RSS

වෙනස් විය යුතුයි ලෝකය

කෞශල්‍යා ප්‍රනාන්දු


සිතුවෙමු වරක අප එක්සිත්ව
එහෙත් විපර්යාසය ඔබ දුටුවේ
අන් අයුරකි මම එහි වෙනස් අරුතක් දුටුවෙමි එකම බසකින් කතා කළමු
පෙරදින අපි
සහෝදරත්වය අරබයා
මිහිරි ගී ගැයූ වෙමු අපි එහෙත් ප්‍රේමය ඔබ දුටුවේ අන් අයුරකි
මම එහි
වෙනස් අරුතක් දුටුවෙමි
අන්ධව සිටි වග මා දනිමි මම දැන්
විනිවිද දකිමි
මම ඔබේ හදවත දැන්
මරා
අද ඔබ මම මරා
නිදහස් කරම්

මිනිස් වග...


✘ නාට්‍ය : "මර්සාද්" (Marat-Sade)
✘ නාට්‍ය නිර්මාණය : සුගතපාල ද සිල්වා
✘ ගායනය : කෞශල්‍යා ප්‍රනාන්දු




"මා කියන්න හදන දේ මේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. ඒ තේරෙන තාක් කල් පන්සිය පනස් වාරයක් වුව නැවත නැවත ඉපදුනත් මට කමක් නෑ‘ 1964 දී ‘හරිම බඩු හයක්‘ නාට්‍ය යේ රංග පත්‍රිකාවට ලිපියක් සපයමින් මම එසේ කීවෙමි.අදත් අවුරුදු විසිතුනකට පසුවත් (1986දී) කියන්නට ඇත්තේ ඒ කතාවමයි."
ජර්මන් නාට්‍යකරුවකු වූ පීටර් වයිස්ගේ මරාසාද් මා තෝරාගත්තේ ආන්න ඒ නිසාමය. මෙයින් කියවෙන දහම දස සෙනෙක් දස විදියකට තේරුම් ගත්තාවේ. අවශ්‍ය දස විදියකට හෝ තේරුම් ගැනීම පමණය. මිනිසුන්ගේ සිත අවදි කරන්නේ මේ අවබෝධය විසිනි.
අවබෝධයෙන් ජීවත්වන මිනිසා නිරන්තරව ප්‍රශ්න නගයි. ‘කෙස්වැටියෙන් ැල්ලා ඇද කොට්ටඋරයක් මෙන් සිරුර කණපිට පෙරළා අලුත් ඇහැකින් ජීවිතය දෙස බලන්නට‘ මං සලසන්නේ මේ ප්‍රශ්න නැගීම ය.
---- සුගතපාල ද සිල්වා

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

1 comments:

Discourse said...

මරාසාද් නාට්‍ය පිටපත එවකට හෝටල් සේවකයකු වු රොජර් සෙනවිරත්නට හෝටල් කාමරයකදී හමුවි පසුව එය සුගතපාලද සිල්වාට දුන බවයි මම අසා තියෙන්නේ. එහි සත්‍ය අසත්‍යතාවය දන්නේ නැත

Post a Comment

ඔබේ අවධානයට ස්තුතියි.