RSS

ජනාධිපති සහ පැලවත්ත.





පහුගිය දවසක ප්‍රසිද්ධ රූපවානි සංවාදයකට ආපු මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මාලිමාව ගැන හරි අපූරු විග්‍රහයක් කළා.රටේ රාළට නිර්මාල්ගේ සම්පුර්ණ කතාව අහන්න බැරිවුනත් අහපු පොඩි කෑල්ල ඇතුලේ නිර්මාල් ලොකු දේශපාලන කතාවක් කියනවා.නිර්මාල් කියපු කතාව කියන්න ඉස්සෙල්ලා නිර්මාල් කවුද කියලා කියන්න ඕනි. මහාචාර්ය නිර්මාල් කියන්නේ පහුගිය ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේදී මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටිය උගත් බුද්ධිමත් කණ්ඩායමේ මූලිකයෙක්. 
ඒ වගේම නිර්මාල් අගමැති හරිනි අමරසූරියගේ ඉතා සමීපතමයෙක්.නිර්මාල් මාලිමාව බලයට ඇවිත් ඉතා කෙටි කාලයකින් මාලිමාව දැඩි ලෙස ප්‍රශ්න කරන්න පටන් ගත්ත කෙනෙක්.හිටපු කතානායක අශෝක සපුමල් රංවලගේ උපාධි සහතිකය ඉදිරිපත් කරන්න කියන අභියෝගය ඉස්සෙල්ලාම කළේ නිර්මාල්.නිර්මාල්ගේ ඒ අභියෝගයෙන් පස්සේ මාලිමාව ඇතුලේ හැංගිලා හිටිය හොර උපාධිකාරයින්ගේ,හොර ආචාර්ය මහාචාර්යවරුන්ගේ,හොර දොස්තරවරුන්ගේ පට්ටම් එකින් එක ගැලවෙන්න පටන් ගත්තා.
තවමත් ඒවා ගැලවෙමින් තියනවා.එදා නිර්මාල් අභියෝග කළේ මාලිමාව ඇතුලේ උගතුන් බුද්ධිමතුන් විදිහට පෙනී හිටපු හොර නඩේට. 
නිර්මාල්ගේ ඒ ප්‍රහාරයෙන් මාලිමාව ජනතාවට පෙන්වූ බොරු පාරිශුද්ධභාවය කුඩුපට්ටම් වෙලා ගියා.එතනින් පස්සේ නිර්මාල්ට අනුර සහ ජවිපෙ - මාලිමා ආණ්ඩුව සම්බන්ධව තිබුණේ විවේචනයක්.මේ විවේචනයේ තවත් ප්‍රබල තර්කයක් එදා නිර්මාල් ගොඩනැගුවා. 
නිර්මාල් කිව්වේ අනුරට සහ මාලිමා ආණ්ඩුවට තියන ජනතා කැමැත්ත පවතින්නේ ඉතාම සුළු කාලයයි කියලා.නිර්මාල් කියන ඒ සුළු කාලය තවම අවසන් වෙලා නැතිවුනත් ඒ කාලය අවසන් වීම ආරම්භවෙලා තියනවා.ඊළඟට නිර්මාල් කියන්නේ ඒ විනාශය කරගත්තේ වෙන කවුරුවත් නෙවෙයි ජවිපෙ ඇතුලු මාලිමාව විසින්මයි කියලා. 
නිර්මාල් එතනදී උදාහරණයට ගන්නේ උස පනින ක්‍රීඩකයෙක්.
නිර්මාල් කියන්නේ මාලිමාව නැමති දෙමුහුන් ක්‍රීඩකයා විසින්ම තමන්ට පනින්න බැරි උසක් දක්වා බාර් උස්සලා ඒ උස තමන්ට පනින්න පුළුවන් කියලා ජනතාව ඉස්සරහා වහසි බස් කිව්වා කියලයි.මේ අසාමාන්‍ය උස පනින එක අපිට සිම්පල් බලය දීලා බලන්න කියලා එයාලා ජනතාවට කිව්වා.ඒ වෙනුවෙන් එයාලා ලග නැති ගුණයන්,සද්භාවයන් ගැන කිව්වා.ඉතිහාසයයේ ජවිපෙ ඇතුලේ තිබුණ ආදර්ශයන් තමන්ට ආරෝපනය කරගෙන ජනතාව ගොනාට ඇන්දුවා. 
ගොනාට ඇඳගත් බයියෝ ජවිපෙ මාලිමා සන්ධානයට බලය දුන්නා.දැන් තමයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ.දැන් අර ජවිපෙ සහ මාලිමාව විසින් තියපු තැනම බාර් එක තියනවා.අනුරට හෝ ජවිපෙ මාලිමා ආණ්ඩුවට ඒ උස පනින්න තියා පනින්න හිතන්නවත් බෑ.ඊට පස්සේ මෙයාලා කිව්වා " අපි එහෙම කිව්වේ නෑ " කියලා.ඇත්තටම ජවිපෙට එක ලග ජනතාවට බොරු දෙකක් කියලා තියනවා.එකක් පනිනවා කියපු එක සහ අපි එහෙම කිව්වේ නෑ කියපු එක.
දැන් මේ බොරු දෙකම ජනතාවට අහුවෙලා ඉවරයි. 
දැන් ජවිපෙට තමන්ට පනින්න පුළුවන් ගානට බාර් එක තියාගන්න වෙලා.එහෙම තිබ්බම ඊට වැඩිය ගොඩක් උඩින් රනිල් පැනලා තියන බව රටට පේනවා.දැන් ජවිපෙට සිද්ධවෙලා තියනවා තමන් බාර් එක පහලට ගන්න බව ජනතාවට අමතක කරවන්න.ජවිපෙ දැන් වැඩ තෝරගන්නේ ඒ වෙනුවෙන්.ඒ වෙනුවෙන් එලියට දාපු පලවෙනි නාට්ටිය තමයි නිල නිවසෙන් මහින්ද පන්නා දැමීමේ නාට්ටිය. 
දැන් අනුර ඒ සටනින් පැරදිලා ඉවරයි.
දැන් ඒ ගෙදර මහින්ද හිටියත් අනුර පරාදයි, මහින්ද ඒ ගෙදරින් ගියත් අනුර පරාදයි.රටේ රාළ කියන්නේ එයාලා තවත් නාට්ටිය කීපයකට ලෑස්ති වෙනවා.එකක් රනිල් සහ එජාපයේ ඇතමුන් ඉලක්ක කරගත්ත ප්‍රහාරයක්.අනික ගෝඨාභය ඉලක්ක කරගත්ත ප්‍රහාරයක්.මීට අදාලව තිර පිටපත් මේ වෙනකොටත් සකස් වෙමින් තියනවා. ඇතැම් ඒවා සම්බන්ධ අනාවරණයන් පහුගිය දවසක උදය ගම්මන්පිලත් කරලා තිබුණා. 
ගොඩක් වෙලාවටම මේ සියල්ල ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉස්සෙල්ලා සිද්ධවෙයි.ආණ්ඩුව හදන්නේ මේ නාට්ටි දෙක තුනෙන් සමාජ බය බිරාන්ත කරමින් පහලට මර්ධනය මුදා හරින්න. ජවිපෙ පහල බලවේගවල හැසිරීමෙන් ඒක පේනවා.ටිල්වින් සත්තු ටික ලෙහලා දාන්න සුදානමින් ඉන්නවා.ජවිපෙ මේ සියල්ල කරන්නේ වෙන මොකකටවත් නෙවෙයි ජනතාවගේ ඇස්වලට වැලි ගහාලා ජවිපෙ ඔසවා තියාපු බාර් එක තමන්ට පනින්න පුළවන් ගානට පාත් කරගන්න. 
ඒ කියන්නේ අපේ රට ජවිපෙට ඕනි ගානට පුංචි කරගන්න.එතකොට මේ රටේ විපක්ෂයේ ඉන්නේ ජවිපෙ නායකයන්ට වැඩිය පොඩි මිනිස්සු. ජනතාව කියන්නේ ජවිපෙට අවශ්‍ය විදිහට ජීවත් වෙන මිනිස්සු.මේ හදමින් ඉන්නේ ජවිපෙ කියන විදිහට කන්න බොන්න විතරක් නෙවෙයි ජවිපෙ කියන විදිහට හිතන බොයිලර්ස්ලා ඉන්න සමාජයක්.ඒකට දැන් ජවිපෙ විසින් හැම ක්ෂේත්‍රයකටම කමිටු ක්‍රියාවලියක් මුදා හරිමින් ඉන්නවා. 
මේ කමිටු හරහා තමයි පැලවත්තේ අණ ක්‍රියාත්මක වෙන්නේ.සමහරවිට මේ කමිටු ක්‍රියාවලියකට අවශය දේවල්ද වරායෙන් පන්නපු බහාලුම් 323 ඇතුලේ තිබුනේ කියන සැකය රටේ රාළ නං තියනවා.තවමත් ඒවා කොහේටද ගියේ කියන එක අභිරහසක්.ඇත්තටම මේ හදන්න හදන්නේ ටිල්වින්ගේ පන්නයේ බෝල්ෂෙවික් යාන්ත්‍රණයක් රට ඇතුලේ ස්ථාපිත කරන්න. 
ඒක හරහා බොහෝ වෙලාවට චීන කොමියුනිස් පක්ෂයේ පාලනයට සමාන පාලනයක් මුලදී හැදිලා ඒක කාම්බෝජයේ පොල්පොට් පන්නයේ පාලනයක් දක්වා පරිවර්තනය වෙන්න පුළුවන්. මුලදී මේ ආණ්ඩුව ජාවාරමිකාරයින් සහ බලවතුන් සතුටු කරන ආණ්ඩුවක් වේවි.පහල බලවේගවලට මෙයාලා කියන විදිහට ජීවත් වෙන්න වේවි.ඒ ජනතාවගෙන් එන පීඩනය යට කරන්න මෙයාලගේ කඩර්වරුන්ගේ යාන්ත්‍රණ පහලට හැදේවි.
ඒ කාඩර් එක නඩත්තු කරන්න සුභසාධන වැඩපිලිවෙලක් හදයි.මේ යමින් තියෙන්නේ එතෙන්ට. 
තවත් ගොන් පාට් දදා ඉන්නේ නැතිව විපක්ෂය එක අරමුණක් වෙනුවෙන් පෙලගැහුනේ නැත්තං මේ රට පොල්පොට් පන්නයේ පාලනයක් දක්වා ගමන් කරනවා.එක පොල්පොට් කෙනෙක් නෙවෙයි පොල් පොට්ලා දෙන්නෙක්ගේ පාලනයට යටත්වෙන රටක් බවට අපේ රට පත්වේවි. 
ඒ ජනාධිපති පොල් පොට් සහ පැලවත්තේ පොල්පොට්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.


රටේ රාල එහෙම කීවත් ඒ තරම්දුරට රට ගමන් කරයි කියලා කඩුල්ල හිතන්නේ නැහැ. කතාබහ අහන කොට ජනාධිපතිතුමාට රට ගොඩ නගන්න උවමනාවක් තියෙන බවයි පේන්නේ. ඒත් අතීත පාලනයන්ට රාජ්‍ය නායකයින්ට එල්ල කරන මාධ්‍ය පීඩනය නම් එතරම් ප්‍රසන්න නැහැ.සමහර වැඩ නිසා අනුකම්පාව ඔවුන් වෙතට ආපසු ගමන් කරනවා.
අපි බලමු.
මේ ගෙවිලා ගියේ ටික කාලයයි.
තව අවුරුදු හතර හමාරකට වඩා තියෙන පාලන කාලය තුල මොන වගේ වෙනසක් වෙයිද කියලා.
අපේ ජනතාවට රිදෙන්නේ නැතිව කිසිම දෙයක් දැනෙන්නේ නැහැ.
ඒකත් ඉතින් ලොකු ප්‍රශ්නයක්.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අද නිදහස් දිනයයි.


අද නිදහස් දිනයයි.
ඉංග්‍රීසින්ගේ පාලනයෙන් මිදි හැත්තෑහත් වසරක් වු නිදහස් දිනය අදයි
ඇත්තෙන්ම අපි නිදහස් ද?
ආර්ථික නිදහසක් පේන තෙක් මානයේ නැත.

1948ට වඩා රට සංවර්ධණයවී ඇති බව අප පිලිගත යුතුය. මාද නිදහසත් සමග ශ්‍රී ලංකාවට සැපත් වු මානවයෙකි. එදාට වඩා අද සෑම කේෂත්‍රයකම පිබිදීමක් සංවර්ධණයක් ඇතිවී ඇත.

එහෙත් අපි විශාල ණය බරකින් අපි මිරිකී සිටිමු. සරලව සිතුවොත් අපි ආදායමට වඩා ආයෝජණය කර ඇත්තෙමු . ආයෝජන තවමත් ආදායම් උපදවන්නේ මන්දගාමී ස්වරයෙනි.

අද නිදහස් දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලාපොරොත්තු සහගත දේශනයක්  කලේය.  එය කඩුල්ල සටහන් කර ගත්තේ මෙසේය."අපට නිසැක වශයෙන්ම ලෝකයේ ධනවත්ම රට බවට පත්විය නොහැක. නමුත් අප උත්සාහ කළොත් අපට මේ ලෝකයේ පොහොසත්ම ජාතික ආත්මය දරාගත් සාමානාත්මතාවයේ සහ නිදහසේ ආදර්ශය රාජ්‍යය බවට පත්විය හැකිය." 

පුරවැසියෙකු ලෙසට රාජ්‍ය නායකයාගේ ප්‍රාර්ථණය අගේ කොට සැලකිය යුතුය. 

සුපුරුදු පරිද්දෙන් මේ දේශණය සාකච්චාවට යොමු කිරීමට කඩුල්ලට අවශ්‍ය විය. කඩුල්ල අමුවෙන්ම මුණුපොතේ  සරත් අනුර හියාරෙ හේවගේ මහතාගේ පෝස්ටුවක් ඔහුගේම සිරස්තලය යටතේ පලකලේය. සිරස්තලය වුයේ 

" මොකක්ද බං මේ අප්‍රබංශ රාජ්ජේ " යන්නයි.

පාඨකයින් කලබල වී ඇති සැටියක් දක්නට ලැබුනෙන් කඩුල්ලත් අතරමග සංවාදයට එක්විය. "තවත් කුරු ගුරුං එකක් " යයි කියන සංජීව ගුණවර්ධන මහතාට ''කුරුං ගුරුං ගේ මුණුපුරා'' යයි සරත් අනුර හියාරෙ හේවගේ මහතා පිළිතුරක් සපයා තිබිනි.

පියසිරි මලවිපතිරන මහත්තයා "  

දැං මේ කියපු ටික සිංහලෙන් කියන්නෙ කොහොමද? ඒ.අයි. තාක්ෂණයෙ පිහිට වැදගත් වෙන්නෙ මේං මේ වගේ අවස්ථා වලදි.
සිරි ලාංකික අපේ "ඒ. ඇයි." තාස්සනේ අගයමු ! "
කියන කොට සමන්තිකා පණ්ඩිතරත්න මහත්මිය අත්වැලක් ඇල්ලුවේය
"ඒක තමා මටත් මතක් උනේ ගූගල් ට්‍රාන්ස්ලේශන් දෙයියගේ පිහිට කියල"යි
මම ෂෙයාර් කල එම පෝස්ටුවට  මටත් සමග ගල් මුල් වදින්න විය.
නිමලසිරි වීරකෝන් කඩුල්ලගේ ඥාතියෙකි. ඔහුට අනුව මම විරුද්ධ පාක්ෂිකයෙකි. " සිහින මාළිගා ගොඩනැගීම වෙනුවට යථාර්ථවාදීව කතාකරන එක තේරැම්ගන්න බැරි කමද? නැත්නම් දේශපාලනික විරැද්දකම නිසාමද ?. යයි ඇසු නිසාදෝ සමන් මුතුකුමාරන " ලයනල් මාමා වගේ වැදගත් බුද්ධිමත් මහත්මයෙක් මෙික තේරැමි අරන් තියනවා වැරදියි." මට පිලිසරනට ඉදිරිපත්වු බවකි.මම ඔහුගෙන් " හෙඩිම මගේ නොවෙයි - දැක්කේ නැද්දැයි " විමසුවෙමි.වීරකෝන් මාව අතහැරියේ නැත ඔහු '' සමාවෙන්න ඕනී බාප්පේ, ඇත්තටම හෙඩිම අපිට තේරෙනවානම් ඒක ඇතුලේ කතාවත් අපිට තේරෙනවානම් සහ අපිත් ඒකට එකඟතාවක් ඇත්නම් මිස ඒවගේ එකක් අපි අපේ වෝල් එකේ පල කරන්නේ නෑ නේද?." යයි පවසමින් කඩුල්ල විත්ති පාර්ශවයේම රදවනු ලැබිනි.
"මෙි කථාවෙ මොකක්හරි අවුලක් තියනවද මාමෙ.ඇත්තටම යථාර්ථවාදි සත්‍ය කතාවක්." කියලා කියන සමන් මුතුකුමාරනට මම පිලිතුරක් බැන්දා. මේ විදියට .."......
"අවුලක් දැක්කේ නැහැ. පෝස්ට් එකට දමන comment s බලන්න. සමහර ඒවා එල්ල කරන්නේ පලකරපූ කෙනාට. තවත් සමහරු කථිකයාට.අදහස පිලිබඳ අදහස් පලකරන අය බොහෝවිට ඉතාමත් අඩුයි. මම බ්ලොග් එකක් කරනවා. Post එකයි comments වලයි මගේ අදහසයි විශ්ලේෂණයක් කරමින්. මිනිසුන්ගේ මනෝභාවයන් බොහෝම අවුල් වුන වකවානුවක්."

මේ කතාව තව තව දිග්ගැස්සෙනවා. පුංචි වචනයක් " නිදහසේ රාජ්‍ය " දුර යන තරමක්.

ජේ.ඩී සිල්වා ලියනාරච්චි මහත්තයාගේ තීරණයෙන් අදට සමුගන්නවා. ආයෙත් අලකලංචියකින් හමුවෙමු.'
' --මොකක් හෝ කෑල්ලක් අල්ලගෙන මහා දාර්ශනිකයො වෙන්න හදන අමු ගවයොත් නැතුවාම නොවේ,"


පෙබ. 05 දා.

මිල මුදලින් ලෝකයේ අන් ක එකේ ධනවත් ම රට වීමට අපට නොහැකිය .එසේ වුවත් එකම ශ්‍රී ලාංකීක ජාතියක් යන හැගීමෙන් සිය ආත්මය පුරවාගත් එනම් එයම දරාගත් එකීනෙකා අතර සමානාත්මතාවය හා පූර්ණ නිදහස ආදර්ශයෙන් ,ප්‍රායෝගිකව ලොවට පෙන්වීම යනාදි කරුණු මත ලොව පොහෝ සත්ම රාජ්‍යය බවට පත්විය හැකි බව මෙම ප්‍රකාශයේ අර්ථයයි.
කියලා   කැලුම් ඒකනායක කියන විට 

උපුල් රත්නසිංහ

ඉතිහාසය පුරාම දේශපාලකයන් ගේ බොරු සෝබන සුරංගනා කතා අහල පුරුදු මිනිසුන්ට යතාර්තවාදී ප්‍රකාශයක් තේරුම් ගැනීම අපහසුයි තමයි. 
උපුල්ගේ අදහස වෙලා





  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

විජේරාම නිළ නිවස

 



විජේරාම නිළ නිවස සම්බන්ධ
අනුරගේ කතා ජන මනසට එල්ල කරන මනෝවිද්‍යාත්මක ප්‍රහාරයක්.

මෙහෙම කියන්නේ මනෝජ් විජේසේකර.

1) මහින්ද රාජපක්ෂ රැදී සිටින විජේරාම නිළ නිවස මහින්ද ට අයිති එකක්ද?
නැත
2) එය කවදා හෝ මහින්දට හෝ එම පවුලට අයිති වෙනවාද?
නැත
3) එම නිවස මහින්ද විසින් සිය බලය පාවිච්චි කර ලබාගත් එකක්ද?
නැත, හිටපු ජනාධිපතිවරයෙකු ට නීතියෙන් හිමිවන වරප්රසාදයකි.
4) මෙම නිවස මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන පක්ෂය බලයේ සිටියදී ලබාගත් එකක්ද?
නැත මෙය යහපාලනය විසින් ලබාදුන් එකකි.
5) රජයට මෙම නිවස නැවත ලබාගත් හැකීද?
මෙම නිවසට පිටින් කාර්යාල පහසු කම් සහ සියයකට පමන ප්රමාණවත් රැස්වීම් ශාලාවක් ඇත.ඒවාද නිවස ලෙස ගෙන අවලාද ගොඩනගමින් සිටී.
ඕනම මොහොතක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට වෙනත් සුදුසු නිවසක් ලබාදීමෙන් හෝ නිවසක් සදහා කුලියක් ලබාදීමෙන් පසු මෙම නිවස රජයට ලබාගත් හැකියි.
මහින්ද රාජපක්ෂ යනු ලංකාවේ වැඩිම ජීවිත තර්ජනය සහිත පුද්ගලයා වෙයි.
ඔහුට යහපාලනය විසින් ලබාදුන් ආරක්ෂක භටයින් සංඛ්යාව 1200 කට වැඩියි.
මහින්ද රාජපක්ෂට ලැබෙන නිවස 1200 කට වැඩි ආරක්ෂකයින් ට රැදී සිටීමට ප්රමාණවත් වාහන නතර කල හැකි විශාල පිරිසකට ටොයිලට් , ආහාර ගන්නා ස්ථාන සහිත තැනක් විය යුතුයි.
ඒ වගේම ආරක්ෂාව සදහා මාර්ග පළල් , අවශ්ය විටක මාර්ග වසාදැමූ විට ජන ජීවිතයට හානි නොවන , ඒ වගේම එක පාරක් වසා ත්රස්ත ප්රහාර එල්ල උවහොත් වෙනත් මාර්ගයකින් ජනාධිපතිවරයා ආරක්ෂිතව රැගෙනයා හැකි ස්ථානයක් විය යුතුයි.
මේ සියලු කරැනු සලකා ඔහුට ලබාදී ඇත්තේ හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් රැදී සිටි නිවසයි.ඉන් පසුව මෙම නිවසේ මෛත්රීපාල සිරිසේන ඇමතිවරයෙකුට සිටියදී පාවිච්චි කර ඇත.
මෙම නිවස පිහිටි විජේරාම මාවතේ මහින්ද නිල නිවස පිහිටි මාර්ගයේ
පළමු නිවස අගවිනිසුරැ නිළ නිවසයි
දෙවන නිවස පොලිස් පති නිළ නිවසයි.
තුන් වැන්න සීඩා ආයතනයයි.
හතර වැන්නේ සහ පස් වැන්න ඇමති නිළ නිවාස වෙයි.
හය වැනි නිවස මහින්ද රාජපක්ෂ නිළ නිවසයි.
පාරේ අනෙත් පස පළමු ගොඩනැගිල්ල බ්රිතාන්ය තානාපති කාර්යාලය යි.ඉන්පසු ඇමති නිවාස කිහිපයක් පිහිටා ඇති අතර ඊට පසුව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය පිහිටා ඇත. ඊට එහා පැත්ත පාසලකි.
ඒ අනුව මෙම මාර්ගය සම්පූර්ණ ලෙස රජයේ ඉඩම් සහ නිවාස පිහිටා ඇති අතර එහි රැදී සිටින අයට ආරක්ෂාව සැපයීමේ දී එය පහසුවකි.
මෙම මාර්ගයේ පිහිටි සියලු නිල නිවාස සමාන පහසුකම් සහ වටිනා කම් සහිත ඒවා වෙයි.
මෙම නිවාස කවදාවත් ආදායම් ඉපයීමට කූලි පදනම මත ලබාදී නැත.මහින්ද ජනාධිපතිවරයා ඉවත්ව ගියහොත් තවත් මන්ත්රීවරයකුට මෙම නිවස හිමිවෙනවා.
එසේ නම් මහින්ද රාජපක්ෂ නිළ නිවස ගැන පමනක් ජනතාව වෛරය අවුස්සා කතා එළියට එන්නේ ඇයි?
එකක් මහින්ද ජනාධිපතිවරයා යුද්ධය දිනූ නායකයා බැවින් ඔහුගෙන් පලි ගැනීමටයි.අනෙක ඔහු අනාරක්ෂිත තැනක් පදිංචියට යැවීමටයි.
හිටපු ජනාධිපතිවරැන්ට නිළ නිවාස එපා නම් රජය කල යුත්තේ ජනාධිපති වරප්රසාද පනත සංසෝධනය මිස මයික් පැලීම් නොවේ.
පනත සම්මත කර නීතියෙන් මෙය කල හැකිව තිබියදී ජනාධිපති මයික් බලන්නේ ඇයි.
ඔවුන් බලයට ආවේ මහින්ද හොරෙකු බවත් ඔහු විසින් ඩොලර් බිලියන ගණනක් වත්කම් සොරකම් කල බවටත් ප්රබන්ධ සමාජගත කර ඒ මගින් ගොඩනැගූ වෛරය මතීන්ය.
මහින්ද සොරකු ලෙස සිතා සිටින ජනතාව ඒ හොරකම් අනුර විසින් අල්ලන තෙක් බලා සිටී.
නමුත් කිසිම හොරකමක් මහින්ද වීසින් නොකල බව අනුර දනි.
මේවා නොදන්නා ජනතාව මහින්දගේ හොරකම් අල්ලන්න අනුරට බලකරනවා.
මෙන්න මෙතනදී අනුර සයිකෝ ගේමක් ගහනවා.
ඔහු මහින්දගේ සොරකම් ගෑන කතා නැතිව ජනතාව වෛරය මහින්දගේ නිළ.නිවස වෙත යොමු කරනවා.
මෙය පැහැදිලි ලෙස ජනතාව ඇස් වලට මිරිස් කුඩු ගැසීමක් වෙයි

ලියුවේ Manoj Wijesekara

මම මුණුපොතේ shear කලා.

ලියනාරච්චි .ඩී. සිල්වා සහෝදරයා මේ ගැන දක්වන්නේ මෙහෙම අදහසක්.

ලෝකයේ විශ්‍රාම ගිය කිසිම ජනාධිපතිවරයෙකුට නොමැති වැඩ ගොඩක් මොහුට ඇත. නමුත් තනිව ඇවිදගන්න වත් නොහැකි දැන් මතකය වත් හරියට නොමැති ඔහු කරන එකම වැඩ කොටස නම් තමාගේ පවුල සිරගත වීම වලක්වාගෙන පුතා යලිත් බලයට පත්කිරීමට කැසකැවීම මිසක මේ රටේ ජනතාවට කරන සෙතක් නැත. ඔහුට ජීවිත තර්ජනයක් නොමැතිබව ආරක්ශක බුද්ධි වාර්තා පවසා ඇත. ආරක්ශාවක් අවශ්‍ය වන්නේ සොරුන්ට නීතියෙන් ගැලවීමටයි. ඒ සදහා ඔහු උපරීම ශක්තිය බොරුව වපුරවමින් සිටී. මේ පෝස්ට් එක ඊට හොදම නිදසුනයි. රනිල්ට මහින්දට වඩා පිළිගැනීමක් ජාත්‍යන්තරය තුල ඇත. මහින්ද දැන් කිසිවකු පිළිගන්නේ නැත. ජනතාව ඔහු ප්‍රථික්ශේප කොට කුනුකූඩයට දමා 2.5% කගේ පමණක් ප්‍රසාදයට පත්කොට ඇත.
ඔහු දැන් බිරිඳ සමග අරුවන්ගේ ආරක්ශාව බලාකියාගැනීම යටතේ ජීවත්විය යුතු මහල්ලෙකි. බල ලෝභීත්වය නිසා , මහජන මුදල් සොරකම් කිරීමෙන් රට ආර්ථික බංකොලොත්වයට පත්කිරීමෙන්, කිසිදු අද්‍යාපන සුදුසුකමක් නැති බැසිල් වැන්නවුන් මුදල් ඇමති කිරීමෙන්, දරුවන් තිදෙනා සහ පවුලේ හැම එකෙක්ටම හොර ගනුදෙනු, ඩීල්, කොමිස් , ඝාතන කිරීමට ඉඩ පහසුකම් සැලසීමෙන්, වංචා දූශන වලට ප්‍රසිද්දියේම ඉඩ පසුකම් සැලසීමෙන් අනුන්ගේ දේපල වංචා සහගත ලෙස පවුලේ උදවියට ලබාගැනීමට සැලැස්වීමෙන් තමා යුද ජයග්‍රනයෙන් ලබගත් කීර්තිය, නම්බුව, සියල්ලක්ම විනාශ කරගෙන පීචං වී ඇතිබව දැනගත යුතුව ඇත. එනිසා ඔහුට තවත් රජ සැප දීමට දුප්පත් ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරන්නේ නම් එය හුදී ජනතාවටම කරන පාපකාරී දේශ ද්‍රෝහී ක්‍රියාවකි. ඔහු නියම ජනතාවාදී පුද්ගලයෙක් නම් ප්‍රජාතන්ත්‍රවාදී මිනිසෙකු නම් රනිල් , ගොඨාභය මෙන් තමාගේ නිවසට ගොස් නිවී සැනසිල්ලේ ජීවත්විය යුතුයි. දරුවන් ඔහුව බලාගත යුතුයි. යම් සහනයක් අවශ්‍යනම් ජනතාවට බරක් නොවනසේ රජය ඔහුට උදවු කලයුතුයි.
දැන්වත් මෝඩයින්ගේ වහසිබස් , ඔහුට කඩේ යාම බොරුව උලුප්පා ජනතා මුදල් කාබාසිනියා කිරීමට දරන පටු උත්සාහයන් නැවැත්විය යුතුයි. අවසානයේ අපහාසයට, උපහාසයට ලක්වෙන්නේ මහින්ද පමනමයි.


මනෝජ් විජේසේකර.  සහෝදරයා ගේ අදහසට ප්‍රතිචාර දක්වන ඩී.වී උපාලි සහෝදරයාට මෙහෙම අදහසක් තිබුනා. 

සහතික ඇත්ත අයියා මේ වයසක මනුස්සයා රිදවලා මොනවද බලාපොරොත්තු වන්නේ සමහර විට මෙම සිදුවිමම පරිහානියේ ආරම්ය වි.යහැකියි සත්‍ය ජයගනි.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

උඹෙනුත් කැකුළු හාල් ඉල්ලුවද




උඹත් මාලිමාව රට හදයි කියල අවංකවම ඡන්දය දීපු හෝ ඒ වෙනුවෙන් වැඩ කරපු එකෙක් ද?
මේ ටික මතක තියාගෙන ගැම්මෙන් ඉදහල්ල.
ගෝඨබය කියල එකෙක් ගෙනල්ලා රතිඤ්ඤා පත්තුකරල ,කිරිබත් කාල
පොහොර ⁣ටික නැති කලා උඹ උන්ගෙ ගොට්ටන්ගෙන් පොහොර ඉල්ලුවද
රට බංකොලොත් කරල තෙල් නැතිව වාහනෙ තෙල්පෝලිමේ තියල, කොල අතු ,ඉටිරෙදි වලින් වහල පයින් ඇවිත් ආයෙ පයින් ගිහින් දුක් වින්ද උඹ උන්ගෙන් තෙල් ඉල්ලුවද?
කරන්ට් එක නැතිව බැටරියකට වයර් අමුනගෙන දරුවො පාඩම් කෙරෙව්වා උඹ උන්ගෙන් කරන්ට් එක ඉල්ලුවද?
ගෑස් නැති උනා,හැම භාන්ඩයක්ම එකට තුන්ගුනයකින් මිල වැඩි කලා( උදා- රුපියල් 5ට තිබ්බ ගිණි පෙට්ටිය 20 කලා,රුපියල් 900ට තිබ්බ සිමෙන්ති කොට්ටෙ 3200 කලා,රුපියල් 50,60 තිබ්බ සබන් කැටේ 145 කලා
රුපියල් 10ට තිබ්බ පෑන රුපියල් 50 කලා)
කොටින්ම කියවවනම් pulsar ,Fz පැදපු එකා ct100 පදින තැනට දැම්ම
ගෝල්ඩ්ලිෆ් එක බීපු එකා බීඩියට දැම්ම ,, වඩුවැඩ කරපු එකා මේසන් වැඩ කරපු එකා වැඩ නැතිව හූල්ලමින් හිටිය
උඹල මේව උන්ගෙන් ඉල්ලුවද ? නෑනෙ ,නෑනෙ
එහෙනම් රෙද්දටද කෙලවලා දීපු රටක් මාස තුනක ආන්ඩුවෙන් සියල්ල අංගසම්පූර්ණ වෙන්න කියල කින්ඩි දාන්නේ ඇයි කියල ගැම්මෙන් අහපල්ල
කොටින්ම මිනිස්සු කරන්ට්,තෙල් ,ගෑස් නැතිව දුක් විදිද්දි මහ එවුන් උඩින් යමින් රට සවාරි යමින් ,බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සු මරමින් කටයුතු කරද්දි ඔය කටවල් පූට්ටු වෙලා තිබුනෙ ඇයි කියල අහපල්ල
මේ රටේ බදු බර දරාගන්න බැරිව උගත් මිනිස්සු රට දාල යනකොට, විසඳනව කියල ඇවිත් රනිල් කෑලි කෑලි විකුණල ,ණය ගන්නකොට රනිල් පොර කියල දගලන ලදරු මානසිකත්වය ගැන ඇත්ත කතාව ගැන මොකක්ද කියල ගැම්මෙන් කියල දියල්ල
ගැම්මෙන් , ගැම්මෙන් ඉදපල්ල
........................ ............
*දශක ගානක් හොරා කාපු වලව් හාමුලගෙ කකුල්වලට පෑගිල හිටපු ජනතාව අපේ පංතියේ පොඩි මිනිහෙක් ජනාධිපති කරගත්ත කියල ගැම්මෙන් ඉදහල්ල
ඒ පත්කරපු ජනාධිපති විශාල උත්සව නැතිව,වරප්‍රසාද අඩුකරගෙන සාමාන්‍ය මිනිහෙක් වගෙ රට පාලනය කරන එක ගැන ගැම්මෙන් ඉදහල්ල
* ඡන්දෙ දින්නට පස්සේ වෙනද වගෙ මිනිස්සුන්ට හිංසා නොකර පාරවල්වල කිරිබත් කාල,රතිඤ්ඤා පත්තුකරල පලිගත්තෙ නැති එක ගැන ගැම්මෙන් ඉදහල්ල
* ජනාධිපති ,ඇමතිල තමන්ගේ සනුහරේ අමාත්‍යාංශවලට පුරවගෙන ,රට සවාරි යමින් සංදර්ශන නැති එක ගැන ගැම්මෙන් ඉදහල්ල
* දීර්ඝකාලීන වැඩපිළිවෙළක් යටතේ වැසී තිබූ කර්මාන්ත ශාලා අරම්භ කරමින් දැවැන්ත ආයෝජන රටට ගේන එක ගැන ගැම්මෙන් ඉදහල්ල
බංකොලොත් රට නිල වශයෙන් බංකොලොත් බාවයෙන් මුදා ගත්තෙ අනුරල කියල ගැම්මෙන් ඉදහල්ල
විකුණන්න හදපු ආයතන,සම්පත් බේරගෙන ගොවියත්,දුගියත් වියාපාරික⁣යනුත් බේරගෙන සීරුවට මේ ගහන ගේම දැකල ගැම්මෙන් ඉදහල්ල
දින්නොත් විදෙස් සම්බන්ධතා නැතිවෙනව,ආගම විනාශ කරනව,පෙරහැර නවත්වනව, රට ලේ විලක් වෙනව,ඩොලරය ඉහල යනව,කොටස් වෙළඳපොල කඩා වැටෙනව ,තෙල් නැතිවෙනව,ගෑස් නැතිවෙනව වගේ මඩ ගහපුව බොරු කරපු එක ගැන ගැම්මෙන් ඉදහල්ල
හාල් ඇටේ අල්ලගෙන දගලද්දි බොහෝ භාන්ඩවල ,⁣⁣ බෙහෙත්වල මිල අඩුවීම ගැන ගැම්මෙන් ඉදහල්ල
කුඩු මාධ්‍ය හා ජවාරම්කාර මාධ්‍ය කිහිපයක් (හිරු,දෙරණ ) ආන්ඩුව වට්ටන්න හිතන් කරන ප්‍රචාර පරම සත්‍ය කියල පිලිගන්නෙ නැතිව ඇත්ත දැකල ගැම්මෙන් ඉදහල්ල
කොටින්ම උත්සව පලකට ගියාම සම්බා රයිස් එක කාල එළියට ඇවිත් කැකුළු හාල් ඤැහ් ගාන තක්කඩින්ට විරුද්ධව ගැම්මෙන් ඉදහල්ල
විධායක ජනාධිපති කෙනෙක් ඉන්න 2/3 ආන්ඩුවට සහය දෙන උඹලට ගැම්මෙන් ඉන්න බැරිනම් රටටම කෙලවල පරාද වෙල ගිය හාමුලගෙ හෙන්චයියන්ට කොහොමත් ගැම්මෙන් ඉන්න බෑ කියල තේරුම්ගෙන ගැම්මෙන් ඉදහල්ල
⁣ඡන්දය දීපු හා දුන්න වගෙ රගපාපු ,දෙන්න කෙනෙක් නැති නිසා දෙන්නම් වාලෙ ඡන්දෙ දීපු අය තේරුම්ගෙන නොතේරෙන කමට බනින අයට තේරුම්කරල,තක්කඩි කමට අපහාස කරන අයට ගැම්මෙන් උත්තර දීපල්ල
නිවාස,සුපෝඛබොෝගී වාහන අතඇරල,රට පුරා තියෙන ජනාධිපති මන්ධිර අත ඇරල,රට ඇතුලත ගුවන් ගමන් අත ඇරල ,ආරක්ෂාව අඩුකරගෙන, ඒ විතරක් නෙවෙයි මිලියන ගනන් වැටුප් අතඇරල රට හදන්න ස්වෙච්ඡාවෙන් ( වැටුප්,වරප්‍රසාද නොගෙන) වැඩකරන ලේකම්ල,උපදේශකල දාගෙන මේ රට හදන ගේම තමයි මේ ගහන්නේ කියල ගැම්මෙන් ඉදහල්ල
හොද දේවල් කප්පරක් තියෙද්දී හාල් ඇටේ, බස් ,බයික් කෑලි ගැන කියමින් ආන්ඩුව පෙරලන්න හිතනවනම් ඒව හීන කියල තේරුම්කරල ⁣,මිනිස්සුන්ට පොහොසත් රටක්,ලස්සන ජීවිතයක් හදනවම තමයි කියන ගැම්ම තියාගෙන ගැම්මෙන් ඉදහල්ල .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

පුරුදු පොල් සම්බලයක්.




හැම මළ ඉලව්වම දේශපාලනිකයි. පොල් කියන්නෙත් දේශපාලන මාතෘකාවක්. අර අවුරුදු 76 ක් ගැන කියනවනේ. දීර්ඝ කාලීන සැලසුම් තිබිය යුතු දේවලට ඇස්ප්‍රීන් විසදුම් නැහැ. පොල් රුපියල් 1000 /= ට ගියත් අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට ක්ෂණික විසදුමක් නැහැ නොවැ. විදේශීය ආනයනකින් මිස .

ඒකටත් විනිමය නැහැ.

මුදල් විශුද්ධි කිරීම් නිවරදි කර ගන්නත් තියෙනවා.

අපි පස්සේ කතා කරමු.

පොල් , හාල් ගැන කතා කර කර ඉන්න ගමන්.

මේ පලවෙන්නේ එක අදහසක්. අපි පුලුවන් හැටියට කියවමු.

අනුරාධපුර යුද හමුදා රෝහලේ ඉන්න කොට ඒකේ හිටපු අණදෙන නිලධාරී තුමාට තිබුනා හරි අපූරු පුරුද්දක්. ඒ තමයි වේල් තුනටම පොල් සම්බෝල කන එක. ඉතිං ඔෆිස මෙස් එකේ හැම වේලටම පොල් සම්බෝල වරදින්නේ නෑ. මමත් අලුතින් ගිහින් කාලයක් යන කොට සම්බෝල එපා උනා හැම වේලටම කාලා. දවසක් කුක් ගෙන් ඇහැව්වා මොකද හැම වේලටම සම්බෝල කියලා.
එයා කිව්වා, " සර්, අපේ CO කුරුණෑගල පැත්තෙ කෙනෙක් නේ. එහේ ගෙදර හැමදාම පොල් සම්බෝලයක් කන එක පුරුද්දක් ඒ නිසා ඒ පුරුද්දට මෙහෙත් හැම වේලටම සම්බෝල හදන්න කියලා තියෙන්නේ" කියලා. හ්ම්, ඉතිං ඕක වෙනස් කරන්න බෑනේ. ඉතිං අපිත් සම්බෝලෙට පුරුදු උනා.
එංගලන්තයේ ගත කරපු අවුරුද්ද දෙක තමයි වැඩි පුරම සම්බෝල කෑවේ. විනාඩි දෙකකට අඩු කාලයකින් සම්බෝල හදන්න එහෙදි පුළුවන්. වැඩේ මෙහෙමයි, ගාපු පොල් ෆ්රීසර් එකේ දාලා ඉන්දියන් කඩ වල ගන්න තියෙනවා. ඒවා අරගෙන ඇවිත් ෆ්රිජ් එකේ දාලා තියෙනවා. සම්බෝල කන්න හිතුන ගමන් ෆ්රිජ් එක ඇරිලා, අවශ්ය තරම් පොල් අරගෙන පොඩි භාජනේක දාලා විනාඩියක් මයික්රෝවේව් එකේ දාලා අයිස් අරිනවා. ඊට පස්සේ අපි ලඟ එහේ තිබුනා අපූරු බ්ලෙන්ඩර් එකක් වගේ උපකරණයක් චොපර් එක කියලා. මේකෙදි තලයට බ්ලෙන්ඩ් වෙන්නේ නෑ නමුත් කුඩාවට කැපෙනවා. මයිකෝවේව් එකේ පොල් වල අයිස් යන කං ලූණු ගෙඩියක් කපලා දාලා, අමු මිරිස්, මිරිස් කුඩු, තක්කලි කෑල්ලක්, ලුනු ගම්මිරිස් පදමට දාලා, දෙහි භාගයක් මිරිකලා ලෑස්ති වෙනවා. ඊට පස්සේ ඉතිං පොල් ටික ඒකට දාලා, උම්බලකඩ දාලා සට පට හාලා චොප් කර ගත්තම සුපිරියට ෆුල් ෆ්රෙෂ් පොල් සම්බෝලයක් එනවා. විනාඩි දෙක සම්පූර්ණ වෙනකොට චොපර් එක හෝදලත් තියන්න පුළුවන්.
දැන් ඕකට ඉඟුරු, සුදුලූණු එහෙමත් දාලා පොඩ්ඩක් මොඩිෆයි කර ගන්නත් පුළුවන්. සමහර වෙලාවට හොඳ ගොටු කොළ කීපයක් උනත් මරු. කරපිංචත් හොඳ ඔප්ෂන් එකක්. තිබුණොත් දාලම බලන්න.
දැන් ඉතිං පොල්සම්බෝල කන්නත් එපාලු, පොල් මිරිකල කිරි ගන්නත් එපාලු. සත්තුන්ට කන්න දෙන්නත් හාල් නැතිලු.
පොල් කිරි මිරිකා ගන්නවා වෙනුවට පිටි පැකට් පාවිච්චි කරන්නලු. ඔය ඒ කාලේ එළකිරි බොන එක නවත්වලා පිටි කිරි වලට පුරුදු කෙරෙව්වෙත් ඔහොමලු නේ. කමක් නෑ හැමදාම ලෝකේ එක වගේ තියෙන්නේ නෑ.
හැබැයි සිංගප්පූරුවේ, එංගලන්තයේ ඉන්න කොට පොල් කිරි වෙනුවට තිබුනේ පැකට් කරපු උකු පොල් කිරි එකක්. ඒවා ගොඩක් ආවේ ඉන්දුනීසියාවේන්. ඒක හරිම ලේසියි. රසේ අවුලකුත් නෑ. ඔය දැන් සුපර්මාර්කට් එකේ ෆ්රෙෂ් මිල්ක් එනවා වගේ පොල්කිරි. ඒ වැඩේ නිසා ගොඩක් කාලය ඉතුරු වෙනවා.
පොල් සම්බෝල කන එකම රට හැටියට අපේ ආහාර රටාව අපි තියා ගන්න ඕනේ. පොල් තෙලුත් ඒ වගේ. ඒත් කිරි එක නම් උකු කිරි වලට මාරු වෙන්න තියෙනවා නම් මරු. වැඩේ ලේසියි. ඒත් ස්වාභාවික ආහාර රටාවක ඉඳලා processed food culture එකකට මාරු වෙන එක දෙවරක් හිතන්න වෙනවා.
රටේ පොල් හිඟ වෙන්න හදිසියේ අපේ පොල් පරිභෝජන රටාව වෙනස් උනේ නෑ. තාම අපි කන්නේ බොන්නේ ඒ පුරුදු විදියට තමයි. හැබැයි අස්වැන්න අඩු උනා. ඒ වැරදි කෘෂි කාර්මික උපක්රම, අත හැරුණු පොල් වගාව සහ දේශගුණික විපර්යාස නිසා. පහුගිය දවස් වල රිලව් බැනුම් ඇහැව්වට, උන් මේක මාස තුනකට කලින් ඉඳලා පටන් ගත්තේ නෑ. අපි වගේම උනුත් කෑවා. ඒ වගේම රටේ කර්මාන්තයක් ලෙස පොල් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත බිහි වෙලා තියෙනවා. ඒ අය සමහර විට අපනයන සැකසුම් වලට පොල් එකතු කරන නිසා පොල් ඉල්ලුම වැඩිවෙලා තිබෙනවා. එතකොට සැපයුම් මදි වෙන නිසා මිළ ඉහළ යනවා.
ඒ වගේ අවස්ථාවක් නම් පොල් ආනයනය කලත් කමක් නෑ. මොකද අපි අමුද්රව්යයක් ලෙස මදි පොල් ගෙන්වලා, ඒවායින් value added නිෂ්පාදනයක් කරලා අපනයනය කරනවා නම් ඒක සාමාන්ය වෙළෙඳපොළ ආර්ථිකයක්. ගෝලීයව එවන් කර්මාන්ත තිබෙනවා. උදාහරණයක් ලෙස අපේම තේ කර්මාන්තයත් ඒ වගේ. කෙන්යාවෙන් එන තේ අපේ සිලෝන් ටී වලට බ්ලෙන්ඩ් කරලා re-export කෙරෙනවා. ඒක සාමාන්ය වෙළෙඳපොළ තත්ත්වයක්. ඒ නිසා අපනයන සැකසුම් වලට පොල් ආනයනය කරන එක වගේම දේශීය පරිභෝජනයට මදි නම් පොල් ගෙන්නන එක සාමාන්ය දෙයක්.
රටක් තියෙන්න ඕනේ හොඳට කාලා බීලා ඉන්න. අපිට වගේම බල්ලන්ට පූසන්ට උනත්. රටේ ප්රශ්න අඳුරන්නේ නැතුව ඒවා විසඳන්න බෑ කියලා කයිවාරු ගහන්න බෑ. ප්රශ්න එන කොට කිය කිය එන්නේ නෑ. මේවා අපේ කාලේ නෙවෙයි උනේ කියන්න බෑ. බලය ගත්තේ කරන්න නම්, කට වහගෙන, ඔළුව පාත් කරගෙන වැඩේ කරන්න. ආයේ අරක බෑ මේක බෑ කිය කිය යන්න එපා. ඒ පාඩම ගෝඨාභය කියලා දුන්නා.
පැතුම් කර්නර්

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

දැන් පෙන්වනවා.

මොකද වෙන්නේ කියලා. පසුගිය දාක මුණු පොතේ මේ වගේ එකක් පලවුනා. කඩුල්ල බෙදා ගත්තා. 


තිරගතවන චිත්‍රපටි සතියෙන් දෙකෙන් සිනමාහල් වලින් ඉවත් වෙනවා.

අලුත් ඒවා එනවා.

මෙගා ටෙලි වගේ නෙමෙයි.

"රිලව්" එක චිත්‍රපටියක්. 

ඒක ඒ තරම් අල්ලගෙන ගියේ නෑ.

"පොල් සහ හාල් "  එකක්.

ඒක දිගින් දිගට පෙන්වන ජනප්‍රිය චිත්‍රපටියක්.

පසු ගියදාක ඉදන් "මහින්ද ".......

මේ කතාව ලියන්න පටන් ගන්නේ මහින්ද ගෙන්.

නොයෙක් මතවාද ඇතිවෙනවා ගැටෙනවා වැටෙනවා  කියවලම බලමු.


මහින්ද මහත්තයා පස්සෙන් පැන්නීම.    නිමල් තොම්මාදුරුව මහත්තයාට හිතෙන හැටි අවබෝධ කරගෙන තියෙන හැටි මෙහෙමයි.

"මෙි ආණ්ඩුවෙ සියළුම දෙනා ඇතුළු ලක් වාසී ජනතාව විශේෂයෙන් යුද්ධය අවසන් වෙන කොට සිහි බුද්ධියෙන් ජීවත් වු ජනතාව තමන්ගෙ හදවතට පුංචි තට්ටුවක් දාල අහන්න ඇත්ත ටම ඒ අවධියෙ යුද්ධයෙ භයානක කම කොහොමද අඩුම තරමෙ තමන්ගෙ ගමෙ පාසැලට තමන්ගෙ ලමයි යවන්න පුලුවන් කමක් තිබුනද ඒ පාසැල් කාලයෙ
දෙමාපියන් මාරුවෙන් මාරුවට තමන්ගෙ ලමයින්ගෙ පාසැල මුර කලා හැබැයි මේක එදා පාසැලේ ඉගෙන ගත්ත පොඩි ලමයි දන්නෙ නැහැ මමත් එක අවස්ථාවක් කි. මී. 8 ක් විතර පයින් ගියා ලමයගෙ පාසැලට මෙකෙද පාසැලේ බෝම්බයක් තියල කථාවක් පැතිරුනා
අම්ම තාත්ත එක බස් එකේ ගියේ නැහැ කියනවනම් තව කියන්න බෙහෛා් දේවල් තියෙනව වසර 30 ක යුද්ධය හිටපු ජනාධිපති වරුන්ට අවසන් කරන්න බැරි උනා ඒ අතර සමහර නායකයො කොටින්ට උදව් කරා සටන් විරාම දැම්ම ඒ කාලයෙ කොටි කදවුරු ඉදිරියට ඇවිත් පුක පෙන්නල ගියා
මේ යුද්ධය නිමා කරන්න ප්රධාන තුන් දෙනෙක් දායකත්වය දුන්න මහින්ද ජනාධිපති තුමා, ගෝඨාභය ජනාධිපති තුමා සරත් පොන්සේකා මැතිතුමා මෙවෙුන් සමග ත්රිවිධ හමුදාව, පොලීසිය , සිවිල් ආරක්ෂක බලකාය
මේ කර්තව්යයයෙදි මහින්ද මහත්තය නායකත්වය දුන්න ඒක තමයි ප්රධාන කොබ්බෑකඩුව මහත්තය නායකත්වය දුන්නත් යුද්ධය දිනන්න බැරි වුනේ නායකයො දුර්වල වූ නිසා අන්තිමට කොබ්බෑකඩුව මහත්තයත් මරල දැම්ම
කාලය මෙලෙච්ඡතත්වයෙන් ⁣වසර 30 කලයනට ආසන්න වෙද්දි මහින්දා මහත්තය ජනාධිපති වුනා අපි එදාම කීව ප්රභාකරන් ට හරියන මිනිහ දැන් ඇවිල්ල තියෙන්නෙ බඩු හම්බවෙනව කියල මොකද මහින්ද කියන්නෙ ගේමට ගේමක් දෙන්න පුලුවන් බඩුවක්
කැබතිගොල්ලැව බස් බොම්බය පුපුරල
පොඩි ලමයි ඇතුළු වැඩි පිරිසක් මියගිය තැනදි මහින්ද තීරණය ක් ගත්ත නොනවතින ලෙස දිගටම කොටින්ට ගහන්න ආර්ථික අපහසුතා තිබුනත් අත ඇරියෙ නැහැ මහින්ද මහත්තය පුතා නාවික හමුදාවට බැන්දුවෙ පුතාට තනතුරු දෙන්න නෙවි ඒ අවධියෙ හමුදාවට බැදෙන්න තරුණයො භය වුනා
නැත්නම් ත්රිකුණාමලය කදවුරට දිගට හරහට මෝටාර් ගහන කාලයක් කිසිම පියෙක් තමන්ගෙ දරුව හමුදාවට බන්දන්නෙ නැහැ
මතකද ප්රභාකරන් පරදිනකොට පිටරට ලොක්කො පිරිසක් ඇවිල්ලා යුද්ධය නවත්වන් කීව විශේෂයෙන් ඉන්දියාවෙ
හිටපු තමිල්නාඩුවේ මහ ඇමති කරුණානිදි උපවාසයක් ආරම්භ කලා
යුද්ධය නවත්වන්න කියල මහින්ද මහත්තය ඒවට භය නොවී යුද්ධය අවසන් කලා
මේ යුද්ධය දිනවල දෙනකොට මහින්ද මහත්තය ගෙ පවුලේ සියළු දෙනාටම ලොකු අවදානමක් එකතුවුනා අද උනත් ඒ මැරුම් කාපු කොටින්ගෙ සහෝදරයෙකුට ඟාතිකෙුට අවස්ථාවක් ලැබුනොත් මහින්ද මහත්තය ගෙ පූස් පැටියෙක් උනත් මරනව එතකොට ඌ ජාතියේ නායකය වෙනව
අද මේ ආණ්ඩුවෙ නලින්ද ඇමතිතුමා කියනව ලමයි තුන්දෙනාට බලාගන්න පුලුවන් ලු ඇමති තුමා අද රටේ සියළු දෙනාම නිදහසේ ඉන්නෙ මහින්ද මහත්තය ප්රභාකරන් අවසන් ගමන් යවපුනිසා මහින්ද මහත්තය ඒ කරපු ජාතික මෙහෙවර අව තක්සේරු කරන්න එපා ඇමති තුමා හරිනම් හැම රජයක්ම හැම ශ්රීලාංකිකයෙක්ම එතුමාට ගෞරව කරන්නඕන
ඇමති තුමා පාර්ලිමේන්තු වෙදි ඔබතුමාට ඒ විදියට කථාකිරම ගැලපෙන්නෙ නැහැ වැරදිලාවත් ඔතනින් ගියාම කෙටෙි පැටියෙක් එතමට ටීක් කරොත් ඒ අවලාදයෙන් ඔබතුමා ලටලේසියෙන් ගැලවෙන්න බැහැ
අද ඔබ තුමාලට විසදන්න විශාල ප්රශ්න රාශියක් තියෙනව අමතක කරන්න එපා ඔය මහින්ද මහත්තය ට ගහන එකෙන් උන්ට ලොකු කඩා වැටීමක් දැනටම තියෙනව
මොකද අද ඔයාලට ඡන්දෙ දුන්නෙ පොහොට්ටුවෙ 69 ලක්සෙ ඡන්දෙ දුන්න ජනතාව හැ ම කෙන්ම මහින්ද මමත්තයට ආදරෙයි ඒක නිසා මේ ප්රශ්න යෙදි එතනින් විශාල පිරිසක් මාලිමාවෙන් කැඩෙනව දැනටත් කැඩිල ඉන්නෙ
අද මම කිවිව කියල හිතේ තියාගන්න මහින්ද මහත්තය ඔබතුමලට පාරාවලල්ලක් වෙනවා.




නාලක කටුපිටිය මහත්තයා ප්‍රතිචාරයක් දක්වනවා. මෙහෙම.

"යුද්ධය අවසන්වීමෙන් පසුව යුද නායකය සිරගතකලේ යුද අපරාධ කල නිසා වෙන්න ඇති.

පව් කල හොඳ නරක හැම කෙනාම පසුපස එනව.

එදාට වැලපිලා වැඩක් නැහැ."

දයා බලන්ගොඩ මහත්තයාගේ අදහස කෙලවර වෙලා තිබුනේ අනාවැකියකුත් එක්ක.

"හේතුව නොදැක ඵලය ගැන කතා කිරීම
යුද්ධය ඇති කිරීමට මාර්ගය පෑදුවේ කවුද?
නිදහසින් පසු රට කරවූ වලව් පැලැන්තියේ මජර දේශපාලකයන්.
බලයේ සිටීමට හොඳම තුරුම්පුව ජාතිවාදයයි. රනිල්ලා මහින්දලා ඇති කළ යුද්ධය අවසන් කළේ ඇයි.
තවදුරටත් බලයේ සිටීමට හා එල්ටීටීඊ සංවිධානය රැස් කරගෙන සිට අසීමිත රත්රන් ඇතුළු ධන සම්පත් කොල්ලකෑම සඳහාය.
සිංහල දෙමළ ජාතිවාදය ඇවිස්සීමට නොහැකි වූ තැන 2019 සිංහල මුස්ලිම් ජාතිවාදය අවුස්සා බලය ලබාගත් ආකාරය අමතක ද.
දැන් ප්‍රභූ පන්තියේ දේශපාලනය අවසන්.
කටු කණ සුනඛයින් බිරුවට ආයෙත් ඒ පාලනය එන්නෙ නෑ"


නිමලසිරි වීරකෝන් මහත්තයා
"මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විදිහට ඉන්න වෙලාවේ එතෙක් පැවති යුද්ධය අවසන් කළා.
හැබැයි ඉන් නොනැවතුණු මහින්ද ඊළඟට කළේ මුළු රටම සුද්ද කිරීම.
ඒ වෙනුවෙන් ඔහු විසින් ඔහුටම හරියන ගෝල බාල පිරිසක් නඩත්තුකළා.
ඒ පිරිසට මහින්ද සැප අහිමිවීම යනු සිය සැප අහිමි අහිමි අහිමිවීම බව ඉතා හොඳින් දැනී තිබෙනවා.
රට බංකොලොත් කිරීමේ කණ්ඩායමේද ඔහු සාමාජිකයකුට ලෙස අධිකරණයෙන් නම් කොට ඇති පුද්ගලයෙකි.
ඉතිං ඔහු කාටහරි බොහෝ වටීනම් ඔව්න්ට හැකියි ඔහු රැකබලාගන අවශය ආකාරයට නඩත්තු කරන්න.
රජයක් එසේ කලයුතු නෑ.
ඔහු සිය වටිනාකම සියතින් විනාශකර ගත්තෙක්."


සාධනීය කතිකාවතකට පිවිසිලා.


චාන්දණි ලියනපතිරන උපුටනයක් දක්වනවා. සරණපාල නම් මහත්තෙක්ගේ.

"සරත් ෆොන්සේකගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම අයින් කරද්දි මහින්දට පොඩ්ඩක්වත් හිතුනෙ නැද්ද ඒ මනුස්සයාගේ ජීවිතයට තර්ජනයක් වෙයි කියලා ?
එතකොට එවා කලේ පළිගන්න නෙවෙයිද?
යුද්ධය ඉවර කරන්න මහින්ද සියයට 25ක දායකත්වයක් දුන්නනම් ඉතුරු සියයට 75 ම දුන්නේ සරත් ෆොන්සේකා ඇතුළු යුද හමුදාව සහ පොලිසිය .
එතකොට ඒ මනුස්සයව වැලිකඩ රිමාන්ඩ් කරනකොට ඒක ඇතුලේ LTTE ත්‍රස්තවාදීනුත් රිමාන්ඩ් කරලා ඉන්නවා කියලා මතක් වුනේ නැද්ද?
එතකොට ඒ මනුස්සයාගේ ජීවිතයට තර්ජනයක් කියලා මතක් වුනේ නැද්ද ?
රාජපක්ෂල උනුයි උන්ගෙ පවුල්වල එවුන් ගැනයි විතරයි හැමදාම හිතුවේ රජකම් කරත් කළකම් පලිසන් දෙනවා කියන්නේ ඔවට තමයි මහින්ද ලොක්කා

-- සරණපාල-saranapala"

කැලන් සිල්වා  මහත්තයා හිතන්නේ මෙහෙමයි.

"මහින්ද මහත්තයාට ගහනවා කියලා කියන්නේ මොකක්ද ? . 
ගහන්න ඕනී තමයි. 
යුද්දේ පෙන්නලා අපිට එයා ගහපු ගැහිල්ල කොහොමද ?.

සබරේ රන්ජන් මහත්තයා දැක්කේ ප්‍රබ්‍රද්ධ කොණයකින් කියලා කඩුල්ල කල්පනා කලා.

"මේ රජය බලයට ගෙන එන්නට 69න් බහුතර කොටසක් එක්වුයේ තම සාම්ප්‍රදායික දේශපාලනය පැත්තකින් තබාය.
වැරදි කර ඇත් නම් ඔහුන්ගේ කලින් දේශපාලන නායකයා වුවත් දඩුවම් ලැබිම ගැන අහිතක් නැත. නමුත් කෙනහිළිකම් කිරීම,
මඩ ගැසීම, චරිත ඝාතනය කිරිම්,
වෙනසක් අපේක්ෂා කල මධ්යස්ථ මතධාරින්ට ? .

ලක්ෂ්මන් ලියනගමගේ මහත්තයා  දකින්නේ මේ විදියට.

Winston Churchill gives leadership to 2nd world war defeat Germany 
after the war 1965 he died 20 years later the war. 
But he never had any benefits or security as leadership to the war . 
Mahinda is not war hero he is war joker

ඒකත් ඇත්ත තමයි. අපි යුරෝපීය සිතුම් පැතුම් නැති ආසියාතිකයෝ නේ. නම්බියාර් ඉන්න දෙමළ චිත්‍රපටි වල ඉන්න චරිතනේ කියලා  කඩුල්ලට හිතෙන්න පටන් ගත්තා.

චාන්දණී ලියනපතිරණට මහත්මියට  මහින්ද නයාට අදු කොල වගෙයි. මේ ප්‍රතිචාරයත් නැවතත් එකතු කරලා. කඩුල්ල බිද දාන අදහසින් වගේ.

"යටගසා සැඟවූ රාජපක්ෂ සෙවනැළි ඇති කුප්‍රකට ඝාතන
මහින්ද රාජපක්ෂ සමයේ මිහින් ලංකා ඇතුලු එයාර් බස් ගණුදෙණුව ගැන තොරතුරු අනාවරණය කළ රජීව් ජයවීර ගේ මළ සිරුර 2020 ජනවාරි 12 දින කුරුඳුවත්ත, නිදහස් චතුරස්‍රය අසල තිබි කුරුඳුවත්ත පොලිසිය විසින් සොයාගනු ලැබීය. 
අවට පිහිටි සීසීටීවී කැමරා වල පවා සටහන් නොවුනු මෙම අභිරහස් ඝාතනයේ සුළමුල සොයා යාමේදී කොලොම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට ඝාතනය වූ හිටපු ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ විධායක ශ්‍රේණියේ නිළධාරියෙකු වූ රජීව් ජයවීර ලියූ කුප්‍රකට එයාර් බස් ගණුදෙණුවේ සවිස්තරාත්මක ලියවිල්ල හේතුවී ඇති බවට බොහෝ සාක්ෂි ඇත. 
පහතින් පළකර ඇත්තේ ඔහු විසින් රාජපක්ෂ පවුල විසින් කළ මෙම කූට ජාවාරම පිළිබඳ ලියවිල්ලයි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් A 330 – 300 ගුවන් යානා, 06ක්, A 350-900 ගුවන් යානා 04ක්, මිලදී ගැනීමට සහ තවත් A 350-900 ගුවන් යානා 04ක් බදුපදනම මත ලබා ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2013 වර්ෂයේ දි තීන්දුකොට තිබුණි. මෙම අධ්‍යක්ෂ මංඩලය ලෙස රාජපක්ෂ හිතවාදී Board of Directors during the re-fleeting exercise were: සිරිලියගේ මල්ලී වන නිශාන්ත වික්‍රමසිංහ සභාපති, කපිල චන්ද්‍ද්රසේන(Director/CEO) නිහාල් ජයමාන්න ශමීන්ද්‍ර රාජපක්ෂ මනිලාල් ප්‍රනාන්දු සනත් උක්වත්ත , සුසන්ත රත්නායක , සහ ලක්ෂ්මී සංගක්කාර පත්කර තිබුණි. 
මෙම හොර ගණුදෙණුව සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේනට ලංඩන් ක්‍රවුන් අධිකරණයෙන් වරදකරු කර ඇත. 
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් මිලියන 2528.12ක මුදලක් පෙර ගෙවීම් ලෙස අදාල ගුවන් සමාගමට ගෙවනවිට රටේ දැවැන්ත විදේශ විණිමය අර්බූධයක් තිබිණි.
ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් මෙකී ගුවන් යානා 04 බදුපදනම මත ලබාගැනීම සඳහා වු බදු ගිවිසුම අවලංගු කොට තිබුණි. මේ හේතුවෙන් රුපියල් මිලියන දාසයදහස් නමසිය විසිහතරයි දශම තුනයි හයක (16,924,36) මුදලක් වන්දි වශයෙන් අදාළ සමාගම වෙත ගෙවීමට ගුවන් සමාගමට සිදුවී තිබුණි. 
මේවා කජු ඇට කොස් ඇට නොවේ. මෙවැනි මගඩි නිසා කිහිප දෙනකු තම මඩිය තරකර ගත්තද, අවසානයේ මෙකී වන්දි මුදල ගෙවීමට සිදුවූයේ රටේ මහජනතාවටය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් එස්. ඒ. එස්. එයාර්බස් සමාගම සමග ගුවන් යානා මිලදී ගැනීම සඳහා ගිවිසුම්ගතව තිබූ අතර පෙර ගෙවුම් ලෙස එස්. ඒ. එස්. එයාර්බස් සමාගම වෙත ගුවන්යානා ගනුදෙනුව සඳහා රුපියල් මිලියන 16,924.36ක මුදල ගෙවා තිබුණි. 
මෙම ගෙවීම ගුවන් සමාගමේ එවකට හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන කපිල චන්ද්‍රසේකර විසින් සිදුකළේ ඔහුගේ බිරිඳට අයත් සමාගම හරහාය. එහිදී සිදුවූ කොමිස් ගණුදෙණුව ඩොලර් මිලියන තුනකි. එය සිංගප්පූරු සමාගමකට ප්‍රංශ එයාර් බස් සමාගම විසින් බැරකර තිබූ බව ලංඩන් ක්‍රවුන් අධිකරණයේදී හෙළිවිය. කපිල චන්ද්‍රසේකරගේ හිතුමනාපෙට මෙම අති විශාල ධනස්කන්ධය ලබා ගැනීමට රාජපක්ෂ නීලකාස හොරුන් ඉඩ දෙයිදැයි සිතා බලන්න.

ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වූ කපිල චන්ද්‍රසේන එරෙහිව සිවිල් ක්‍රියාමාර්ගයක් ගතහැකිද යන්න පිළිබඳව ගුවන් සමාගම විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලා සිටියද රාජපක්ෂ පවුලට යටවූ නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේය. 
රජීව් ජයවීරට මෙම දීර්ඝ හෙළිදරව්ව රටේ ජනතාවට කිරීමට සිදුවූයේ එවන් වාතාවරණයක් මැදය. 
සත්‍යය හෙළිදරව් කිරීමේ වරදට රජීව්ට ජීවිතෙන් වන්දි ගෙවීමට සිදුවූ අතර ඔහුගේ සිරුර අසල මයික්‍රෝ පිස්තෝලයක් තබා ඝාතකයින් පැන ගියේය. එවකට පැවති ගෝටාභය පාලනය විසින් මෙම සිදුවීම සම්බන්ධ පරික්ෂණ යට ගසන ලදී.

රජීව් ජයවීර විසින් එයාබස් ගණුදෙණුව පිළිබඳව ලියූ ලිපිය
https://www.colombotelegraph.com/.../srilankan-airlines.../

ජේ ද සිල්වා ලියනාරච්චි මහතා කියන්නේ මෙවන් කතාවකි.

තමා මියගියොත් පක්ශයේම එවුන් නාමල්ට ගහල පන්නන බව දන්න නිසා, 
පවුලේ එවුන් ටික ආරක්ශා කරගන්න ඕන නිසා, 
උන්ට යන එන මං නැතිවෙන බව දන්න නිසා 
මොන ජෝගියක් හරි නටලා, 
බලෙන් ජනතා මුදලින් ජීවත්වෙන්න පවුල ජීවත්කරවන්න ඕන නිසා 
සට්ඨැබි දමලා පාර්ලිමේන්තුවේ කෑගස්වනවා. 
ලැජ්ජයි.
ජර්මනියේ චාන්සලර් තමාගේ පාලන කාලය ඉවර උනාම තමා ජීවත් උන ෆැලැට් එකට ගියා. 
ඒ රටවල් දියුනුකරපු මිනිස්සු. 
මෙයා රට බංකොලොත් කරපු බව උසාවියෙන් තහවුරු කරපු අපරාධකරුවෙක්. 
අපේ බදු මුදල් වලින් මෙයා වත් එයාගෙ පවුලත් නඩත්තු කලයුතුද ?
බුදු වදනක් තියෙනවා.
ජීවිතං අනියතං, මරණං නියතං කියලා.
මෙයා හිතාගෙන ඉන්නේ මැරෙන්නෙ නැහැ කියලා. 
විදවලා මැරෙන්නේ.
බහුතරයක් ජනතාවගේ ශාපය නිසා.


මේ කතා සාගරය දිගින් දිගට ඇදිලා යයි. කඩුල්ල හිතා ඉන්නවා මේ විදියට දිගින් දිගට ලියන්න. 
රිලව් ,පොල් ,හාල් ,වගේ ඒවා ගැනත් මේ අතර ලියන්නම්.
නැත්නම් එකම කතා අහලා එපා වෙන්නත් පුලුවන්.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

හ්ම්

 




ජීවිතය අපුරුය. උපන් කල අසරණය. කාගෙත් උදව් උපකාරයක් නැතිව පැවතීමක් නැත.  ටිකින් ටික උස් මහත්වන විට නිදහසේ කටයුතු කිරීමට පටන් ගනී. වැඩි හිටි පාලනයෙන් මිදී තනියෙන් කටයුතු කිරීමට පටන් ගනී. වැඩිහිටි පාලනය යටතේ අධ්‍යාපනය ලබයි. තරුණ වියට පත්වී රැකියා කටයතු අරඹයි. විවාහ වෙයි. ඒ කාලය කුරුල්ලෙකු ගේ ජීවිතය මෙනි. නිල් අහසේ රිසිසේ සැරිසරයි. මේ කාලය  ජීවිතයේ කුරුළු අවධිය ලෙස හදුන්වයි. 

විවාහවු පසු වගකීම් සහිත ජීවිත ගමනක් ඇරඹීමට සිදුවේ. දරු මල්ලන් ලැබෙති. ගෙවල් දොරවල් , ඉඩකඩම් ,යාානවාහන උපයා ගත යුතුවේ.දරු මල්ලන් පෝෂණය කලයුතුවේ. ඔවුනට අධ්‍යාපනය ලබා දිය යුතුවේ. බාහිර ලෝකය හා මහ තරගයක යෙදෙමින් ලෙඩ දුක් නොසලකා අව් වැසි පිනි නොතකා දිවිය යුතුවේ.මහත් බරක් හිස මතය. මහත් බරක් උර මතය. මේ අවධිය බුරූ අවධිය යි 

බලු අවධිය

දරුවන් ලොකු මහත්වේ. ඔවුන් අආරරක්‍ෂා කල යුතුවේ . ගෙවල් වතුපිටි දරුවන්ගේ දරුවෝ බලාගන්න වෙයි.“තාත්තා නැත්නම් අම්මා ගෙදර ඉන්න“ තහංචි දැමෙයි. අන්තිමට නිදාගන්නේත් දෙමහල්ලෝය   මුලින්ම අවදි වන්නේත් දෙමහල්යන්ය. ගෙදර සිදුවන සියළු අතපසුවීම් වලට  වැරදිකරු ‍වන්නේත් .බැනුම් අහන්න වෙන්නේත් දෙමහල්ලන්ය. දැන් දැන් බල්ලාගේ රාජකාරිය දෙමහල්ලන් අතට පත්වී ඇත.

අන්තිමට එළඹෙන්නේ බකමුණු අවධියයි."හුම්"

තාත්තා බත් කෑවද? අම්මා බත් කෑවාද ? . "හුම්"

අද නානවද  ? "හුම්" උණු වතුර මිසක් ඇල් වතුර නාන්න එපා- "හුම්"

බෙහෙත් බිව්වද? -"හුම්"

ඕනම දෙයක් ඇහුවම ප්‍රති උත්තරය - “හ්ම් “

වෙනත් උත්තර දීලා ලැබුන උත්තර වලට දැන් ජීවිතය පදම් වෙලා.

ඒ නිසා හැමදේටම "හුම්" කියුවම ප්‍රශ්න නැහැ.

"හුම්"


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS