RSS

පුරුදු පොල් සම්බලයක්.




හැම මළ ඉලව්වම දේශපාලනිකයි. පොල් කියන්නෙත් දේශපාලන මාතෘකාවක්. අර අවුරුදු 76 ක් ගැන කියනවනේ. දීර්ඝ කාලීන සැලසුම් තිබිය යුතු දේවලට ඇස්ප්‍රීන් විසදුම් නැහැ. පොල් රුපියල් 1000 /= ට ගියත් අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාට ක්ෂණික විසදුමක් නැහැ නොවැ. විදේශීය ආනයනකින් මිස .

ඒකටත් විනිමය නැහැ.

මුදල් විශුද්ධි කිරීම් නිවරදි කර ගන්නත් තියෙනවා.

අපි පස්සේ කතා කරමු.

පොල් , හාල් ගැන කතා කර කර ඉන්න ගමන්.

මේ පලවෙන්නේ එක අදහසක්. අපි පුලුවන් හැටියට කියවමු.

අනුරාධපුර යුද හමුදා රෝහලේ ඉන්න කොට ඒකේ හිටපු අණදෙන නිලධාරී තුමාට තිබුනා හරි අපූරු පුරුද්දක්. ඒ තමයි වේල් තුනටම පොල් සම්බෝල කන එක. ඉතිං ඔෆිස මෙස් එකේ හැම වේලටම පොල් සම්බෝල වරදින්නේ නෑ. මමත් අලුතින් ගිහින් කාලයක් යන කොට සම්බෝල එපා උනා හැම වේලටම කාලා. දවසක් කුක් ගෙන් ඇහැව්වා මොකද හැම වේලටම සම්බෝල කියලා.
එයා කිව්වා, " සර්, අපේ CO කුරුණෑගල පැත්තෙ කෙනෙක් නේ. එහේ ගෙදර හැමදාම පොල් සම්බෝලයක් කන එක පුරුද්දක් ඒ නිසා ඒ පුරුද්දට මෙහෙත් හැම වේලටම සම්බෝල හදන්න කියලා තියෙන්නේ" කියලා. හ්ම්, ඉතිං ඕක වෙනස් කරන්න බෑනේ. ඉතිං අපිත් සම්බෝලෙට පුරුදු උනා.
එංගලන්තයේ ගත කරපු අවුරුද්ද දෙක තමයි වැඩි පුරම සම්බෝල කෑවේ. විනාඩි දෙකකට අඩු කාලයකින් සම්බෝල හදන්න එහෙදි පුළුවන්. වැඩේ මෙහෙමයි, ගාපු පොල් ෆ්රීසර් එකේ දාලා ඉන්දියන් කඩ වල ගන්න තියෙනවා. ඒවා අරගෙන ඇවිත් ෆ්රිජ් එකේ දාලා තියෙනවා. සම්බෝල කන්න හිතුන ගමන් ෆ්රිජ් එක ඇරිලා, අවශ්ය තරම් පොල් අරගෙන පොඩි භාජනේක දාලා විනාඩියක් මයික්රෝවේව් එකේ දාලා අයිස් අරිනවා. ඊට පස්සේ අපි ලඟ එහේ තිබුනා අපූරු බ්ලෙන්ඩර් එකක් වගේ උපකරණයක් චොපර් එක කියලා. මේකෙදි තලයට බ්ලෙන්ඩ් වෙන්නේ නෑ නමුත් කුඩාවට කැපෙනවා. මයිකෝවේව් එකේ පොල් වල අයිස් යන කං ලූණු ගෙඩියක් කපලා දාලා, අමු මිරිස්, මිරිස් කුඩු, තක්කලි කෑල්ලක්, ලුනු ගම්මිරිස් පදමට දාලා, දෙහි භාගයක් මිරිකලා ලෑස්ති වෙනවා. ඊට පස්සේ ඉතිං පොල් ටික ඒකට දාලා, උම්බලකඩ දාලා සට පට හාලා චොප් කර ගත්තම සුපිරියට ෆුල් ෆ්රෙෂ් පොල් සම්බෝලයක් එනවා. විනාඩි දෙක සම්පූර්ණ වෙනකොට චොපර් එක හෝදලත් තියන්න පුළුවන්.
දැන් ඕකට ඉඟුරු, සුදුලූණු එහෙමත් දාලා පොඩ්ඩක් මොඩිෆයි කර ගන්නත් පුළුවන්. සමහර වෙලාවට හොඳ ගොටු කොළ කීපයක් උනත් මරු. කරපිංචත් හොඳ ඔප්ෂන් එකක්. තිබුණොත් දාලම බලන්න.
දැන් ඉතිං පොල්සම්බෝල කන්නත් එපාලු, පොල් මිරිකල කිරි ගන්නත් එපාලු. සත්තුන්ට කන්න දෙන්නත් හාල් නැතිලු.
පොල් කිරි මිරිකා ගන්නවා වෙනුවට පිටි පැකට් පාවිච්චි කරන්නලු. ඔය ඒ කාලේ එළකිරි බොන එක නවත්වලා පිටි කිරි වලට පුරුදු කෙරෙව්වෙත් ඔහොමලු නේ. කමක් නෑ හැමදාම ලෝකේ එක වගේ තියෙන්නේ නෑ.
හැබැයි සිංගප්පූරුවේ, එංගලන්තයේ ඉන්න කොට පොල් කිරි වෙනුවට තිබුනේ පැකට් කරපු උකු පොල් කිරි එකක්. ඒවා ගොඩක් ආවේ ඉන්දුනීසියාවේන්. ඒක හරිම ලේසියි. රසේ අවුලකුත් නෑ. ඔය දැන් සුපර්මාර්කට් එකේ ෆ්රෙෂ් මිල්ක් එනවා වගේ පොල්කිරි. ඒ වැඩේ නිසා ගොඩක් කාලය ඉතුරු වෙනවා.
පොල් සම්බෝල කන එකම රට හැටියට අපේ ආහාර රටාව අපි තියා ගන්න ඕනේ. පොල් තෙලුත් ඒ වගේ. ඒත් කිරි එක නම් උකු කිරි වලට මාරු වෙන්න තියෙනවා නම් මරු. වැඩේ ලේසියි. ඒත් ස්වාභාවික ආහාර රටාවක ඉඳලා processed food culture එකකට මාරු වෙන එක දෙවරක් හිතන්න වෙනවා.
රටේ පොල් හිඟ වෙන්න හදිසියේ අපේ පොල් පරිභෝජන රටාව වෙනස් උනේ නෑ. තාම අපි කන්නේ බොන්නේ ඒ පුරුදු විදියට තමයි. හැබැයි අස්වැන්න අඩු උනා. ඒ වැරදි කෘෂි කාර්මික උපක්රම, අත හැරුණු පොල් වගාව සහ දේශගුණික විපර්යාස නිසා. පහුගිය දවස් වල රිලව් බැනුම් ඇහැව්වට, උන් මේක මාස තුනකට කලින් ඉඳලා පටන් ගත්තේ නෑ. අපි වගේම උනුත් කෑවා. ඒ වගේම රටේ කර්මාන්තයක් ලෙස පොල් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත බිහි වෙලා තියෙනවා. ඒ අය සමහර විට අපනයන සැකසුම් වලට පොල් එකතු කරන නිසා පොල් ඉල්ලුම වැඩිවෙලා තිබෙනවා. එතකොට සැපයුම් මදි වෙන නිසා මිළ ඉහළ යනවා.
ඒ වගේ අවස්ථාවක් නම් පොල් ආනයනය කලත් කමක් නෑ. මොකද අපි අමුද්රව්යයක් ලෙස මදි පොල් ගෙන්වලා, ඒවායින් value added නිෂ්පාදනයක් කරලා අපනයනය කරනවා නම් ඒක සාමාන්ය වෙළෙඳපොළ ආර්ථිකයක්. ගෝලීයව එවන් කර්මාන්ත තිබෙනවා. උදාහරණයක් ලෙස අපේම තේ කර්මාන්තයත් ඒ වගේ. කෙන්යාවෙන් එන තේ අපේ සිලෝන් ටී වලට බ්ලෙන්ඩ් කරලා re-export කෙරෙනවා. ඒක සාමාන්ය වෙළෙඳපොළ තත්ත්වයක්. ඒ නිසා අපනයන සැකසුම් වලට පොල් ආනයනය කරන එක වගේම දේශීය පරිභෝජනයට මදි නම් පොල් ගෙන්නන එක සාමාන්ය දෙයක්.
රටක් තියෙන්න ඕනේ හොඳට කාලා බීලා ඉන්න. අපිට වගේම බල්ලන්ට පූසන්ට උනත්. රටේ ප්රශ්න අඳුරන්නේ නැතුව ඒවා විසඳන්න බෑ කියලා කයිවාරු ගහන්න බෑ. ප්රශ්න එන කොට කිය කිය එන්නේ නෑ. මේවා අපේ කාලේ නෙවෙයි උනේ කියන්න බෑ. බලය ගත්තේ කරන්න නම්, කට වහගෙන, ඔළුව පාත් කරගෙන වැඩේ කරන්න. ආයේ අරක බෑ මේක බෑ කිය කිය යන්න එපා. ඒ පාඩම ගෝඨාභය කියලා දුන්නා.
පැතුම් කර්නර්

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

දැන් පෙන්වනවා.

මොකද වෙන්නේ කියලා. පසුගිය දාක මුණු පොතේ මේ වගේ එකක් පලවුනා. කඩුල්ල බෙදා ගත්තා. 


තිරගතවන චිත්‍රපටි සතියෙන් දෙකෙන් සිනමාහල් වලින් ඉවත් වෙනවා.

අලුත් ඒවා එනවා.

මෙගා ටෙලි වගේ නෙමෙයි.

"රිලව්" එක චිත්‍රපටියක්. 

ඒක ඒ තරම් අල්ලගෙන ගියේ නෑ.

"පොල් සහ හාල් "  එකක්.

ඒක දිගින් දිගට පෙන්වන ජනප්‍රිය චිත්‍රපටියක්.

පසු ගියදාක ඉදන් "මහින්ද ".......

මේ කතාව ලියන්න පටන් ගන්නේ මහින්ද ගෙන්.

නොයෙක් මතවාද ඇතිවෙනවා ගැටෙනවා වැටෙනවා  කියවලම බලමු.


මහින්ද මහත්තයා පස්සෙන් පැන්නීම.    නිමල් තොම්මාදුරුව මහත්තයාට හිතෙන හැටි අවබෝධ කරගෙන තියෙන හැටි මෙහෙමයි.

"මෙි ආණ්ඩුවෙ සියළුම දෙනා ඇතුළු ලක් වාසී ජනතාව විශේෂයෙන් යුද්ධය අවසන් වෙන කොට සිහි බුද්ධියෙන් ජීවත් වු ජනතාව තමන්ගෙ හදවතට පුංචි තට්ටුවක් දාල අහන්න ඇත්ත ටම ඒ අවධියෙ යුද්ධයෙ භයානක කම කොහොමද අඩුම තරමෙ තමන්ගෙ ගමෙ පාසැලට තමන්ගෙ ලමයි යවන්න පුලුවන් කමක් තිබුනද ඒ පාසැල් කාලයෙ
දෙමාපියන් මාරුවෙන් මාරුවට තමන්ගෙ ලමයින්ගෙ පාසැල මුර කලා හැබැයි මේක එදා පාසැලේ ඉගෙන ගත්ත පොඩි ලමයි දන්නෙ නැහැ මමත් එක අවස්ථාවක් කි. මී. 8 ක් විතර පයින් ගියා ලමයගෙ පාසැලට මෙකෙද පාසැලේ බෝම්බයක් තියල කථාවක් පැතිරුනා
අම්ම තාත්ත එක බස් එකේ ගියේ නැහැ කියනවනම් තව කියන්න බෙහෛා් දේවල් තියෙනව වසර 30 ක යුද්ධය හිටපු ජනාධිපති වරුන්ට අවසන් කරන්න බැරි උනා ඒ අතර සමහර නායකයො කොටින්ට උදව් කරා සටන් විරාම දැම්ම ඒ කාලයෙ කොටි කදවුරු ඉදිරියට ඇවිත් පුක පෙන්නල ගියා
මේ යුද්ධය නිමා කරන්න ප්රධාන තුන් දෙනෙක් දායකත්වය දුන්න මහින්ද ජනාධිපති තුමා, ගෝඨාභය ජනාධිපති තුමා සරත් පොන්සේකා මැතිතුමා මෙවෙුන් සමග ත්රිවිධ හමුදාව, පොලීසිය , සිවිල් ආරක්ෂක බලකාය
මේ කර්තව්යයයෙදි මහින්ද මහත්තය නායකත්වය දුන්න ඒක තමයි ප්රධාන කොබ්බෑකඩුව මහත්තය නායකත්වය දුන්නත් යුද්ධය දිනන්න බැරි වුනේ නායකයො දුර්වල වූ නිසා අන්තිමට කොබ්බෑකඩුව මහත්තයත් මරල දැම්ම
කාලය මෙලෙච්ඡතත්වයෙන් ⁣වසර 30 කලයනට ආසන්න වෙද්දි මහින්දා මහත්තය ජනාධිපති වුනා අපි එදාම කීව ප්රභාකරන් ට හරියන මිනිහ දැන් ඇවිල්ල තියෙන්නෙ බඩු හම්බවෙනව කියල මොකද මහින්ද කියන්නෙ ගේමට ගේමක් දෙන්න පුලුවන් බඩුවක්
කැබතිගොල්ලැව බස් බොම්බය පුපුරල
පොඩි ලමයි ඇතුළු වැඩි පිරිසක් මියගිය තැනදි මහින්ද තීරණය ක් ගත්ත නොනවතින ලෙස දිගටම කොටින්ට ගහන්න ආර්ථික අපහසුතා තිබුනත් අත ඇරියෙ නැහැ මහින්ද මහත්තය පුතා නාවික හමුදාවට බැන්දුවෙ පුතාට තනතුරු දෙන්න නෙවි ඒ අවධියෙ හමුදාවට බැදෙන්න තරුණයො භය වුනා
නැත්නම් ත්රිකුණාමලය කදවුරට දිගට හරහට මෝටාර් ගහන කාලයක් කිසිම පියෙක් තමන්ගෙ දරුව හමුදාවට බන්දන්නෙ නැහැ
මතකද ප්රභාකරන් පරදිනකොට පිටරට ලොක්කො පිරිසක් ඇවිල්ලා යුද්ධය නවත්වන් කීව විශේෂයෙන් ඉන්දියාවෙ
හිටපු තමිල්නාඩුවේ මහ ඇමති කරුණානිදි උපවාසයක් ආරම්භ කලා
යුද්ධය නවත්වන්න කියල මහින්ද මහත්තය ඒවට භය නොවී යුද්ධය අවසන් කලා
මේ යුද්ධය දිනවල දෙනකොට මහින්ද මහත්තය ගෙ පවුලේ සියළු දෙනාටම ලොකු අවදානමක් එකතුවුනා අද උනත් ඒ මැරුම් කාපු කොටින්ගෙ සහෝදරයෙකුට ඟාතිකෙුට අවස්ථාවක් ලැබුනොත් මහින්ද මහත්තය ගෙ පූස් පැටියෙක් උනත් මරනව එතකොට ඌ ජාතියේ නායකය වෙනව
අද මේ ආණ්ඩුවෙ නලින්ද ඇමතිතුමා කියනව ලමයි තුන්දෙනාට බලාගන්න පුලුවන් ලු ඇමති තුමා අද රටේ සියළු දෙනාම නිදහසේ ඉන්නෙ මහින්ද මහත්තය ප්රභාකරන් අවසන් ගමන් යවපුනිසා මහින්ද මහත්තය ඒ කරපු ජාතික මෙහෙවර අව තක්සේරු කරන්න එපා ඇමති තුමා හරිනම් හැම රජයක්ම හැම ශ්රීලාංකිකයෙක්ම එතුමාට ගෞරව කරන්නඕන
ඇමති තුමා පාර්ලිමේන්තු වෙදි ඔබතුමාට ඒ විදියට කථාකිරම ගැලපෙන්නෙ නැහැ වැරදිලාවත් ඔතනින් ගියාම කෙටෙි පැටියෙක් එතමට ටීක් කරොත් ඒ අවලාදයෙන් ඔබතුමා ලටලේසියෙන් ගැලවෙන්න බැහැ
අද ඔබ තුමාලට විසදන්න විශාල ප්රශ්න රාශියක් තියෙනව අමතක කරන්න එපා ඔය මහින්ද මහත්තය ට ගහන එකෙන් උන්ට ලොකු කඩා වැටීමක් දැනටම තියෙනව
මොකද අද ඔයාලට ඡන්දෙ දුන්නෙ පොහොට්ටුවෙ 69 ලක්සෙ ඡන්දෙ දුන්න ජනතාව හැ ම කෙන්ම මහින්ද මමත්තයට ආදරෙයි ඒක නිසා මේ ප්රශ්න යෙදි එතනින් විශාල පිරිසක් මාලිමාවෙන් කැඩෙනව දැනටත් කැඩිල ඉන්නෙ
අද මම කිවිව කියල හිතේ තියාගන්න මහින්ද මහත්තය ඔබතුමලට පාරාවලල්ලක් වෙනවා.




නාලක කටුපිටිය මහත්තයා ප්‍රතිචාරයක් දක්වනවා. මෙහෙම.

"යුද්ධය අවසන්වීමෙන් පසුව යුද නායකය සිරගතකලේ යුද අපරාධ කල නිසා වෙන්න ඇති.

පව් කල හොඳ නරක හැම කෙනාම පසුපස එනව.

එදාට වැලපිලා වැඩක් නැහැ."

දයා බලන්ගොඩ මහත්තයාගේ අදහස කෙලවර වෙලා තිබුනේ අනාවැකියකුත් එක්ක.

"හේතුව නොදැක ඵලය ගැන කතා කිරීම
යුද්ධය ඇති කිරීමට මාර්ගය පෑදුවේ කවුද?
නිදහසින් පසු රට කරවූ වලව් පැලැන්තියේ මජර දේශපාලකයන්.
බලයේ සිටීමට හොඳම තුරුම්පුව ජාතිවාදයයි. රනිල්ලා මහින්දලා ඇති කළ යුද්ධය අවසන් කළේ ඇයි.
තවදුරටත් බලයේ සිටීමට හා එල්ටීටීඊ සංවිධානය රැස් කරගෙන සිට අසීමිත රත්රන් ඇතුළු ධන සම්පත් කොල්ලකෑම සඳහාය.
සිංහල දෙමළ ජාතිවාදය ඇවිස්සීමට නොහැකි වූ තැන 2019 සිංහල මුස්ලිම් ජාතිවාදය අවුස්සා බලය ලබාගත් ආකාරය අමතක ද.
දැන් ප්‍රභූ පන්තියේ දේශපාලනය අවසන්.
කටු කණ සුනඛයින් බිරුවට ආයෙත් ඒ පාලනය එන්නෙ නෑ"


නිමලසිරි වීරකෝන් මහත්තයා
"මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විදිහට ඉන්න වෙලාවේ එතෙක් පැවති යුද්ධය අවසන් කළා.
හැබැයි ඉන් නොනැවතුණු මහින්ද ඊළඟට කළේ මුළු රටම සුද්ද කිරීම.
ඒ වෙනුවෙන් ඔහු විසින් ඔහුටම හරියන ගෝල බාල පිරිසක් නඩත්තුකළා.
ඒ පිරිසට මහින්ද සැප අහිමිවීම යනු සිය සැප අහිමි අහිමි අහිමිවීම බව ඉතා හොඳින් දැනී තිබෙනවා.
රට බංකොලොත් කිරීමේ කණ්ඩායමේද ඔහු සාමාජිකයකුට ලෙස අධිකරණයෙන් නම් කොට ඇති පුද්ගලයෙකි.
ඉතිං ඔහු කාටහරි බොහෝ වටීනම් ඔව්න්ට හැකියි ඔහු රැකබලාගන අවශය ආකාරයට නඩත්තු කරන්න.
රජයක් එසේ කලයුතු නෑ.
ඔහු සිය වටිනාකම සියතින් විනාශකර ගත්තෙක්."


සාධනීය කතිකාවතකට පිවිසිලා.


චාන්දණි ලියනපතිරන උපුටනයක් දක්වනවා. සරණපාල නම් මහත්තෙක්ගේ.

"සරත් ෆොන්සේකගේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම අයින් කරද්දි මහින්දට පොඩ්ඩක්වත් හිතුනෙ නැද්ද ඒ මනුස්සයාගේ ජීවිතයට තර්ජනයක් වෙයි කියලා ?
එතකොට එවා කලේ පළිගන්න නෙවෙයිද?
යුද්ධය ඉවර කරන්න මහින්ද සියයට 25ක දායකත්වයක් දුන්නනම් ඉතුරු සියයට 75 ම දුන්නේ සරත් ෆොන්සේකා ඇතුළු යුද හමුදාව සහ පොලිසිය .
එතකොට ඒ මනුස්සයව වැලිකඩ රිමාන්ඩ් කරනකොට ඒක ඇතුලේ LTTE ත්‍රස්තවාදීනුත් රිමාන්ඩ් කරලා ඉන්නවා කියලා මතක් වුනේ නැද්ද?
එතකොට ඒ මනුස්සයාගේ ජීවිතයට තර්ජනයක් කියලා මතක් වුනේ නැද්ද ?
රාජපක්ෂල උනුයි උන්ගෙ පවුල්වල එවුන් ගැනයි විතරයි හැමදාම හිතුවේ රජකම් කරත් කළකම් පලිසන් දෙනවා කියන්නේ ඔවට තමයි මහින්ද ලොක්කා

-- සරණපාල-saranapala"

කැලන් සිල්වා  මහත්තයා හිතන්නේ මෙහෙමයි.

"මහින්ද මහත්තයාට ගහනවා කියලා කියන්නේ මොකක්ද ? . 
ගහන්න ඕනී තමයි. 
යුද්දේ පෙන්නලා අපිට එයා ගහපු ගැහිල්ල කොහොමද ?.

සබරේ රන්ජන් මහත්තයා දැක්කේ ප්‍රබ්‍රද්ධ කොණයකින් කියලා කඩුල්ල කල්පනා කලා.

"මේ රජය බලයට ගෙන එන්නට 69න් බහුතර කොටසක් එක්වුයේ තම සාම්ප්‍රදායික දේශපාලනය පැත්තකින් තබාය.
වැරදි කර ඇත් නම් ඔහුන්ගේ කලින් දේශපාලන නායකයා වුවත් දඩුවම් ලැබිම ගැන අහිතක් නැත. නමුත් කෙනහිළිකම් කිරීම,
මඩ ගැසීම, චරිත ඝාතනය කිරිම්,
වෙනසක් අපේක්ෂා කල මධ්යස්ථ මතධාරින්ට ? .

ලක්ෂ්මන් ලියනගමගේ මහත්තයා  දකින්නේ මේ විදියට.

Winston Churchill gives leadership to 2nd world war defeat Germany 
after the war 1965 he died 20 years later the war. 
But he never had any benefits or security as leadership to the war . 
Mahinda is not war hero he is war joker

ඒකත් ඇත්ත තමයි. අපි යුරෝපීය සිතුම් පැතුම් නැති ආසියාතිකයෝ නේ. නම්බියාර් ඉන්න දෙමළ චිත්‍රපටි වල ඉන්න චරිතනේ කියලා  කඩුල්ලට හිතෙන්න පටන් ගත්තා.

චාන්දණී ලියනපතිරණට මහත්මියට  මහින්ද නයාට අදු කොල වගෙයි. මේ ප්‍රතිචාරයත් නැවතත් එකතු කරලා. කඩුල්ල බිද දාන අදහසින් වගේ.

"යටගසා සැඟවූ රාජපක්ෂ සෙවනැළි ඇති කුප්‍රකට ඝාතන
මහින්ද රාජපක්ෂ සමයේ මිහින් ලංකා ඇතුලු එයාර් බස් ගණුදෙණුව ගැන තොරතුරු අනාවරණය කළ රජීව් ජයවීර ගේ මළ සිරුර 2020 ජනවාරි 12 දින කුරුඳුවත්ත, නිදහස් චතුරස්‍රය අසල තිබි කුරුඳුවත්ත පොලිසිය විසින් සොයාගනු ලැබීය. 
අවට පිහිටි සීසීටීවී කැමරා වල පවා සටහන් නොවුනු මෙම අභිරහස් ඝාතනයේ සුළමුල සොයා යාමේදී කොලොම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට ඝාතනය වූ හිටපු ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ විධායක ශ්‍රේණියේ නිළධාරියෙකු වූ රජීව් ජයවීර ලියූ කුප්‍රකට එයාර් බස් ගණුදෙණුවේ සවිස්තරාත්මක ලියවිල්ල හේතුවී ඇති බවට බොහෝ සාක්ෂි ඇත. 
පහතින් පළකර ඇත්තේ ඔහු විසින් රාජපක්ෂ පවුල විසින් කළ මෙම කූට ජාවාරම පිළිබඳ ලියවිල්ලයි.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් A 330 – 300 ගුවන් යානා, 06ක්, A 350-900 ගුවන් යානා 04ක්, මිලදී ගැනීමට සහ තවත් A 350-900 ගුවන් යානා 04ක් බදුපදනම මත ලබා ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2013 වර්ෂයේ දි තීන්දුකොට තිබුණි. මෙම අධ්‍යක්ෂ මංඩලය ලෙස රාජපක්ෂ හිතවාදී Board of Directors during the re-fleeting exercise were: සිරිලියගේ මල්ලී වන නිශාන්ත වික්‍රමසිංහ සභාපති, කපිල චන්ද්‍ද්රසේන(Director/CEO) නිහාල් ජයමාන්න ශමීන්ද්‍ර රාජපක්ෂ මනිලාල් ප්‍රනාන්දු සනත් උක්වත්ත , සුසන්ත රත්නායක , සහ ලක්ෂ්මී සංගක්කාර පත්කර තිබුණි. 
මෙම හොර ගණුදෙණුව සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේනට ලංඩන් ක්‍රවුන් අධිකරණයෙන් වරදකරු කර ඇත. 
අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් මිලියන 2528.12ක මුදලක් පෙර ගෙවීම් ලෙස අදාල ගුවන් සමාගමට ගෙවනවිට රටේ දැවැන්ත විදේශ විණිමය අර්බූධයක් තිබිණි.
ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් මෙකී ගුවන් යානා 04 බදුපදනම මත ලබාගැනීම සඳහා වු බදු ගිවිසුම අවලංගු කොට තිබුණි. මේ හේතුවෙන් රුපියල් මිලියන දාසයදහස් නමසිය විසිහතරයි දශම තුනයි හයක (16,924,36) මුදලක් වන්දි වශයෙන් අදාළ සමාගම වෙත ගෙවීමට ගුවන් සමාගමට සිදුවී තිබුණි. 
මේවා කජු ඇට කොස් ඇට නොවේ. මෙවැනි මගඩි නිසා කිහිප දෙනකු තම මඩිය තරකර ගත්තද, අවසානයේ මෙකී වන්දි මුදල ගෙවීමට සිදුවූයේ රටේ මහජනතාවටය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් එස්. ඒ. එස්. එයාර්බස් සමාගම සමග ගුවන් යානා මිලදී ගැනීම සඳහා ගිවිසුම්ගතව තිබූ අතර පෙර ගෙවුම් ලෙස එස්. ඒ. එස්. එයාර්බස් සමාගම වෙත ගුවන්යානා ගනුදෙනුව සඳහා රුපියල් මිලියන 16,924.36ක මුදල ගෙවා තිබුණි. 
මෙම ගෙවීම ගුවන් සමාගමේ එවකට හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන කපිල චන්ද්‍රසේකර විසින් සිදුකළේ ඔහුගේ බිරිඳට අයත් සමාගම හරහාය. එහිදී සිදුවූ කොමිස් ගණුදෙණුව ඩොලර් මිලියන තුනකි. එය සිංගප්පූරු සමාගමකට ප්‍රංශ එයාර් බස් සමාගම විසින් බැරකර තිබූ බව ලංඩන් ක්‍රවුන් අධිකරණයේදී හෙළිවිය. කපිල චන්ද්‍රසේකරගේ හිතුමනාපෙට මෙම අති විශාල ධනස්කන්ධය ලබා ගැනීමට රාජපක්ෂ නීලකාස හොරුන් ඉඩ දෙයිදැයි සිතා බලන්න.

ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වූ කපිල චන්ද්‍රසේන එරෙහිව සිවිල් ක්‍රියාමාර්ගයක් ගතහැකිද යන්න පිළිබඳව ගුවන් සමාගම විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් උපදෙස් ඉල්ලා සිටියද රාජපක්ෂ පවුලට යටවූ නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේය. 
රජීව් ජයවීරට මෙම දීර්ඝ හෙළිදරව්ව රටේ ජනතාවට කිරීමට සිදුවූයේ එවන් වාතාවරණයක් මැදය. 
සත්‍යය හෙළිදරව් කිරීමේ වරදට රජීව්ට ජීවිතෙන් වන්දි ගෙවීමට සිදුවූ අතර ඔහුගේ සිරුර අසල මයික්‍රෝ පිස්තෝලයක් තබා ඝාතකයින් පැන ගියේය. එවකට පැවති ගෝටාභය පාලනය විසින් මෙම සිදුවීම සම්බන්ධ පරික්ෂණ යට ගසන ලදී.

රජීව් ජයවීර විසින් එයාබස් ගණුදෙණුව පිළිබඳව ලියූ ලිපිය
https://www.colombotelegraph.com/.../srilankan-airlines.../

ජේ ද සිල්වා ලියනාරච්චි මහතා කියන්නේ මෙවන් කතාවකි.

තමා මියගියොත් පක්ශයේම එවුන් නාමල්ට ගහල පන්නන බව දන්න නිසා, 
පවුලේ එවුන් ටික ආරක්ශා කරගන්න ඕන නිසා, 
උන්ට යන එන මං නැතිවෙන බව දන්න නිසා 
මොන ජෝගියක් හරි නටලා, 
බලෙන් ජනතා මුදලින් ජීවත්වෙන්න පවුල ජීවත්කරවන්න ඕන නිසා 
සට්ඨැබි දමලා පාර්ලිමේන්තුවේ කෑගස්වනවා. 
ලැජ්ජයි.
ජර්මනියේ චාන්සලර් තමාගේ පාලන කාලය ඉවර උනාම තමා ජීවත් උන ෆැලැට් එකට ගියා. 
ඒ රටවල් දියුනුකරපු මිනිස්සු. 
මෙයා රට බංකොලොත් කරපු බව උසාවියෙන් තහවුරු කරපු අපරාධකරුවෙක්. 
අපේ බදු මුදල් වලින් මෙයා වත් එයාගෙ පවුලත් නඩත්තු කලයුතුද ?
බුදු වදනක් තියෙනවා.
ජීවිතං අනියතං, මරණං නියතං කියලා.
මෙයා හිතාගෙන ඉන්නේ මැරෙන්නෙ නැහැ කියලා. 
විදවලා මැරෙන්නේ.
බහුතරයක් ජනතාවගේ ශාපය නිසා.


මේ කතා සාගරය දිගින් දිගට ඇදිලා යයි. කඩුල්ල හිතා ඉන්නවා මේ විදියට දිගින් දිගට ලියන්න. 
රිලව් ,පොල් ,හාල් ,වගේ ඒවා ගැනත් මේ අතර ලියන්නම්.
නැත්නම් එකම කතා අහලා එපා වෙන්නත් පුලුවන්.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

හ්ම්

 




ජීවිතය අපුරුය. උපන් කල අසරණය. කාගෙත් උදව් උපකාරයක් නැතිව පැවතීමක් නැත.  ටිකින් ටික උස් මහත්වන විට නිදහසේ කටයුතු කිරීමට පටන් ගනී. වැඩි හිටි පාලනයෙන් මිදී තනියෙන් කටයුතු කිරීමට පටන් ගනී. වැඩිහිටි පාලනය යටතේ අධ්‍යාපනය ලබයි. තරුණ වියට පත්වී රැකියා කටයතු අරඹයි. විවාහ වෙයි. ඒ කාලය කුරුල්ලෙකු ගේ ජීවිතය මෙනි. නිල් අහසේ රිසිසේ සැරිසරයි. මේ කාලය  ජීවිතයේ කුරුළු අවධිය ලෙස හදුන්වයි. 

විවාහවු පසු වගකීම් සහිත ජීවිත ගමනක් ඇරඹීමට සිදුවේ. දරු මල්ලන් ලැබෙති. ගෙවල් දොරවල් , ඉඩකඩම් ,යාානවාහන උපයා ගත යුතුවේ.දරු මල්ලන් පෝෂණය කලයුතුවේ. ඔවුනට අධ්‍යාපනය ලබා දිය යුතුවේ. බාහිර ලෝකය හා මහ තරගයක යෙදෙමින් ලෙඩ දුක් නොසලකා අව් වැසි පිනි නොතකා දිවිය යුතුවේ.මහත් බරක් හිස මතය. මහත් බරක් උර මතය. මේ අවධිය බුරූ අවධිය යි 

බලු අවධිය

දරුවන් ලොකු මහත්වේ. ඔවුන් අආරරක්‍ෂා කල යුතුවේ . ගෙවල් වතුපිටි දරුවන්ගේ දරුවෝ බලාගන්න වෙයි.“තාත්තා නැත්නම් අම්මා ගෙදර ඉන්න“ තහංචි දැමෙයි. අන්තිමට නිදාගන්නේත් දෙමහල්ලෝය   මුලින්ම අවදි වන්නේත් දෙමහල්යන්ය. ගෙදර සිදුවන සියළු අතපසුවීම් වලට  වැරදිකරු ‍වන්නේත් .බැනුම් අහන්න වෙන්නේත් දෙමහල්ලන්ය. දැන් දැන් බල්ලාගේ රාජකාරිය දෙමහල්ලන් අතට පත්වී ඇත.

අන්තිමට එළඹෙන්නේ බකමුණු අවධියයි."හුම්"

තාත්තා බත් කෑවද? අම්මා බත් කෑවාද ? . "හුම්"

අද නානවද  ? "හුම්" උණු වතුර මිසක් ඇල් වතුර නාන්න එපා- "හුම්"

බෙහෙත් බිව්වද? -"හුම්"

ඕනම දෙයක් ඇහුවම ප්‍රති උත්තරය - “හ්ම් “

වෙනත් උත්තර දීලා ලැබුන උත්තර වලට දැන් ජීවිතය පදම් වෙලා.

ඒ නිසා හැමදේටම "හුම්" කියුවම ප්‍රශ්න නැහැ.

"හුම්"


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

නැවතිලා පෙර උන්නු වංඟුව





පිඹිනවා වගෙ ඇහෙනවා මට
පැට්ටේරියේ හයේ සංඟුව
ඔබ එතැයි මග බලනවා මම
නැවතිලා පෙර උන්නු වංඟුව

මේ තමයි ඉරණම අපේ දැන් දුක්
වෙන්නෙ ඇයි අනේ බම්ඹුව
ලත වුනොත් හිත හිතා මේ ගැන
සුදෝ මට හැමදාම බිංදුව

මව් පියන්ටත් දුක හිතී ඇති
දැන් එදා ගැන මටත් පිම්ඹුව
උං ඉතිං හැමදාම දුන්නේ
මගේ දිවියට අඩුම ලංසුව

හිත හදාගෙන අයින් වෙමු අපි
තවත් මග තොට නොවී සංඩුව
එහෙම බැරිනම් පැනල යමු අපි
පස්සෙ හොඳවෙයි නේද වස්තුව

----කාන්ති ඉපලවත්ත

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

වෙනස් විය යුතුයි ලෝකය

කෞශල්‍යා ප්‍රනාන්දු


සිතුවෙමු වරක අප එක්සිත්ව
එහෙත් විපර්යාසය ඔබ දුටුවේ
අන් අයුරකි මම එහි වෙනස් අරුතක් දුටුවෙමි එකම බසකින් කතා කළමු
පෙරදින අපි
සහෝදරත්වය අරබයා
මිහිරි ගී ගැයූ වෙමු අපි එහෙත් ප්‍රේමය ඔබ දුටුවේ අන් අයුරකි
මම එහි
වෙනස් අරුතක් දුටුවෙමි
අන්ධව සිටි වග මා දනිමි මම දැන්
විනිවිද දකිමි
මම ඔබේ හදවත දැන්
මරා
අද ඔබ මම මරා
නිදහස් කරම්
මිනිස් වග...


✘ නාට්‍ය : "මර්සාද්" (Marat-Sade)
✘ නාට්‍ය නිර්මාණය : සුගතපාල ද සිල්වා
✘ ගායනය : කෞශල්‍යා ප්‍රනාන්දු







"මා කියන්න හදන දේ මේ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ. ඒ තේරෙන තාක් කල් පන්සිය පනස් වාරයක් වුව නැවත නැවත ඉපදුනත් මට කමක් නෑ‘ 1964 දී ‘හරිම බඩු හයක්‘ නාට්‍ය යේ රංග පත්‍රිකාවට ලිපියක් සපයමින් මම එසේ කීවෙමි.අදත් අවුරුදු විසිතුනකට පසුවත් (1986දී) කියන්නට ඇත්තේ ඒ කතාවමයි."
ජර්මන් නාට්‍යකරුවකු වූ පීටර් වයිස්ගේ මරාසාද් මා තෝරාගත්තේ ආන්න ඒ නිසාමය. මෙයින් කියවෙන දහම දස සෙනෙක් දස විදියකට තේරුම් ගත්තාවේ. අවශ්‍ය දස විදියකට හෝ තේරුම් ගැනීම පමණය. මිනිසුන්ගේ සිත අවදි කරන්නේ මේ අවබෝධය විසිනි.
අවබෝධයෙන් ජීවත්වන මිනිසා නිරන්තරව ප්‍රශ්න නගයි. ‘කෙස්වැටියෙන් ැල්ලා ඇද කොට්ටඋරයක් මෙන් සිරුර කණපිට පෙරළා අලුත් ඇහැකින් ජීවිතය දෙස බලන්නට‘ මං සලසන්නේ මේ ප්‍රශ්න නැගීම ය.

---- සුගතපාල ද සිල්වා

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ගගාව සහ මුහුද --ඛලීල් ජිබ්රාන්





මුහුදට ඇතුළු වීමට පෙර ගංගාවක් බියෙන් වෙව්ලන බව කියනු ලැබේ.
කඳු ශිඛරවල සිට,
වනාන්තර සහ ගම් මැදින්
යන දිගු වංගු මාවතේ සිට
ඇය ගමන් කළ මාවත දෙස ආපසු හැරී බලයි
ඇය ඉදිරියෙහි,
ඇය ඉතා විශාල සාගරයක් දකියි,
එයට ඇතුළු වීම
ඈ සදහටම අතුරුදහන් වීමට
වඩා වැඩි දෙයක් නොපෙනේ.
නමුත් වෙනත් මාර්ගයක් නැත.
ගඟට ආපසු යා නොහැක.
කිසිවකුටත් ආපසු යා නොහැක.
ආපසු යාම පැවැත්ම තුළ කළ නොහැක්කකි.
ගංගාව සාගරයට ඇතුළු වීමේ අවදානම ගත යුතුය,
මන්ද බිය පහව යනු ඇත්තේ එවිටය,
ගංගාව සාගරයට අතුරුදහන් වීම නොව
සාගරය බවට පත්වීම බව ගංගාව දැන ගන්නේ එවිටය.

– ඛලීල් ජිබ්රාන්

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ජුලි හතයි

 




අජන්තා රණසිංහ පද රචනය කල ත්‍යාගා එඩ්වඩ් ගායනා කරන මේ ගීතය කඩුල්ල වියමන් කරන ජූලි හතට සම්බන්ධ වෙන්නේ යාන්තමින්.


ඒත් පහු ගිය අවුරුදු තිස් හතර ක කාලේ ඉදන්ම. මේ ගීතය ජුලි හත්වෙනිදට කඩුල්ලට මතක් නොවී තිබුනේම නැහැ. මතක් වුනා අනිවාර්යෙන්ම.
අවුරුදු තිස් හතරක් මේ 2011 ජුලි මාසේ ලබන්නේ තිස් පස්වෙනි අවුරුද්ද .
අගමැති සිරිමාවෝ ගේ හත් අවුරුදු පාලනේ අන්තිම වසරේ එතුමියගේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලේ නිදහස් සේවක සංගමයේ ලේකම් මහත්තෙකුගේ නොහොබිනා කමක් නිවරදි කරන්න අත උස්සපු පාපේ ගෙවමින් 1976 ජුලි මාසේ හත්වෙනිදා කඩුල්ල හිටියේ මහ උළුගෙදර “එල් හෝල් “ එකේ.

ඒ තමයි කඩුල්ල ගේ ගෙවුන ජීවිත කාලයේ හරි වැරද්ද සිවිල් සමාජය තුලම නිවරදි කරන්න ශක්තිය යොදා ගත්ත අන්තිම දවස සහ මුල්ම දවස. ඉන් පස්සේ වැරදි නිවරදි කර ගන්න ඔළුව පාවිච්චි කරන්න කඩුල්ල පුරුදු වුනා. ඒ ක්‍රමයෙන් බොහෝම වැරදියි කියන ඒවා නිවරදි කර ගන්න අවුරුදු ගනන් බලා ඉන්න සිද්ධ වුනා. එදා නම් හිතේ හැටියට වැරද්ද නිවරදි කරලා වැරදි කාරයා රෝහල් ගත කරලා මහ උළු ගෙදර රක්ෂි තයේ දවස් තුනක් තපින්න වුනා. හතරවෙනි දවසේ යාන්තම් ඇප ලැබිලා .අධිකරනයට බඩ ගාන ලද තවත් මාස නවයක් ගතවු දුෂ්කර ගමනකින් පස්සේ අප්රේල් 11 වෙනිදා දවසක විත්තිකාරයා නිදහස් කියලා අධිකරන තින්දුවක් ලැබිලා හිත නිදහස් කර ගත්තා.

සැතපුම් 100 ක් දුර මහ උළුගෙදර දක්වා මහත් වෙහෙසකර ගමනක් ගොස් නන්නාදුන රක්ෂිතයෝ 150 ක් පමණ රදවා තිබු ශාලාවක තාවකාලිව ලැගුම් ගත් කඩුල්ලට බයත් තනිකමත් ඉහට උඩින් පිරිලා ඉතිරිලා තිබුනා. හෙට දවස බාර දීලා තිබුනේ තාත්තට අම්මට. එයාලාගේ පිහිට තමයි හෙට දවසේ තීරණය. හෙට දවසේ වෙන්න තියන වෙනස් කම් පිලිබදව බලාපොරොත්තුවක් වත් හිතේ ඇදිලා තිබුනේ නැහැ..


කඩුල්ලට මුහුන දෙන්න තිබුනේ බස් කොකොන්දොස්තරවරයෙකුට බරපතල ලෙස පහර දී ඔහු සන්තකයේ තිබු ටිකට් පොතත් මුදල් සම්භාරයත් පැහැර ගත්තා කියන බරපතල චෝදනාවකට. මේ කොන්දොස්තර මහත්තයා එතුමාගේ බස් ඩිපෝවේ නිදහස් සේවක සංගමයේ ලේකම් මහත්තයා. සෙල්ලම් නැහැනේ මැතිණියගේ ආණ්ඩු සමයේ එතුමියට අයත් වෘත්තිය සමිතියක ලේකම් මහත්තෙකුගේ ලේ හෙල්ලීම.

කඩුල්ලටත් වැඩේ වැරදුනම බය හිතුනා . පොඩ්ඩක් මග ඇරලා උසාවියට ඉදිරිපත් වෙනවා කියලා හිතුවා. ක්‍රම වේදය වැරදුනා. කොන්දොස්තර මහත්තයාගේ නොහොබිනා කම රජ වෙලා. කඩුල්ල මහ උළු ගෙදර රදවනතුරුම දවස් හතරක් මගී ගමනාගමනය අත්හිටවලා වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිසුනා. අන්තිමේදී කඩුල්ල පොලිසිය භාරයට පත්වුනා. ගමනා ගමනය යථා තත්වයට පත්වුනා.පොලිසිය බී වාර්තාවක් මත මහේස්ත්‍රාත් තුමාට කඩුල්ලව ඉදිරිපත් කලාම එතුමා රක්ෂිතව මහ උළු ගෙදර රැදවීමෙන් එදා දවස නිමා වුනා.

බියෙන් ගැහී ගැහී මහ උළු ගෙදර එල් හෝල් එකේදී හමුවුන හැම තරාතිරකම වැඩිහිටියාම පුංචි එකෙක්වු කඩුල්ලගේ හිත නිවී පහන් වන සේ හිත සනස්සන්නත් කෑම බීම ටික සපයන්නත් සීතල පොලොවේ නිදා ගන්නේ නැතිව ඇතිරිලි සපයන්නත් සෞඛ්‍ය පහසුකම් සලස්වා ගන්නත් උදව් වුනා මතක් වෙන කොට නිදහස් ජීවිතයේ හමුවන මිනිසුන්ට වඩා මේ මිනිස්සු දෙවි වරුන්ට සමානයි කියලා කඩුල්ලගේ හිතේ ඇදුනා.

කෑමටික දීලා එකයි දෙකයි කියලා එකසිය පනහ ගානට ගැනලා ජේලර්ලා ගාඩ්ලා කඩුල්ල රොත්තත් එක්ක ශාලාවට ගාල් කරලා ශාලාවේ දොර අගුල් පිටතින් දාලා වැහුවා. අදුරත් සමග පලපුරුදු රැදවියෝ නිදාගන්න සුදානම් වුනා .කාගේදෝ නායක රැදවියෙක් ගේ අනකට කවුරුත් ශාලාවේ පේලි තුනකට ටින් එකක සැමන් ඇහුරුවා වගේ දිගා වුනා . කඩුල්ල ආගන්තුකයි. හවුහරනක් නැතිව අසරනව වට පිට බැළුවා. රැදවියෙක් ගෙන් කඩුල්ලටත් දිගාවෙන්න ඉඩක් ලැබුනා. මොහෙතෙක් ගියේ නෑ එකා වන්ම එකම රිද්මයකින් ගයන්න පටන් ගත්තා.

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගේ තනි නොතනියට නුබ වත් නැතුවානේ
හෙට දින නුඔත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝයදා වාගෙයි ගම්මානේ

එගොඩහ ගොඩේ ඉස්මත්තෙදී දුටුවාට
වැව කන්ඩියේ ඉදගෙන අතවැනුවාට
මද්දුම මහගෙට මම බහ දුන්නාට
නාඩන් මස්සිනේ පෙර පින් නැතුවාට

හැදුවේ ගෙපැල මට තනියෙන් සිටින්නද
බාලේ ඉදන් බැදි ආලේ බිදින්නද
රෑ තුන් ය‍මේ හැටි මේ හැටි දුක් දෙවන්නද
හීනෙන් මිසක හැබැහින් එක් නොවන්නද

නෑනා නැතත් කල දවසක් ගෙවන්නයි
සිටු කුමරියක් කර කාරෙට ලැබෙන්නයි
පත්තිනි ගම්බාර දෙවියන් රකින්නයි.
කුරහන් කපනදා මා සිහිකරන්නයි.

රෑ පැල් රකින කුරහන් පැහෙනා හේනේ
මගේ තනි නොතනියට නුබ වත් නැතුවානේ
හෙට දින නුඔත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝයදා වාගෙයි ගම්මානේ

කඩුල්ල නැවත ඇස් ඇරලා බලන කොට අද වෙන්නේනෙ මොනවද කියලා හිතන්න ජුලි අටවෙනිදා උදා වෙලා !.

2011 ජූලි හත්වෙනිදා ලියුවක්.


 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කැරොලිනා මාරියා ඩී ජීසස්

 

ජනාධිපතියෝ,

උඹ කූඩුවක ඉන්න ගිරවෙක් ලස්සන ලස්සන කතා කියනවා.ඒත් බඩගින්නේ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍ර යෝ කියලා හිතා ගන්න එක හොදයි. උන් ඉන්නේ කෝපයෙන් අවස්ථාව ආපු ගමන් උඹව ගොදුරු කර ගන්නවා“ —කැරොලිනා මාරියා ඩී ජීසස්
මේ දවස් වල මූණු පොතේ හුවමාරු වන උධෘතයක් මගේ හිත ලග නතරවුනා. හිතන්න බොහෝ දේවල් තියෙනවා. අපේ රට , අපේ රටේ වර්තමාන පරම්පරාව . ඔවුන් ඉන්නේ ව්‍යාඝ්‍රයෝ වගේ. උන් දත් විලිස්සා ගෙන රතුවුන ඇස් බෝල කර ගෙන කර කවමින් බලා ගෙන ඉන්නේ ගිරවා මරා දමන්න. ඉවසීමේ සීමාව ඔවුන්ගෙන් ඔබ්බට ගිහින්. සීමාව අවුල් වියවුල් කරන්න අපේ ඇත්තන්ගේ දායකත්වයත් ඉහලයි. එයාලටත් කූඩුවේ හිරවෙන්න සිහින තියෙනවා.ඒකට මග පාදාගන්න ඉන්න ගිරව් මේ ව්‍යාඝ්‍රයෝ රෑනට මවන්නේ සුරංගනා ලෝකයක්.


මාරියා බ්‍රසිලියානු ජාතික ලේඛිකාවක්. ඈ සාඕ පවුලෝ නගරයේ පීඩිතයන් සමග මුඩුක්කු ප්‍ර‍දේශයක ජීවත්වු දිරිය කතක් .ඇගේ ජීවන සටහන් පීඩිත ජීවිතය ඇගෙන් මුදවා ගත්තත් ඈ දරිද්‍රතාවය සහ පාලකයන්ගේ දුෂ්ඨ භූමිකාව පීඩිතභාවයේ සිටම , පීඩිතභාවය අත්විදිමින් සටහන් කලා.

බ්‍රසීලයේ සැක්‍රමෙන්ටෝ නම් කුඩා නඟරයේ දී 1914 මාර්තු මස 14 දින උපත ලද කැරොලිනා කුඩා කලම නිවසින් පලා යනවා. ජීවිතය ගැන කිසිත් අවබෝධයක් නොමැතිව, දන්නා හදුනා ගත් කිසිවෙත් නැති සාඕ පවුලෝ නගරයට.එතකොට ඇගේ වයස අවුරුදු දාහතක්. පියා මව අතහැර ගිහින්. මවගෙන් ඇයට ආදරය ලැබුනේ නැහැ. මව ගෙන් පලා ආ ඇය සාඕ පවුලෝ නගරයේ තනිවනවා.මුඩුක්කු ජීවිතයටත් පියෙක් නැති ති දරු මවකගේ උරුමයත් සමග කටුක ජීවන අරගලයක යෙදෙන ඇය විවේක ඇති විට ලියන්න පෙලෙඹෙනවා.

අක්‍රමවත් ව විසිකරන කඩදාසි කැබලි වල සටහන් වන ඇගේ දරිද්‍රතාවයෙන් උණුසුම් වු ලියවිලි පැල්පතේ ගෝණි මල්ලක එකතුවෙනවා. ඈ රීඩර්ස් ඩයිජස්ට් සගරාවට මේ පිටපත් හැරියත් අප්‍රසිද්ධ චරිතයක්වු මාරියාගේ නිර්මාන ඔවුන්ගේ අවධානයට පත්වෙන්නේ නැහැ. කාලය මෙලෙස ගෙවී යද්දී “ අවුඩාලියෝ ඩාන්ටාස් “ නම් ‘ඕක්රූක්ශයරෝ‘ කියන සගරාවේ සේවය කරන මාධ්‍යවේදියා හමුවෙනවා. අවුඩාලියෝ ඇගේ සටහන් මළු සංස්කරණය කරමින් තමන් සේවය කළ පුවත්පත් ආයතනයේ පුවත් පතේ පළකරනවා.පසුව අවිධිමත් ජීවණ සටහන් මාරියෝගේ දීනපොත් සටහන් ලෙසින් බෞතීස්ම ලබා බ්‍රසීලයෙන් පිටතටත් පැතිරෙමින් මාරියෝ ගේ දූගී ජීවිතයට අරුතක් සපයනවා.

The Diary of Carolina Maria De Jesus නම් ලැබු පොත

පිටවු පසු පොතට ලැබුන ජනප්‍රියතාවය මාරියෝටත් ලැබෙනවා .විශාල ලෙස පිටපත් අලවි වෙනවා. පොත බ්‍රසීල විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව කරන සිසුන්ගෙ අත් පොතක් බවට පත්වෙනවා. නීති විද්‍යාලයේ සාමාජිකත්වය දීමෙන් ඈ හට බුහුමන් කරනු ලැබෙනවා.

1977 පෙබරවාරියේ ඈ මිය යන්නේ ජීවිත කාලයෙන් තුනෙන් දෙකකටත් වඩා කාලයක් තිස්සේ ඇ සිහින මැවූ සෞභාග්‍යමත් ජීවිතය අත්විදිමින්.

අපි අදුරට සාප කරමින් සිටිනවා. එක් පහනක් හෝ දල්වන්න උත්සහා කරන්නේ නැතිව.අපි එක් එක් පහන බැගින් දැල්වුවහොත් අදුර දුරුවෙලා යාවී. මාරියෝගේ ජීවිතය අදුරෙන් ගොඩ නැගුනේ අදුරේ සිට සාප කරමින් නොසිට පහන් එකින් එක දල්වපු නිසා කියලා මම හිතනවා.එය අහම්බයක් ලෙස පෙනුනත් ජීවිතයේ හැඩරුව වෙනස් කරන දෛවය ක්‍රියාත්මක වෙන්නේ අප නොසිතනා අයුරින්.නොසිතනා විලසින්.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

බිත්තර.

 
බිත්තර ගැන මෙතරම් කතා බහට ලක්වුන කාලයක් මට මතක නැහැ;
මේ ඔක්කොම හුට පට වෙළද ඇමතිතුමාගේ ආරෝවක් කියලා දවසක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇහුවා.
දේශපාලකයෝ කියන්නේ සමාජ සේවකයෝ පිරිසක් කියලයි මම හිතන්නේ.
ඒත් අපේ දේශපාලකයෝ හිත් මමත්වයෙන් පුරවා ගත්ත අය විදියටයි අපි දකින්නේ.
දේශපාලනයේදී පෞද්ගලික කරුණු කාරනා තියෙන්න පුළුවන්ද ?.

බිත්තර විටමින් ඒ – 6%ක්, ෆෝලේට් 5%ක්, විටමින් බී 5 : 9%ක්, විටමින් බී 12 : 15%ක්, විටමින් බී 2 : 9%ක්, පොස්පරස් : 9%ක් සහ සෙලනියම් : 22% ක් බිත්තරවල අඩංගු වෙනවා. එයට අමතරව විටමින් ඩී, විටමින් ඊ, විටමින් කේ, විටමින් බී 6 වගේම කැල්සියම් සහ සින්ක්ද බිත්තරයක තියෙනවා. බිත්තරයකින් කැලරි 77ක් සිරුරට එකතුවෙන අතර ප්‍රෝටීන ග්‍රෑම් 5ක් සිරුරට හිතකර මේද අම්ල ලෙස සිරුරට ඇතුළත් වෙනවා. එක් බිත්තරයක තිබෙන පෝෂ්‍ය පදාර්ථ එක්ක ගත්තාම අඩුම මිලකට ගන්න පුළුවන් පෝෂ්‍යදායි ආහාරයක් වෙන්නේ බිත්තර.
බිත්තර වලට පාලන මිලක් පැනවුවා. පාලන මිලට විකුනන්න සිල්ලර වෙලෙන්දෝ කැමතිවුනේ නැහැ. එයාලට ලැබෙන ලාභය රුපියල් දෙකක් නිසා. නිෂ්පාදකයා පිරිවැය වැඩි නිසා ලාභයක් නැහැ කිව්වා. මහපරිමානයෙන් ගොවිපල පවත්වා ගෙන යන්නන් , බිත්තර රැස් කර අළවි කරන්නන් වෙළද පලට බිත්තර විකුනන්නේ නැතිව මහා පරිමාන ආහාර නිෂ්පාදකයින්ට බිත්තර අළවි කරන්න පටන් ගත්තා. මෙයට හේතුවකුත් තිබ්බා.
බිත්තර නිෂ්පාදනය සදහා කුකුළු පැටවුන් , ආහාර ,බෙහෙත් ද්‍රව්‍ය හිගයක් සහ මිළ අධික වීම නිසා මහා පරිමාන නිෂ්පාදකයෝ තම නිෂ්පාදන පරිමාව අඩුකලා.කුඩා ගොවිපල හිමියන් නිෂ්පාදන පිරිවැය දරා ගන්න බැරිව තම ගොවිපලවල් වසා දැම්මා.
මේ හේතුවෙන් බිත්තර වෙළද පලේ හිගයක් ඇතිවුනා. ඉල්ලුම සහ සැපයුම අතර වෙනස බිත්තර මිළ ඉහල යන්න හේතු වුනා.රජය ඉන්දියාවෙන් බිත්තර ගේනන තීන්දු කලේ මේ වගේ පසුබිමක.
රජය ඉන්දියාණු බිත්තර, කර්මාන්තකරුවන්ට දෙන්න තීරණය කරලා අහාර නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ වෙළද පල අත්පත් කරගන්නා විට පාරිභොගික වෙළද පලට මෙරට නිෂ්පාදනය කරන බිත්තර ලැබෙයි කියන බලාපොරොත්තුව ඇති කර ගෙන සිටිනවා. ඒ වුනත් පරිභෝජනයට ප්‍රමානවත් බිත්තර ප්‍රමාණයක් මෙරට ගොවිපල වලින් නිෂ්පාදනය වන බවක් දකින්නට නැහැ. බිත්තර නිෂ්පාදකයාට අවශ්‍ය යටිතල පහසුකම් ඒ කිව්වේ කුකුළු පැටවුන් ,සාධාරන මිලට ආහාර හා ඖෂධ තාමත් ලැබෙන්නේ නැහැ.රජයේ නව බදු ප්‍රතිපත්ති බිත්තරේටත් හරස් වෙලා. කෘෂිකර්ම අමාත්‍යංශයට අනුව දියර කිරි නිෂ්පාදනය සියයට 19.8කින්, බිත්තර නිෂ්පාදනය සියයට 34.9කින්ද, කුකුල් මස් නිෂ්පාදනය සියයට 12.1කින්ද පහත වැටී ඇති බවයි පැවසෙන්නේ.
එම අමාත්‍යංශයම සදහන් කරන පරිදි මෙයට හේතුව සත්ව ආහාර නිෂ්පාදනය නිසියාකාරව නොසිදුවීමයි.ගොවීන්ට බීජ , පොහොර නිසිකලට නොලැබෙන් විට අස්වැන්න බලාපොරෙත්තුවෙන්න බැහැ. මෙයට වගකිව යුත්තෙත් කෘෂිකර්ම අමාත්‍යාංශය. ඇමති දෙපල රෙදි ඇදගෙන නානවාද නැත්නම් රෙදි නැතිව නානවද කියලා හිතා ගන්න බැහැ. එකම මේසෙක විසදගන්න පුළුවන් ප්‍රශ්න එකිනෙකා හමු වෙන්නේ නැති ගානට වේදිකාවේ නැත්නම් මාධ්‍ය සාකච්ඡා පවත්වලා දිග අරිනවා.
ඉන්දියාවෙන් බිත්තර ගෙනවිත් ඉන්දියාවට යන විනිමය ගැන හිතන්නේ නැහැ. අපේ ගොවියට බීජ පොහොර අඩු බදු අයකිරීමකින් සපයලා කුකුල් ගොවිපල හිමියනට පැටවුන් ඖෂධ සපයන්නේ නම් ක්‍රමවත් සැලැස්මකින් මාස කිහිපයකින් බිත්තර දේශීයව නිෂ්පාදනය කර ගත හැකියි. සහල් වලට දැන් ගැටළුවක් තියෙනව ?.කන්න දෙකකින් සහල් ප්‍රශ්නය විසදුනා වගේ බිත්තර ප්‍රශ්නයත් විසදේවි.
වෙළද අමාත්‍ය වරයා එක පාරක යන කොට කෘෂිකර්ම ඇමති තුමා යන්නේ වෙන පාරක.සත්භාවයෙන් කටයුතු කරනවා නම් මේවා ගැටළු නෙමෙයි.බිත්තරයටත් QR නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.











  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

තේ කෝප්පයේ අතීතයට.



කඩුල්ලේ අතීතය පිටු පෙරලමින් යලි විමර්ශණය කලා.මාස ගණනාවකට පස්සේ සෑහෙන කාලයක් නොලියවී තිබුන නිසා ලියවිය යුත්තේ කුමක්ද? ලිවිය යුතු ඉම ගැන හිතන්න පටන් ගත්තා . සමහර සිතිවිලි මා මීදුම බ්ලොගයේ පලකරනවා. ඒ තේමාවන්ම පල කිරීම සුදුසු නැහැ. මම සිතනවා. තෝරා බේරා ගෙන ලියන්නම්. විශේෂයෙන් මගේ නොලියවෙන දිනපොත ආයෙත් පටන් ගන්න ඕන. මම හිතුවා.අද තේ කෝප්පයක අතීත සුවද ගැන වියමන් කරන්නේ තේ ගැන කතා කරන්න මගේ මිතුරෙක් මැදිහත් වුන නිසා. අපිට රසවත් තේ කෝප්පයක් බොන්න ලැබෙන්නේ නැහැ .ඒකට හේතුව අපිට වෙළද පොලෙන් හොදම තේ ලැබෙන්නේ නැහැ. . ඒත් හොදම දවටන නම් ලැබෙනවා. මේ ගැන සංවාදයකට පත් අපිට තේ කෝප්පයේ උපත දක්වා අතීතයට යන්න මග එලි කලා. ඒ මග ඔස්සේ ගොස් ඇහිද ගත්තදේ අද නොලියවෙන දින පොතෙන්.
තේ වෙළෙඳපලක් විතරක් නෙමෙයි. , කෘෂිකාර්මික පැවත්මක් . ඒ වගේම සහ දේශයක ආර්ථිකයක් ගොඩ නන්වපු ශාකයක් . එ විතරක්ද තේ සංස්‌කෘතියක් , දේශපාලන බල අරගල උදෙසා අවධානයක් හා ජාත්‍යන්තර සබදතා ඇති කල ශාකයක්.තේ

 



තේ පානයක් ලෙස සකස් කිරීමේ ක්‍රියාවලිය සොයාගැනීමේත් හා ලොවට හදුන්වා දීමේත් ගෞරවය හිමිවන්නේ චීන ජාතිකයන්ටය. තේ පානය පලමුවෙන්ම ප්‍රචලිත වන්නේ චීන ජාතිකයන් අතර. තේ ගස ප්‍රථමයෙන්ම සොයාගනු ලැබ ඇත්තේ බුද්ධ උත්පත්තියටත් වසර 2700 කට පෙර චීනයේ රජකම් කළ සෙන්නූන් Shen Nune අධිරාජයාය.

සෙන්නූන් Shen Nune අධිරාජයා චීනයේ ඈත ප්ර්දේශයකට සිය හමුදාව සමඟ යනවා. ඒ ගමනේදී වෙහෙස මහන්සියට පත් රජතුමා ගිමන් නිවා ගැනීම සඳහා අතරමග නතර වවෙනවා. රජතුමා උණු වතුර ස්‌වල්පයක්‌ පානය කරමින් සිටින විට එම පැන් කෝප්පයට සුළඟේ පාවී ආ මලක්‌ වැටෙනවා. වැටුනේ මලක්‌ නිසා ඒ ගැන තැකීමක් නොකර රජතුමා මලත් සමග උණු ජලය පානය කරනවා. උණු ජලයේ මල තැම්බී දියවී ආ එම ජලයේ දිවට දැනුන ඉමිහිරි රසයෙන් රජතුමා වශී වෙනවා. මල වැඩුනු ශාකය හදුනා ගන්නා රජතුමා එම මල් තම්බා බීමට හුරු වෙනවා. රටවැසියෝද මේ අනුව තේ පානයට හුරු වෙනවා.

තේ බිමක්‌ ලෙස චීනයේ පැතිරුනේ ඉන් පසුවයි. කාලයක්‌ තිස්‌සේ මේ අනගි බීම චීන ජාතිකයන්ට පමණක්‌ ආවේණික රහසක්‌ විය. ශත වර්ෂ ගණනාවකට පසුව බුරුමයේත් ඉන් පසුව සියමේත් තේ වගාව පැතිරී ගියේය.
8 වන සියවස පමණ වනතුරු චීනුන් තේ පානය කළේ ඖෂධීය බීමක්‌ ලෙස පමණි.
කැමිලියා සයිනෙන්සීස්‌ Camillia Sinensis යන උද්භිද විද්යා නාමයෙන් තේ හදුනවනවා.
1852 වර්ෂයේ දී එංගලන්තයේ සිට ලංකාවට ආපු ජේම්ස් ටේලර් නමැති 17 හැවිරිදි තරුණයෙක් වසංගත රෝගයක් පැතිරී විනාශ වෙමින් තිබුන කෝපි වගාව වෙනුවට තේ වගා කරන්න හිතුවා. ඉන්දියාවේ සිට ලංකාවේ සංචාරයකට පැමිණි නෝබල් නැමති ඉංග්‍රීසි ජාතිකයෙක් ටේලර්ට තේ පිළිබඳ මූලික දැනුමක් ලබා දුන්නා. ඉන් පසු තේ පිළිබඳ නොයෙකුත් අත්හදා බැලීම් සහ පර්යේෂණ කරන්නට ජේම්ස් ටේලර් පෙළඹූනා. ඔහු හේවාහැට ලූල් කඳුර වතුයායෙ අංක 7 දරණ කොටසේ සාර්ථක තේ වගා ව්‍යාපෘතියක් ඇරඹුවා. ඒ 1847 වර්ෂයේ දීයි. අප රටේ ආරම්භක තේ වගාව ඒ විදියට ආරම්භ වුණා.
මේ නිසා ලංකාවේ තේ වගාවේ පුරෝගාමියා ලෙස ජේම්ස් ටේලර් නම් වෙනවා.
පුස්‌සැල්ලාව රොත්ස්‌වයිල්ඩ් වත්තේ මවුරයිස්‌ වර්ම්ස්‌ ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වැවිලිකරුවා යයි මතයක්ද තියෙනවා. එහෙත් ජේම්ස් ටේලර්ගේ නම තමයි වඩාත් තහවුරු වන්නේ.
ජේම්ස් ටේලර්ගේ ලූල් කඳුර වතුයායේ තේ වගා ව්‍යාපෘතියේ ඇති සාර්ථකත්වය නිසා. ඒ ආදර්ශය තුළින් ලංකාවේ තේ වගාව ව්‍යාප්ත වීම නිසා 1873 වසර වන විට තේ රාත්තල් 23 ක් අපනයනය කරමින් ලංකාව ජාත්‍යාන්තර අපනයන ක්‍ෂෙත්‍රයට එක් වුණා.
1892 වසරේදී ජේම්ස් ටේලර් මිය ගියා. ඔහු වෙනුවෙන් ඉදි වූ කිරිගරුඬ සොහොන අදත් මහනුවර මහයියාව සුසාන භූමියේ තිබෙනවා.
අපේ රටේ තේ වගාවේ පුරෝගාමීන් ඉංග්‍රීසි ජාතිකයන්ය.
යුරෝපය ඇතුළු එංගලන්තයේ තේ බීම කොතෙක්‌ ජනප්‍රිය වූවාද යත් 1786 වන විට යුරෝපයට යවන ලද තේ ප්‍රමාණය රාත්තල් (චීන තේ) මිලියන 18 ක්‌ පමණ වුනා.
18 වන සියවසේ අග භාගය වන තුරු උතුරු ඇමරිකාවේ හෙවත් වර්තමාන ඇමරිකා එක්‌සත් ජනපද විශාල ප්‍රමාණයක්‌ එංගලන්තයේ යටත් විජිත ලෙස පාලනය වූ ඒවා. මේ කාලය වන විට ඇමරිකාවේ ද තේ බීම ජනප්‍රියව තිබුනා.
1773 දී එංගලන්ත පාර්ලිමේන්තුව තේ වලට අදාල පනතක්‌ සම්මත කරමින් බ්‍රිතාන්‍යද පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගමට යටත් විජිතවල තේ බෙදාහැරීමේ තනි බලය ලබා දුන්නා.
(ශ්‍රී ලංකාවේද ලංදේසින් සතු මුහුදු බඩ පළාත් ඉංග්‍රීන් අල්ලා ගනු ලැබුවේත්, 1802 දක්‌වා පාලනය කරනු ලැබුවෙත් මේ වෙළෙඳ සමාගම මගිනි.) මේ අතර 1773 නොවැම්බර් මාසයේ ඇමරිකාවේ බොස්‌ටන් වරායට තේ පටවා පැමිණි ඩර්මවුත් නමැති ඉංග්‍රිසි නැවට සැමුවෙල් ඇඩම්ස්‌ ඇතුළු විප්ලවවාදීහු පහරදීම සුප්‍රකට බොස්‌ටන් තේ සාදය නමින් ඉතිහාසයේ සටහන්ව ඇත.
එම අරගලය නිමා වූයේ 1776 දී ඇමරිකාව නිදහස්‌ රටක්‌ බවට පත් වීමෙනි.
ශ්‍රී ලංකාව ඉංග්‍රීසි පාලනයට නතුවීමෙන් පසුව වුවද ලන්දේසි වී.ඕ.සී. සමාගමේ පෙරදිග වෙළෙඳ කටයුතු දිගටම සිදුවුනා. විශේෂයෙන්ම යුරෝපයට තේ සැපයීමේ තනි ඒකාධිකාරය පැවතියේ වී.ඕ.සී. සමාගම සතුව. එහෙත් 1833 දී චීනය හා ලන්දේසි සමාගම අතර තිබූ වෙළෙඳ ගිවිසුම අහෝසි වී ගිය අතර එම සමාගමට තේ ආනයනය සඳහා තිබූ නීත්‍යානුකූල අයිතිය අහිමි වුනා.


ඒ වන විට යුරෝපයට සැපයූ තේ රාත්තල් මිලියන 300 න් අඩක්‌ පරිභෝජනය කළේ එංගලන්ත වාසීන්ය. බ්‍රිතාන්‍ය ආණ්‌ඩුව සිය අවශ්‍යතාව පිළිබඳව තම යටත් විජිතවල ආණ්‌ඩුකාරවරුන්ගේ අවධානය යොමු කලා. එවකට ඉන්දියාවේ ඉංග්‍රිසි ආණ්‌ඩුකාරවරයා වූ විලියම් බෙන්ටින්ක්‌ තේ පිළිබඳ සොයා බැලීමට කොමිටියක්‌ පත් කළේය.
එම කොමිටිය මගින් ඉන්දියාවේ ඇසෑම් ප්‍රදේශයේ කැලෑවල තේ ගස ස්‌වාභාවිකව වැවෙන බවද, ඒ නිසා එම ප්‍රදේශය නව තේ වගාවන් ඇරඹීමට සුදුසු බවද නිර්දේශ කොට තිබිණි.
මේ නිර්දේශයන්ට අනුව යමින් ජේම්ස් ටේලර්ගේ තේ වගාවට අවුරුදු 30 කට පෙර ලංකාවේ තේ වගා කරන්න උනන්දු වූනේ 1837 සිට 1841 දක්වා ලංකාවේ ආණ්ඩුකාරයා වූ ‘ ස්ටුවට් මැකන්සි’ විසින් ඔහුගේ පාලන සමයේ දී ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයෙන් ලංකාවට ගෙන ආ තේ ඇට ස්වල්පයක් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පැළ තවානේ රෝපණය කළා. ඒත් ලංකාවේ ඒ තේ වගාව ව්‍යාප්ත කරන්නට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා ලංකාවේ තේ වගාවේ පුරෝගාමියා ලෙස ජේම්ස් ටේලර් බවට අවිවාදයෙන් නම් වෙනවා.



  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS