බලන්න දෙයක් නැහැ . විකාර .
එකම කතාමාලාව අවුරුදු ගනන් ඇදෙනවා .
ප්‍රවෘත්ති ….
එකම වට්ටෝරුවක්
දේශපාලනය , මිණිමැරුම්. වෙන ප්‍රවෘත්ති නැහැ.
ලෝකයේ වෙන කිසිම රටක ජනමාධ්‍යයක් නොකරන දෙයක් ලංකාවේ ප්‍රධාන පෙළේ TV චැනල් කිහිපයක් පටන් අරගෙන තියෙනවා.
ඒ තමයි, ප්‍රවෘත්ති වාර්තාකරණය සඳහා AI (Artificial Intelligence) වීඩියෝ භාවිතා කිරීම.
මේ නාලිකා හිතනවා නම් මේක ඔවුන්ගේ "තාක්ෂණික දියුණුවක්" කියලා, ඒක සම්පූර්ණ වැරදීමක්. ඇත්තටම මේ සිද්ධ වෙන්වය අමු අමුවේ පෑගීමක්.
ජාත්‍යන්තර මාධ්‍ය ආයතන මිනීමැරුමක් හෝ සාහසික ක්‍රියාවක් වාර්තා කරද්දී වින්දිතයන්ගේ පෞද්ගලිකත්වය සහ මානුශීය ගරුත්වය සුරකින්න වගබලාගන්නව,
ඒ පවුල්වල සාමාජිකයන්ට සිදුවන අපහසුතාවය ගැන හිතලා. හැබැයි ලංකාවේ නාලිකා, මිනීමැරුමක් සිද්ධ වුණ විදිහ පවා AI වලින් රඟ දක්වලා (Re-create කරලා) පෙන්වනවා.
පුවත් කලාවේ රීතිය වෙන්න ඕනේ "සත්‍යගරුක බව". තාක්ෂණය පාවිච්චි කරන්න ඕනේ සත්‍යය තහවුරු කරන්න මිසක්, විකෘති ඩ්‍රාමා කරන්න නෙවෙයි.







0 comments:
Post a Comment
ඔබේ අවධානයට ස්තුතියි.