අද නිදහස් දිනයයි.
ඉංග්රීසින්ගේ පාලනයෙන් මිදි හැත්තෑහත් වසරක් වු නිදහස් දිනය අදයි
ඇත්තෙන්ම අපි නිදහස් ද?
ආර්ථික නිදහසක් පේන තෙක් මානයේ නැත.1948ට වඩා රට සංවර්ධණයවී ඇති බව අප පිලිගත යුතුය. මාද නිදහසත් සමග ශ්‍රී ලංකාවට සැපත් වු මානවයෙකි. එදාට වඩා අද සෑම කේෂත්‍රයකම පිබිදීමක් සංවර්ධණයක් ඇතිවී ඇත.එහෙත් අපි විශාල ණය බරකින් අපි මිරිකී සිටිමු. සරලව සිතුවොත් අපි ආදායමට වඩා ආයෝජණය කර ඇත්තෙමු . ආයෝජන තවමත් ආදායම් උපදවන්නේ මන්දගාමී ස්වරයෙනි.
අද නිදහස් දා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලාපොරොත්තු සහගත දේශනයක් කලේය. එය කඩුල්ල සටහන් කර ගත්තේ මෙසේය."අපට නිසැක වශයෙන්ම ලෝකයේ ධනවත්ම රට බවට පත්විය නොහැක. නමුත් අප උත්සාහ කළොත් අපට මේ ලෝකයේ පොහොසත්ම ජාතික ආත්මය දරාගත් සාමානාත්මතාවයේ සහ නිදහසේ ආදර්ශය රාජ්‍යය බවට පත්විය හැකිය."පුරවැසියෙකු ලෙසට රාජ්‍ය නායකයාගේ ප්‍රාර්ථණය අගේ කොට සැලකිය යුතුය.
සුපුරුදු පරිද්දෙන් මේ දේශණය සාකච්චාවට යොමු කිරීමට කඩුල්ලට අවශ්‍ය විය. කඩුල්ල අමුවෙන්ම මුණුපොතේ සරත් අනුර හියාරෙ හේවගේ මහතාගේ පෝස්ටුවක් ඔහුගේම සිරස්තලය යටතේ පලකලේය. සිරස්තලය වුයේ
" මොකක්ද බං මේ අප්‍රබංශ රාජ්ජේ " යන්නයි.
පාඨකයින් කලබල වී ඇති සැටියක් දක්නට ලැබුනෙන් කඩුල්ලත් අතරමග සංවාදයට එක්විය. "තවත් කුරු ගුරුං එකක් " යයි කියන සංජීව ගුණවර්ධන මහතාට ''කුරුං ගුරුං ගේ මුණුපුරා'' යයි සරත් අනුර හියාරෙ හේවගේ මහතා පිළිතුරක් සපයා තිබිනි.පියසිරි මලවිපතිරන මහත්තයා "
දැං මේ කියපු ටික සිංහලෙන් කියන්නෙ කොහොමද? ඒ.අයි. තාක්ෂණයෙ පිහිට වැදගත් වෙන්නෙ මේං මේ වගේ අවස්ථා වලදි.
සිරි ලාංකික අපේ "ඒ. ඇයි." තාස්සනේ අගයමු ! "
කියන කොට සමන්තිකා පණ්ඩිතරත්න මහත්මිය අත්වැලක් ඇල්ලුවේය"ඒක තමා මටත් මතක් උනේ ගූගල් ට්‍රාන්ස්ලේශන් දෙයියගේ පිහිට කියල"යි
මම ෂෙයාර් කල එම පෝස්ටුවට මටත් සමග ගල් මුල් වදින්න විය.
නිමලසිරි වීරකෝන් කඩුල්ලගේ ඥාතියෙකි. ඔහුට අනුව මම විරුද්ධ පාක්ෂිකයෙකි. " සිහින මාළිගා ගොඩනැගීම වෙනුවට යථාර්ථවාදීව කතාකරන එක තේරැම්ගන්න බැරි කමද? නැත්නම් දේශපාලනික විරැද්දකම නිසාමද ?. යයි ඇසු නිසාදෝ සමන් මුතුකුමාරන " ලයනල් මාමා වගේ වැදගත් බුද්ධිමත් මහත්මයෙක් මෙික තේරැමි අරන් තියනවා වැරදියි." මට පිලිසරනට ඉදිරිපත්වු බවකි.මම ඔහුගෙන් " හෙඩිම මගේ නොවෙයි - දැක්කේ නැද්දැයි " විමසුවෙමි.වීරකෝන් මාව අතහැරියේ නැත ඔහු '' සමාවෙන්න ඕනී බාප්පේ, ඇත්තටම හෙඩිම අපිට තේරෙනවානම් ඒක ඇතුලේ කතාවත් අපිට තේරෙනවානම් සහ අපිත් ඒකට එකඟතාවක් ඇත්නම් මිස ඒවගේ එකක් අපි අපේ වෝල් එකේ පල කරන්නේ නෑ නේද?." යයි පවසමින් කඩුල්ල විත්ති පාර්ශවයේම රදවනු ලැබිනි.
"මෙි කථාවෙ මොකක්හරි අවුලක් තියනවද මාමෙ.ඇත්තටම යථාර්ථවාදි සත්‍ය කතාවක්." කියලා කියන සමන් මුතුකුමාරනට මම පිලිතුරක් බැන්දා. මේ විදියට .."......"අවුලක් දැක්කේ නැහැ. පෝස්ට් එකට දමන comment s බලන්න. සමහර ඒවා එල්ල කරන්නේ පලකරපූ කෙනාට. තවත් සමහරු කථිකයාට.අදහස පිලිබඳ අදහස් පලකරන අය බොහෝවිට ඉතාමත් අඩුයි. මම බ්ලොග් එකක් කරනවා. Post එකයි comments වලයි මගේ අදහසයි විශ්ලේෂණයක් කරමින්. මිනිසුන්ගේ මනෝභාවයන් බොහෝම අවුල් වුන වකවානුවක්."
මේ කතාව තව තව දිග්ගැස්සෙනවා. පුංචි වචනයක් " නිදහසේ රාජ්‍ය " දුර යන තරමක්.
ජේ.ඩී සිල්වා ලියනාරච්චි මහත්තයාගේ තීරණයෙන් අදට සමුගන්නවා. ආයෙත් අලකලංචියකින් හමුවෙමු.'' --මොකක් හෝ කෑල්ලක් අල්ලගෙන මහා දාර්ශනිකයො වෙන්න හදන අමු ගවයොත් නැතුවාම නොවේ,"
පෙබ. 05 දා.
මිල මුදලින් ලෝකයේ අන් ක එකේ ධනවත් ම රට වීමට අපට නොහැකිය .එසේ වුවත් එකම ශ්‍රී ලාංකීක ජාතියක් යන හැගීමෙන් සිය ආත්මය පුරවාගත් එනම් එයම දරාගත් එකීනෙකා අතර සමානාත්මතාවය හා පූර්ණ නිදහස ආදර්ශයෙන් ,ප්‍රායෝගිකව ලොවට පෙන්වීම යනාදි කරුණු මත ලොව පොහෝ සත්ම රාජ්‍යය බවට පත්විය හැකි බව මෙම ප්‍රකාශයේ අර්ථයයි.ඉතිහාසය පුරාම දේශපාලකයන් ගේ බොරු සෝබන සුරංගනා කතා අහල පුරුදු මිනිසුන්ට යතාර්තවාදී ප්‍රකාශයක් තේරුම් ගැනීම අපහසුයි තමයි.
0 comments:
Post a Comment
ඔබේ අවධානයට ස්තුතියි.