අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ මේ රට විනාශවුනා.
48 ඉදන් 56 වෙනකම් රටේ පාලන තිබුනේ ධනපති ප්‍රභූ පන්තියට.
56 දී සග වෙද ගුරු ගොවි කම්කරු බලවේගය බලයට ඇවිත් රෙද්ද බැණියම ඇන්ද දහනායකලා,ඉලංගරත්නලා තේමිස්ලා වගේ පැලන්තියක් පාර්ලිමේන්තුවට ආවා.
ඒත් පාලනය අර්ධ ධනපති පාලනයක් තිබුනේ.
සිරිමා බණ්ඩාරනායක මැතිනියත් ඒ පාලනය පවත්වා ගෙන ගියා.
JR මැතිදුන්ගේ පාර්ලිමේන්තුව සංකලනයක් වුනත් උන්නැහේගේ යකඩ හස්තයට යටත්වයි රට පැවතුනේ.
ප්‍රෙමදාස පාලනය 1977 ආකෘතියක් . වෙනස් වුනේ ලේ මස් යකඩ සංස්කෘතියක් ඇති කරවමින්.
දවසින් දවස දේශපාලන සංස්කෘතිය වෙනස් වුනා.
1948 ඉදන් සංවර්ධණය වුනේ 48 පරපුරමයි.
චණ්ද්‍රිකා , රාජපක්‍ෂ යුගයන් පවත්වාගෙන ගියේ ඒ පිලිවෙතමයි.
මිනිස්සු වෙනසක් බලාපොරොත්තු වුනා.
මේ පන්තියෙන් පාලනය වෙනස් විය යුතු කියලා.
70 වේ 71 ඉදන් මිනිස්සුන්ගේ හිත්වලට වෛරය ද්වේෂය කාණ්දු කරන්න පටන් ගත්තා.
2024 වෙන කොට උපරීමයට ආවා.
ඒ වෙන කොට 71 දරුවන්ට වයස අවුරුදු පනස් පහයි.
88 දරුවන්ට තිස් අටයි.
ඔය වයස් පරතෙරය අතර වෛරය ද්වේශය කාණ්දුවුන හිත් බලය ලබා ගැණීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට බල ඇණියක් සකස් වුනා.
ඒ පරපුර අද පාලන බලයත් සමග වෙනසක් ඇති කරයි කියලා හිතුවත් තාම කරගන්න බැරිවෙලා.
එයාලත් පරණ පාරේම යනවා.
නැත්නම් නොදැනුවත් කමින් වලවල් වල වැටෙනවා.
කිසිදු අධ්‍යාපන වටිනාකමක් නැති වල් පැළ ටික පන්නලා හිටවපු
අධ්‍යාපනයෙන් පොහොසත් මල් පැළ ටික කරන්නෙත් වල්පැලයයි කියාපු කට්ටිය කරපු වැඩ ටිකමයි.
පරණ පාර්ලිමේන්තුව එක්ක ගලපන කොට මේ පාර්ලිමේන්තුවේ ඉන්නවායි කියන්නේ මහාචාර්ය ,ආචාර්ය , වෛද්‍යවරු ,ඉන්ජිනේරුවරු නීති විශාරදයන් විශේෂඥයින් කියන බුද්ධිමතුන් පිරිසක් !.
ඉදලා හිටලා බොර්ඩ් ලෑලි ගලවන අවස්ථාත් තියෙනවා
නැතිවාම නෙමෙයි .
අළුත්ම සීන් එක හැකර්ලා ඇවිත් මහ බැංකුව සූරා ගෙන යනවා.
අර උන්නැහේලා ම දවල් බැංකුව මංකොල්ල කෑවා. ඒ නූගත් කමට.
මෙයාලා උගත් කමට විද්‍යාව හා තාක‍්ෂණය යොදවලා ඩොලර් මිලියන 2.5 කට කෙළලා. ?.






