RSS

ප්‍රතිචාර .



මුණු පොත අපූරුය.
ද්වේෂයෙන් බැන අඩ ගසන්නෝ බොහෝය
කෙනෙක් හට ගෝඨා පෙනෙන්න බැරිය.
තවෙකු හට සජිත් වහ කදුරු සේය.
අනුර මහා මඩ වලකි.
රනිල් ගැනද අවලාද බොහෝය.
මේ එක එක්කෙනාට වෙනස් වු මතවාද ඇත.
ඒ මතවාද තම තමන් පිලිගන්නා අයුරින්
අදහස් මුණු පොතේ වපුරන්නෝ
අනෙක් අය කෙරෙහි
ද්වේෂයෙන් වෛරයෙන් පරුෂයෙන්
ප්‍රතිචාර දක්වන්නේය.
එම ප්‍රතිචාරයන් තමන්ගේ පෞරෂයටද හාණිකර බව
ඔවුන්ම නොදන්නේය.
බණ දහම් දේශනා කල යුතු
යතිවරයාණන් වහන්සේලාද
මෙලෙස හැසිරේ නම්
ගිහි යන් ගැන කුමන කතාද ?.
විවේචන සුදුසුය.
ඒවා තාර්කික විය යුතුය.
සුමට විය යුතුය.
කියවන්නට කැමැත්ත
ඇතිවිය යුතුය.
කියවා අවසානයේ දී
යමක් ඉතිරි කර ගත හැකි
වටිනා කමක් තිබිය යුතුය.








Do you miss me .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment

ඔබේ අවධානයට ස්තුතියි.