RSS

පරණ පෙම්වතී






මාස හත අටකට පෙර නගරයේදී
පැරණි පෙම්වතියක් හමු වූවා ය.
අප ආ ගිය තොරතුරු කතා කළෙමු.
"බබා ලාහෙම කොහොමද?"
ඇය ඇසුවා ය.
"ඒ ගොල්ලෝ දැන් බබාලා නෙවෙයි ලොකු අය.
ඔක්කොම තුන් දෙනයි.දෙන්නෙක් බැඳලා.
බාලයා ලබන අවුරුද්දෙ බඳිනවා."
මම කීමි.
"රස්සාවල් කරනවද?"
"ඔවු තුන් දෙනාම එක එක කොම්පැණි වල.,
ඔයාගේ?"
"මට දෙන්නයි,දුවයි පුතයි.
දෙන්නම දොස්තරලා.
එක්කෙනෙක් විශේෂඥ !"
ඇය කීවේ තරමක ආඩම්බරයකිනි.
පසු ගියදාක මිතුරෙක් ඇමතුමක් දුන්නේය.
ඔහු ඇගේ ගමේ ය.
"අන්න උඹේ පරණ පෙම්වතී මැරිලා!"



මේ කතාව අපිට කිවුවේ කමල්.
කමල් පී අලහකෝන්.
එයා කල්පීලන්තය බ්ගොලයකට ලියුවක්.
හොයා ගෙන බලන්න.
ලස්සන කතා තියෙනවා.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නෝබෙල් තෑග්ග.





නව නිපැයුම්කරුවෙකු, ව්‍යවසායකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මිය ගිය විට, ඔහුගේ අවසන් කැමැත්තෙහි සඳහන් වූයේ, ඔහුගේ ධනය "පෙර වසර තුළ මානව වර්ගයාට විශාලතම ප්‍රතිලාභ ලබා දුන් අයට" ත්‍යාග පිරිනැමීමට භාවිත කළ යුතු බව ය.

නොබෙල් ත්‍යාගය ඔහු තම ජීවිත කාලය තුළ වැඩිපුර ම සම්බන්ධ වූ ක්ෂේත්‍රවල උන්නතිය වෙනුවෙන් කැපී පෙනෙන උත්සහයන් දැරූ විශිෂ්ටයින් සඳහා පිරිනැමෙයි.

ඔහුගේ මරණයෙන් පසු, ඔහුගේ දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා දිගු ක්‍රියාවලියක් ආරම්භ වූ අතර 1901 වසරේදී පළමු නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරන ලදී.

1969 වසරේදී, නව ත්‍යාගයක් හඳුන්වා දුන් අතර, ඒ, ඇල්ෆ්‍රඩ් නොබෙල් සිහි කිරීම සඳහා ආර්ථික විද්‍යාව සඳහා පිරිනැමෙන ත්‍යාගය යි.

ස්වීඩනයේ මහ බැංකුවේ ශත සංවත්සරය සැමරීම සඳහා එය එකතු කරනු ලැබූ බව නොබෙල් ත්‍යාගය පිළිබඳ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.

සෑම වසරක ම ඔක්තෝබර් මාසයේදී නව නොබෙල් ත්‍යාගලාභීහු ප්‍රකාශයට පත් කෙරෙති.

නොබෙල් ත්‍යාගය පිරිනැමෙන්නේ කුමන විෂයයන් යටතේ ද?

1901 වසරේ සිට ආරම්භ වූ නොබෙල් ත්‍යාගය විෂයයන් 6ක් යටතේ සෑම වසරකදී ම පිරිනැමේ.

එම විෂය ක්ෂේත්‍ර වන්නේ,

භෞතික විද්‍යාව , රසායන විද්‍යාව , කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව , සාහිත්‍යය , සාමය සහ ආර්ථික විද්‍යාව යන විෂයයන්ය.

1901 වසරේ සිට 2024 වසර දක්වා භෞතික විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 227 දෙනෙකුටත්, රසායන විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 197 දෙනෙකුටත්, කායික හෝ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් විද්‍යාඥයින් 229 දෙනෙකුටත්, සාහිත්‍යය වෙනුවෙන් සාහිත්‍යකරුවන් 121 දෙනෙකුටත්, සාමය වෙනුවෙන් පුද්ගලයින් 142 දෙනෙකුටත්, ආර්ථික විද්‍යාව වෙනුවෙන් ආර්ථික විද්‍යාඥයින් 96 දෙනෙකුටත් නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ඇහින්දා මං පරණ කවියක් .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS