මේ දවස්වල කතිකාව අස්වැසුම.
රජය වැඩකරන ජනතාවගෙන් ගන්නා බදු නිකම් කාලා බීලා ඉන්න ජනතාවක් වෙත බෙදලා දෙන එක තමයි අස්වැසුමෙන් කරන්නේ.
එහෙම තමයි හදුන්වන්නේ.
මෙවැනි ජන කොටසක් ඇති වෙලා තියෙන්නේ ඇයි කියලා අපි හිතන්නේ නැහැ.
විරැකියාව එක් හේතුවක්.
විරැකියාව නැති කරන්න කටයුතු කරන්නේ නැතිව බදු මුදලින් ඒ අය නඩත්තු කරනවා.
ඒක නිවරදි ක්‍රමය නෙමෙයි.
අස්වැසුම වැනි සමාජ සුබසාධනය අවතක්සේරු කල යුතු නැහැ . එහෙත් පළඳායි ලෙස ආයෝජනය කල යුතුයි කියලා මම හිතනවා.
අපේ රටේ නිසි සැළස්මක් නැතිව එය සිදු කිරීමයි වැරැද්ද .
සුබසාධනය දෙන අතර පුනරුත්ථාපනද අවශ්‍ය වෙනවා .
හැමදාමත් අස්වැසුමෙන්ම රැකෙන පිරිසක් නොසිටිය යුතුයි .
ඒ සඳහා ජාලයක් ගම් මට්මේ තියෙනවා.
එය උපයෝගී කරගන්නේ නැහැ.
ග්‍රාමීය මට්ටමේ රජය විසින් වැඩ පිළිවෙළක් නොයෙදීමේ අඩුපාඩු තියෙනවා .
සමෘද්ධි සංවර්ධන , ආර්ථික සංවර්ධන ,කෘෂිකර්ම හා පර්යේෂණ , ග්‍රාම නිලධාරි යනාදී නිලධාරින් නිසි කාර්ය භාරයක් නොමැතිව ගමේ ඉන්නවා .
ගම්වල සම්පත් තියෙනවා.
ඒවා සංවර්ධණය කරන්න බුද්ධිමය සම්පත නැහැ.නායකත්වය නැහැ.
මම ජනාධිපති වෙනකම් ඉන්නේ අස්වැස්ම වගේ නාස්තිකාර සුබ සාධනය නතර කරන්න .





