මේ අගෝස්තු මාසේ.
වැස්ස ලැබෙන්න තව මාස ඒකහමාරක් විතර බලා ඉන්න වෙනවා.
ඒහෙම තමයි බෙලිහුල්ඔය ඉන්න අපිට දේශගුණය බලපාන්නේ . කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව මොන අනාවැකි කිව්වත් අනාදිමත් කාලෙක ඉදන් මේ විදියට තමයි අපිට කාලේ ගෙවෙන්නේ.
බක්මාසෙන් පස්සේ තද වැහි බිනර මහේ දී තමයි පටන් ගන්නේ. ඔය අතරවාරේ ඉල්මාසේ පුංචි පුංචි වැහි ලැබෙනවා. තල වැස්ස කියලත් මේ වැහිවලට කියනවා.
ඔය පුංචි පුංචි වැහි ඉවර වෙලා මහ වැස්සට අතරවාරේ පෑවිල්ලට හාගල කන්දට ගිණි තියෙනවා.ගින්න අවට කදුවලට පැතිරෙන්න ඉඩ නොදී ගිණි වැටවල් යොදලා තමයි මේ කාර්ය කරන්නේ. හාගල කන්ද අපේ ගම්වැසියන්ට ගොවිපලක් වෙලා තිබුනා. අපේ ගොවියෝ තම තමන්ට කන්න සෑහෙන්න වී වගා කරන පිරිසක්. ගම්මානය පුරාවට අක්කර දාහක් විතර තියෙන්නේ හෙල් මැලි ක්‍රමයට හැදුණු කුඹුරු. ජල කළමනාකරනයත් ඊට ගැලපුණු නිර්මානයක්.
මේ කුඹුරුවල හී හෑමේ හිටන් අස්වැන්න පාගලා ගෙට ගේනකම් ඒවාට උදව් දුන්නේ “ මී හරක් “ මෙයාලා වාසය කලේ හාගල කන්දේ. ගොයම් වැඩ එවර වෙලා හාගල කන්දට දක්කගෙන යන මී හරක් රංචු ආයෙත් ගමට එක්කර ගෙන එන්නේ කුඹුරු වැඩ පටන් ගන්න.
මෙයාලට අයිතිකාරයෝ හිටියේ ගමේ. හරක දහයක් පහලොවකට එක අයිතිකාරයෙක් හිටියා.
මේ අයිතිකාරයෝ තමයි හාගලට ගිණි තියන්නේ.
ගිණි තිබ්බම මාන තෘණපදුරු පිච්චිලා කළු පාට වෙනවා. වැහි ඇල්ලක් දෙකක් වැටුනම කන්ද ආයෙත් කොළ පාට වෙනවා. ඒවා ගමයි මී හරක්ගේ අහාර වෙන්නේ.
දැන් රටාව වෙනස් වෙලා.
ගමට හාල් එන්නේ අම්පාරෙන් , පොලොන්නරුවෙන් . ඩඩ්ලිගේ මෝලෙන්. දැන් පරපුර ගොවිතැන අත්හැරලා .කුඹුරු ඉඩම් පාළු වෙලා. හාගල කන්දේ ගව සම්පත දැන් නැහැ. කන්ද පාළු වෙලා.අයිතිකාරයෝ වෙනස් වෙලා .කන්ද අතහැරලා වෙනත් පලාත් වලට මී හරක් සම්පතට යන්න සිද්ධ වෙලා.
බෙලිහුල්ඔය සංචාරක නවාතැනක් වෙලා හාගල කන්ද ප්‍රවර්ධණය වෙන්නේ කදු නගින්නන්ට .කූඩාරම් ගහ ගෙන නවාතැන් ගන්නන්ට.
එයාලට සීමා මායිම් නැහැ. ගීණි තියන්න. ගිණි වැටවල් ඕන නැහැ අවට කදු තලාවන් ආරක්ෂා කරන්න. විනෝදය ,චමත්කාරය අවසන් වෙන්නේ හෝටර්න් තැන්න දක්වා ගිණි ගෙන දැවිලා අවසන් වුනාම.
කන්ද තවමත් ඇවිලෙනවා. වැස්සක් පේන මානෙක නැහැ.







0 comments:
Post a Comment
ඔබේ අවධානයට ස්තුතියි.