මගේ සහෝදරයෝ ඉන්නවා මුණු පොතේ.
බොහොම සංවරව සිද්ධි විවේචනය කරනවා. කාටවත් අපහාස උපහාස කරන්නේ නැහැ.
එහෙම නින්දා අපහාස උපහාස කරමින් හිටිය සහෝදරවරු මගෙන් සමු අරන්.
මේ මෑතක දැන් විරුද්ධ පක්ෂයේ ඉන්න විශ්‍රාම ගිය දේශපාලන නායකයෙකුට අපහාසකරලා පෝස්ට් කිහිපයක් දිගින් දිගට දානවා.
මම සහෝදරයාට කිව්වා.
මල්ලී ඔය වැඩේ අපේ තත්වයට ගැලපෙන්නේ නෑ පොඩ්ඩක් හිතන්න කියලා.
මල්ලී එකග වුනේ නෑ
මම කිව්වා අසල්වාසියෙකුට අපහාස උපහාස කරන එකවත් අපට ගැලපෙන්නේ නෑ නේද ? කියලා .
අපේ සංවාදය එතනින් නතරවුනා.
අත්වැල් අල්ලපු කිහිප දෙනෙක් මෙහෙම කියනවා.
අනුමත කරන්නේ නෑ මල්ලි අපේ ජීවිත කතාවෙත් ඒ වගේ අවස්තාවන් ඕන තරම් තියෙනවා.
….අයියේ ඔය වගේ අදහස් තියෙන කෙනෙක් කියලා මම හිතුවේ නෑ
මිනිසුන්ට මඩ ගහන්න එපා .කල වැඩ අගය කරන්න රටට සේවයක් කල අයෙක්නේ.
මම හිතන්නේ මේ වගේ පෝස්ට් දාන එකෙන් පිරිහෙන්නේ තමන්ගේ අභිමානය කියලා.
ඔය දේශපාලන නායකයෝ කවුරුත් තමන්ගේ පාලන කාලයේදී කරපු දේවල් ඉතිරි වෙලා තියෙනවා.
රටට නොගැලපෙන හැසිරීම් විවේචනය වෙනවා.
කවුරුත් එකයි. හොදදේත් කරනවා නරක දේත් කරනවා.
නරක දේ විවේචනය වෙනවා.








0 comments:
Post a Comment
ඔබේ අවධානයට ස්තුතියි.