Saturday, April 5, 2025

කල්පනා කලේ .....







දිනක් නව විවාහක ඇමෙරිකානු යුවළක් මධුසමය ගත කරන්න අරාබියේ කාන්තාරයක සංචාරයක් ගියා. අතරමගදී ඔවුන්ට අරාබි ජාතිකයෙක් මුණ ගැහුනා. ඔවුන් අතර ඇති වූ සංවාදයක්,
අරාබි මිනිසා : ආයුබෝවන් ! මේ නුඹේ බිරිඳ ද ?
සැමියා : ඔව්. මේ මගේ බිරිඳ .
අරාබි මිනිසා : ඇය වැනි බොහෝම සුන්දර කාන්තාවක් මම කොහෙවත් දැකලා නෑ . ඔබ මට ඇයව දෙනවනම් මම ඔබට හොඳ තරුණ ඔටුවො පන්සීයක් එක්ක කිරි එළදෙන්නු දෙසීයකුත් දෙන්නම්. මට ඔබේ බිරිඳ විකුණන්න.
සැමියා බොහෝ වේලාවක් කල්පනා කලේය. අන්තිමට,
සැමියා : සමාවෙන්න. ඇයව විකුණන්නෙ නෑ .
අරාබි මිනිසා ශෝකයෙන් පිටව ගියේය.
කෝපයට පත් වූ බිරිඳ සිය සැමියාගෙන් මෙසේ ඇසීය.
බිරිඳ : ඇයි ඔයා මාව විකුණන්න බෑ කියල කියන්න ගොඩක් වෙලා ගත්තේ ? එක පාරින්ම බෑ නොකිව්වෙ ඇයි ?
සැමියා : නෑ මම මේ කල්පනා කලේ ඔටුවෝ පන්සීයයි එළදෙන්නු දෙසීයයි ඇමෙරිකාවට අරන් යන්නෙ කොහොමද කියල


මුණු පොතෙන්. 

No comments:

Post a Comment

ඔබේ අවධානයට ස්තුතියි.