේ අත්දැකීම වෙනස්….

අම්මා හෘදාබාදයක් සමග සටන් කරමින් ජයවර්ධණපුර රෝහලේ.

මම අම්මා ලග සිට පැමින නැවතත් අම්මා බලන්න යන්න බොරලැස්ගමුව නංගීගේ නිවසේ.

මමත් නංගිගේ පුතත් විතරක් එවෙලේ හිටියේ.

අනික් අය බැහැර ගිහින්.

මම වාඩිවෙලා ඉදලා නැගිටලා ආලින්දයට එන අදහසින්.

විදුලියක් වැදුනා වගේ කම්පනයකුත් සමග මගේ ඇස් අදුරු වෙලා නැවතත් පුටුව උඩට.

පුතා ඇවිත් අත දෙක අල්ලා ගෙන මොකද වුනේ කියලා බලනවා.

එවලේම ලැබුන දුර කතන පණිවිඩය පුතාට කියලා තියෙන්නේ.

ආතම්මා මිය ගිය බව.

මේවා අහුඹු සිදුවීම් ද ?

මම තාමත් කල්පනා කරනවා.





Do you miss me .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS