අළුත් අවුරුද්දේ නිවාඩුව ඉවරයි.
දැන් බෝතල් පත්තර කාලේ.
ඒ තරමටම ආර්ථිකය සරුයි.
මුණු පොතේ සහෘදයෙක් පලකරලා තිබුනා “ සූම් තාක්‍ෂණයෙන් අවුරුදු ගනිමු “ කියලා . නෑ ගෙවල් වල ,අසල්වාසින්ගේ ගෙවල්වල කදමළු බැදගෙන යන්න ඕනි නැහැ. යාළු මිත්‍රෙයා් එකතුවෙලා කෙළි කවටකම් කරමින් විනෝද වෙන්නත් ඕනි නැහැ . ඒකත් තව ටික කාලයකින් සිද්ධ වේවි.

මේ යන සංස්කෘතික පාළුව දිහා බලන කොට ඒකත් අරුමයක් නෙමෙයි.මිනිස්සුන්ට සල්ලිය බාගේ නැතිවෙන කොට නිකාම්ම සරල වෙනවා. දැන් කාලේ පුංචි ළමයින්ටවත් නැහැ අවුරුදු උත්සවය සමරන්න උනන්දුවක්.
ඒකට අපේ කාලේ. සීයේ ඉදන් පහලට දින ගනින්න පටන් ගන්නවා .බින්දුවේ වෙනි දවස අප්රේල් 14. ජනවාරි 04 වෙනිදා 100 වෛනි දවස.ජනවාරි 02 දා 99 …………………..ඔහොම හැමදාම අවරෝහන ක්‍රමයට අවුරුද්දට තියෙන දවස ගනිනවා. කොච්චර උනන්දුවක් ද ?. දැන් ඒකට අවුරුද්ද එනවටත් බයයි.
අවුරුද්ද ගැන අහන්න මුදලාලි කෙනෙක් ගාවට යන්න ඕන . “ අනේ වැඩක් නෑ මහත්තයා මේ අවුරුද්ද නම් “ මුදලාලිගේ විග්‍රහය.ඒ ඇතුලේ තියෙනවා ජනතාවගේ ආර්ථිකය ගැන ලොකු විග්‍රහයක්. මේකට ආණ්ඩුව ගාව ගන්න හොද නැහැ. දශක ගනාවක් හොරකම් කරලා , නැති නාස්ති කරලා පිරිහුණු ආර්ථිකයක් නේ අපිට ඉතිරි කරලා තියෙන්නේ.
එහෙන් උතුරු කරේ ප්‍රභාකරන්ගේ යුද්ධය. මෙහෙන් වංචා දූෂණ .ඒවා ඔක්කොම විදවන්න තියෙන්නේ මේ සමාජවාදී සත්ගුණවත් ආණ්ඩුවටනේ.