RSS

ඉවසීමෙන් විමසිල්ලෙන් බලා සිටිය යුතුමයි.ඉක්මන් නොවිය යුතුයි.





 මගේ මුණු පොතේ මේ අදහස පලකලේ ලැබෙන ප්‍රතිචාර නිරීක්ෂණය කරන අදහසින්. සමහර පාඨකයෝ  මා පලකල ලිපියේ අන්තර්ගතය අවධානයට ලක්නොකර බාහිර අදහස් ප්‍රකාශ කරනවා. එයට හේතුවක් තියෙනවා වර්තමාන ආණ්ඩුවට ලැදි කොටස් ඉලක්ක කර ගන්නේ පලකිරීම නෙමෙයි පලකරන්නා. ඔවුන් හිතන්නේ ආණ්ඩුවට පහර දෙන්න මෙවැනි වියමන් පලකරනවා කියලා.

"යම් දවසක අනුර බලයෙන් විසිකර හරිණි අමරසුරිය රනිල් වික්‍රමසිංහ මෙන් " වැඩ බලන්න " ජනාධිපති කරවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන විට ඇමරිකන් අවශ්‍යතාවයට ජවිපය යෙදවා ගෙන පමණක් ඇති බව ඔවුන් වටහා ගනු  ඇත." ----Copied 

මෙය පාදක කරගෙන මෙම වියමන වියමන් වෙනවා.

"2018 වෙනකොටත් ෆේස්බුක් එකේ නැතිවෙච්ච පූසන්ගෙ පෝස්ට් ශෙයා කර කර හිටපු හරිනි අමරසූරිය...
අලුතෙන් හදපු මාලිමාවේ ඉහලම පුටුවට යනකොට,
කවදාවත් ජවිපෙ හෝ වාමාංශික දේශපාලනයක නොසිටිය ඇය පළපුරුදු ජවිපෙ දේශපාලකයන් අබිබවා රටේ අගමැති වෙනකොට,
අපි කිව්වා මෙතන තියෙන්නේ වෙනම ගේම් එකක් හරිනි කියන්නේ එක්සත් ජනපද උවමනාවට ගෙනල්ලා ප්ලාන්ට් කරපු ඉත්තෙක් කියලා.
LGBT ව්‍යාපෘතිය, ෆෙඩරල් මතවාද එක්ක එන හරිනි ඇතුලු මාලිමා නඩය නටන්න හදන නාඩගම අපි එදා දැක්කා. 
ඒක මුහුණු පොතේ ලිව්වා. 
අපට එදා හිනාඋනා අපහාස කරා.
ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කියපු විමල් වීරවංශට උසුලු විසුලු කරා
මේවා කුමන්ත්‍රණ නෙමේ ඇමරිකානු බල කඳවුරේ එලිපිට කරන ප්‍රොජෙක්ට් කියල නලින් ද සිල්වා මහතා කියනකොට මැන්ටලයක් පිස්සෙක් කිව්වා.
නමුත් අද USAID සංවිධානය ලංකාවේ ව්‍යාපෘති සඳහා තෝරාගත් පිරිස අතර පළමු 10 අතරේ හරිනි අමරසූරිය සහ ඇගේ විශේෂ ලේකම්වරිය ඉන්න බව ඊලෝන් මස්ක් ගේ හෙලිදරව්වල පැහැදිලිවම සටහන් වෙනවා.
ඊට අමතරව එජාපයේ සෑහෙන පිරිසකගේ නම් මේ ලැයිස්තුවේ සඳහන්.
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊලෝන් මස්ක් නොහිටින්න අදත් රටේ මිනිස්සු හිතන්නේ ජාත්‍යන්තර බලපෑම් කතා බොරුවක් කියලයි.
( උපුටනය අවසන්.)

ප්‍රතිචාර දක්වන්නියක් මෙහෙෙ කියනවා 
"ඒකත් දැනගත්තේ ට්‍රම්ප්පච්චිට පිං සිද්ද වෙන්න. God bless him " 
තවත් කෙනෙක් ගේ අදහස  
"පාලකයින් බුද්ධියෙන් රට පාලනය නොකොලොත්,රටම අමාරුවේ " කියලයි
 වැඩියෙන් ගෙදර ගිය .....පොඩිහිටියන්ට රට ගිය 85 න් ලක්ෂ නවයක් ගෙදරවී නිහඩවුන ඡණ්ද පොල හිස් වුන......කවුද වගකියන්නේ මේ රටට "  රටට වගකිවයුතු කෙනෙක් නැති බව පලකරන්නේ වැඩිහිටි ගුරුවරයෙක්.
විශ්‍රාමික විදුහල්පතිනියක්   ""මම නම් තාමත් මෙසේ නොදකිමි. මේ කතාවද පච වංශගේ ඇමරිකන් කුමන්ත්‍රණයක් කියන තලියේත් කිඹුලන් දැකීමකි.""
"බොහො ක්‍රියාකාරකම් ගැන එම ක්‍රියා කාරිකයින්ම පසුව පාපෝච්චාරණය කල වාර්තා ඕනි තරම්, සොයා කියවන්න. "කියලා තවත් ගුරු මහත්මියක  කියන කොට පළමු විදුහල්පතිනියට චුට්ටක් තරහ  ගිහිල්ලා වගේ  "විශේෂ අවශ්‍යතාවයක් සැබව්න්ම නැත.ස්තුතියි ඒ බව දැන්වූවාට" පලකරනවා.
"ලෝකය ගැන දන්නේ නැති අය ට තමයි මේවා විහිළුවක් වෙන්න ඇති කියලා හිතෙන්නේ   " ඒ තවත් අදහසක්.                
දේශපාලන පීඩාව ,වෛරය සහ නිතර පිටකරන මගේ මේ මිත්‍රයා 
"අවුරුදු 76ක් රට විනාශවෙනතුරු බංකොලොත් වෙනතුරු බලා හිටපු මිනිස්සුන්ට මේ අවුරුදු 5 බලාඉන්න බැරි හැටි. හරි පුදුම ජාතියක්. මේ විදියට ඒ කාලෙත් විවේචන හොරකම් , ඩීල්, කොමිස් ගහපුව පෙන්නල දීල ඒ අයව නීතියේ රැහැනට කොටු කරල දුන්න නම් එක්කො උන් හිරේ, නැත්නම් මේ පෝස්ට් ලියන අය දිව්‍යලෝකෙ හරි අපායෙ හරි ඉන්න තිබුනා. ඒ තරම් ධාර්මික සුදු වෑන් නැති රටක්නෙ අපිට තිබුනෙ."                                                                                                                                                  
මෙතුමා විශ්‍රාමික විදුහල්පපති වරයෙක් ජවිපෙට සහයෝගය දක්වන් දවසකට එකක් දෙකක් පෝස්ට් ලියන මිත්‍රයෙක් .
"එයාලා ඉස්සර කිව්වෙ ජවිපෙ ඉන්නෙ අඩුකුලේ උන් කියලා.ඊට පස්සෙ කිව්වා උන් හිඟන්නො කියලා. 2010/15 වෙද්දි පෞද්ගලිකව එක් එක් අයට අපහාස කළා.අනුරට ලපයා,පචයා,කට උල්කරලාබොරු කියන්නා,පුංචි අම්මා,සුනිල්ට ඇඟිලිකොටා,ආදිය.2020 විතර වෙද්දි අනුන්ගෙ කළිසම් කමිස ඉල්ලන් ඇඳින ආදී අනුන්ගෙන් යැපෙන කොටසක් ලෙස ඒත්තු ගැන්නුවා.ඊළඟට ඉංග්‍රීසි බැරි සමාජ සම්බන්දතා නැති ගොඩයො කිව්වා.ජවිපෙ ජාජබ වෙලා උගත් බුද්ධිමතුන් ඒවටා රොක් වෙද්දී ඊළඟට බැලුවා මාලිමාව ඇතුළෙ ජවිපෙ හා අලුතින් එකතුවූ පිරිස අතර භේදයක් හදන්න.ඒකත් අසාර්ථක වුනාම පක්ෂය තුළ දක්ෂ ක්‍රියාකාරීන් දඩයම් කරන්න ගත්තා.චතුරංග,හරිණී,කොට්ටහච්චි,කෞශල්‍යාආදීන්.
එයාලට මුළ ඉඳන්ම හරිණී මාළිමාව තුළ හිඳීම ලොකු හිසරදයක් වුනා.එයා අපේ පංතියේ කෙනෙක්.ප්‍රභූවරියක්.කියලයි ඔවුන් හිතුවේ.අවසානේ දැන් ඇය අමෙරිකන් ඔත්තු කාරියක ලෙස හංන්වඩු ගැහීමේ බොළඳ උත්සාහයක යෙදී සිටී."
තවත් මහත්මයෙක් ගේ අදහස මෙහෙමයි
"තමන්ගේ පක්ෂ කුල්ල කුජීත වෙලා තියෙද්දී.ඉන්ද්‍රකීළයක් සේ නොසැලිව බලවත්ව සිටින පක්ෂයක් සොලවන්න ගන්නා මේ උත්සාහයන් ලේනියක් වලිගයෙන් මුහුද සිඳින්නට ගත් උත්සාහයට සමානයි.
වත්මන් පාලකයන්ගේ අභිමතාර්ථය, බoකොලොත් කර ඇති රට, සoවර්ධිත රටක් බවට පත්කොට, පීඩිත ජනතාවට බලාපොරොත්තු සහිත ජීවිතයක් ලඟා කරදීමේ උතුම් අරමුණ මිස, පැවැත්මක් නැති හුදු බලකාමය නොවන බව, ගැටලු නිර්මාණය කිරීමට යත්න දරණ්නන් තේරුම් ගත යුතුය . "                                                                                                                                                                                                                                   විශ්‍රාමික අධ්‍යාපන පරිපාලන නිලධාරියෙක්    මෙහෙම අදහසක් පලකරනවා.                                                                                                              "දැන් ඇමෙරිකාවෙ අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම කණපිට හැරිල නේද තියෙන්නේ. හැම කාලෙකම වගේ රාජ්‍ය නායකයින්ට මේවගේ චෝදනා එල්ලවුනා. ඒක අපේ රටට විතරක් නෙවෙයි. විශේෂයෙන් තුන්වැනි ලෝකයේ රටවල නායකයන්ටත් අඩුවැඩි වශයෙන් වෙනත් සමහර රටවල නායකයන්ටත් එහෙම වුනා. විදේශ බලවේග කොහොම වුණත් රටට විනකරන දේශපාලනඥයින් ගැන මිනිස්සු තීරණ ගන්න එක වළක්වන්න බෑ. විමල් වීරවංශ ඔය දේවල් කියන්නෙ මොන අරමුණින්ද කියල හැමෝම වගේ දන්නවා. ඒ නිසා අඩුම නපුර තෝරාගැනීමේ න්‍යාය තමා අනුගමනය කරන්නේ.
මේ තවත් ප්‍රතිචාරයක් . මාලිමාවේ සහෝදරයෙක්.
"වීරවංශ ගනයේ මේවැනි පුලාප වලට රටේ මිනිසුන් රැවටුන යුගයක් තිබුනා නමුත් දැන් ලෝකය ගොලීකරණය අතින් උච්ච ම තලයකට පත් වෙලා. ලංකාවත් එහිලා සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන එම නිසා තව දුරටත් ගොත්ත්‍රික නොවන සමාජයක මේ වැනි අධිරාජ්‍යයවාදි බීජයන් රෝපනය කල නොහැකි බව කපටි වන්චනික ප්‍රබන්ධකරුවන් තේරුම් ගත යුතුව ඇත."
ඈ ලියන්නේ බංගලි දේශයේ ඉදන්
"ඔය තියෙන්නේ ඩුබායි සහ මැද පෙරදිග රටවල් එක්ක අපේ සම්බන්ධතාවය වැඩි කර ගනිවි කියන භය . ඇමරිකාවත් දැන් භුමිතෙල් ගහපු ගැරඩි වගේ. එක ගලෙන් කුරුල්ලෝ පහක් හයක් මරන්න ට්‍රයි කරන්නේ . අපේ ලංකාවේ ඇත්තොන්ටත් ඉතිම් ඉබ්බා දියට දැම්මාම ඇන්නැවේ කිව්වලු . ඇයි ඉතින් ඇමරිකාවෙන්නේ මේ නිවුස් ටික ඔක්කොම දුන්නේ . පුදුම ආවැඩිල්ලක් තියේවි බුකියේ මේ සතිය පුරා.එක්සත් ජාතිම පක්ශයේ නම් වැඩි පුර ඉන්නේ. එ අයට දින්න බැරි උනේ ඇයි.ලියන්නා කෙසේ ලීවත් බලන්නා.  
මේ නිව්යෝර්ක් දෘෂ්ඨියෙන් . කවදත් සුබවාදී දේශපාලන අදහස් දරන මගේ සහෝදරයා.
Dream island people newer ever getting up still looking bad dream.how ever building the country
මෙතුමිය විශ්‍රාමික ගුරුතුමියක්. මාත් එකග වෙනවා අදහසට හෙඩිමටත් ඒකම යෙදුවා.
"ඉවසීමෙන් විමසිල්ලෙන් බලා සිටිය යුතුමයි.ඉක්මන් නොවිය යුතුයි."


අයෙත් මෙවන් බහුබූතයකින් හමුවෙමු.

එතෙක් ආයු...බෝ වේවා. 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ලයිට් කපනවා.



ලංකා විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය. සිංහලෙන් කිව්වොත් System Control Centre එක. ලංකාවේ මෙගාවොට් 10ට වැඩි හැම බලාගාරයක්ම සහ කිලෝවෝල්ට් 132 සහ 220 ප්‍රමාණයේ අධි බල විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය පාලනය සහ නිරීක්ෂණය කරන්නෙ මෙතැන් සිට. ඕගොල්ලො දන්නව විදුලිය කියන්නේ දවස පුරාම විචලනය වෙන ඉල්ලුමක් සහිත දෙයක්. ඒ වගේම ඒක Real Time System එකක්. ඒ කියන්නේ ඉල්ලුම සහ සැපයුම සැමවිටම බැලන්ස් වෙන්න ඕන. නැත්තම් පද්ධතියට හානි වෙනව සහ බිඳවැටෙනව. ඉතින් මේ ඉල්ලුම සහ සැපයුම බැලන්ස් කරන්න විදුලි බලාගාර පද්ධතියට එකතු කරන්න සහ ඉවත් කරන්න බලය තියෙන්නේ මෙතැනට.
ඊළග ගැටලුව කොහොමද හරියට ඉල්ලුම සහ සැපයුම ගැලපෙනවද කියල දැනගන්නෙ. විදුලියේ ආකාර දෙකක් තියෙනවා. එකක් සරල ධාරා (DC) සහ ප්‍රත්‍යාවර්ත ධාරා (AC). ජාලගත විදුලි පද්ධතියක තියෙන්නේ AC විදුලිය. මේ ධාරාව දෝලනය වෙනව. ඒ තප්පරයට වට 50ක වේගයෙන්. නැත්තම් හර්ට්ස් 50ක සංඛ්‍යාතයෙන්. ඉතින් පද්ධතියේ ඉල්ලුම සහ සැපයුම හරියටම ගැලපෙනවා නම් සංඛ්‍යාතය 50Hz වෙන්න ඕන. 50ට අඩු නම් ඉල්ලුමට වඩා සැපයුම අඩුයි. 50ට වැඩි නම් ඉල්ලුමට වඩා වැඩිපුර සැපයුම තියෙනවා. පද්ධති පාලකවරු මේ අගය ගැන ඇහැ ගහගෙන ඉන්නෙ පැය 24 පුරාම. ඕක 49.5 - 50.5ට අතර පවත්වා ගන්න ඕන ලංකාවේ සම්මතයන්ට අනුව.
ඉතින් මේක පාලනය කරන්නෙ කොහොමද? ඒක කරනව ක්‍රම දෙකකට. කෙටි කාලීනව සහ දිගු කාලීනව. හිතන්න දවල් කාලයේ ඉල්ලුම මෙගාවොට් 1000යි. විවිධ තැන්වල
විදුලි යන්ත්‍ර පණගන්වන / ක්‍රියාවිරහිත කරන නිසා මේක 950 - 1050 අතර විචලනය වෙන්න පුළුවන් (මේ පරාසය එතන ඉංජිනේරුවො අත්දැකීමෙන් දන්නව). ඉතින් ඒ නිසා කරන්නෙ මෙගාවොට් 900ක් විතර විවිධ බලාගර වලින් ගන්නව. ඒ හැමෝම තමන්ගෙ සැපයුම නියතව තියාගන්නව. ඉතිරි ටික පාලනය කරන්න ගන්නව එක් බලාගාරයක්. එයාට කියන්නේ Frequency Controlling Machine කියල. අපි හිතමු මෙයාගේ ධාරිතාව මෙගාවොට් 200යි කියල. එතකොට එයාට පුළුවන් සම්පූර්ණ ඉල්ලුම 900 සිට 1100 දක්වා විචලනයකට මූණ දෙන්න එයාගේ සැපයුම වෙනස් කරමින්. ඒක කරන්නෙ අර කලින් කියපු සංඛ්‍යාතය වෙනස් වෙන දිහා බලාගෙන (දැන් නම් මේවා ස්වයංක්‍රීයව කෙරෙන්නෙ). ඒත් හවස් වෙද්දි මිනිස්සු විදුලි පහන් දල්වනකොට, ටෙලිනාට්‍ය බලන්න ගන්නකොට ඉල්ලුම එක පාරට වැඩි වෙනව. එතකොට දෙවෙනි ක්‍රමයට යනව. පද්ධති පාලකවරු විවිධ බලාගාර වලට කතා කරල කියනව ඔයා දැන් මෙච්චරක් දෙන්න කියල. එතකොට ඒ යන්ත්‍ර පණගැන්වෙනව. ඒ වැඩි වෙන සැපයුම සහ වැඩි වෙන ඉල්ලුම අතර වෙනසක් වෙනව නම් අර කලින් කියපු පාලක යන්ත්‍රයේ අවුට්පුට් එක වෙනස් කිරීමෙන් බැලන්ස් කරනවා.
අද උනේ මොකද? අද වුණේ විරල සිද්ධියක්.
ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ ඇති වුන අසමතුලිකතාවයක් නිසා සිස්ටම් එකම පාලනයෙන් ගිලිහෙනව. පානදුර ප්‍රදේශයේ ට්‍රාන්ස්ෆෝමර්ස් එකක වදුරෙක් ගැටීමක් සිදුවෙලා තමයි මේ සිදුවීමට මූලික හේතුව. එතකොට ඒ මුළු සැපයුමම පද්ධතියට නැතිවෙනව. ඒ ප්‍රමාණයේ අඩුවීමක් පද්ධතියට දරන්න බෑ. ඒකට ප්‍රතික්‍රියා කරන්න කාලයක් නෑ. ඉතා ක්ෂණිකව වෙන දෙයක්. වෙන බලාගාරයකින් ඒ අඩුව සපුරන්න බෑ. එතකොට වෙන්නෙ අර 49.5ට උඩින් තියාගෙන ඉන්න ඕන එක 48, 47, 46, 45 වගේ බැහැගෙන යනව. ඔහොම බහිද්දි පද්ධතියේම ආරක්ෂාව වෙනුවෙන් සියලුම යන්ත්‍ර ඉබේම අක්‍රීය වෙනවා. දැන් සේරම නිහඬයි. බලාගාර වල පවා දැන් වැඩ කටයුතු කරන්නෙ ඒවයේ තියෙන හදිසි ඩීසල් ජනක යන්ත්‍ර වලින්. මේ බිඳිල විසිරිලා ගිය පද්ධතිය නැවත සංයමයෙන් අමුණන්න ඕන, අර බැලන්ස් එකත් තියාගෙන. නැත්තම් කොච්චර කලත් ආයෙ බිඳවැටෙව. මේක ලේසි කටයුත්තක් නෙවෙයි. දැන් වෙන්නෙ ඒක.
මම මේ කිව්වේ බොහෝම සරලව විදුලි පද්ධතියක වෙන දේ. සමහරු කොච්චර විශේෂඥ මත පලකරත් බැටරියකට වයර් කෑල්ලක් අමුණල බල්බ් එකක් පත්තු කරනවා වගේ නෙවෙයි රටකට විදුලිය දෙන එක. ඒක දන්නෙ ඒකෙ නියැලෙන අයම තමා. කොටින්ම මම දන්නෙත් බොහෝම පොඩ්ඩයි.
ස්තූතියි
මම වසන්ත කුමාර


මාධ්‍ය , සමාජ මාධ්‍ය දේශපාලන අදහස් විවිධයි. හෙටත් මොනවත් ලියන්න එපැයි. අනිත් ලිපියෙන් ඒ බහුබූත කතා කරමු.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

වී ගොවියා .


Gunatilaka Herath

"ඇතැම් ඇමැතිවරුන්ගේ අදහසක් තියෙනවා ගොවියා නිපදවන වී ටික වී අලෙවි මණ්ඩලයට නොදීම සාධාරණ නෑ කියලා. එසේ කියන්නේ, භූමිය, ජලය, සමහරවිට බිත්තර වී, පොහොර ආදියත් රජයේ අනුග්‍රහය ඇතිව ලබා දෙන නිසා. 
එසේ වුවත් වී අලෙවි මණ්ඩලය ස්ථාපනය කිරීමේ අරමුණ වූයේ ගොවීන්ගේ වී සියල්ල මිලට ගැනුම නොව ආරක්ෂිත වී තොගයක් පවත්වාගෙන යමින් වෙළඳපොලේ වී සහ සහල් මිලේ ඇතිවන උස් පහත් වීම් පාලනය කිරීමයි. 
පෞද්ගලික මහ මෝල් හිමියන් සහල් වෙළෙඳ පොළේ ඒකාධිකාරයක් ඇතිකරගෙන සහල් වෙළෙඳ පොළට නිකුත් නොකර සඟවාගෙන, සහල් හිඟයක් කෘතිමව ඇතිකර, මිල වැඩිවීමට සලස්වා අසාධාරණ ලෙස අධික ලාභ ලැබීම, පවතින පාලනය අපහසුතාවයට පත් කිරීම හා ජනයා කුසගින්නේ තැබීමට ක්‍රියා කරනවා නම් ඒ සඳහා එවැනි මෝල් හිමියන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුය. එහිදී මොවුන් වරදක් සිදු කරබව සනාථ කළයුතුවේ. 
මේ සඳහා රජයේ විගණන දෙපාර්තමේන්තුවේ පළපුරුදු විගණන
නිළධාරීන්ගේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ සේවය ලබාගත යුතු වේ. එහිදී ඔවුන් විසින්, වගාකළ බිම් ප්‍රමාණය, ගොවීන් සංඛ්‍යාව, මාස් කන්නයට ලබාගත් බිත්තර වී, පොහොර හෝ මුදල්, දළ වශයෙන් ලබාගත් අස්වැන්න ප්රමාණය, පරිභෝජනයට තබා ගත් ප්රමාණය, අලෙවි කළ ප්රමාණය, අලෙවි කළේ කාටද, ගොවිතැන සඳහා නය මුදල් ගනු ලැබුවේ නම් ඒ විස්තර හා වල් නාශක හා කෘමි නාශක ලබා ගත්තේ කෙසේද, ආදී දේවල් ගැන විගණන නිළධාරීන් ගොවීන් නියැදි ලෙස තෝරා ගෙන ඒ කෙරෙහි අවධානය යොමු කරනවා ඇත. එසේම මහ මෝල් හිමියන් බැංකු වලින් ලබාගෙන ඇති නය මුදල්ද,දැනට ඔවුන් සතුව ඇති වී තොග ද මෙහිදී නිරීක්ෂණය කරනවා ඇත. 
මෙලෙස කිරීමෙන් මහ පරිමාණ සහල් මෝල් හිමියන්, සුලුපරිමාන මෝල් හිමියන් හා වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් රැස්කරගෙන ඇති වී ප්‍රමාණය දළ වශයෙන් ගණන් බැලිය හැකිවේ. 
මෙය ඉතා දුෂ්කර කාර්යයක් වූවත් වංචාවක් සිදුකර තිබේ නම් ඒ බව සනාථ කිරීමට මෙම දත්ත උපකාර වේ."

මුණු පොතට ලියන ගුණතිලක හේරත් මහතා ගේ අදහස එහෙමයි.

කඩුල්ල ගොවියාත් පාරිභොගිකයාත්  ආරක්ෂා විය යුතුයැයි හිතන කෙනෙක් . මේ දෙදෙනාම ආරක්ෂා කරන්න නම් රජය මැදිහත් වෙන්න වෙනවා.

ගොවියාට ජලයත් පොහොර සහණාධාරයත් අඩු මිළට කෘෂි රසායන ආදියත් රජය සපයනවා නම් වී අස්වැන්න රජයට දිය යුතුයැයි , වර්තමාන රජය කියන්නේ. එහෙම නම් රජය වෙළද පලේ ඇති මිළට සමාන මුදලකට වී මිළදී ගන්න ඕනෑ කියලයි කඩුල්ල හිතන්නේ.ගොවියා හැමදාමත් දුප්පතෙක්. ඒ දුප්පත්කකම නැතිකරන්න  , සූරාකෑම නතරකරන්න කියන ස්ලෝගන් එක වයමින් ජවිපෙය වර්ෂ ගනනාවක් ධනපති ආණ්ඩුවලට බල කරමින් එරෙහි වෙමින් කටයුතු කලා. ගොවියා ඒ ගීතයට මෙවර සවන් දුන්නා. එහෙම නම් අද ගොවියාට සවන් දිය යුතුය.

අද පුද්ගලික වී මෝල් හිමියන් තෙත වී රුපියල් 170.00ට මිළදී ගන්නවා. ඔවුන් සතුව ඇති නවීකරණයවු මෝල් ප්‍රමිතියට වී ගබඩා කරගන්න පහසුකම් වලින් යුක්තයි.ඔවුන් හට රජයේ පාලන මිළට හාල් අළවි කරන්න බැරිවු විට රටේ හාල් හිගයක් ඇති වෙනවා.මිළ පාලනය කරන්න බැරිව ගිලිහෙනවා.  මේ ගබඩාවල ඇති වී වල නියම අයිතිකරුවා බැංකු පද්ධතිය බව අපි අමතක කරන්න හොද නැහැ. රජය බලහත්කාරය යෙදවුවොත් සමස්ත ක්‍රියාදාමයම බිදවැටෙනවා.

ගොවියාගේ නිෂ්පාදන වියදම අඩු කිරීමට අවධානයක් රජයට තියෙන බවක් පෙනෙන්න නැහැ. පසුගිය ආණ්ඩු මේ ගැන සැලකිලිමත් වුනේ නැති නිසා කියලා ඇග බේරා ගන්න හදනවාට වඩා දැන්වත් ඒ ගැන සැලකිලිමත් වෙනවා නම් හොදයි.නිෂ්පාදන වියදම අඩුකරගන්න අස්වැන්න වැඩිකරගන්න ක්‍රමෝපායන්, ශ්‍රමදායකත්වය අඩු කරගන්න කෘෂියන්ත්‍රෝපකරන  පහසු මිළට ගන්න බදු සහන වගේ දේවල් ලැබෙන්න ඕනි. අපි තාමත් මේ අතින් ප්‍රාථමිකයි.ව්‍යාපාරිකයෝ ළග තියෙන යන්ත්‍රෝපකරන ගොවියා හයර් කරන්න අධික පිරිවැයක් දරනවා. කන්නයක් වපුරා අස්වැන්න නෙලා ගන්නාතෙක් ගොවියා විදින දුක මේ රජය දන්නේ නැත්නම් ඒක අරුමයක්.

 හාල් සේරු දෙකක් නිකම් දුන්න රටක්. එකක් ශත විසිපහටත්  අනෙක ශත පනහටත් දුන්න කාලයක් තිබුනා. මෙයින් පාරිභෝගිකයා ආරක්ෂා වුනා කියලයි මම හිතන්නේ. පිනට දී මේ සංකල්පය ලෙස හදුන්වන මේ ක්‍රමය මොඩිෆයි කලොත්..........

වී අළවි මණ්ඩලය වහලා දාමු. එතකොට වී එකතු කරන්න වේලන්න ඕන නැහැ. වී ගබඩා නඩත්තු කරන්නත් ඕනි නැහැ. නිළධාරි සේවකයෝ මෝඩ සභාපතිවරු අධ්‍යක්ෂ මණ්ඩල ඕනිත් නැහැ.

මෝල් හිමියන්  ට  නියෝග කරමු සහල් සතොස STC වගේ ආයතනවලට පමනයි දෙන්න ඕන කියලා. ඕනි නම් එයාලගෙන් වැඩි මිළට අරගෙන පාරිභොගිකයාට අඩු මිළට දෙමු. එතකොට සහනාධාරය පාරිභෝගිකයටයි මෝල් හිමියන්ටයි දෙගොල්ලටම ලැබෙනවා. දේශපාලකයාටත් පහසුවෙන් ගානක් ෂේප් කර ගන්න පුලුවන්.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS