RSS
Showing posts with label පරිසරය. Show all posts
Showing posts with label පරිසරය. Show all posts

නිහතමාණි වෙන්න එපාය.




ජාතික දේශපාලනයේ ගලා යාම පිලිබදව මට විවේචන තියෙනවා.

පාට කණ්නාඩි දාගෙන ඒවා දිහා බලන අයට මාව අරහං.

අපිව රැවැට්ටුවා කියන බරපතල ඊයම් බරුව හදවතේ පතුලටම කිදා බැහැලා නතර වෙලා.

රැවටුනානේ !

රැවටෙන්න හේතු නිර්මාණය කරලා දුන්නේත් එකල පැවති දේශපාලකයින්ගේ සෝබන පැවැත්ම.

මම හිතනවා ඒ පැවත්ම යාවත්කාලීන කරමින් තවත් ඉදිරියට ගලා යනවා කියලා.

පුංචි පුංචි දේවල්වලට පවා පුංචි පුංචි උත්සව !.

පාරේ බෝක්කුවක් , නායගිය තැනක් පිලිසකර කරන්න වැඩ ඇරඹුමක් .ග්‍රාම

ඒ කියන්නේ වෙනසක් නැහැ .සේවා මට්ටමේ නිවාස වැඩපිලිවෙක අඩු ආදායම්ලාභි නිවැසියක් නැත්තෙකුට නිවාස ආධාරයක් ප්‍රධානය කරලා මුල්ගල තියන උත්සවයක් ප්‍රෙද්ශයේ දේශපාලන අධිකාරියම සහභාගි වෙනවා.

කලින් මේවා රජයේ නිලධාරීන්ගේ වැඩ !

දැන් උත්සව විමධ්‍යගත කරලා. ඒකත් හොදයි. දේශපාලන අධිකාරිය වැඩට බැහැලා කියලා ජනතාව හදුනාගන්නවා.

ඒ අතර පුංචි පුංචි තර්ජණය කිරීම් ප්‍ර දේශීය මට්ටමේ පුංචි දේශපාලකයන් අතරින් කෙරෙනවා.

මම ලගදී දැක්කා ඒ වගේ කියමන් කිහිපයක්ම මුණු පොතේ ගිණුම් අතර .

තව කාලයක් යනකොට 88-89 වගේ ගෙදර ඉස්සරහ වැටේ බෙල්ල ගලවලා තියයිද කියලා බය හිතන කියමන්.

මම හිතන්නේ මෝඩකමටයි උද්දච්ච කමටයි කියලා කියන කතා කියලා.

මිනිස්සු වැදගත් වෙන්න වෙන්න නිහතමාණි වෙන්නත් ඕනිනේ.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පාට කණ්නාඩි කරන වින්නැහිය


පක්ෂපාතීත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ, සමහර අය දේශපාලනඥයින්ට හෝ පක්ෂවලට පක්ෂපාතී වන අතර අනෙක් අය රටට පක්ෂපාතී වෙති. 
 
සමහරුන්ට දේශපාලනය යනු සමාජ අවශ්‍යතාවයක් පමණි. 
 
නමුත් පිරිසකට එය ආගමක්. රටට පක්ෂපාතී මිනිසුන්ට වැදගත් වන්නේ ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග, ප්‍රතිව්‍යුහගත කිරීම් මිස පුද්ගල පෞර්ෂයන් හෝ පක්ෂ නොවේ. 
මිනිසුන් තම විශ්වාසයන්, දැනුම සහ බුද්ධිය අනුව හැසිරේ. නූගත් සමාජශීලී නොවන මිනිසුන් මෙන්ම දැනුම ඇති උගත් මිනිසුන් අන්ධ භක්තීන් හා විශ්වාස තුල සැරි සරයි. එලෙසින්ම උගත් හා බුද්ධිමත් පුද්ගලයින් පවා විවිධ විශ්වාසයන් දරයි. එනමුත් මේ කුලක තුනක ප්‍රතිචාර හා ප්‍රතිඵල එකිනෙකට වෙනස් වේ. බොහෝ දෙනෙක් විවේචන වලට, තර්කානුකූල සත්‍ය පිලිගැනීමට හෝ විවිධ මතවලට කැමති නැත.
මේ කියන්න යන්නේ, වර්තනමාන ශ්‍රී ලාංකික දේශපාලනය මුල් කරගෙන කිසියම් ශ්‍රේෂ්ඨ අරමුණක් වෙනුවෙන් පෙනී සිටින හා සාමකාමීවත් සදාචාරාත්මකවත් සංවාද කරන, කිසියම් විශ්වාසයකින් බලා හිඳින මහත්මාවරුන් ගැන නොවේ. 
බෙරයට ගහන විට මහ හඬින් ශබ්දය නිකුත් වේ. ඇතුල හිස්‍ ය. එවැනි මාර පුත්‍රයන් රාශියක් වත්මන් දේශපාලන සන්දර්භය තුල ඔවුන් කල ලබ්බක් නැතත් උද්දාමයෙන් හා ඉතාමත් අසික්කිත ලෙස කරන රඟපෑම ගැනය. එසේම සූදානම් වී නොසිටි යන යන තැන හාන, අං දෙකක් හා නැට්ටක් විතරක් නොමැති මෝඩ දේශපාලකයින් හා උන් වෙනුවෙන් කුලල්කා ගන්නා මිනිසුන් ගැනය. 
 
දේශපාලනය අන්ධ ඇදහිල්ලක් ලෙස සලකන පුද්ගලයින් සමඟ කටයුතු කරන විට, අප ප්‍රවේශම් විය යුත්තේ එබැවිනි. ඔවුන් තණකොළ නිල් යැයි විශ්වාස කරන්නේ නම්, කිසිදු තර්කනයක් ඔස්සේ ඔබට තණකොල කොල පැහැති බව වටහා දෙන්නට නොහැකි වනු ඇත. මේ සියල්ල රැඳී ඇත්තේ මිනිසාගේ සමාජ පසුබිම, සංස්කෘතිය සහ අධ්‍යාපනය මත පදනම්වයි. දේශපාලනය ආගමක් කරගත් මිනිසුන් කොයි මොහොතේ හෝ හාස්කමක් සිදුවී තම බලාපොරොත්තු සපල වේ යැයි බලාහිඳී! 
 
රටට ආදරය කරන, රටට පක්ෂපාතී මිනිසුන් සියල්ල හාස්කමකින් සිදුවන තෙක් හෝ දේශපාලකයින්ට ඕන දේ සිදුකරන තෙක් බලා සිටින්නේ නැත.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

බෙලිහුල්ඔය Belihuloya

 





















වලගම්බා,මායාදුන්න රාජ්‍යකාලයන් සහ මහනුවර රාජ්‍ය කාලයඉංග්‍රීසින්ගේ තේ වගා ආරම්භකල කාල පරාසවල යම් යම් මතක ඉතිරිව තිබෙනවා.වලගම්බා,මායාදුන්න රජවරුන් ඉදිකලා යයි සැලකෙන විහාරස්ථාන. මහනුවර රාජ්‍ය කාලයයේ අස්වැද්දු කෙත්වතු සම්බන්ධ පුරාවෘත්තයන් විසින් අපට මේ ‍‍ඓතිහාසික පුරවරයක කරුනු කාරනා කියා දෙනවා.

ඉංග්‍රීසින්ගේ සමයේ ඉදිවු තානායම තමයි අද “බෙලිහුල්ඔය තානායම” ලෙස ප්‍රසිද්ධියට පත්ව තියෙන්නේ . මෙය එකල යුරෝපීය වතු පාලකයන්ගේ සංචාරක නවාතැනක් සහ රත්නපුර සිටි සුදු දිසාපතිවරුන්ගේ සංචාරක බංගලාවක්ව තිබී වැඩිදියුනු වු ස්ථානයක්.
බෙලිහුල්ඔය තානායම ලගින් ඇරඹෙන අතුරු මාර්ගය ඉංග්‍රීසින්ගේ සමයේ හෝර්ටන් තැන්න හරහා නුවරඑළිය දක්වා වැටී තිබූ අශ්වයින්ට යා හැකිසේ සකස්වු මාර්ගයක්. එදා මෙම මාර්ගයේ යුරෝපීන්ගේ ඊලග නවාතැනවුයේ හෝර්ටන් තැන්නේ පිහිටි “පාර් ඉන් FAR INN” තනායම. මෙය දැන් ව්‍යාපාරික කටයුතු සදහා වසා දමන ලද ස්ථානයක්.
වර්තමානයේ මේ මාර්ගය ඔස්සේ කි.මි.15 ක පමන දුෂ්කර පා ගමනකින් හෝර්ටන් තැන්නට පිවිසෙන්න පුළුවන්. මේ ගමන ස්වභාව ධර්මයේ අපුර්ත්වය විදිමින් යා හැකි ගමනක්. ඒත් ඔහිය පැත්තෙන් ප්‍රවේශ මාර්ග සහ දොරටු ඇති කිරීම නිසා මේ පිවිසුමේ හෝර්ටන් තැන්නට ඇතුල්වීම සදහා අවසරගන්න වනජීවී කාර්යාලයක් හෝ නිළධාරීන් නැහැ. ඒ නිසා මේ මාර්ගයෙන් හෝර්ටන් තැන්නට පිවීසීම අනවසර ඇතුල්වීමක් වෙනවා.
ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය , සමනල වැව සහ සමනලවැව විදුලි බලා ගාරය ( කිමි 15) පිහිටන්නේ බෙලිහුල්ඔය ආශ්‍රිතව.
A 4 මාර්ගයේ කොළඹ සිට බදුල්ලට යන විට කි.මි 156 -161 අතර දුර බෙලිහුල්ඔය නම්වු සුන්දර ග්‍රාමීය ප්‍රදේශය පසුකර යන්න ඕනි.බෙලිහුල්ඔයට තම අනන්‍යයවු නාමය ලැබෙන්නේ මේ ආරච්චි වසම මැදින් ගලායන සුන්දරවු “ඔය” නිසාවෙන්.
වලවේ ගගේ ප්‍රධානම අතු ගංගාවත් “බෙලිහුල්ඔය” බව සටහන් වුනේ නැත්නම් අඩුවක්. බෙලිහුල්ඔය පටන් ගන්නේ හෝර්ටන් තැන්නෙන්. වර්තමානයේ අවසන්වන්නේ සමනලවැවජලාශයෙන්.
බෙලිහුල්ඔයට අයත් සුන්දරවු දිය ඇලි දෙකක් තියෙනවා. එකක් හෝර්ටන් තැන්නේ බේකර්ස් ඇල්ල. අනෙක බෙලිහුල්ඔය මායිමේ පිහිටා තියෙන ගලගම ඇල්ල . මේ ඇල්ලට “කන්දැත්තේ ඇල්ල ” කියලත් කියනවා. කන්දැත්ත ඇල්ල පිහිටන්නේ මේ ආරච්චි වසමට උතුරු මායිමේ. පරිසර හිතකාමීන්ට , කදු නගින්නනට මේ ඇල්ල නරඹන්න යන්න යන ගමන විනෝද වගේම පාරිසරික අත්දෑකීම් වැඩි කරගත හැකි අධ්‍යාපන චාරිකාවක්.විවිධ ශාක පද්ධතින් ,පාරිසරික සහ දේශගුණික වෙනස්කම් අත්විදින්ට පුළුවන්.
බෙලිහුල්ඔය දේශීය සංචාරකයන්ගේ නවාතැනක් . කොළඹ සිට පැය හතරක් - පහක් ගමනට ගත කරන විට බෙලිහුල්ඔයට ලගා වෙන්න පුළුවන්.පුද්ගලික වාහනයක නම් මීට වඩා අඩු කාලයක් ගන්නවා.
බෙලිහුල්ඔය කොළඹ - බදුල්ල මාර්ගයේ ( ඒ 4 ) කොළඹ සිට කිමී 167ක දුරින් පිහිටනවා.පානදුරේ සිට බදුල්ල දක්වා මාර්ග අංක 64,කොළඹ සිට බදුල්ල දක්වා මාර්ග අංක 99, රත්නපුර සහ බලන්ගොඩ සිට පඹහින්න දක්වා මාර්ග අංක 439 බස් රථ බෙලිහුල්ඔය පසුකරනවා.









  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS