මධ්‍යම බස්රථ නැවතුම් පල අළුත්වැඩියා කරලා මළ කාලගෝට්ටියයි.
මේ කාලගෝට්ටියට ගල් අගුරු කාලගෝට්ටිය මැකිලා යනවා.
කොහොමත් ඒක ඊයෙන් ඉවරයි. විපක්ෂය එයාලාගේ හිතේ තියෙන දේ ඊයේ ( සිකුරාදා පාර්ලිමේන්තු විවාදයේදී ) කියලා දැම්මනේ.
අන්දරේ මීහරක්ට කිව්වා වගේ අහ ගෙනත් හිටියා නේ.
නෝ ඇක්ෂන්.
අළුත් වර්ෂන් එකක් එනකම් බස්රථ නැවතුම් පලත් එක්ක යමු.
ඔන්න පෙර දා විවෘත කලා
සමහරුන්ට හදපු එක තීන්ත ගාලා නැවතත් මහජනයාට පාවිච්චියට දුන්නා.
පාවිච්චියට දුන්න දවසේම ඒක විනාශ කරලා.
දැන් එතැන් හිටන් කතාව ඉස්සරහට යනවා.
මේක මේ විදියට අවුරුදු. පහුවෙලා නැකතට වෙන වරිෂන් එකක් ගෙනෙනකම් ඇදිලා යයි.
බඩුමිළ වැඩිවීම , හාල් ආනයනයවගේ දේවල් ගැන කතා කරන එක යටවෙලා
බස් නැවතුමේ විනාශය …….
බුලත් කෙළ පාරවල් ….
නිසි පරිදි ශරීරකෘතිය නොකරපු හැටි
ඔන්න කතා ශරීරයේ දේවල්.
අපිට මහජන දේපල ආරක‍්ෂා කිරීමේ පුරුද්දක් නැහැ.
ඒවා අනුන්ගේ දෙවල් වගෙයි දැනෙන්නේ /
ජාතියේ පුරුද්ද නේ !.






0 comments:
Post a Comment
ඔබේ අවධානයට ස්තුතියි.