අද පොසොන් පෝය දවස.
සදුදා දවසක පෝය නිවාඩුව ලැබුන නිසා එක දිගට දවස් තුනක නිවාඩුවක්.
ආයතනික රාමුවලට කොටු වෙලා ඉන්න අයට එහෙම වුනාට අපිට එහෙම නෑ.
ඕන දවසක නිවාඩු ගන්න පුළුවන්.
පොසොන් පෝයට අනුරාධපුරේ මිහින්තලේ පැත්තට යන අය වැඩියි.
ඒ දවස්වලට ඒ පැත්ත ජනාකීර්ණ වෙනවා.
පොසොන් එකට මම ඇඹිලිපිටිය පැත්තට ගියා.
මග දිගට දන්සැල්…
ඒ නිසා කන බොන දේවල් වලින් අඩුවක් නැහැ.
මුලින්ම ගියේ සංඛපාල රජ මහා විහාරයට.
ඇසල පෝයට උත්සවශ්‍රීෙයන් ජනාකීර්න වන සංඛපාල රජ මහා විහාරය කතරගම පැත්තට යන වන්දනා නඩවලින් පිරිලා.
සංඛපාල රජ මහා විහාරයට අයත් නින්දගමේ භුමි ප්‍රමානය අක්කර 13000 ක් !.
උතුරෙන් පනහඩුව , රෙමෙනිපොත යන ගම්මාන දකුණට රක්වාන ගග ,බටහිරින් පල්ලේබැද්ද කුඹුක්කන් ආර, නැගණහිරෙන් බැලවානගල ද මේ වපසරිය සීමා කරනවා.
හතරමායිම් මොටද වැද පුදා ගත්ත ආවනම් කියලා අහන්න කවුරුත් නැති කොට මේ නින්දගම ලැබුනේ කොහොමද කියලා මම පත පොත පෙරලන්න හිතුවා .
ඒකටත් පෝය ගෙවෙන්න එපාය ?.
ක්‍රී.ව. 1782 දී මහනුවර යුගයේ රාජාධිරාජසිංහ රජ සමයේ කරතොට ධම්මාරාම හාමුදුරුවෝ “ බාරස “ කියලා කාව්‍ය නිර්මාණයක් කරනවා.
මේ කාව්‍ය නිර්මාණය රජතුමා ඔප්පු කරන කරතොට හාමුදුරුවන් කෙරෙහි පැහැදෙන එතුමා සිංහල සාහිත්‍යයට කරන ලද සුවිශාල මෙහෙවරක් කොට සලකා මේ නින්දගම පවරා දෙනවා.
දැන් කාලේ හැටියට නම් අල්ලස් හා දුෂණ කොමිසමට රාජකාරියක්. රජතුමා බලය අත්හැරලා තිබෙන්නත් එපාය ?.
තවත් අතීත කතාවක් තියෙනවා.
ඇඹිලිපිටිය ප්‍රෙද්ශය ගැන කාවන්තිස්ස රජතුමා බැහැර කර කතා කරන්න බැහැ.
ඵුස්සදේව දසමහා යෝධයින්ගෙන් කෙනෙක්.
එළාර - දුටුගැමුණු යුද්ධයෙන් පස්සේ සේනාධිනායකයින්ට කරන ලද සේවය අගයීමක් වශයෙන් නොයෙක් වරප්‍රසාද ලබා දීලා තියෙනවා.
ඵුස්සදේව විශාල ශබ්දයක් නැගෙන, විශාල පරාසයකට ඇසෙන පරිදි සක්ගෙඩි පිඹීමට දක්ෂයෙක්.
ඔහුට කියනවා සක්හඩ පැතිරෙන ප්‍රෙද්ශය ඔබට නින්දගම් කොට පවරනවා කියලා .
ඵුස්සදේව සංඛපාල කදුවැටියේ උස්ම කදුමුදුනට නැග
ශබ්දනගා සක්හඩ නංවනවා.
ඒ භුමි ප්‍රෙද්ශය ඵුස්සදේවට හිමිවෙනවා.
පසුකාලයක පැවදිව මේ නින්දගමේම වාසය කල බව සදහන්.
උන්වහන්සේ අපවත්ව භෂ්මාවශේෂ තැන්පත් කල ස්ථානය අපට දකින්නට හැකියි.
මේ සැරිසරත් සමග ඉරත් අවරට යන්න සූදානම්.






0 comments:
Post a Comment
ඔබේ අවධානයට ස්තුතියි.