![]() |
| කෞශල්‍යා ප්‍රනාන්දු |
එහෙත් විපර්යාසය ඔබ දුටුවේ
අන් අයුරකි මම එහි වෙනස් අරුතක් දුටුවෙමි එකම බසකින් කතා කළමු
පෙරදින අපි
සහෝදරත්වය අරබයා
මිහිරි ගී ගැයූ වෙමු අපි එහෙත් ප්‍රේමය ඔබ දුටුවේ අන් අයුරකි
මම එහි
වෙනස් අරුතක් දුටුවෙමි
අන්ධව සිටි වග මා දනිමි මම දැන්
විනිවිද දකිමි
මම ඔබේ හදවත දැන්
මරා
අද ඔබ මම මරා
නිදහස් කරම්
මිනිස් වග...
✘ නාට්‍ය : "මර්සාද්" (Marat-Sade)
✘ නාට්‍ය නිර්මාණය : සුගතපාල ද සිල්වා
✘ ගායනය : කෞශල්‍යා ප්‍රනාන්දු

ජර්මන් නාට්‍යකරුවකු වූ පීටර් වයිස්ගේ මරාසාද් මා තෝරාගත්තේ ආන්න ඒ නිසාමය. මෙයින් කියවෙන දහම දස සෙනෙක් දස විදියකට තේරුම් ගත්තාවේ. අවශ්‍ය දස විදියකට හෝ තේරුම් ගැනීම පමණය. මිනිසුන්ගේ සිත අවදි කරන්නේ මේ අවබෝධය විසිනි.
අවබෝධයෙන් ජීවත්වන මිනිසා නිරන්තරව ප්‍රශ්න නගයි. ‘කෙස්වැටියෙන් ැල්ලා ඇද කොට්ටඋරයක් මෙන් සිරුර කණපිට පෙරළා අලුත් ඇහැකින් ජීවිතය දෙස බලන්නට‘ මං සලසන්නේ මේ ප්‍රශ්න නැගීම ය.
---- සුගතපාල ද සිල්වා







1 comments:
මරාසාද් නාට්‍ය පිටපත එවකට හෝටල් සේවකයකු වු රොජර් සෙනවිරත්නට හෝටල් කාමරයකදී හමුවි පසුව එය සුගතපාලද සිල්වාට දුන බවයි මම අසා තියෙන්නේ. එහි සත්‍ය අසත්‍යතාවය දන්නේ නැත
Post a Comment
ඔබේ අවධානයට ස්තුතියි.