RSS

ජාතියේ පුරුද්ද .



මධ්‍යම බස්රථ නැවතුම් පල අළුත්වැඩියා කරලා මළ කාලගෝට්ටියයි.

මේ කාලගෝට්ටියට ගල් අගුරු කාලගෝට්ටිය මැකිලා යනවා.

කොහොමත් ඒක ඊයෙන් ඉවරයි. විපක්ෂය එයාලාගේ හිතේ තියෙන දේ ඊයේ ( සිකුරාදා පාර්ලිමේන්තු විවාදයේදී )  කියලා දැම්මනේ.

අන්දරේ මීහරක්ට කිව්වා වගේ අහ ගෙනත් හිටියා නේ.

නෝ ඇක්ෂන්.

අළුත් වර්ෂන් එකක් එනකම් බස්රථ නැවතුම් පලත් එක්ක යමු.

ඔන්න පෙර දා විවෘත කලා

සමහරුන්ට හදපු එක තීන්ත ගාලා නැවතත් මහජනයාට පාවිච්චියට දුන්නා.

පාවිච්චියට දුන්න දවසේම ඒක විනාශ කරලා.

දැන් එතැන් හිටන් කතාව ඉස්සරහට යනවා.

මේක මේ විදියට අවුරුදු. පහුවෙලා නැකතට වෙන වරිෂන් එකක් ගෙනෙනකම් ඇදිලා යයි.

බඩුමිළ වැඩිවීම , හාල් ආනයනයවගේ දේවල් ගැන කතා කරන එක යටවෙලා

බස් නැවතුමේ විනාශය …….

බුලත් කෙළ පාරවල් ….

නිසි පරිදි ශරීරකෘතිය නොකරපු හැටි 

ඔන්න කතා ශරීරයේ දේවල්.

අපිට මහජන දේපල ආරක‍්ෂා කිරීමේ පුරුද්දක් නැහැ.

ඒවා අනුන්ගේ දෙවල් වගෙයි දැනෙන්නේ /

ජාතියේ පුරුද්ද නේ !.











Do you miss me .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අස්වැසුම.

 



මේ දවස්වල කතිකාව අස්වැසුම.

රජය වැඩකරන ජනතාවගෙන් ගන්නා බදු නිකම් කාලා බීලා ඉන්න ජනතාවක් වෙත බෙදලා දෙන එක තමයි අස්වැසුමෙන් කරන්නේ.

එහෙම තමයි හදුන්වන්නේ.

මෙවැනි ජන කොටසක් ඇති වෙලා තියෙන්නේ ඇයි කියලා අපි හිතන්නේ නැහැ.

විරැකියාව එක් හේතුවක්.

විරැකියාව නැති කරන්න කටයුතු කරන්නේ නැතිව බදු මුදලින් ඒ අය නඩත්තු කරනවා.

ඒක නිවරදි ක්‍රමය නෙමෙයි.

අස්වැසුම වැනි සමාජ සුබසාධනය අවතක්සේරු කල යුතු නැහැ . එහෙත් පළඳායි ලෙස ආයෝජනය කල යුතුයි කියලා මම හිතනවා.

අපේ රටේ නිසි සැළස්මක් නැතිව එය  සිදු කිරීමයි වැරැද්ද .

සුබසාධනය දෙන අතර පුනරුත්ථාපනද අවශ්‍ය වෙනවා .

හැමදාමත් අස්වැසුමෙන්ම රැකෙන පිරිසක් නොසිටිය යුතුයි .

ඒ සඳහා ජාලයක් ගම් මට්මේ තියෙනවා.

එය උපයෝගී කරගන්නේ නැහැ.

ග්‍රාමීය මට්ටමේ රජය විසින් වැඩ පිළිවෙළක් නොයෙදීමේ අඩුපාඩු තියෙනවා .

සමෘද්ධි සංවර්ධන , ආර්ථික සංවර්ධන ,කෘෂිකර්ම හා පර්යේෂණ , ග්‍රාම නිලධාරි යනාදී නිලධාරින් නිසි කාර්ය භාරයක් නොමැතිව ගමේ ඉන්නවා .

ගම්වල සම්පත් තියෙනවා.

ඒවා සංවර්ධණය කරන්න බුද්ධිමය සම්පත නැහැ.නායකත්වය නැහැ.

මම ජනාධිපති වෙනකම් ඉන්නේ අස්වැස්ම වගේ නාස්තිකාර සුබ සාධනය නතර කරන්න .😄😄😄😄


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පතයි ඊළග හමුව.

 


පසුගියදාක 60 - 65 කාලේ උසස් පෙල පන්තියේ හිටපු සහොදර සහෝදරී හවුලක.

48 -50 උපන් 78-76 තරුන ගැටවු පිරිසක්.

කොයිතරම් සුන්දරද ?

ආ ගිය කතා …

මම දුර බැහැර ඉදන් ආපු ගැටයෙක්.

අනිත් අය ඔක්කොම වගේ හොරණට ආසන්න ගැටවු ගැටිස්සියන්.

කාලෙකින් හමුවුනාම දොඩමළු වෙන්න ඕන මාතෘකා තියෙනවා.

පරණ කතා මතු වෙන කොට ප්‍රසන්න තැන් වගේම අප්‍රසන්න තැන් බොහොමයි.

කාලයක් පුද්ගලිකය රහසිගතයි ඒවත් 

දැන් නිදහසේ දිග අරිනවා.

වයසේ වැරද්ද ……….

සුනිල් ගුණවර්ධණ ලියු “ දැන් වැටුන හුස්මක් “ කාව්‍ය සංග්‍රහයේ මෙහෙම තියෙනවා.

මට ඒ අතරේ මතක් වුනේ අරහෙන් මෙහෙන් ….

පොත හොයා ගත්තේ ගෙදරට ඇවිත්


එබෙමි කැඩපත වෙතට

දිය සිදුනු විලකි පිළිඹිබුව

එ දවස මා නෙත වසග කල

මුව සියපත ද ඔබ හැකිළ මිලිනව ගොස්ය


වෙරළ උයන රගහල

රාගය මුසු සෙනහසින

වෙලා ගත් දෑත්

මස සිදි එයි නහර නැග


තුරුණු විය උද්දාමයෙන්

ගැටී මා ළය

හිසසොවා හිටි දසුන්

නිදයි වැටී ළය මතම 


සසග සිරියට දැගළු සිත

විළංගු ළු ඇතෙකි යදමින

වියලි දඩුදෙකකි

කැරකෙන ගෙයි

නමුදු සසරින් සසරට

රැගෙන ආ මහරු සෙනෙහස

පතයි ඊළග හමුව.





  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS