Friday, March 21, 2025

සුසාන.



බටලන්ද කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමත් සමග අතීතය මේසය මතට පැමිණ හොල්මන් කරන්න පටන් අරන් ඇත. වර්තමාන ආණ්ඩුපක්ෂය එවකට කරන ලද භීෂණකාරි ක්‍රියාමෙන්ම එවකට ආණ්ඩු පක්ෂය එම භිෂණය මැඩපැවත්වීමට නිල හමුදා මෙහෙයවීමද දැන් වේදිකා ගතවේ.

මේ ලිපිය ඒ දෙපාර්ශවය ගැන එකිනෙකාට එරෙහිව පල කිරීමකි.


ශ්රී ලංකාවේ සමූහ මිනීවළවල් ලැයිස්තුව..

1. 1989 දී කොළඹ දිස්ත්රික්කයේ හෝකන්දර සමූහ සුසානය. මෙහිදී සිරුරු 19 ක් හමු වූ අතර ඒ සියල්ල ම හඳුනාගෙන ඇත. 89 ජවිපෙ කැරැල්ල සමයට අයත් ය. මරා දමුනු ලැබූ අයගේ සිරුරු, 1989 අගෝස්තු 13 වැනිදා බෝම්බයක් පිපිඉරීමෙන් හටගත් වළකට දමා පුලුස්සා තිබේ.
2. 1989 දී මහනුවර දිස්ත්රික්කයේ අංකුඹුර සමූහ සුසානය. සොයාගත හැකි වූ මළසිරුරු ගණන 39 කි. 89 කැරැල්ල සමයේදී සිදු වූ ඝාතනයන් ය.
3. 1989 දී කුරුණෑගල දිස්ත්රික්කයේ නිකවැරටිය සමූහ සුසානය. සිරුරු 20 ක් සොයාගන්නා ලදී. ඒවා ද 89 කැරැල්ල සමයට අයත් විය. මෙම සිරුරු ගොඩගැනීමෙන් පසු ඒවාට කුමක් සිදු වූයේදැයි දැනටත් අබිරහසකි.
4. 1989 මාතර දිස්ත්රික්කයේ විල්පිට සමූහ සුසානය. මෙම සිරුරු ද 89 කැරැල්ල සමයට අයත් වූ අතර කිසිඳු කොමිෂන් වාර්තාවක මළ සිරුරු සංඛ්යාව නිශ්චිතව දක්වා නැත. සමූහ මිනීවල හමුවන්නේ යුද හමුදා කඳවුරක් පිහිටි ස්ථානයක ය.
5. 1990 දී හමුවූ ගම්පහ දිස්ත්රික්කයේ වවුල්කැලේ සමූහ සුසානය. වවුල්කැලේ රක්ෂිතය තුළදී 12 දෙනෙකු ඝාතනය කර ටයර් දමා පිළිස්සු බවට සාක්ෂි ඇත. මෙය 89 කැරැල්ල සමයේදී සිදු වූ අවසන් සමූහ ඝාතනය යැයි සැළකේ. වයස 17-34 අතර තරුණයින් 34 දෙනෙකු පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන සිදුකළ ඝාතනයක් වන අතර ඇසින් දුටු සාක්ෂිකරුවෙකු සිටිය හෙයින් විස්තර හෙළි විය. නමුත් හඳුනාගත් සැකකරුවෝ සියලු දෙනා 2000 දී නිදොස් කොට නිදහස් කරන ලදී.
6. 1994 දී හමු වූ ගම්පහ දිස්ත්රික්කයේ වල්පිට රජයේ ගොවිපළ තුළ සමූහ සුසානය. මහේස්ත්රාත් නියෝගය මත මළසිරුරු 30 ක් හමු විය. ජවිපෙ සැකකරුවන්ගේ බවට සැක කෙරේ. පරීක්ෂණ කළ මහේස්ත්රාත්වරයාට ස්තාන මාරුවක් ලැබුන අතර, මුලින්ම අත් අඩංගුවට පත් සැකකරුවෙකු වූ නිමල් ප්රනාන්දු, පසුකලෙක වයඹ පළාත් පොලිස් ස්ථානාධිපතිවරයෙකු ද බවට පත්විය.
7. 1994 දී හමු වූ රත්නපුර දිස්ත්රික්කයේ සූරියකන්ද සමූහ සුසානය. 89 කැරැල්ල සමයේ මෘතදේහවල ශේෂයන් වන අතර, හමු වූ මළ සිරුරු ගණන 300කට අධික ය. ඇඹිලිපිටියෙන් අතුරුදහන් වූ පාසැල් සිසුන් 46 කගේ සිරුරුද එහි ඇති බවට සැක කෙරේ. කැණීම්වල අවිධිමත් බවින් සාක්ෂි සියල්ල විනාශ වූ සමූහ මිනීවලකි. පරීක්ෂණවලට සහභාගී වූ නීතීඥයෙකුට වෙඩි තබණ ලද අතර, හාරන ලද වළවල්වලට පස් සහ වතුර දමා කිහිපවරක් වසා ඇත. මිනිස් හිස් කබලක් සහ සිවුරක් අලුතෙන් වළලා සාක්ෂි ව්කෘති කරන ලදී. මේ සිදුවීමේ ප්රධාන සැකකරුවෙකු වූ කර්නල් ආර් පී ලියනගේ පසුකලෙක බ්රිගේඩියර් තනතුරට උසස්වීම් ලැබීය. සිසුන්ගේ දෙමව්පියන්ගේ පෞද්ගලික මැදිහත්වීමෙන් නඩු පැවරුවද නිසි යුක්තිය ඉටු නොවිණ.
8. 1994 දී හමු වූ ගම්පහ දිස්ත්රික්කයේ එස්සැල්ල සමූහ මිනීවල. 89 කැරැල්ල සමයට අයත් සිරුරු හමුවිණ. කොමිෂන් වාර්තාවලට අනුව මේ සිරුරු අයත් වන්නේ බස්නාහිර පළාතේ හමුදා කඳවුරකට 1989 සැප්තැම්බර් 19 දා ගෙනයන ලද සිරකරුවන් 15කට හෝ 16කට ය. කාන්තාවෝ තිදෙනෙක් ඒ අතර විය.
9. 1995 හමුවූ කොළඹ දිස්ත්රික්කයේ බොල්ගොඩ වැවේ තිබූ සිරුරු. මළ සිරුරු ගණන 21 කි. ඒවා LTTE සාමාජිකයින්ගේ මළ සිරුරු ය. පොලිස් විශේෂ කාර්ය බළකායේ 21 ක් සහ සාමාන්ය වැසියන් තිදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගෙන නිදහස් කරන ලදී.
10. 1999 දී හමුවූ යාපනය දිස්ත්රික්කයේ දොරේඅප්පා ක්රීඩාංගණයේ සමූහ සුසානය. 1987 දී ඉන්දීය සාම සාධක හමුදා විසින් මරා දමන ලද යාපනේ වාසීන්ගේ සිරුරු යැයි සැක කරන නමුත් සිරුරු හඳුනාගත නොහැකි විය. සිරුරු 40-50 අතර ශේෂයන් හමුවිය.
11. 1999 දී හමුවූ යාපනය දිස්ත්රික්කයේ චෙම්මනි සමූහ සුසානය. 1996 දී පාසැල් ශිෂ්යාවක වූ 'ක්රිෂාන්ති කුමාරස්වාමි' සහ ඇගේ මව, සොහොයුරා, සහ අසල්වාසියෙකු ඝාතනය කළ ලාන්ස් කෝප්රල් සෝමරත්න රාජපක්ෂ ඇතුලු හමුදා සෙබළු පස් දෙනෙකුට එරෙහි නඩු විභාගයේදී මෙම සුසානය හමුවිය. අදාල අයට අමතරව තවත් මළසිරුරු 400 ක් පමණ එහි වළදමා ඇතිබව සැකකරු පාපොච්ඡාරණය කළේය. නමුත් සොයාගත හැකි වූයේ ඉන් 15 ක් පමණි. ප්රධාන සැකකරු වූ ලාන්ස් කෝප්රල් සෝමරත්නට පමණක් ක්රිෂාන්ති කුමාරස්වාමි ශිෂ්යාව දූෂණය කොට මරාදැමීම ඔප්පු වීමෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය. ඊට සම්බන්ධ යැයි ඔහු හෙළිකල තවත් හමුදා සාමාජිකයෝ 17 දෙනෙකු පමණ නඩුවෙන් නිදහස් වී ඉන් 4 දෙනෙකු උසස්වීම් ලැබූහ.
12. 2000 දී හමු වූ යාපනය දිස්ත්රික්කයේ මිරුසුවිල් සමූහ සුසානය. සිරුරු ගණන 8කි. ළමුන් 3 දෙනෙකි. ඉන් එක් දරුවෙකු පස් හැවිරිදි වූ අතර එම දරුවාගේ සිරුරේ වධ හිංසාවලට ලක් වූ සලකුණු හඳුනාගැණින. නඩුව චාවකච්චේරි අධිකරණයේ ආරම්භ විය. සැකකාර හමුදා නිලධාරීන් ගණන 14 කි. අනතුරුව මෙම නඩුව අනුරාධපුරයටත්, එතැනින් කොළඹ මහාධිකරණයටත් ලෙස ස්ථානය වෙනස් කරන ලදී . යුද හමුදා දිගුදුර විහිඳුම් බළකායේ සුනිල් රත්නායකට 2015 දී මරණ දණ්ඩනය හිමිවිය. අභියාචනාධිකරණයද එය තහවුරු කරන ලදී. 2020 දී ගෝඨාභය රාජපක්ෂ මෙම අපරාධකරුට ජනාධිපති සමාව ප්රදානය කළේය.
13. 2010 දී හමුවූ කිලිනොච්චි දිස්ත්රික්කයේ ගණේෂපුරම් සමූහ සුසානය. සිරුරු ගණන 6කි. වැසිකිලි වළකින් හමුවිය.
14. 2012 දී මාතලේ දිස්ත්රික්කයේ මාතලේ මහ රෝහල් පරිශ්රයෙන් හමුවු සමූහ සුසානය. ගොඩගත් සිරුරු ගණන 155 කි. කැණීම් සඳහා නියෝගය නිකුත් කළ මහේස්ත්රාත් චතුරිකා ද සිල්වාට වහාම ස්ථාන මාරුවක් ලබාදෙන ලදී. මහාචාර්ය රාජ් සෝමදේවගේ වාර්තාවට අනුව හිස් කබල්වලට ඇණ ගසා මරණ ලද සලකුණු ඇති බව තහවුරු විය. 1980 අග භාගයට අයත් බව තීරණය කර ඇත. නමුත් එක්සත් ජනපදයට යැවූ සාම්පල පරීක්ෂාවේ නිගමනය වූයේ මෙම සිරුරු 1950 ට ආසන්න ඒවා වියහැකි බවය.
15. 2013 දී හමුවූ මන්නාරම දිස්ත්රික්කයේ තිරුකේතීස්වරම් සමූහ සුසානය. LTTE ය විසින් මරා දමනලද යුද හමුදා භටයින්ගේ සිරුරු 80කට වඩා මෙහිදී හමුවිය. තවත් සිරුරු ගොඩගන්නට තිබේ. බොහෝ සිරුරුවල අත් පිටුපසට කොට ගැටගසා තිබේ. තවමත් එම ශේෂයන් මහේස්ත්රාත් භාරයේ පවතින අතර නියෝගයන් හා මුදල් නොමැතිවීම මත පරීක්ෂණ නවත්වා ඇතැයි ප්රකාශ විය.
16. 2014 මඩකළපුව දිස්ත්රික්කයේ කළුවන්චිකුඩි සමූහ සුසානය. මළ සිරුරු 160 කට වැඩිය. කොටි සංවිධානය විසින් 1990 ජූලි 12 දින කුරුක්කල්මඩමින් පැහැරගත් මුස්ලිම්වරුන්ට අයත් යැයි සැළකේ. සිරුරු 160 න් එකක් හෝ මේවනතෙක් ගොඩ ගෙන නැත. පරීක්ෂණ නැවතුනේ මහින්ද රාජපක්ෂ සමඟ විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) සම්බන්ධ වීමත්, එහි සබඳතා හෙළිවන බවට වූ සැකයත් නිසා ය.
17. 2018 දී හමුවූ මන්නාරම දිස්ත්රික්කයේ මන්නාරම සතොස ගොඩනැගිල්ලට අයත් භූමියේ සමූහ සුසානය. කුඩා දරුවන් 28 ක් ඇතුලු 318 කගේ සිරුරු ගොඩගන්නා ලදී. කකුල් යකඩ කම්බි මඟින් බැඳ තිබිණ. ෆ්ලොරීඩාවේ කාබන් දත්තපරීක්ෂාවකට අනුව ඒවා 15-18 ශතවර්ෂවලට අයත් යැයි සඳහන් විය.
18. 2019 දී හමු වූ මුලතිව් දිස්ත්රික්කයේ පුදුකුඩියිරිප්පු සමූහ සුසානය. සිරුරු ගණන 9කි. පරීක්ෂණ අවසන් නැත.
19. 2020 දී මුලතිවු දිස්ත්රික්කයෙන් හමුවූ මුලතිවු සමූහ සුසානය. සිරුරු ගණන නොදනී. ආණ්ඩුව විසින් පිහිටුවන ලද අතුරුදහන් වූවන්ගේ කාර්යාලය විසින් නඩුව විමර්ශනය කෙරේ. තොරතුරු නොමැත.
20. 2020 කිලිනොච්චි දිස්ත්රික්කයේ සමූහ සුසානය. තොරතුරු නැත.
ලංකාව අපරාධ රාජ්යයකි. සියලු පාර්ශ්ව සියලු යුගයන්වලදී සියලු ජනවර්ග සමූහ ඝාතනය කොට ඇත. ඒ සිරුරුවලින් හමුවන සලකුණු අනුව අමානුෂික වධ බන්ධනයන්ට ලක් කර ඇත. ඉතා කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා ඝාතනය කර ඇත. දූෂණය කොට ඇත.
මේ සිරුරු ගොඩගත යුත්තේ ඇයි? පරීක්ෂණ කළ යුත්තේ ඇයි?
සියලු අපරාධකරුවන්ට දඬුවම්ලැබිය යුතුය. වින්දිත පවුල්වලට හා මියගියවුන්ට යුක්තිය ඉටුවිය යුතුය. ඒ කිසිවක් නැතත් වධ වේදනා විඳ එකා පිට එකා මැරී වැටීම වෙනුවට, මියගියේ කවුදැයි හඳුනාගෙන තමන්ට වෙන් වූ සුසානයක ගෞරවණීය සමුදීමක් සහිතව භූමදානය වන්න ඒ සෑම මළ සිරුරකට ම මිනිසෙකු ලෙස අයිතිවාසිමක් ඇත.
ලංකාවට තවම මේ ගැන හරිහමන් නීතියක් නැත. අපරාධ නඩුවිධාන සංග්රහයේ ඇති "චූදිතයින් නොමැති හෝ හඳුනානොගත්" අපරාධවල පටිපාටිය අනුව මේ සිරුරු පරීක්ෂා කොට සියල්ල අවසන් කිරීම යුක්තිසහගත නොවේ.
පහත තාච්චිවල ඇත්තේ ඔබගේ හිස නම්? එළැඹීමට නියමිත අයුක්තිසහගත මොහොත වෙනස් කිරීමට දැන්ම කටයුතු කළ යුතු නොවේද?
(ඡායාරූපය : මන්නාරම සමූහ සුසානය. ශ්රී ලංකාව)
76 වසරක සාපයේ ප්රධාන කොටස්කරුවන්ගේ කාර්යභාරය
1971 දී පොලිස් ස්ථාන 92කට ගැහුවා පොලිස් නිලධාරීන් 37ක් සහ හමුදා නිලධාරීන් 26ක් ජවිපෙ කැරලිකරුවන් අතින් ඝා/තනය වුනා.
කැරලිකරුවන් විසින් මhරා දමන ලද සිවිල් වැසියන් සංඛ්යාව 411ක් ඇතුලු 7000ක් ඝාතනය කලා
1988/89
1989 පෙබරවාරි 08 වෙනි දින දළදා මාලිගාවට පහ/රදුන්නා
1988 අප්රේල් 23 වෙනි දින කටුනායක ගුවන් තොටුපලට පහර/දුන්නා
1987 අගෝස්තු 18 වැනි දින පාර්ලිමේන්තුවට පහර / දුන්නා
සාමාන්ය ජනතාව - 3210 එවකට ආණ්ඩු පක්ෂ සාමාජිකයන්- 1735 රාජ්ය සේවකයන් - 487
අධ්යාපනඥයන් - 52 දේශපාලනඥයන් -70 හමුදා සාමාජිකයන්- 209 පොලිස් නිලධාරීන්- 342
මුරකරුවන් - 98 ඝාaතනය කලා.
පොදු දේපළ..
ලංගම බස් - 553, ඩිපෝ - 15, ලංගම වැඩපලවල් - 01, රජයේ වාහන - 113, පෞද්ගලික වාහන - 29
දුම්රිය - 16ද, ම්රිය මාර්ග - 12, දුම්රිය ස්ථාන - 24 තැපැල් කන්තෝරු - 18 පණිවුඩ හුවමාරු මධ්යස්ථාන - 12
තාක්ෂණික ආයතන - 01, දුරකථන රැහැන් - 84 ගොවි මධ්යස්ථාන - 04, තේ කම්හල්- 73, වතු බංගලා - 38
ට්රාන්ස්ෆෝමර -132, අට්ටාල - 13, විදුලි රැහැන් - 69, විදුලි මීටර - 25, විදුලි බලාගාර - 02 උප විදුලි බලාගාර - 09
කෘෂිකර්ම මධ්යස්ථාන - 103.
විනාශ කරපු රාජ්ය ආයතන
දැව සංස්ථා මධ්යස්ථාන , ස්කාගාර, පෙහෙකම්හල් , ගොඩනැගිලි ද්රව්ය සංස්ථාව , තුනීලෑලී සංස්ථාව , කජු සංස්ථාව, පොහොර සංස්ථාව , පතල් ආකර, රජයේ පාසල් , පහරදීම් හා මංකොල්ල කෑම්බැංකු - 40 (වැඩි), රාජ්ය කන්තෝරු - 21 , රජයේ නියෝජිත කන්තෝරු -294, පෞද්ගලික දේපල හානි , රාජකාරි නිල නිවෙස් - 107, පොලිස් නිල නිවෙස් - 76, සාමාන්ය නිවාස- 20, පෞද්ගලික ගොඩනැගිලි - 33, සර්වෝදය මධ්යස්ථාන - 05 , ප්රාදේශීය සභාසමාජ ශාලා, විදේශ ඉදිකිරීම් ව්යාපෘති හා මධ්යස්ථාන වෘත්තීය සමිති කාර්යාල ගිනිතැබීම් සහ විනාශ කිරීම් - වී මෝල් - 18ක්.
01.යටියන වී මෝල.- වී මෙටිට්රික් ටෝන් මිලියන 800ක පහසුකම් සහිත අංග සමිපුර්ණ වී කොටන මැෂින් තුනක්
02. තෙඹුවන වී මෝල - වී මෙටිට්රික් ටෝන් මිලියන 300ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ යන්මාර් මැෂින් 02ක්
03.හසලක වී මෝළ - වී මෙටිට්රික් ටෝන් මිලියන 500ක් ගබඩා පහසුකම් ඇති අංග සමිපුර්ණ වී කොටන මැෂින් 6ක්.( කුබෝටා)
04.මිද්දෙණිය වී මෝළ - වී මෙටිට්රික් ටෝන් මිලියන 900ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ කමීන්ස් මැෂින් 02ක්.
05. රණ හංස වී මෝළ - මොණරාගල .
වී මෙටිට්රික් ටෝන් මිලියන 830ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ මැෂින් 02ක් .
06.රන්න උණාකුරුව වී මෝළ - වී මෙටිට්රික් ටෝන් මිලියන 700ක් සහිත අංග සමිපුර්ණ ලැන්මාර් මැෂින් 02ක්.
07.අගුළුකොළපැලැස්ස වී මෝල - වී මෙටිට්රික් ටෝන් මිලියන 900ක් ගබඩ පහසුකම් සහිත අංග සමිපුර්ණ කුබෝටා මැෂින් දෙකක්.
ආදී වශයෙන්..
08.උරගහ වී මෝල - ගාල්ල.
09.බද්දේගම මෝල - ගාල්ල
10.කිරිමැටිමුල්ල වී මෝල -මාතර
11.කඩ පනහ වී මෝල නොචිචියාගම - අනුරාධපුරය .
12.යාය 14 /13/12/11 වී මෝළ කාශ්යප පුර - පොළොන්නරුව .
13.යාය 01 ඇලහැර මෝල - පොළොන්නරුව .
14. ලිර වී මෝළ - යාපහුව .
15.සකුනි වී මෝළ - ආන්දමිකුලමි - කන්තලේ
16.රත්න වී මෝළ - වී මෝළ - ත්රිකුණාමලය
17.පල්ලත්තර වී මෝළ - මොදරවාන බෙලිඅත්ත .
18.සහන වී මෝළ දමිමුල්ල බෙලිඅත්ත .
🟫 දැනට ලංකාවෙ සහල් අවශ්යතාවයෙන් 60%ක් සැපයීම අඩාල වීම.
1987 ලංකාවෙ සහල් අවශ්යතාව මෙට්රික් ටොන් මිලියන 1700 උන අතර රජයේ සතු සහල් මොල් වලින් මෙට්රික් ටොන් මිලියන 1450 පමණ නිශ්පාදනය කරන ලදී.
1992 වසරේ රජයෙ 1992 වසරේ ලංකාවෙ සමස්ථ සහල් අවශ්යතාව මෙට්රික් ටොන් මිලියන 1900 වන අතර රාජ්ය අංශයෙ නිශ්පාදණය මෙට්රික් ටොන් මිලියන 800 දක්වා එනම් මෙට්රික් ටොන් මිලියන 1100 පහත වැටී ඇත.
සහල් මෝල් ගිණි තැබිම නිසා අස්වැන්න අලවිකල නොහැකි විම සහ එම වකවානුවෙ පෞද්ගලික මහා පරිමාණ මොල් හිමියන් නොසිටී නිසා වී ගොවියන් විකල්ප බොගවලට යොමු ඌ අතර අක්කර දස දහස් ගනන් වගාකිරීම අත් හැර දමන ලදී.
🟫 ලොරි සහ ට්රැක්ටර් 52 ගිණි තැබීම.
🟫 කළමනාකාර වරුන් තුන් දෙනෙකු පුළුස්සා ඝා#තනය කීරිම.
🟫 එවට අයිති වාහණ 19ක් පුළුස්සා විනාශ කිරිම.
🟫 සේවකයන් 1543 දෙනෙකුට රැකියා අහිමි කිරිම.
88/89 ජවිපේ විනාශ කාරි කැරැල්ල නිසා රජය සතු සමස්ත පාඩුව - රුපියල් බිලියන 5450 ක්
ජෙප්පෝ රටට කරපු ආර්ථික හානිය බිලියන 6000 ක් ප්රභා කරපු විනාශය ට විතරයි දෙවනි වෙන්නෙ

Sanjeewa Batuwaththa.

No comments:

Post a Comment

ඔබේ අවධානයට ස්තුතියි.