බිබිලේ ප්‍රදේශයේ එක්දාස් නමසිය හතලිස් ගනන්වලදී අක්කර 4000කටවඩා ප්‍රදේශයක පැතිරී තිබුනු දොඩම් වගාව අඩුපහසුකම් සහිත මොණරාගල දිස්ත්‍රික්කයේ දිලිඳු ජනයාගෙ ප්‍රධාන ජීවනෝපාය විය. බිබිලේ පැණි දොඩම් ලංකාව පුරා ප්‍රසිද්ධ විය. එවකට ලංකාවෙ සිටි සුදු ජාතිකයින් විදේශීය සගරාවලට ලිපි ලියා බිබිලේ දොඩම් වගාව ගැන මුලු ලෝකෙටම කියනකන් අපෙ පැණි දොඩම් වගාව යහතින් තිබුනි.
ටික කලක් යත්ම පලබරව තිබූ පැණි දොඩම් ගස්වල කොළ කහපාට වීමත්, අතු කෙලවරෙන් පටන්ගෙන වියලී ක්‍රමයෙන් කොළ හැලීමට පටන්ගෙන වසර කීපයක් තුලදී ශාඛය සම්පූර්නයෙන්ම මියයාමට පටන් ගෙන තිබුනි. ඉතාම ආන්දෝලාත්මක තත්වයක් වූ මේ ගැන පාර්ලිමේන්තුවේදී පවා සාකච්චාවට ගත් අතර, ඊශ්‍රායල් හා බ්‍රිතාන්‍ය ශාඛ විශේෂඥයින්ගේ පර්යේශනවලින් පසුව ට්‍රිස්ටෙසා නම් වෛරසය බවට ඔවුන් පැවසීය. එක් දහස් නමසිය හැත්තෑ ගනන් වනවිට පැතිරීගිය වෛරසයෙන් දොඩම් වගාව සහමුලින්ම විනාශ විය.
මේ අතරම බිබිලේ පැණිදොඩම් වැඩි දියුනු කර බයිබල් (bible) දොඩම් වී ඊශ්‍රායලය පුරා අක්කර දාස් ගනනින් වගාකිරීමට පටන්ගෙන පටගෙන තිබුනි. බිබිලේ පැණිදොඩම් විනාශ වුනෙ කෙසේද? ඒවා ඊශ්‍රායලයට ගියේ කෙසේද? යන්න පිලිබදව අද මෙන්ම එදාත් මුදලට යටවූ නිලදරුවන් එක එක සුරංගනා කතා කියන අතර බොහෝ දෙනෙක් ඒපිලිබදව තමා කිසිම දෙයක් නොදන්නා බව බොහෝවිට පවසා ඇත.
බිබිලේ පැණි දොඩම් වල ජාන/රෝපණ ද්‍රව්‍ය ඊශ්‍රායලයට ගෙන ගොස් එයට ගැලපෙන වෛරස් එකක් නිපදවා දේශීය කෘෂි විශේෂඥ කණ්ඩායමක් හරහා වෛරස් අඩංගු කෘෂි රසායන පොහොර ගොවීන්ට ලබාදීමෙන් ලංකාවේ පැණි දොඩම් වගාව විනාශ කලබව පැරණි ගොවීන් හා රටට ආදරේ මුදලට යට නොවූ බුද්ධිමතුන් විද්වතුන් පවසනවා.
නමුත් ගොවීන් හා යටත් පිරිස කරන මේ චෝදනාව දේශීය කෘෂිනිලධාරීන් තරයේ ප්‍රතික්ශේප කරනවා.
ඒ අතරම බිබිලේ දොඩම් බයිබල් දොඩම් වී ඊශ්‍රායලයට යාම ගැන කිසිවක් නොපවසන අතර.
ඒ සමගාමීව ලංකාවේ දොඩම් වගාව සහමුලින්ම විනාශ වීම වෛරස් එකක් නිසා බව පවසනවා.
#කොකාකෝලා ලංකාවේ ව්‍යාප්ත කිරීමට උත්සහා කල මුල් අවධියේත් අසාර්ථක බාවයක් පෙන්නුම්කර ඇත. එයට හේතුව වූයේ ලංකාවේ දොඩම් හා ජමනාරන් ලාංකිකයින් ඇතිවෙන්න බීම ලෙස කෑම ලෙස පරිභෝජනය කිරීමයි
ඔවුන් උපායක් යෙදුවා...... මුදලට පොහොර නැතිව ගමේ පොහොරින් හැදුනු දොඩම් ජමනාරන් වල ගොවියාට රසායනික පොහොර පුරුදු කරා ගොවීන් ඒ පොහොර දැමුවා ගස් නිසරු උනා ඵලදාව අඩු උනා දිලීර ආවා .
නොකලට ගස් මැරුනා.... දොඩම් ඉවරයි.
දියවැඩීයාව වැලදෙන බීම බෝතලේට ජනතාව යොමු වූයේ එහෙමයි.
දියවැඩීයාව වැලදෙන බීම බෝතලේට ජනතාව යොමු වූයේ එහෙමයි.
ඉන්දියාවේදී එවැනි බීම සමාගම් සොභාවික ජලය විශාල ළිං හාරා කොල්ලකන අතර ප්‍රදේශයේ මිනිසුන් පානීය ජලය නොමැතිව විදවයි.
((වැදගත්-------
1 - කෘෂිකර්ම අංශයේ=ජාන මංකොල්ලකෑම් හා ආක්‍රමණික ශාක ව්‍යාප්ත කරමින් භෝග වගාගවට පලිභෝදකයන් (සේනා දළබුවා) හා වසංගතයන් මුදාහරින
ද්‍රෝහීන්.....ඒජන්ට්ලා....
එම අංශ තුලම සැගවී සිට වැටුප් ලබනා සුන්දර රටවල් දකුණු ආසියාවේ ඕනෑතරම් ඇත.])
මේ හා සමාන කතාවක් ලංකාවේ ඇපල් හා පෙයාර්ස් වගාවන්ටද සිදුව ඇත (සොයාගන්න)
ජාත්‍යන්තර අවධානයට ලක්වූ
ඌව වෙල්ලස්ස.1818 නිදහස් සටන ඌව වෙල්ලස්ස නිදහස් අරගලය ලෙස හැඳින්වෙන්නත් හේතුව ඊට වැඩිම දායකත්වයක් සැපයෙන්නෙ වෙල්ලස්ස ජනතාවගෙන් වීම.
(කැප්පෙටිපොලලා, ඇල්ලෙපොල නිලමෙලා, කොහු කුඹුරෙ රටේ රාලලා)
නිදහස් අරගලයට එක්වෙන්නෙ මේ වෙල්ලස්සෙන්.
ඒ නිසාම ඉංග්‍රීසින් කැරැල්ල මර්ධනයේදි නැවත නගා සිටුවන්න බැරිවෙන විදියටම මේ භූමිය ගිනිබත් කරනවා
#බ්‍රවුන්රිග් ගෙ අණින්. ඌව වෙල්ලස්සේ ආර්ථිකය විනාශ කරන්නේ හරකබාන වෙල් යාය ගිනිතියලා. වගේම වයස දොලහාට වැඩි පිරිමි සේරෝම අවසන් කරනවා"
මේවා අපිට ඉතිහාසයේ සැඟ වුනු කාරණා විතරයි. එත් ඒ කාලයේ
#ලන්ඩනයේ_ටයිම්ස් පත්තරේ (නිදහස් මාධ්‍ය) පවා මේ බදුල්ල අවට ප්‍රදේශයෙ වගාවන් සහ පළතුරු වතු ගෙවල් ගිනිතැබීම ඉතා අමානුශික බියකරු පියවරක් බව වාර්තා කරනවා. වෙල්ලස්සේ නිදහස් අරගලය කිරීම හේතුවෙන් #තිස්_දහසකට අධික වෙල්ලස්සේ ස්වදේශික ජනතාව එංගලන්ත පාලකයන් විසින් ඝාතනය කරනවා.
(මේ දොඩම් ප්‍රශ්නයත් ඒ ප්‍රදේශය ආශිතවයි)
නිළලත් සමාජ රූපවාහිනී මාධ්‍ය පවා අසත්‍යම ප්‍රකාශය කරනා මෙවන් යුගයක පුද්ගලිකව සත්‍ය සොයා යෑම තුලින් ලෝක සැබෑ ස්වභාවය එනම් අපේම දේශීය මිනිසුන් අපට කරනා අකටයුතුකම් බහුජාතික සමාගම් රටට මිනිස්සුන්ට කරනා ද්‍රෝහීකම් ලාංකික පුරවැසියන් සොයාගත නොගතහොත් ඉදිරියේදී මීට වඩා බියකරු අත්දැකීම් වලට මුහුනදීමට සිදුවනු ඇත.
අනුමාන උදාහරණයක්:- වී වගාව සම්පුර්ණයෙන් විනාශවීම*****

හා පසුව කෘතිම චීන-ඉන්දියා ඉටිහාල් හා බටහිර පාන් පිටි විශාල මුදලකට අපට මිලට ගැනීමට සිදුවීම. හා (ලෙඩ රෝග ඉහල යාම)
ධාන්‍යමිල කඩල,කවුපි දැනටම භාවිතයට ගත නොහැකි පමණට මිල ඉහලගොස් ඇත.

පොහොර අවශ්‍ය නැති දේශීය සහල් වර්ග බහුජාතික වල් නාශක යොදා වනසා ඇත උදාහරණය= වෙල්මාරුක්
වෙලේ මහා රුක = විශාල ගොයම් ගස්
(මහාචාර්ය රාජ් සෝමදේව)
රටක් ලෙස අපගේ ගමනාන්තය කුමක්දැයි යන්නේ කොහේටදැයි දේශප්‍රේමී බුද්ධිමතුන් සුලුතරයකට හෝ වැටහීම සතුටට කරුණකි. ඔවුන්ද හදිසි රෝග තත්ව වලින් අකලට අප අතරින් වෙන්ව යමින් ඇත! අභාග්‍යකි.
කිසිදු විදෙස් රටක් හෝ බාහිර සංවිධානයක් කිසිදු දිනක ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට පැමිණෙන්නේ නැත. එය මිත්‍යාවකි. මනෝ ව්‍යාධියකි, පැමිණියොත් පැමිනෙන්නේ ඔවුන්ගේ ව්‍යාප්තවාද හා සම්පත් කඩාවඩා ගැනීම් උදෙසාය....
ඔවුන් අපට දැරීමට නොහැකි ණය ලබා දී පෙර ගම්මුලාදෑනින් බිරිද දරුවන් සොරාගත්තා සේ භූමිය හා සම්පත් සොරාගනීවී.
කතාව ඉවරයි!!!"
කිසිදු විදෙස් රටක් හෝ බාහිර සංවිධානයක් කිසිදු දිනක ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට පැමිණෙන්නේ නැත. එය මිත්‍යාවකි. මනෝ ව්‍යාධියකි, පැමිණියොත් පැමිනෙන්නේ ඔවුන්ගේ ව්‍යාප්තවාද හා සම්පත් කඩාවඩා ගැනීම් උදෙසාය....
ඔවුන් අපට දැරීමට නොහැකි ණය ලබා දී පෙර ගම්මුලාදෑනින් බිරිද දරුවන් සොරාගත්තා සේ භූමිය හා සම්පත් සොරාගනීවී.
කතාව ඉවරයි!!!"

ලාංකිකයින් එකට එක්වී සාමූහිකත්වයෙන් දියුණු රාජ්‍යක් උදෙසා යාමට වීරිය වැඩිය යුතුය. නිවහල් මනසින් අකමැත්තෙන් හෝ සත්‍ය පිළිගනු මැන, යහපති.!
පොලිතීන් හා ප්ලාස්ටික් ජලමූලාශ්‍ර වලට හා පරිසරයට එක් නොකිරීමට වගබලාගන්න ප්‍රතිචක්‍රිකරණ ස්තානයකට ලබාදෙන්න.!
සටහන
රටට හිතැති අයුරින් ලෝකය කියවමු.
පොලිතීන් හා ප්ලාස්ටික් ජලමූලාශ්‍ර වලට හා පරිසරයට එක් නොකිරීමට වගබලාගන්න ප්‍රතිචක්‍රිකරණ ස්තානයකට ලබාදෙන්න.!
සටහන
රටට හිතැති අයුරින් ලෝකය කියවමු.- රස මිහිර. මාතෘභූමි
Do you miss me .






