මොකද වෙන්නේ කියලා. පසුගිය දාක මුණු පොතේ මේ වගේ එකක් පලවුනා. කඩුල්ල බෙදා ගත්තා.
තිරගතවන චිත්‍රපටි සතියෙන් දෙකෙන් සිනමාහල් වලින් ඉවත් වෙනවා.
අලුත් ඒවා එනවා.
මෙගා ටෙලි වගේ නෙමෙයි.
"රිලව්" එක චිත්‍රපටියක්.
ඒක ඒ තරම් අල්ලගෙන ගියේ නෑ.
"පොල් සහ හාල් " එකක්.
ඒක දිගින් දිගට පෙන්වන ජනප්‍රිය චිත්‍රපටියක්.
පසු ගියදාක ඉදන් "මහින්ද ".......
මේ කතාව ලියන්න පටන් ගන්නේ මහින්ද ගෙන්.
නොයෙක් මතවාද ඇතිවෙනවා ගැටෙනවා වැටෙනවා කියවලම බලමු.
මහින්ද මහත්තයා පස්සෙන් පැන්නීම. නිමල් තොම්මාදුරුව මහත්තයාට හිතෙන හැටි අවබෝධ කරගෙන තියෙන හැටි මෙහෙමයි.
"මෙි ආණ්ඩුවෙ සියළුම දෙනා ඇතුළු ලක් වාසී ජනතාව විශේෂයෙන් යුද්ධය අවසන් වෙන කොට සිහි බුද්ධියෙන් ජීවත් වු ජනතාව තමන්ගෙ හදවතට පුංචි තට්ටුවක් දාල අහන්න ඇත්ත ටම ඒ අවධියෙ යුද්ධයෙ භයානක කම කොහොමද අඩුම තරමෙ තමන්ගෙ ගමෙ පාසැලට තමන්ගෙ ලමයි යවන්න පුලුවන් කමක් තිබුනද ඒ පාසැල් කාලයෙ දෙමාපියන් මාරුවෙන් මාරුවට තමන්ගෙ ලමයින්ගෙ පාසැල මුර කලා හැබැයි මේක එදා පාසැලේ ඉගෙන ගත්ත පොඩි ලමයි දන්නෙ නැහැ මමත් එක අවස්ථාවක් කි. මී. 8 ක් විතර පයින් ගියා ලමයගෙ පාසැලට මෙකෙද පාසැලේ බෝම්බයක් තියල කථාවක් පැතිරුනා
අම්ම තාත්ත එක බස් එකේ ගියේ නැහැ කියනවනම් තව කියන්න බෙහෛා් දේවල් තියෙනව වසර 30 ක යුද්ධය හිටපු ජනාධිපති වරුන්ට අවසන් කරන්න බැරි උනා ඒ අතර සමහර නායකයො කොටින්ට උදව් කරා සටන් විරාම දැම්ම ඒ කාලයෙ කොටි කදවුරු ඉදිරියට ඇවිත් පුක පෙන්නල ගියා
මේ යුද්ධය නිමා කරන්න ප්‍රධාන තුන් දෙනෙක් දායකත්වය දුන්න මහින්ද ජනාධිපති තුමා, ගෝඨාභය ජනාධිපති තුමා සරත් පොන්සේකා මැතිතුමා මෙවෙුන් සමග ත්‍රිවිධ හමුදාව, පොලීසිය , සිවිල් ආරක්ෂක බලකාය
මේ කර්තව්යයයෙදි මහින්ද මහත්තය නායකත්වය දුන්න ඒක තමයි ප්‍රධාන කොබ්බෑකඩුව මහත්තය නායකත්වය දුන්නත් යුද්ධය දිනන්න බැරි වුනේ නායකයො දුර්වල වූ නිසා අන්තිමට කොබ්බෑකඩුව මහත්තයත් මරල දැම්ම
කාලය මෙලෙච්ඡතත්වයෙන් වසර 30 කලයනට ආසන්න වෙද්දි මහින්දා මහත්තය ජනාධිපති වුනා අපි එදාම කීව ප්රභාකරන් ට හරියන මිනිහ දැන් ඇවිල්ල තියෙන්නෙ බඩු හම්බවෙනව කියල මොකද මහින්ද කියන්නෙ ගේමට ගේමක් දෙන්න පුලුවන් බඩුවක්
කැබතිගොල්ලැව බස් බොම්බය පුපුරල
පොඩි ලමයි ඇතුළු වැඩි පිරිසක් මියගිය තැනදි මහින්ද තීරණය ක් ගත්ත නොනවතින ලෙස දිගටම කොටින්ට ගහන්න ආර්ථික අපහසුතා තිබුනත් අත ඇරියෙ නැහැ මහින්ද මහත්තය පුතා නාවික හමුදාවට බැන්දුවෙ පුතාට තනතුරු දෙන්න නෙවි ඒ අවධියෙ හමුදාවට බැදෙන්න තරුණයො භය වුනා
නැත්නම් ත්‍රිකුණාමලය කදවුරට දිගට හරහට මෝටාර් ගහන කාලයක් කිසිම පියෙක් තමන්ගෙ දරුව හමුදාවට බන්දන්නෙ නැහැ
මතකද ප්රභාකරන් පරදිනකොට පිටරට ලොක්කො පිරිසක් ඇවිල්ලා යුද්ධය නවත්වන් කීව විශේෂයෙන් ඉන්දියාවෙ
හිටපු තමිල්නාඩුවේ මහ ඇමති කරුණානිදි උපවාසයක් ආරම්භ කලා
යුද්ධය නවත්වන්න කියල මහින්ද මහත්තය ඒවට භය නොවී යුද්ධය අවසන් කලා
මේ යුද්ධය දිනවල දෙනකොට මහින්ද මහත්තය ගෙ පවුලේ සියළු දෙනාටම ලොකු අවදානමක් එකතුවුනා අද උනත් ඒ මැරුම් කාපු කොටින්ගෙ සහෝදරයෙකුට ඟාතිකෙුට අවස්ථාවක් ලැබුනොත් මහින්ද මහත්තය ගෙ පූස් පැටියෙක් උනත් මරනව එතකොට ඌ ජාතියේ නායකය වෙනව
අද මේ ආණ්ඩුවෙ නලින්ද ඇමතිතුමා කියනව ලමයි තුන්දෙනාට බලාගන්න පුලුවන් ලු ඇමති තුමා අද රටේ සියළු දෙනාම නිදහසේ ඉන්නෙ මහින්ද මහත්තය ප්රභාකරන් අවසන් ගමන් යවපුනිසා මහින්ද මහත්තය ඒ කරපු ජාතික මෙහෙවර අව තක්සේරු කරන්න එපා ඇමති තුමා හරිනම් හැම රජයක්ම හැම ශ්රීලාංකිකයෙක්ම එතුමාට ගෞරව කරන්නඕන
ඇමති තුමා පාර්ලිමේන්තු වෙදි ඔබතුමාට ඒ විදියට කථාකිරම ගැලපෙන්නෙ නැහැ වැරදිලාවත් ඔතනින් ගියාම කෙටෙි පැටියෙක් එතමට ටීක් කරොත් ඒ අවලාදයෙන් ඔබතුමා ලටලේසියෙන් ගැලවෙන්න බැහැ
අද ඔබ තුමාලට විසදන්න විශාල ප්‍රශ්න රාශියක් තියෙනව අමතක කරන්න එපා ඔය මහින්ද මහත්තය ට ගහන එකෙන් උන්ට ලොකු කඩා වැටීමක් දැනටම තියෙනව
මොකද අද ඔයාලට ඡන්දෙ දුන්නෙ පොහොට්ටුවෙ 69 ලක්සෙ ඡන්දෙ දුන්න ජනතාව හැ ම කෙන්ම මහින්ද මමත්තයට ආදරෙයි ඒක නිසා මේ ප්‍රශ්න යෙදි එතනින් විශාල පිරිසක් මාලිමාවෙන් කැඩෙනව දැනටත් කැඩිල ඉන්නෙ
අද මම කිවිව කියල හිතේ තියාගන්න මහින්ද මහත්තය ඔබතුමලට පාරාවලල්ලක් වෙනවා.
නාලක කටුපිටිය මහත්තයා ප්‍රතිචාරයක් දක්වනවා. මෙහෙම.
"යුද්ධය අවසන්වීමෙන් පසුව යුද නායකය සිරගතකලේ යුද අපරාධ කල නිසා වෙන්න ඇති.
පව් කල හොඳ නරක හැම කෙනාම පසුපස එනව.
එදාට වැලපිලා වැඩක් නැහැ."
දයා බලන්ගොඩ මහත්තයාගේ අදහස කෙලවර වෙලා තිබුනේ අනාවැකියකුත් එක්ක.
"හේතුව නොදැක ඵලය ගැන කතා කිරීම
යුද්ධය ඇති කිරීමට මාර්ගය පෑදුවේ කවුද?
නිදහසින් පසු රට කරවූ වලව් පැලැන්තියේ මජර දේශපාලකයන්.
බලයේ සිටීමට හොඳම තුරුම්පුව ජාතිවාදයයි. රනිල්ලා මහින්දලා ඇති කළ යුද්ධය අවසන් කළේ ඇයි.
තවදුරටත් බලයේ සිටීමට හා එල්ටීටීඊ සංවිධානය රැස් කරගෙන සිට අසීමිත රත්රන් ඇතුළු ධන සම්පත් කොල්ලකෑම සඳහාය.
සිංහල දෙමළ ජාතිවාදය ඇවිස්සීමට නොහැකි වූ තැන 2019 සිංහල මුස්ලිම් ජාතිවාදය අවුස්සා බලය ලබාගත් ආකාරය අමතක ද.
දැන් ප්‍රභූ පන්තියේ දේශපාලනය අවසන්.
කටු කණ සුනඛයින් බිරුවට ආයෙත් ඒ පාලනය එන්නෙ නෑ"
නිමලසිරි වීරකෝන් මහත්තයා
"මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විදිහට ඉන්න වෙලාවේ එතෙක් පැවති යුද්ධය අවසන් කළා.
හැබැයි ඉන් නොනැවතුණු මහින්ද ඊළඟට කළේ මුළු රටම සුද්ද කිරීම.
ඒ වෙනුවෙන් ඔහු විසින් ඔහුටම හරියන ගෝල බාල පිරිසක් නඩත්තුකළා.
ඒ පිරිසට මහින්ද සැප අහිමිවීම යනු සිය සැප අහිමි අහිමි අහිමිවීම බව ඉතා හොඳින් දැනී තිබෙනවා.
රට බංකොලොත් කිරීමේ කණ්ඩායමේද ඔහු සාමාජිකයකුට ලෙස අධිකරණයෙන් නම් කොට ඇති පුද්ගලයෙකි.
ඉතිං ඔහු කාටහරි බොහෝ වටීනම් ඔව්න්ට හැකියි ඔහු රැකබලාගන අවශය ආකාරයට නඩත්තු කරන්න.
රජයක් එසේ කලයුතු නෑ.
ඔහු සිය වටිනාකම සියතින් විනාශකර ගත්තෙක්."
සාධනීය කතිකාවතකට පිවිසිලා.
චාන්දණි ලියනපතිරන උපුටනයක් දක්වනවා. සරණපාල නම් මහත්තෙක්ගේ.
"සරත් ෆොන්සේකගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම අයින් කරද්දි මහින්දට පොඩ්ඩක්වත් හිතුනෙ නැද්ද ඒ මනුස්සයාගේ ජීවිතයට තර්ජනයක් වෙයි කියලා ?
එතකොට එවා කලේ පළිගන්න නෙවෙයිද?
යුද්ධය ඉවර කරන්න මහින්ද සියයට 25ක දායකත්වයක් දුන්නනම් ඉතුරු සියයට 75 ම දුන්නේ සරත් ෆොන්සේකා ඇතුළු යුද හමුදාව සහ පොලිසිය .
එතකොට ඒ මනුස්සයව වැලිකඩ රිමාන්ඩ් කරනකොට ඒක ඇතුලේ LTTE ත්රස්තවාදීනුත් රිමාන්ඩ් කරලා ඉන්නවා කියලා මතක් වුනේ නැද්ද?
එතකොට ඒ මනුස්සයාගේ ජීවිතයට තර්ජනයක් කියලා මතක් වුනේ නැද්ද ?
රාජපක්ෂල උනුයි උන්ගෙ පවුල්වල එවුන් ගැනයි විතරයි හැමදාම හිතුවේ රජකම් කරත් කළකම් පලිසන් දෙනවා කියන්නේ ඔවට තමයි මහින්ද ලොක්කා
-- සරණපාල-saranapala"
කැලන් සිල්වා මහත්තයා හිතන්නේ මෙහෙමයි.
"මහින්ද මහත්තයාට ගහනවා කියලා කියන්නේ මොකක්ද ? . ගහන්න ඕනී තමයි.
යුද්දේ පෙන්නලා අපිට එයා ගහපු ගැහිල්ල කොහොමද ?.
සබරේ රන්ජන් මහත්තයා දැක්කේ ප්‍රබ්‍රද්ධ කොණයකින් කියලා කඩුල්ල කල්පනා කලා.
"මේ රජය බලයට ගෙන එන්නට 69න් බහුතර කොටසක් එක්වුයේ තම සාම්ප්‍රදායික දේශපාලනය පැත්තකින් තබාය.
වැරදි කර ඇත් නම් ඔහුන්ගේ කලින් දේශපාලන නායකයා වුවත් දඩුවම් ලැබිම ගැන අහිතක් නැත. නමුත් කෙනහිළිකම් කිරීම,
මඩ ගැසීම, චරිත ඝාතනය කිරිම්, වෙනසක් අපේක්ෂා කල මධ්‍යස්ථ මතධාරින්ට ? .
ලක්ෂ්මන් ලියනගමගේ මහත්තයා දකින්නේ මේ විදියට.
Winston Churchill gives leadership to 2nd world war defeat Germany after the war 1965 he died 20 years later the war.
But he never had any benefits or security as leadership to the war .
Mahinda is not war hero he is war joker
ඒකත් ඇත්ත තමයි. අපි යුරෝපීය සිතුම් පැතුම් නැති ආසියාතිකයෝ නේ. නම්බියාර් ඉන්න දෙමළ චිත්‍රපටි වල ඉන්න චරිතනේ කියලා කඩුල්ලට හිතෙන්න පටන් ගත්තා.
චාන්දණී ලියනපතිරණට මහත්මියට මහින්ද නයාට අදු කොල වගෙයි. මේ ප්‍රතිචාරයත් නැවතත් එකතු කරලා. කඩුල්ල බිද දාන අදහසින් වගේ.
"යටගසා සැඟවූ රාජපක්ෂ සෙවනැළි ඇති කුප්‍රකට ඝාතන
මහින්ද රාජපක්ෂ සමයේ මිහින් ලංකා ඇතුලු එයාර් බස් ගණුදෙණුව ගැන තොරතුරු අනාවරණය කළ රජීව් ජයවීර ගේ මළ සිරුර 2020 ජනවාරි 12 දින කුරුඳුවත්ත, නිදහස් චතුරස්‍රය අසල තිබි කුරුඳුවත්ත පොලිසිය විසින් සොයාගනු ලැබීය. අවට පිහිටි සීසීටීවී කැමරා වල පවා සටහන් නොවුනු මෙම අභිරහස් ඝාතනයේ සුළමුල සොයා යාමේදී කොලොම්බෝ ටෙලිග්රාෆ් වෙබ් අඩවියට ඝාතනය වූ හිටපු ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ විධායක ශ්‍රේණියේ නිළධාරියෙකු වූ රජීව් ජයවීර ලියූ කුප්‍රකට එයාර් බස් ගණුදෙණුවේ සවිස්තරාත්මක ලියවිල්ල හේතුවී ඇති බවට බොහෝ සාක්ෂි ඇත.
පහතින් පළකර ඇත්තේ ඔහු විසින් රාජපක්ෂ පවුල විසින් කළ මෙම කූට ජාවාරම පිළිබඳ ලියවිල්ලයි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් A 330 – 300 ගුවන් යානා, 06ක්, A 350-900 ගුවන් යානා 04ක්, මිලදී ගැනීමට සහ තවත් A 350-900 ගුවන් යානා 04ක් බදුපදනම මත ලබා ගැනීමට අධ්යක්ෂ මණ්ඩලය විසින් 2013 වර්ෂයේ දි තීන්දුකොට තිබුණි. මෙම අධ්යක්ෂ මංඩලය ලෙස රාජපක්ෂ හිතවාදී Board of Directors during the re-fleeting exercise were: සිරිලියගේ මල්ලී වන නිශාන්ත වික්‍රමසිංහ සභාපති, කපිල චන්ද්ද්රසේන(Director/CEO) නිහාල් ජයමාන්න ශමීන්ද්‍ර රාජපක්ෂ මනිලාල් ප්‍රනාන්දු සනත් උක්වත්ත , සුසන්ත රත්නායක , සහ ලක්ෂ්මී සංගක්කාර පත්කර තිබුණි.
මෙම හොර ගණුදෙණුව සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේනට ලංඩන් ක්‍රවුන් අධිකරණයෙන් වරදකරු කර ඇත.
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් මිලියන 2528.12ක මුදලක් පෙර ගෙවීම් ලෙස අදාල ගුවන් සමාගමට ගෙවනවිට රටේ දැවැන්ත විදේශ විණිමය අර්බූධයක් තිබිණි.
ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් මෙකී ගුවන් යානා 04 බදුපදනම මත ලබාගැනීම සඳහා වු බදු ගිවිසුම අවලංගු කොට තිබුණි. මේ හේතුවෙන් රුපියල් මිලියන දාසයදහස් නමසිය විසිහතරයි දශම තුනයි හයක (16,924,36) මුදලක් වන්දි වශයෙන් අදාළ සමාගම වෙත ගෙවීමට ගුවන් සමාගමට සිදුවී තිබුණි.
මේවා කජු ඇට කොස් ඇට නොවේ. මෙවැනි මගඩි නිසා කිහිප දෙනකු තම මඩිය තරකර ගත්තද, අවසානයේ මෙකී වන්දි මුදල ගෙවීමට සිදුවූයේ රටේ මහජනතාවටය.
ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් එස්. ඒ. එස්. එයාර්බස් සමාගම සමග ගුවන් යානා මිලදී ගැනීම සඳහා ගිවිසුම්ගතව තිබූ අතර පෙර ගෙවුම් ලෙස එස්. ඒ. එස්. එයාර්බස් සමාගම වෙත ගුවන්යානා ගනුදෙනුව සඳහා රුපියල් මිලියන 16,924.36ක මුදල ගෙවා තිබුණි.
මෙම ගෙවීම ගුවන් සමාගමේ එවකට හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන කපිල චන්ද්‍රසේකර විසින් සිදුකළේ ඔහුගේ බිරිඳට අයත් සමාගම හරහාය. එහිදී සිදුවූ කොමිස් ගණුදෙණුව ඩොලර් මිලියන තුනකි. එය සිංගප්පූරු සමාගමකට ප්‍රංශ එයාර් බස් සමාගම විසින් බැරකර තිබූ බව ලංඩන් ක්‍රවුන් අධිකරණයේදී හෙළිවිය. කපිල චන්ද්‍රසේකරගේ හිතුමනාපෙට මෙම අති විශාල ධනස්කන්ධය ලබා ගැනීමට රාජපක්ෂ නීලකාස හොරුන් ඉඩ දෙයිදැයි සිතා බලන්න.
ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වූ කපිල චන්ද්‍රසේන එරෙහිව සිවිල් ක්‍රියාමාර්ගයක් ගතහැකිද යන්න පිළිබඳව ගුවන් සමාගම විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලා සිටියද රාජපක්ෂ පවුලට යටවූ නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේය.
රජීව් ජයවීරට මෙම දීර්ඝ හෙළිදරව්ව රටේ ජනතාවට කිරීමට සිදුවූයේ එවන් වාතාවරණයක් මැදය.
සත්‍යය හෙළිදරව් කිරීමේ වරදට රජීව්ට ජීවිතෙන් වන්දි ගෙවීමට සිදුවූ අතර ඔහුගේ සිරුර අසල මයික්‍රෝ පිස්තෝලයක් තබා ඝාතකයින් පැන ගියේය. එවකට පැවති ගෝටාභය පාලනය විසින් මෙම සිදුවීම සම්බන්ධ පරික්ෂණ යට ගසන ලදී.
ජේ ද සිල්වා ලියනාරච්චි මහතා කියන්නේ මෙවන් කතාවකි.
තමා මියගියොත් පක්ශයේම එවුන් නාමල්ට ගහල පන්නන බව දන්න නිසා, පවුලේ එවුන් ටික ආරක්ශා කරගන්න ඕන නිසා,
උන්ට යන එන මං නැතිවෙන බව දන්න නිසා
මොන ජෝගියක් හරි නටලා,
බලෙන් ජනතා මුදලින් ජීවත්වෙන්න පවුල ජීවත්කරවන්න ඕන නිසා
සට්ඨැබි දමලා පාර්ලිමේන්තුවේ කෑගස්වනවා.
ලැජ්ජයි.
ජර්මනියේ චාන්සලර් තමාගේ පාලන කාලය ඉවර උනාම තමා ජීවත් උන ෆැලැට් එකට ගියා.
ඒ රටවල් දියුනුකරපු මිනිස්සු.
මෙයා රට බංකොලොත් කරපු බව උසාවියෙන් තහවුරු කරපු අපරාධකරුවෙක්.
අපේ බදු මුදල් වලින් මෙයා වත් එයාගෙ පවුලත් නඩත්තු කලයුතුද ?
බුදු වදනක් තියෙනවා.
ජීවිතං අනියතං, මරණං නියතං කියලා.
මෙයා හිතාගෙන ඉන්නේ මැරෙන්නෙ නැහැ කියලා.
විදවලා මැරෙන්නේ.
බහුතරයක් ජනතාවගේ ශාපය නිසා.
මේ කතා සාගරය දිගින් දිගට ඇදිලා යයි. කඩුල්ල හිතා ඉන්නවා මේ විදියට දිගින් දිගට ලියන්න.
රිලව් ,පොල් ,හාල් ,වගේ ඒවා ගැනත් මේ අතර ලියන්නම්.
නැත්නම් එකම කතා අහලා එපා වෙන්නත් පුලුවන්.
0 comments:
Post a Comment
ඔබේ අවධානයට ස්තුතියි.