RSS

සුදු අගුරු.




අද අප්රේල් 17 වෙනිදා.

ගල් අගුරු අමාත්‍යවරයා ( බලශක්ති අමාත්‍ය වරයා ) තම තනතුරෙන් ඉල්ලා අස්වු බව වාර්තා විනි.

ඒ සමග අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදායාංග හේමපාල මහතා ද අමාත්‍යංශ ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. රජයේ සේවය භයානක බවත් අතුරේ යන ස්වභාවයක් ඇති බවක් දැන් දැන් විදහාපාන්නකි. ගෙදර ගියොත් අඹු නසින්නේය.මග සිටියොත් තා නසින්නේය. දේශපාලකයෙකු වීම එසේ නොවන්නේය. ගෙදර ගියත් මග සිටියත් ආපදාවන්ගෙන් තොරය.

ගල් අගුරු වෘතාන්තය පාර්ලිමේන්තුවේ විවාදයට පත් කලේය. බොහෝ සත්‍යයන් නිරාවරණය විය. හොරකමක් වු බව විවාදය අසා සිටි අයට පැහැදිලි වන්නට ඇත.එහෙත් රාජ්‍ය පාක්‍ෂික පාර්ලිමේන්තු නියෝජිතයන්ට හොරකමක් වු බව පැහැදිලි වුයේ නැත .

එතරම් මොවුන් අදබාලද ?.

ඔවුන් අමාත්‍යවරයා කෙරෙහි විශ්වාශය පලකලේය.ජනාධිපතිවරයා පවා පාර්ලිමේන්තුවට පැමිණ කළු ගල් අගුරු සුදු කලේය. දේශපාලන කන්නාඩි නැති පියවි ඇසින් බලන හුදී ජනයාටකළු ගල් අගුරු තාමත් පෙනෙන්නේ කළු පාටටය.

ඒ නිසාද අමත්‍යවරයා ඉල්ලා අස්වූයේ ?.

ගල් අගුරු විවාදය පවතින්නට පෙර මේ වියමන්කරු විවාදයෙන් පසු අමාත්‍යවරයා ඉල්ලා අස්වන බව මූණුපොතේ සටහනක් තබමින් පල කලේය. ඒ මේ පාලනයේ පවතින අත්දැකීම් නිරීක්‍ෂණය කරමින් සිටින වියමන්කරු ඒ මතය පලකලේ අනාවැකියක ලෙසය.

එය සැබෑවක් විය.

අමාත්‍යවරයා හා පාලනය අතර ඇති ගජමිතුරු සම්බන්‍ධය ඔහු ආරක්‍ෂා කරනු ඇත. ඡණ්දදායකයා එදා දුටු සුදු අගුරු කළු වී ඇත.











Do you miss me .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS