දරමිටි පෝය.
තාමත් හිතනවා ?.
මළ ගෙදරක ගෙවුන සතියක්.
අද පෙර මෙන් අවමගුල් කටයුතු සදහා කාලය ගන්නවා අඩුයි.
කොරෝනා අපට ලබා දුන් ආදර්ශයක් කියලයි හිතෙන්නේ…
සිරිත් විරිත් සිදු කලත් අවසන් ගෞරව දැක්වීමට තියා ගන්නා කාලය දවසක් දෙකක් වෙලා.
පැය හතලිස් අටක් .
සංනිවේදනය දියුණුයි . පැයක් දෙකක් ගත වෙන කොට දැන ගත යුතු ඥාති හිතමිත්‍රාදීන් ප්‍රවෘත්තිය දැනගන්නවා. දුර බැහැර අද ප්‍රශ්නයක් නෙමෙයි.
ගමන් බිමන් පහසුව තියෙනවා.
ඒ නිසා සියල්ලන්ට සහභාගීවීම දුෂ්කර නැහැ.
තාමත් බැහැර නොවු සිරිත් වුනත් නැත්තෙම නැහැ.
සරල කෑම වේලක් වෙනුවට බරපතල මෙනුවකින් යන එන අයට සංග්‍රහ නොකොලොත් මදි කමක්.
නිවසියන්ට භාරධුර කටයුත්තක්.
සමහරක් අවස්ථාවල ඥාතී හිතමිත්‍රාදීන් , අසල්වාසීන් බරපැන දරාගෙන මේ කටයුත්තට උර දෙනවා.
ආදාහණාගාර පිහිටුවා තිබීමත් තවත් පහසුවක් වෙලා.
මේ අනම් මනම් කියන්න නෙමෙයි හිතුවේ.
ඒත් කියවුනා කියමුකෝ.
මරණය පිලිබදව සංනිවේදන සිද්ධීන් තුනක අත්දැකීම් මට තියෙනවා.
මේවා විශ්මය සහගතයි.
විශ්වාශ කරන්න අපහසු අත්භූත සිදුවීම්.
ගෙවුන සතියේ සිදුවුන සිද්ධියෙන් පටන් ගන්නම්කෝ.
දැන් මළ ගෙදර අවසන් කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙන වෙලාව.
ආගමික කටයුතු සදහා ස්වාමීන් වහන්සේලා වැඩම කරවන අවස්ථාව.
පළමු ස්වාමීන් වහන්සේත් කැටුව නිවසට පා තැබුවා විතරයි.
නිවස ඉදිරිපිට තිබුන මහ දෙල් වෘක්ෂයක්.
ඒකේ වට අඩියක විතර විශාල අත්තක් මහත් ශබ්දයක් දෙමින් පිරිස මැදට කඩා වැටෙනවා.
කළබලවු පිරිස ඒ වටා රොක් වෙනවා.
කිසිවෙකුටත් අණතුරක් නැහැ.
වායු ගොලයේ කිසිදු කැළඹීමක් නැහැ නිශ්චලයි.
තවත් දිනක තිස්සමහාරාමයේ ඥාතිවරියකගේ මළ ගෙදරක සහභාගි වෙනවා.
දැන් ආගමික කටයුතු අවසන් වෙලා . දෙන නිවසින් එළියට ගන්නවා.
නිවස ඉස්සරහ ලස්සනට වවලා තිබුන අඹ ගහක් .
ගහ වටේට බැම්මක් බැදලා මිදුලට ආභරණයක් වගේ .
ඒ දවස් අඹ වාරේ ගහ පිරෙන්න අඹ.
මෙන්න චර බර සද්දෙත් එක්ක විශාල අඹ අත්තක් සෙනග මැදට කඩා වැටෙනවා.
අඹත් පිරිලා…
කාටවත් අණතුරක් නැහැ.
එදත් පුංචි හුළගක්වත් තිබුනේ නැහැ.
නිසල පරිසරයේ ඇහුනේ අඹ අත්ත කඩා වැටුන සද්දේ විතරයි.
මේ අත්දැකීම වෙනස්….
අම්මා හෘදාබාදයක් සමග සටන් කරමින් ජයවර්ධණපුර රෝහලේ.
මම අම්මා ලග සිට පැමින නැවතත් අම්මා බලන්න යන්න බොරලැස්ගමුව නංගීගේ නිවසේ.
මමත් නංගිගේ පුතත් විතරක් එවෙලේ හිටියේ.
අනික් අය බැහැර ගිහින්.
මම වාඩිවෙලා ඉදලා නැගිටලා ආලින්දයට එන අදහසින්.
විදුලියක් වැදුනා වගේ කම්පනයකුත් සමග මගේ ඇස් අදුරු වෙලා නැවතත් පුටුව උඩට.
පුතා ඇවිත් අත දෙක අල්ලා ගෙන මොකද වුනේ කියලා බලනවා.
එවලේම ලැබුන දුර කතන පණිවිඩය පුතාට කියලා තියෙන්නේ.
ආතම්මා මිය ගිය බව.
මේවා අහුඹු සිදුවීම් ද ?
මම තාමත් කල්පනා කරනවා.
විසදුමක් නැහැ.
අපේ ගෙදර
I was born and grow up in this place my mother build the wall around the house after every body left the house’
අපේ ගෙදර.
කුකුල් පැටවු නව දෙනෙක් මහ සත්තු තෙක් සෙවන දුන්නු තැන.
“මම ඉපදුනේ හැදුනේ වැඩුනේ මේ තැන. හැමෝම ගෙදරින් ගියාට පස්සේ මගේ අම්මා ගේ වටේ තාප්පය හදනවා.”
අපේ එක පැටියෙක් කියනවා මෙහෙම.
ඇත්ත.
අපි ඔක්කොම නිදහසේ වැඩෙන්න අපේ අම්මා අත දුන්නා.
තාත්තා කලේ අම්මට උදව් වෙන එක.
කන්න බොන්න අදින්න පලදින්න ඉගන ගන්න ඕනෑ එපාකම් සම්පූර්න කරන එක.
අම්මා ඒ සියල්ල කළමණාකරනය කලා.
ලොකු මහත් වෙලා එකින් එකා ගෙදරින් එළියට……….
ලෝකයට පියමන් කරන්න පටන් ගත්තා.
තාත්තා අපිත් එක්ක අවුරුදු 88 ක් ඉදලා සමුගත්තා.
අම්මා ගෙදර තනිවුනා.
අම්මා ගේ වටේ තිබුන තාප්පේ මැද ……..
සුපුරුදු අධිරාජ්‍යයයේ රැජින
මීට වසර කිහිපයක් වන තෙක්ම…………
සංඛපාල රජ මහා විහාරය
අද පොසොන් පෝය දවස.
සදුදා දවසක පෝය නිවාඩුව ලැබුන නිසා එක දිගට දවස් තුනක නිවාඩුවක්.
ආයතනික රාමුවලට කොටු වෙලා ඉන්න අයට එහෙම වුනාට අපිට එහෙම නෑ.
ඕන දවසක නිවාඩු ගන්න පුළුවන්.
පොසොන් පෝයට අනුරාධපුරේ මිහින්තලේ පැත්තට යන අය වැඩියි.
ඒ දවස්වලට ඒ පැත්ත ජනාකීර්ණ වෙනවා.
පොසොන් එකට මම ඇඹිලිපිටිය පැත්තට ගියා.
මග දිගට දන්සැල්…
ඒ නිසා කන බොන දේවල් වලින් අඩුවක් නැහැ.
මුලින්ම ගියේ සංඛපාල රජ මහා විහාරයට.
ඇසල පෝයට උත්සවශ්‍රීෙයන් ජනාකීර්න වන සංඛපාල රජ මහා විහාරය කතරගම පැත්තට යන වන්දනා නඩවලින් පිරිලා.
සංඛපාල රජ මහා විහාරයට අයත් නින්දගමේ භුමි ප්‍රමානය අක්කර 13000 ක් !.
උතුරෙන් පනහඩුව , රෙමෙනිපොත යන ගම්මාන දකුණට රක්වාන ගග ,බටහිරින් පල්ලේබැද්ද කුඹුක්කන් ආර, නැගණහිරෙන් බැලවානගල ද මේ වපසරිය සීමා කරනවා.
හතරමායිම් මොටද වැද පුදා ගත්ත ආවනම් කියලා අහන්න කවුරුත් නැති කොට මේ නින්දගම ලැබුනේ කොහොමද කියලා මම පත පොත පෙරලන්න හිතුවා .
ඒකටත් පෝය ගෙවෙන්න එපාය ?.
ක්‍රී.ව. 1782 දී මහනුවර යුගයේ රාජාධිරාජසිංහ රජ සමයේ කරතොට ධම්මාරාම හාමුදුරුවෝ “ බාරස “ කියලා කාව්‍ය නිර්මාණයක් කරනවා.
මේ කාව්‍ය නිර්මාණය රජතුමා ඔප්පු කරන කරතොට හාමුදුරුවන් කෙරෙහි පැහැදෙන එතුමා සිංහල සාහිත්‍යයට කරන ලද සුවිශාල මෙහෙවරක් කොට සලකා මේ නින්දගම පවරා දෙනවා.
දැන් කාලේ හැටියට නම් අල්ලස් හා දුෂණ කොමිසමට රාජකාරියක්. රජතුමා බලය අත්හැරලා තිබෙන්නත් එපාය ?.
තවත් අතීත කතාවක් තියෙනවා.
ඇඹිලිපිටිය ප්‍රෙද්ශය ගැන කාවන්තිස්ස රජතුමා බැහැර කර කතා කරන්න බැහැ.
ඵුස්සදේව දසමහා යෝධයින්ගෙන් කෙනෙක්.
එළාර - දුටුගැමුණු යුද්ධයෙන් පස්සේ සේනාධිනායකයින්ට කරන ලද සේවය අගයීමක් වශයෙන් නොයෙක් වරප්‍රසාද ලබා දීලා තියෙනවා.
ඵුස්සදේව විශාල ශබ්දයක් නැගෙන, විශාල පරාසයකට ඇසෙන පරිදි සක්ගෙඩි පිඹීමට දක්ෂයෙක්.
ඔහුට කියනවා සක්හඩ පැතිරෙන ප්‍රෙද්ශය ඔබට නින්දගම් කොට පවරනවා කියලා .
ඵුස්සදේව සංඛපාල කදුවැටියේ උස්ම කදුමුදුනට නැග
ශබ්දනගා සක්හඩ නංවනවා.
ඒ භුමි ප්‍රෙද්ශය ඵුස්සදේවට හිමිවෙනවා.
පසුකාලයක පැවදිව මේ නින්දගමේම වාසය කල බව සදහන්.
උන්වහන්සේ අපවත්ව භෂ්මාවශේෂ තැන්පත් කල ස්ථානය අපට දකින්නට හැකියි.
මේ සැරිසරත් සමග ඉරත් අවරට යන්න සූදානම්.
ඉතිං මං තාමත් හොඳ යාළුවෙක්ව හොයනව.
- කඩුල්ල උඩ අතරමං වෙලා ඉන්න කොට ලස්සන කතාවක් මූණු පොතේ දැක්කා.මේකතාව කියන්නෙ Sandaru Dasanayake.එයාට ස්තුතියි.ආදරයයි යාළුවොයි අදුනනලා දුන්නට.
"ඔයාට අර ගාල්ලේ ළමයා එක්ක සම්බන්ධයක් තියෙනවද? ඔයාලා දෙන්නා බෝ ගහ ගාවට වෙලා කතා කර කර ඉන්නව මිනිස්සු දැකලා මගෙන් ඇහුවා.." තාත්තා දවසක් මගෙන් ඔය කතාව අහලා මාව හොඳටම හිනැස්සුවා. ඒත් තාත්තානම් මගේ දිහා බලාගෙන හිටියේ කුතුහලයෙන් වගේ. කුතුහලය සංසිඳවන්න එපැයි.
"සම්බන්ධයක් තියෙනව.. එයා මගේ යාළුවනේ.. වෙන අමුතු සම්බන්ධයක් තියෙනවානම් මං ඒක ඔයාට තමයි මුලින්ම කියන්නේ කියලා ඔයා දන්නවනේ.."
"මට යාලුකම් තේරුම් ගන්න පුළුවනි. ඒත් මේ ගමේ ඉන්න සමහර එවුන්ට මේවා තේරෙන්නේ නෑ. මගෙන් ඇහුවා බඳින්න ඉන්න කෙල්ලද කියලා" තාත්‍තා දැන් ආපිට එහෙම කියලා හිනා වෙන්න ගත්තා. එතැනින් ඒ කතාව අහවර වුණා. ආයේ අපි කවදාවත්ම ඒ ගැන කතා කළේ නෑ. ආයේ ඒ කතාව ඇදිලා ආවේ, අවුරුදු ගානකට පස්සේයි.
"අර ගාල්ලේ ළමයා දැන් එන්නේ නෑ නේද?" තාත්තා හදිසි යමක් මතක් වුණා මගෙන් අහපුවාම වෙනදා වගේ මට හිනාවක් ගියේ නෑ.
"එයා කසාද බැන්දානේ තාත්තේ.." එතැනින් පස්සේ තාත්තා ඒක ගැන ඇහුවේ නෑ. අපි ඒ ගැන කතා කළේත් නෑ.
ඔය ගාල්ලේ ළමයා තමයි, මගේ ජීවිතයේ ඉඳපු හොඳම යාළුවා. ඉස්සර අපි පැය දෙක තුනක් දවසකට කතා කරනව. මනුස්සයෙක්ට තව මනුස්සයෙක් එක්ක එච්චර කතා කරන්න දේවල් මොනවද තියෙන්නේ කියලා අද හිතුනත් අපිට සෑහෙන්න ප්‍රශ්න ඒ දවස් වල තිබුණා.
ආක්ටික් වල පෝලර් බියර්ලා වඳ වෙච්ච එක ගැන, න්‍යෂ්ටික බෝම්බය හදන්න අයිස්ටයින් වගේ මනුස්සයෙක් වක්‍රව දායක වෙච්ච විදිය ගැන, මහත්මා ගාන්ධි ඇත්තටම අවිහිංසාවාදියෙක් ද, අඛණ්ඩ භාරතයක් වෙනුවෙන් ධර්මාශෝක ෆිලෝසොපි හරහා දේශපාලන බලය ව්‍යාප්ත කළේ කොහොමද, ඇත්තටම ලෝකයට මාක්ස්වාදය වැඩ කරයිද, නූතන ලිබරල් ප්‍රතිපත්ති වලින් ලෝකය දුවන විදිය ගැන, සාත්‍රේගේ සාංදෘෂ්ටිකවාදයට අනුව මිනිස් ජීවිතය ගොඩ නගන්නේ කොහොමද, මනෝ විශ්ලේෂණ වාදය එක්ක සම්බන්ධකම් වල නියම තත්ත්වය මොන වගේද, ලංකාවේ ආහාර සංස්කෘතිය ප්‍රදේශයෙන් ප්‍රදේශයට අන්‍යයතා ගොඩ නගාගෙන ඉන්නේ කොහොමද, මිනිස්සු ආදරය කරනව කියලා කරන ලබ්බ ඇත්තක් ද, හදිසි මරණ පරීක්ෂණයකදි මනුස්සයෙක්ව විච්ඡේදනය කරලා රහස් හොයන්නේ කොහොමද,
වගේ ප්‍රශ්න ගොඩකට උත්තර හොයන්න වගේම කතා කරන්න අපිට තිබුණා.
නිවාඩුවක් ලැබුණ හැටියේ එයා මෙහේ දුවගෙන ආව. මං එයාට අපි ජීවත් වෙන ලෝකය පෙන්නුවා. මං ගාල්ලට ගියාම එයා මට දකුණ කියන වෙනම රට පෙන්නුවා. මුහුදු වතුර එක්ක මුහුදු කෑම මං විඳ ගත්තා. මාටින් වික්‍රමසිංහ හොයාගෙන ගියා.
හොඳ අරක්කු වීදුරුවක රහ මොකක්ද කියලා අපි බැලුවා. අපි කෑ ගහලා කියපු සිංදු තිබුණා. අපි අත් අල්ලගෙන නටපු වෙලාවල් තිබුණා. අපි මහා හයියෙන් හිනා වෙච්ච තැන් ඕනෑවටත් වැඩියෙන් අපිට තිබුණා. රෑ පාන්දර වෙනකං හඳ එළිය යට බියර් වීදුරුවක් තොල ගාමින් අපිට නින්දක් නැතුව කතා කරන්න දේවල් තිබුණා.
මං දැන් අවුරුදු ගානකින් කතා කරලා නෑ. කතා කරනවා කියන්නේ මිනිස්සු එක්ක තියෙන සාමාන්‍යය සන්නිවේදනය නෙමෙයි. කතා කරනවා කියන්නේ ඊට වඩා වැඩි දෙයක් ! අපේ ආත්මය වෙන කෙනෙක් ! අපි අපේ ආත්මය එළියෙන් තියන්නේ තෝරාගත්තු ආත්මයක් ළඟදි විතරයි. ප්‍රහර්ෂයක් තියෙන, පිළිගන්න, විනිශ්චය නොකරන ආත්මයන් ළඟදි අපි අපිව එළියෙන් තියෙනව.
ඕනම මිනිහෙකුට තමන්ගේ ගුහාවෙන් එළියට ඒමේ උවමනාව තියෙනව. මිනිස්සු ඒකට විවිධ වූ විධික්‍රම පාවිච්චි කරනව. සමහර අය සෙක්ස් වලදි කරනව. සමහර අය ආදරේදි කරනව. සමහර අය රස්සාවේදි කරනව. සමහර අය විනෝදාංශ ඇතුළේ කරනව. ඒත් කවුරුත්ම තමන්ගේ ආත්මය පරිපූර්ණව ගුහාවෙන් එළියට ගන්නේ නෑ.
එහෙම අවස්ථාවක් ලැබෙන්නේ යාලුකමකදි විතරයි. ඒත් එවැනි යාළුකමක් තුළදීත් අල්පයක් වූ යාලුකමක් ගාවදි විතරක් ඒකට ඉඩ ලැබෙනව.
මං එදායින් පස්සේ කතා කලේම නෑ. මං දැන් කරන්නේ මිනිස්සු කියන දේවල් අහගෙන ඉන්නව විතරයි. මිනිස්සු එයාලගේ ආත්මයන් මගේ ඉස්සරහා තියලා යනව. මං ගුහාවේ ඉඳගෙන ඒ මිනිස්සුන්ගේ ආත්මයන් දිහා බලාගෙන ඉන්නව. මං මගේ ආත්මය එදායින් පස්සේ කොතැනකදීවත් එළියට දැම්මේ නෑ.
යාළුකම කියන්නේ බලාපොරොත්තුවකින් තොරව පරිත්‍යාගය මත සිද්ධ වෙන සමාජ බන්ධනයක් ! ආදරය කියන්නේ බලාපොරොත්තුව සහිතව ගොඩ නැගෙන දෙයක් ! ආදරයට වඩා යාලුකම හැම වෙලාවකම පරම පූජණීයයි කියලා මං හිතනව. මොකද හොඳ යාළුකම් මිස හොඳ ආදරයන් මට මුණ ගැහුණේ නෑ.
ගොඩක් වෙලාවට කෙල්ලෝ මට කිව්වේ, ඔයාව නැති වුණොත් මං ලේසියෙන් අත ඇරලා ඉන්නේ නෑ, මං ලෝකේ අනිත් පැත්ත හරවලා හරි ඔයාව ගන්නව කියලයි. ඒත් උන් මාව ලේසියෙන්ම අත ඇරලා දැම්මා.
ඒත් බලාපොරොත්තුවකින් තොරව ගොඩ නැගුණ හොඳ යාළුවෙක් මාව අල්ලා ගත්තේත් නෑ. මාව අතෑරියෙත් නෑ. මට නිදහසේ පවතින්න ඉඩ දුන්නා. මගේ ආත්මය ගුහාවෙන් එළියට ගත්‍තා.
ඉතිං මං තාමත් හොඳ යාළුවෙක්ව හොයනව. මගේ ආත්මය ගුහාවෙන් එළියට අරගෙන පෙන්වන්න එකෙක්ව හොයනව.

ගිණියම් ඉර - සද සිසිලස .
![]() |
| මේ 2015 මැයි මාසේ . |
කාලය ගෙවෙනවා.
සේන බටගොඩ මෙහෙම කියනවා…
අපි කවුරුද ?.........
සී සී කඩ විසිරුන සිතිවිලි
දිය බුබුලේ නලියන පෙන කැටි වාගේ
නැතිව
හුදකලාවේ තනිවී සිටියම
සිහින ආකරේක වැටුනා වාගේයි
නිමක් නෑ
මොහොතින් මොහොතට ගෙවෙනා යන කාලය
දැනෙනවා කාටා…..ත් එක විදියට ……….
![]() |
| මේ 2026 මැයි මාසේ. |
පසුගිය දවස් කිහිපයක අනුරාධපුරයේ. අපිට නුහුරු ඉර …..
ගිණියම් ඉර…
පොලොවේ අඩිය තියන්න බෑ ..
ඒ මදිවට පූජා නගරයට පාවහන් හිස් වැසුම් අකැපයි !!.
ගිණියම් ඉර බහිනවා
ඩිංගෙන් ඩිංග සිසිලස දැනෙනවා. වැස්ස පටන් අරන් සිසිලසේ පූජා නගරයේ ඇවිදින්න යන සිහිනය බොද වෙනවා.
ගිණියම් ඉර
සද සිසිලස
අතරේ හොයනවා හොයනවා
අපි කවුරුද ?
ගී යකි ලොව
සිතුවම් කල
අතරේ අහනවා බලනවා
මේ අපි කවුරු ද ?
අපිව අදුරා ගන්න බැහැ …………….අපිව කියවා ගන්න බැහැ.
අපි අතරමං වෙලා.
ඉර බැස යන ගොම්මන් යාමේ
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ
ඇහෙනා රිද්මේ නැහැවී
ඇදී යන්නේ ඈතින් ඇතට පාවි.
සුවද සේ
මෙහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටා.....ත් එක විදියට
සරත් සෘතුව සිසිරට පෙර ඇවිත්
සරත් සෘතුව පැමිණ ඇත
වර්ණවත් පත්‍ර මත
සමුගැනීමේ රිදුම්වල සටහන්ය
හෙට වුවත් සීත සුළඟකට ආ හැකිය
මතකවල උණුසුම මුදාගෙන
කැටිති දියවල සඟවා වර්ණ
දුඹුරු පැහැ කර බිඳුණු පත්
අවසාන මදහස තබනු ඇත
රිදුම්වල අවසානයට
බැඳුම්වල අත් හැරීමට
වසන්තය දුන් ඒ මිහිරි සුවඳ
මදක්වත් අඩු නොවී දැනුනද
මඳින් මඳ තවරමි සියලු පැහැයන්
ලිහිල් වී යයි බැඳුණු වරපට
මායාකාරී සරත් සෘතුව
අඬගසයි සිසිරයට
සීතලෙන් මත්ව බිම වැටෙන හිම බිදිති
නාඳුනන සේ අපව වෙන් කරයි
දැන් ඉතින් හීතලයි
එපමණයි.......
Do you miss me .
සිහිනයක් නොවන අම්මා.
මම ඉන්නේ මහා සෙනගක් මැදය.
සෙනගත් සමග ප්‍රභූන් පිරිසක් සිටී.
ඔවුනද මා සමගය.
මගේ ලොකු මුණුපුරා වීඩියෝ කැමරාවක් ගෙන ක්‍රීඩාපිටියක රැස්ව සිටින ක්‍රීඩකයන් පිරිසක් රූපගත කරයි.
මේ අතරින් මගේ අම්මා මා ලගට එයි.
රෙද්දක් හැට්ටයක් ඇදි ඇගේ මුහුණ විඩා බරය .
අපේ නිවසත් මා සිටි ස්ථානයත් අතර දුර කිමි දෙකක් පමණවේ.
ඈ හිස් වතුර කලක් රැගෙන සිටී.
මා පිරිස අතරින් දුව ගොස් කළය අතට ගනිමි.
අම්මා පැමිණ ඇත්තේ නිවසට වතුර ගෙන යාමටයි.
මෙතරම් දුරක් ? .
එතන සිටි ප්‍රභුවරයෙක් මගෙන් ප්‍රශ්න කරයි .
ඔව්. ගෙදරට නල ජලය සපයා තිබේ . ඒත් අපේ අම්මාට ඒ ජලය පිරිසිදු නැත.
අම්මා දුර ගෙවා උල්පතකින් උනන ජලය ගෙනයාමට පැමිනෙයි.
මම පවසමි.
කලය මගේ අතට ගන්නා මම අම්මාට නිවසට යන ලෙසත් මම වතුර ගෙන එන බවත් පවසමි.
මේ මහා සෙනග මැද අම්මා මට කලය දී අතුරුදහන් වේ. - ඈ යලිත් නිවසට යන්න ඇතැයි මගේ උපකල්පනයයි.
මම කලයත් ගෙන අම්මා දිය රැස් කරන දිය උල්පත වෙත යමි.
ඒ අතර කලයේ ඇතුලතට අත දමන මට කොහොඹ අතු අහුරක් බැද දැමු අතු මිටියක් අත ගැසේ.
ඒවා දියේ තිබිමෙන් දුර්වර්ණව ඇත.
මම ඒ අතුමිටිය ඉවත දමා මහ සෙනග මැදින් යමි.
යන අතර මට සිහිපත් වෙන්නේ මේ සෙනගත් නිවසට ඇති දුරත් අතර ජනාකීර්ණ මාවතක මේ කලයත් ඔසවා ගෙන යා යුතු බවයි.
මම සිතිවිලි ගැට ගසමින් උල්පත දෙසට යමි.
ඒ අතර නිවසට සමීප වෙනත් ජල උල්පත් ගැන විමසිලිමත් වෙමි.
මම අවදි වෙමි.
සිරුරට ඇත්තේ මහත් විඩාවකි.
අම්මා මා අතට දුන් කලය පුරවා ගෙන ඈ වෙත යා යුතුය……
අම්මා අනිවාර්යෙන්ම බලා ගෙන ඉදී.
මැයි පළවෙනි දා.
ක්‍රි ව. 1880 දශකයේ මැද භාගය වන විට ඇමෙරිකාවේ කම්කරුවන් දිනකට පැය 10-12ක් වැඩ කළ අතර, ඊට එරෙහිව කම්කරුවන් උද්ඝෝෂණ හා වැඩවර්ජනවල නිරත වන විට ව්‍යාපාරිකයන් එම විරෝධතා මැඬපැවැත්වීමට ස්ට්‍රයික් බ්‍රේකර්ලා (වැඩ වර්ජන බිඳින්නන්) සහ පෞද්ගලික ආරක්ෂකයන් යොදා ගත්හ.
මෙවැනි පසුබිමක් තුළ 1886 මැයි 1 දින ඇමෙරිකා එක්සත් ජනපදය පුරා කම්කරුවන් පැය 8ක වැඩ මුරයක් ඉල්ලා වැඩ වර්ජනයක යෙදුණු අතර, විශේෂයෙන් චිකාගෝහි හේමාකට් චතුරස්‍රය පුරා පමණක් 40,000ක පමණ කම්කරුවන් පිරිසක් එදින විරෝධයට සහභාගිවී සිටියහ. මැයි 3 දින වන විට මැකෝමික් අස්වනු යන්ත්‍ර කම්හල ඉදිරිපිටදී පොලිසිය විසින් වැඩ වර්ජනකරුවන් වෙත වෙඩි තබා ඇති අතර, එමගින් අවම වශයෙන් කම්කරුවන් 2 ක් මියගියහ. ඒ සමගම මැයි 4 පොලිස් ප්‍රචණ්ඩත්වයට විරෝධය දක්වමින් හේමාකට් චතුරස්‍රයේ සාමකාමී රැස්වීමක් කැඳවනු ලැබීය. එයට 3,000ක් පමණ සහභාගි වූ අතර, චිකාගෝ නගරාධිපතිවරයා පවා එය සාමකාමී බව පවසා පිටව ගියේය. පසුව පොලිසිය පැමිණ රැස්වීම විසුරුවාහරින ලෙස නියෝග කළේය. එවිට හඳුනා නොගත් කෙනකු විසින් පොලිස් නිලධාරීන් පිරිසක් මත ඩයිනමයිට් බෝම්බයක් විසි කරන ලදී. එය පිපිරීමෙන් පසු පොලිසිය විසින් පිරිස වෙත අහඹු ලෙස වෙඩි තැබූ අතර, එමගින් පොලිස් නිලධාරීන් 7 ක් (තවත් 60ක් තුවාල ලැබූහ) සහ සිවිල් වැසියන් 4 – 8 දෙනකු පමණ මියගියහ.
බෝම්බය විසි කළ තැනැත්තා කිසිදා හමු නොවූ නමුත්, අරාජකවාදී නායකයන් 8 දෙනකු “කුමන්ත්‍රණයකට” චෝදනා කර වරදකරුවන් කරන ලදී. මෙම නඩු තීන්දුව කෙතරම් ඛේදවාචකයක් වීද කියතොත්, ඔවුන්ගෙන් සමහරෙක් එදින එහි සිටියේවත් නැත. ඉන් 4 දෙනකු 1887 නොවැම්බර් 11 වැනිදා එල්ලා මරා දමන ලදී.
මේ අසාධාරණය සිදුවී වසර 3ක් ගිය තැන එනම් 1889 පැරිසියේදී ෆෙඩි්‍රක් එංගල්ස්ගේ නායකත්වයෙන් පවත්වන්නට යෙදුණු දෙවන ජාත්‍යන්තරය විසින් මෙම සිදුවීම සිහි කිරීම සඳහා මෙතැන් සිට සෑම වසරකම මැයි පළමු වෙනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.
29. අප්රේල් දිවයින.
ඔය තමයි මැයි දින කතාව.
ඒත් අපේ රටේ සමරන්නේ ඔය කියන සිද්ධියවත් අපේ කම්කරු ජනතාවත් නෙමෙයි.
භායනක පූර්වාදර්ශයක් !.
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ගේ නිවස ඉදිරිපිට ට විත් සුගීස්වර බණ්ඩාර උද්ඝෝෂණය කරනවා.
හේතුව ? .
ඩොලර් මිලියන 2.5 ක් ඔස්ට්‍රේලියාණු හැකර්ලා අතට පත්වීම.
සුගීස්වර දේශපාලන එකමුතුවක නියෝජිතයෙක්.
උද්ඝෝෂණය කරන්නේ මහජන බදු මුදල් ඩොලර් 2.5 ක් අවභාවිතාවීම සම්බන්ධයෙන්.
මේ සම්බන්ධව විමර්ෂණ පවත්වනවා කියනවා.
ආපහු ලබා ගන්නවා කියලත් කියනවා අධිභාරයක් සමග. එහෙම නම් ලාභදායි ගණුදෙනුවක්.
සුගීස්වර බණ්ඩාරට මේක නිරවුල් කරගන්නකම් ඉවසා ගෙනඉන්න බැරිකමටයි උද්ඝෝෂණ කරන්නේ ! .
ලේකම්ගේ ගේ තියෙන ගමේ පිරිසක් ඇවිත් සුගීස්වර බණ්ඩාර ප්‍රමුඛ පිරිසට අපද්‍රව්‍ය පිරි භාජන වලින් ගගහලා නාවලා පළවා හරිනවා.
වොයිස් කට් දෛනවා.
පොලිසිය බලා ඉන්නවා.- සාමය ආරක්ෂා කරමින්.
සාමකාමි උද්ඝොෂණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්.
පසුගිය අවුරුදු 74 ක් තිස්සේත් උද්ඝෝෂණ වර්ජණ තිබුනා.
මිනිස්සු ඒවට මුහුණ දීලා මැරිලත් තියෙනවා.
දැන් උද්ඝෝෂණ වර්ජණ කරන එක අකැපද ?.
මේක නරක පූර්වාදර්ශයක් !.
අරගල සමයේ ප්‍රාදේශීය මට්ටමෙන් අලාභ හාණි සිදුකිරීම් වුනා.
දැන් ගමේ කොට්ඨාශ සභා තියෙනවා. මේවයේ රාජ්‍ය පාක්ෂිකයෝ තමයි නියමුවෝ.
අවශ්‍ය වුනොත් එයාලට නීතියක් නෑ කියල ද ? මේ අනතුරු අගවන්නේ.
මේවගෙන් වෙන්නෙ ආණ්ඩුව ගෙදර යාම ඉක්මන් වෙනවා.
ගමේ ඉන්න ජවිපෙ මිනිහා බයෙන් ජීවත් වෙනවා.
අරගලේ කාලෙ කරපු විනාසය තමන්ටත් කැරකේවි කියන බයෙන්.
මේක නරක වගේම භායනක පූර්වාදර්ශයක් !.














.png)