RSS

භායනක පූර්වාදර්ශයක් !.







මුදල් අමාත්‍යාංශයේ ලේකම් ගේ නිවස ඉදිරිපිට ට විත් සුගීස්වර බණ්ඩාර උද්ඝෝෂණය කරනවා.

හේතුව ? .

ඩොලර් මිලියන 2.5 ක් ඔස්ට්‍රේලියාණු හැකර්ලා අතට පත්වීම.

සුගීස්වර දේශපාලන එකමුතුවක නියෝජිතයෙක්.

උද්ඝෝෂණය කරන්නේ මහජන බදු මුදල් ඩොලර් 2.5 ක් අවභාවිතාවීම සම්බන්ධයෙන්.

මේ සම්බන්ධව විමර්ෂණ පවත්වනවා කියනවා.

ආපහු ලබා ගන්නවා කියලත් කියනවා අධිභාරයක් සමග. එහෙම නම් ලාභදායි ගණුදෙනුවක්.

සුගීස්වර බණ්ඩාරට මේක නිරවුල් කරගන්නකම් ඉවසා ගෙනඉන්න බැරිකමටයි උද්ඝෝෂණ කරන්නේ ! .

ලේකම්ගේ ගේ තියෙන ගමේ පිරිසක් ඇවිත් සුගීස්වර බණ්ඩාර ප්‍රමුඛ පිරිසට අපද්‍රව්‍ය පිරි භාජන වලින් ගගහලා නාවලා පළවා හරිනවා.

වොයිස් කට් දෛනවා.

පොලිසිය බලා ඉන්නවා.- සාමය ආරක්ෂා කරමින්.

සාමකාමි උද්ඝොෂණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්.

පසුගිය අවුරුදු 74 ක් තිස්සේත් උද්ඝෝෂණ වර්ජණ තිබුනා.

මිනිස්සු ඒවට මුහුණ දීලා මැරිලත් තියෙනවා.

දැන් උද්ඝෝෂණ වර්ජණ කරන එක අකැපද ?.

මේක නරක පූර්වාදර්ශයක් !.

අරගල සමයේ ප්‍රාදේශීය මට්ටමෙන් අලාභ හාණි සිදුකිරීම් වුනා.

දැන් ගමේ කොට්ඨාශ සභා තියෙනවා. මේවයේ රාජ්‍ය පාක්ෂිකයෝ තමයි නියමුවෝ.

අවශ්‍ය වුනොත් එයාලට නීතියක් නෑ කියල ද ? මේ අනතුරු අගවන්නේ.

මේවගෙන් වෙන්නෙ ආණ්ඩුව ගෙදර යාම ඉක්මන් වෙනවා.

ගමේ ඉන්න ජවිපෙ මිනිහා බයෙන් ජීවත් වෙනවා.

අරගලේ කාලෙ කරපු විනාසය තමන්ටත් කැරකේවි කියන බයෙන්.

මේක නරක වගේම භායනක පූර්වාදර්ශයක්
!.










Do you miss me .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS