RSS

කර්නල් මුහම්මර් ගඩාෆි

 




කර්නල් මුහම්මර් ගඩාෆි මේ සියල්ල දැන සිටියාක් මෙන් ය. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කොට, එහි නායක සදාම් හුසේන්ව ඝාතනය කිරීමෙන් පසු පැවැත්වුණු 2008 අරාබි ලීග් සමුළුවේදී, එවකට ලිබියානු නායක ගඩාෆි මෙසේ පැවසීය."ඉරාකය ආක්‍රමණය කිරීමටත්, විනාශ කිරීමටත්, ඉරාක ජාතිකයන් මිලියනයකට ජීවිත අහිමි කිරීමටත් හේතුව කුමක්ද? 
අපගේ ඇමරිකානු මිතුරන්ට මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉඩ හරිමු' ඇයි ඉරාකය? හේතුව කුමක්ද? බින් ලාඩන් ඉරාක ජාතිකයෙක්ද? 
නැහැ. 
නිව්යෝක් නගරයට පහර දුන්නේ ඉරාක ජාතිකයන්ද? 
නැහැ. 
පෙන්ටගනයට පහර දුන්නේ ඉරාක ජාතිකයන්ද? 
නැහැ. 
ඉරාකය සතුව බහුජන විනාශකාරී අවි (Weapons of Mass Distruction - WMD) තිබෙනවාද? 
නැහැ.

ඉරාකය සතුව WMD's තිබුණා නම්, ඒ වුණත් පාකිස්තානය සහ ඉන්දියාව සතුවත් න්‍යෂ්ටික බෝම්බ තිබෙනවා නොවේද? චීනය, රුසියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඇමරිකාව සතුවත් තිබෙනවා නොවේද? මේ සියළු රටවල් විනාශ කර දැමිය යුතුද?
හොඳයි, අප ඒ WMD's සහිත සියළු රටවල් විනාශ කර දමමු. විදේශ බලවන්තයෙකු පැමිණ, අරාබි රටක පැලපදියම් වී එරට ජනාධිපතිවරයාව එල්ලා දමනවා. අප පසෙකින් වාඩිවී සිනාසෙමින් සිටිනවා.

සදාම් හුසේන්ව එල්ලීම පිළිබඳව ඔවුන් පරීක්ෂණයක් නොපවත්වන්නේ ඇයි? යුධ සිරකරුවෙකු එල්ලා දමන්නේ කෙසේද? අරාබි රටක ජනාධිපතිවරයෙකු, අරාබි ලීගයේ සාමාජිකයෙකු යනු සුළුපටු පුද්ගලයෙකු නොවෙයි.
සදාම් හුසේන්ගේ ප්‍රතිපත්ති ගැන හෝ අප අතර තිබූ දේශපාලනික මතභේද පිළිබඳ මා කතා කරන්නේ නැහැ. අප හැමෝටම ඔහුත් සමග දේශපාලනික මතභේද තිබුණා. මේ ස්ථානයේ සිටින අප අතරත් එවැනි මතභේද තිබෙනවා. මේ ශාලාවෙන් පිටතදී අපට බෙදාගන්නට කිසිවක් නැහැ.

සදාම් හුසේන්ව ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණයක් නොපැවැත්වෙන්නේ ඇයි? 
සමස්ත අරාබි නායකත්වයම එල්ලා දමා අවසන්. අප පසෙකින් වාඩිවී සිටින්නේ ඇයි? ඔබගෙන් ඕනෑම කෙනෙකු මීළඟ වින්දිතයා විය හැකියි. ඔව්!

ඇමරිකාව, අයතුල්ලා අලී ඛමෙයිනිට එරෙහිව සදාම් හුසේන් සමග එක්ව සටන් කළා. ඔහු ඔවුන්ගේ මිතුරෙක්. 
ඩික් චේනි සදාම් හුසේන්ගේ මිතුරෙක්. 
ඉරාකය විනාශ කර දැමූ සමයේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් යනු සදාම් හුසේන්ගේ සමීප මිතුරෙක්. 
අවසානයේදී ඔවුන් ඔහුව විකුණා එල්ලා දැමුවා.
ඔබ ඇමරිකාවේ මිතුරන්. 
අපි මෙසේ කියමු, ඔබ පමණක් නොවෙයි, 'අපි ඇමරිකාවේ මිතුරන්'. එහෙත් එක්තරා දිනෙක ඇමරිකාව විසින් අපවත් එල්ලා දමාවි"
- මුහම්මර් ගඩාෆි, 2008 අරාබි ලීග් සමුළුවේදී.
- - - - - - - - - -
2008 අරාබි ලීග් සමුළුව පැවැත්වුණේ මාර්තු 29 වැනිදා සිරියාවේ දමස්කස් අගනුවරදීයි. ඉන් වසරකට පසුව, 2009 අරාබි ලීග් සමුළුවේදී ලිබියානු නායක මුහම්මර් ගඩාෆි, සවුදි අරාබියේ අබ්දුල්ලා රජු බ්‍රිතාන්‍යයේ නිර්මාපිත, ඇමරිකානු ආරක්ෂාව ලබන්නෙකු බව ඔහුට ඍජුවම ප්‍රකාශ කළේය. විශාල ඇමරිකානු කඳවුරු කිහිපයක් සවුදි අරාබියේ පිහිටුවා තිබීම සහ අබ්දුල්ලා රජු උග්‍ර ඇමරිකානු හිතවාදියෙකු වීම ඊට හේතුවයි. ගඩාෆි-අබ්දුල්ලා අතර උණුසුම් වාදයක් ඇතිවෙද්දී ඊජීප්තු නායක හොස්නි මුබාරක් මැදිහත්ව ප්‍රශ්නය සමථයකට පත්කළේය.

2009දී 'අරාබි වසන්තය' නම් ව්‍යාපෘතිය පණගැන්විණි. ඒ සමග ඇතිවූ තරුණ අරගල, ඝාතන, කුමන්ත්‍රණ, කැරලි සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් පසුව ටියුනීසියාව, ඊජීප්තුව සහ ලිබියාව යන රටවල් වල පාලකයන්ගේ වෙනසක් ඇතිවිය.

සිරියාව සහ යේමනය දරුණු සිවිල් යුද්ධ වලට මුහුණපෑවේය. බහරේන්හිද සිවිල් නැගිටීම් දැකිය හැකිවූ අතර මේ බොහෝ රටවල් වල ආර්ථිකයන් කඩාවැටුණි. මහජනයා අන්ත දුගීහාවයට පත්විණි. ඒ රටවල් තුළ අන්තවාදීන් සහ අවි අත දරාගත් තරුණයන්ගේ කල්ලි සුලබ විය.
උක්ත නිර්භීත කතාව පැවැත්වූ මුහම්මර් ගඩාෆි, 2010 ඔක්තෝබර් 20 වැනිදා, ලිබියාවේ National Transition Council (NTC) නම් සංවිධානය ප්‍රමුඛ මහජනතාව විසින් මහමග දිගේ ඇදගෙන ගොස්, වෙඩිතබා ඝාතනය කළේය. එතැනින් පසුව ලිබියානු පාලන තන්ත්‍රයේ කඩාවැටීම ඇරඹිණි.

2012දී ගාසා තීරයේ යුද්ධ ගැටුම් යළි ඇවිලිණි. එය මෙතෙක් නොනවත්වා ක්‍රියාත්මක ය. 2023දී ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලන් සහ ඊශ්‍රායලය අතර ගැටුම් වැඩි විය. ඊශ්‍රායල-පලස්තීන ගැටුම්ද උත්සන්න විය. එමෙන්ම රතු මුහුදේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් ඊශ්‍රායලය සහ යේමනයේ හූති ගරිල්ලන් අතර ගැටුම් පවතියි.

එකල ජාත්‍යන්තර ප්‍රවෘත්ති වලට අනුව ගඩාෆි යනු ඒකාධිපතියෙකි. ඔහු සාන්තුවරයෙකු යැයි කිව නොහැකිය. එහෙත් ගඩාෆි විසින් 2008දී පැවැත්වූ උක්ත කතාව තුළ, මෑත කාලීන ගෝලීය දේශපාලන ඉතිහාසය පිළිබඳ බොහෝ තොරතුරු ගැබ්ව ඇත. ඉතිහාසය සියල්ලට සාක්ෂි දරමින් තිබේ. ඊශ්‍රායල්-ඉරාන ගැටුම් යනු එහි වර්තමානයයි.

"මේ හෑලි අපට මොකටදැ?"යි විමසන ඕනෑම කෙනෙකුට දියහැකි පිළිතුර වන්නේ, "කුසට පෙර මොළයට සංවේදනා දැනෙන බවත්, ඒවාට සංවේදී වීම වැදගත් බවත්" ය.

- අසංක හදිරම්පෑල.

මුණු පොතට - අයුලි නුගේරා.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

දේශපාලන උමතුව




අතීතයේ දිනක රුසියාවේ පදිංචි යුදෙව් ජාතිකයෙකුට ඊශ්‍රාලයට යාමට අවශ්‍ය විය.
මොස්කව් ගුවන් තොටුපලේදී රේගු නිළධාරීන් ඔහුගේ ගමන් මලු පරීක්ෂා කරන විට ගමන් මල්ලක් තුල තිබී ලෙනින්ගේ ප්‍රතිමාවක් හමු විය.
නිළධාරින් අතර සිටි ප්‍රධාන නිළධාරියා " මෙම ප්‍රතිමාව කුමක්ද ? " යයි ප්‍රශ්න කලාය.
" නිලධාරි සහෝදරයා මේ සහෝදරයා අදුරන්නේ නැද්ද ?. "
පුදුමයි නේ .
සමාජවාදයේ අත්තිවාරම , රුසියානු ජනතාවගේ සමෘද්ධිමත් අනාගතය නිර්මාණය කල ලෙනින් සහොදරයා. නිලධාරි සහෝදරයා අදුරන්නේ නෑ ......පුදුමයක්නේ .
අපේ වීරයාගේ සදාකාලික මතකය ......මම යන යන තැන රැගෙන යමි. "
ඔහුගේ දේශ ප්‍රේමය ගැන පැහැදුන නිලධාරියා ප්‍රතිමාව රැගෙන යාමට අවසර ලබා දුන්නේය.
යුදෙව් ජාතිකයා ප්‍රතිමාවත් රැගෙන නිරුප්‍රදිතව ඊශ්‍රාලයේ ටෙල් අවිවි ගුවන් තොටුපලට ගොඩ බැස්සේය.
පිටවීමේ අවස්ථාවේදී ගුවන් තොටුපල නිලධාරීන්ගේ පරීක්ෂාවට නැවතත් ඔහුත් ඔහුගේ ගමන් මලුත් ලක්විය.
ප්‍රතිමාව කෙරෙහි අවධානය යොමුවු ගුවන් තොටුපල නිලධාරීන් ඔහු ප්‍රශ්න කරන්නට විය.
"මේ කුමක් ද? මොනවටද ගෙනියන්නේ ? .ප්‍රශ්න වැලකට මුහුණ දෙන්නට ඔහුට මුහුණ දෙන්න සිදුවිය.
සර් මේ ප්‍රතිමාවේ සිටින්නා කවුද ?. මම හිතන්නේ අදුනාගෙන නෑ වගෙයි.
මේ ඉන්නේ මෝඩ ක්‍රියේටින් ලෙනින් .
මම යුදෙව්වෙක්. මම මේ පිලිමය ගෙන යන්නේ මේ මෝඩයාට දිනපතාම අවමන් කරන්න.
ඊශ්‍රාල නිලධාරියාට දැනුනේ සතුටක්. මේ යුදෙව්වා විශිෂ්ඨයෙක්......තවදුරටත් පරීක්ෂාවකින් තොරව බැග් සමග රේගුවෙන් නිදහස් කලේ කිසියම් ආඩම්බර සිතකින්.
යුදෙව් රුසියානුවා තම නවාතැනට ගියා.
ඔහු ලෙනින්ගේ ප්‍රතිමාව සාලයේ තැන්පත් කලා.
දිනක් ඔහුගේ මිතුරන් සමග නිවසේ රාත්‍රි භෝජන සංග්‍රහයක්.......
අතර දී මිතුරෙක් ඔහුගෙන් අහනවා..
ලෙනින් මෙතන තියාගෙන මොකට ද ? කියලා.
මිත්‍රයා , මෙතන ඝන රත්තරන් කිලෝ දහයක් !.
මම රුසියාවෙන් බදු හෝ රේගු බදු නොගෙවා මෙරටට ගෙන ආවා.
පුදුම ද ? මිත්‍රයා.
රටවල් දෙකක දේශපාලන දෙවිදියක්.
මම ඒ දෙවිදිය මගේ වාසියට යොදා ගත්තා !.
දෙරටේ නිලධාරීන් ඒ ඒ රටවල දේශපාලනයෙන් උමතුවට මෝහනයට පත්වෙලා.
මම කලේ ඔවුන් මෝඩයන් ට ඇන්දවීම.
ලෙනින් රටවල් දෙකට පෙනුනේ දෙවිදියකට.

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

අන්තිමට ඉතිරි වෙන්නේ බැදීම් විතරයි.




ඇයි මහත්තයා  පුතා.......  ?.
හරි ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ
මහත්තයා ප්‍රයිවට් තැනකට යනවද ?
හොස්පිටල්  එකට යනව ද ?
ඕන් නැහැ පුතා.........
මට අසනීපයක් නැහැ ....
අසනීපයක් නැහැ  ?.
එහෙනම් ඇයි එහෙම උනේ ?.
ඇම්බියුලන්ස් එකේ ලතෝනියට
මගේ දුක ඉහිලුම් නැතිව ගියා පුතා.............
මගේ පණ උදුරාගෙන මාව තනිවෙයි කියලා මට  හිතුනා
පණ උදුරාගත්තම තනිවෙනවා.........
මාර ටෝක් එකක් නේ සර් ඒක ?.
පණ උදුරාගත්තම මිනිස්සු මැරෙනවා
මැරුනම කොහොමද ?.
අපි තනි වෙන්නේ ?
මහමෙර තරම් උසට අපි පොදි බැද ගත්ත බලාපොරොත්තු 
ජීවිතයේ අන්තිම කාලේ වෙන කොට 
අපෙන් කිසිම කරුනාවන්ත කමක් නැතිව උදුරා ගන්නවා
එතකොට අර තරුණ කාලේ තිබුන ජවය
අපේ රූප සම්පත්තිය අපෙන් ඈත් වෙනවා
අන්තිමට ඉතුරු වෙන්නේ බැඳීම විතරයි පුතා.
ඒකත් කීයෙන් කීදෙනාටද
ඉතින් ඒ බැදීමත් මගෙන් ඈත්වෙයි කියලා මට බයයි පුතා .........


- සබැදියත් සමග වීඩියෝවට.https://www.facebook.com/AnandaAbeynayakeDramas/videos/9681619951892269
ජයලත් මනෝරත්න යන්ගේ රගපෑම.

පසුවදන.

මටත් ඇම්බියුලන්ස් නලා හඩ ඉවසන්නේ නැහැ.
නිවස අසල තියෙන රෝහලෙන් ......
119 ගිලන් රථය .......
අපේ නිවස පහුකරන වාරයක් පාසා ....
මට මගේ බාල සහෝදරයා
මගේ අම්මා සිහිපත් වෙනවා.
ඒ දෙදෙනා සමගම අවසන් අවස්ථාවේ මම ගිලන් රථයේ....
නලා හඩ .....මාව තාමත් සසල කරනවා.
පසුගිය දිනක
රෝහලක දවසක් දෙකක් ගතවු කාලය
ගතවන ජීවිතයේ අන්තිම කාලය ......
අපි අතහැර යන්න අකමැති අපේ බැදීම්ද ?
.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී


අලුත් අවුරුද්ද ගෙවි යනවා.
හිස තෙල් ගා ස්නානය කරන නැකතුත් පහුවුනා.
මගේ මිත්‍ර බන්දු කනස්සල්ලෙන්....
මට නන්දා මාලණියන්ගේ සුදු හාමිනේ මතක් වුනා.

"සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ 
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ 
ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ 
මං විතරයි තනියම දැන් මගෙ නිවසේ 
උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන 
කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන 
වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන 
මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන 
දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමී 
මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී 
මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමී 
ලේකිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී "

ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න. 
සංගීතය - නන්දා මාලිනී.
ගායනය - නන්දා මාලනී

බන්දු දෙපලට දු වරුන් දෙදෙනයි. එක පුතයි.
විවාහයෙන් පස්සේ ඔවුන් වෙන වෙනම  කැදලි හදා ගෙන ඉගිල්ලිලා.
දරු මුනුපුරන් අහිමිවු පාලුව දෙපලට දරාගන්න බැරි වෙලා.
අවුරුද්දට සති ගානකට ඉස්සර බන්දු ලක ලෑස්ති වුනේ දරු මුනුපුරන් එක්ක අවුරුදු සමරන්න.
දෙපලම මහත් ප්‍රබෝධයෙන් .....ලෙඩ දුක් පහවෙලා .........සිත් සතන් පහන් වෙලා ......මුණුවල මල් පිපිලා..
ඒත් බලාපොරොත්තු කඩවෙලා.
අවුරුද්දට එන්න අපහසු බව දන්වමින් දරුවන් තුන්දෙනාම පණිවිඩ තියලා.
අවුරුදු හිතවත් කම් තර කර ගන්න බන්දු දකින්න ගිය අපිට අහන්න වුනේ දුක් ගැනවිල්ලක්
පාලුවත් තනිකමත් බන්දු යුවලට හොදටම දැනිලා.
කොයි වැඩිහිටියත් පොදු තනිකම......
මම බන්දුට කියනවා.
පොතක් පතක් කියවන්න.
මුණු පොතේ නන්නාදුනන යහලුවෝ ටිකක් හොයාගන්න
හැබැයි පරිස්සමෙන්....අපේ වයසටයි අපේ බුද්ධිමය තරාතිරමටයි අපි කැමති අදහස් උදහස් වලට ගැලපෙන ..අය තෝරා බේරා ගෙන කතා බහක් පටන් ගන්න 
කාලය ගෙවිලා යනවා තේරෙන්නේ නැහැ. 
අන්තරජාලයෙන් කැමති මාතෘකා යටතේ තියෙන ලිපි ලේඛණ කියවන්න.
දැන් ගමන් බිමන් යන්නත් බැහැ. මහන්සියි. තනියෙන් යන්නත් බැහැ.
අවට ඉන්න යාලු හිතවතුන් හමුවෙන්නත් තියෙන ඉඩකඩත් සීමාසහිත වෙලා. 
බන්දු දෙපල ගුරුවරු. 
ළමයිත් එක්කම ජීවිත කාලයම ගෙවලා  විශ්‍රාම ගිය එයාලට පාලුව තව තවත් දැනෙනවා.

ජීවිතය .......අපි කාටත් පොදු ධර්මතාවයක හිරවෙලා. 

 

 

 












  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සුබ නව වසරක් වේවා !.


 

සිංහල දෙමළ අලුත් අවුරුද්දක මතක.
අවුරුදු සමරලා එවරයි. රතිඥ්ඥා හඩත් වියකිලා ගිහින්.
අපිට ( මධ්‍යම කදුකරයට ) වැස්ස නිසාදෝ කොහා ආවෙම නැහැ .
මැයි මාසයේ පරිසරය උණුසුම් වෙන කොට වෙසක් අරන් කොහා ඒවි.

 අවුරුද්ද සමරන්න අපේ රටේ අය  එකිනෙකා එක එක විදියට.

ගමේ ගොඩේ අපි වගේ ( බයියන් )  අය තාමත් පරණ හණමිටිය කරේ ගහගෙන නැකත් සාශ්‍ත්‍රයට මුල් තැන දෙමින්  සංස්කෘතික අංග අනුගමනය කරනවා. රූප මාධ්‍ය නම් ඔය ඔක්කොම කළවම් කරගෙන වැඩ සටහන් කරනවා. කොහොමත් අපේ මාධ්‍ය කරන්නේ විලම්බීතමනේ. දේශපාලකයන්ට අනුව අවුරුද්ද පුනරුදයට අහුවෙලා. අවුරුදු හැත්තෑහයක් රට කරපු හොරු දූෂකයෝ රට නැති බංගස්තාන කරපු හැත්ත අවුරුදු නැකතට කිරි උතුරලා කිරිබත් කාලා ගණුදෙනු කරලා අනුගමනය කරපු  ගතාණුගතික ක්‍රමය මේ අවුරුද්දේ වෙනස් වෙලා. අලුත් ඇත්තෝ මොනවද කලේ කියලා රට දන්නේ නැහැ. අවුරුදු කියලා රාජ්‍ය උත්සවයක් නැහැ. තොයිතරම් සරල ද ?. හොද ද  ?.

නාස්තිකාර වියදම් ඇත්තේ නැහැ .දිගින් දිගටම මේ අවුරුද්ද ආදර්ශයට ගත්තෝත් අවුරුදු දෙක තුනක් යන කොට බයියන්ගේ සම්ප්‍රදායික සිරිත් විරිත් නැත්තටම නැති වෙලා රට නිදා ගන්න සතියක් වැඩකරන සතියක් බවට පත් කර ගන්න ප්‍රල්‍රවන්.  

  රට වෙනස් කරන්න පුලුවන් වුනත් ලෝකේ වෙනස් කරන්න අපිට බැහැ. දකුණු අග්නි දිග ආසියාණු රටවල් මේ අවුරුදු සැමරුම සිද්ධ කරනවා. මෙයාලත් අපිට සමගාමිව එකම කාලවකවාණුවක තමයි අවුරුදු සමරන්නේ. දෙමළ අලුත් අවුරුද්ද ,තායි අලුත් අවුරුද්ද බෙංගලියන්ගේ බෙංගලි අලුත් අවුරුද්ද කාම්බෝජයේද කාම්බෝජ අලුත් අවුරුද්ද, ලාඕසයේදී ලාඕ අලුත් අවුරුද්ද මියන්මාරයේ තිංග්යන් සහ ඉන්දියාවේ ඔරියා අලුත් අවුරුද්ද අපේ අවුරුද්ද හා බොහොම සමාන කම් දක්වන අවුරුදු උත්සව.

 නැකත් ගැන අවධානය යොමු කරන අය හිතන්නේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේදී අවුරුද්ද උදාවෙන බවයි. සුර්යා රේවතී නැකතෙන් අස්විද නැකතට සංක්‍රමණය වෙන අවස්ථාවේ අවුරුදු උදාවන බවත් නැකත් සාස්ත්‍රය අනුගමනය කරන්නෝ පවසනවා.

අවුරුද්දේ නැකත් විධ අනුගමනය කරන්නෝ 

  • අලුත් අවුරුදු උදාව
  • නව සඳ බැලීම
  • පරණ අවුරුද්දේ අවසන් ස්නානය
  • කෑම පිසීම
  • වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර ගැනීම
  • හිස තෙල් ගෑම
  • රැකියාවට පිටත්වීම
  • අවුරුදු උත්සවය පැවැත්වීම    
වැනි චාරිත්‍ර විධි අනුගමනය කරනවා. මේවා දැන් දැන් වෙනස් වෙලා. අතීතයට එක්වෙලා .අතීතයට එක් වෙමින් තියෙනවා. හාස්‍යයටත් අවතක්සේරුවටත් ලක්වෙමින් පවතිනවා.

කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු පුරුදුව සිටි අපේ බාලකාලය මතක්වෙනවා. බක් මාසේ වැස්ස පටන් ගන්නේ මාර්තු අවසන් සතියේ තරම. ඊට පෙර වී ගොවියෝ තම අස්වැන්න ගෙට ගන්නවා .අප්රේල්  මුල් සතිය අවසන් වෙන කොට ගොවිතැන් කටයුතු වලින් විරාමයක් ලැබිලා විවේක කාලය එලඹෙනවා. ඉතින් අපට අවුරුදු තමයි. අලුත් ඇදුම් පැළදුම්, ගෙවල් දොරවල් අලුත් වැඩියා කරලා කල එලියට පත් වෙනවා. ගෘහ භාණ්ඩ වෙනස් වෙනවා. නෑදෑයෝ එහාට මෙහාට නෑ ගම් යනවා. කෝන්තර ආරවුල් විරසක සමතයකට පත් වෙලා එකම මේසේ කකාබිබි සතුටු සාමිචියේ යෙදෙනවා......ඉතින් අවුරුදු නෙමෙයි ද ?.

මේවා බයියන්ට අයත් දේවල් වෙලා බයියනුත් සමග විනාශයට  පත් වෙනවා දකින්න කැමති ටොයියෝ ඉන්නවා.  වැරද්දක් නැහැ. අද ගොවිතැනට බතට නෙමෙයිනේ මුල්තැන !.

ගමෙන් නගරයට සංක්‍රමණය වෙලා යන්ත්‍ර සූත්‍ර වල හිරවෙලා , කඩදාසි ලිපි ගොනු වල හිරවෙලා. ජීවිතයම දුෂ්කරක්‍රියාවක් පත්වෙච්ච ජනතාවකට මේ කාලය හුස්මක් ගන්න සබ්බ සකල ගතමනාව දිය කරලා හරන කාලයක්. ඒ පැත්ත බලලා මේ පැත්ත බලන කොට  බැංකු ගිණුම දාලා ගිහින් මැයි මාසේ අන්තිම වෙනකම් දැවෙන ගින්නට දෑස නිලන්කාර වෙලා.

ඔන්න අවුරුදු ..............

 


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

බක් පෝය අදයි.







අද බක් පෝය දිනයයි.
සිංහල හිණ්දු අලුත් අවුරුද්ද මුව විට මෙවර පෝය දිනය එළඹ තිබේ.
බක් පෝය ශාසන ඉතිහාසයේ වැදගත් වන කාරනා කිහිපයකි.
බුදුරජානන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවුයේ බක් මහා පෝය දිනයේදීය.
චුලොදර මහෝදර නා රජුන්ගේ ගැටුම සමතයකට පත්කිරීම සදහා බුදුරජානන් වහන්සේ නාගදීපයට වැඩම විම සිදු කරන ලදී.

එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.














  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කල්පනා කලේ .....







දිනක් නව විවාහක ඇමෙරිකානු යුවළක් මධුසමය ගත කරන්න අරාබියේ කාන්තාරයක සංචාරයක් ගියා. අතරමගදී ඔවුන්ට අරාබි ජාතිකයෙක් මුණ ගැහුනා. ඔවුන් අතර ඇති වූ සංවාදයක්,
අරාබි මිනිසා : ආයුබෝවන් ! මේ නුඹේ බිරිඳ ද ?
සැමියා : ඔව්. මේ මගේ බිරිඳ .
අරාබි මිනිසා : ඇය වැනි බොහෝම සුන්දර කාන්තාවක් මම කොහෙවත් දැකලා නෑ . ඔබ මට ඇයව දෙනවනම් මම ඔබට හොඳ තරුණ ඔටුවො පන්සීයක් එක්ක කිරි එළදෙන්නු දෙසීයකුත් දෙන්නම්. මට ඔබේ බිරිඳ විකුණන්න.
සැමියා බොහෝ වේලාවක් කල්පනා කලේය. අන්තිමට,
සැමියා : සමාවෙන්න. ඇයව විකුණන්නෙ නෑ .
අරාබි මිනිසා ශෝකයෙන් පිටව ගියේය.
කෝපයට පත් වූ බිරිඳ සිය සැමියාගෙන් මෙසේ ඇසීය.
බිරිඳ : ඇයි ඔයා මාව විකුණන්න බෑ කියල කියන්න ගොඩක් වෙලා ගත්තේ ? එක පාරින්ම බෑ නොකිව්වෙ ඇයි ?
සැමියා : නෑ මම මේ කල්පනා කලේ ඔටුවෝ පන්සීයයි එළදෙන්නු දෙසීයයි ඇමෙරිකාවට අරන් යන්නෙ කොහොමද කියල


මුණු පොතෙන්. 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

කාලය .





කාලය මට ඉගැන්වූ දේවල්
=======================
මගේ ජීවිතයේ වැඩිපුර කාලයක් දිව්වේ කිසිම පලක් නැති අරමුණු සහ පුද්ගලයන් පිටුපස බව .
හැම කෙනෙකුම සතුටු කරන්න බැරි බව .
පළමුව මම දෙවනුව මගේ ආදරයන් සතුටු කිරීම සෑහෙන බව .
වියපත්වීම වැළැක්වීම හරියට හමා යන හුළඟක් ඇල්ලීමට කරපු වෑයමක් බව .
මම වියපත් වෙනවා මගේ සිරුර වැහැරෙනවා. ඒක නතර කරන්න බැරි බව .මගේ වියපත් බව තුළ එයට ගැලපෙන සුන්දරත්වය විඳීම වැදගත් බව
කිසිවෙකුදු සම්පූර්ණ නැති බව .
කිසිම කෙනෙකු ඔවුන්ට දෙන කොටස පිළිබඳව සෑහීමකට පත් නොවන බව
මගේ ජීවිතය අනිකෙකුගේ ජීවිතය හා සසැඳීමෙන් මට ලැබෙන්නේ වේදනාවක් පමණක් බව
මම කරන හැම හැම හොඳ දෙයක්ම හැමටම පෙනෙන්නේ නැති බව .
නමුත් මම කරන වරදක් අතපසුවීමක් සියල්ලෝම ක්ෂණිකව දකින බව .
මගේ පෙනුම ගැන වෙච්ච වදය කිසිම තේරුමක් නැති බව .
පෙනුම වැදගත් නමුත් ජීවිතය කියන්නේ එහෙම නොවන බව .
සෞඛ්ය වැදගත් බව ඇත්ත
නමුත් අපි කොපමණ සෞඛ්ය සම්පන්නව ජීවත් වූවත් ලෙඩ රෝග දුර්වලතා වළක්වා ගැනීමට නො හැකි බව
වියපත් වෙද්දී මා මතක තියෙන අය කවුරුන්ද යන බව මට ලොකු සතුටක් ගෙන දෙන බව .
නමුත් මා සෞභාග්ය සම්පන්නව ,තරුණව සිටි කාලයේ මාව මතක තිබූ වූ අය ,බොහෝමයක්
වියපත් වූ මා අමතක කර ඇති බව .

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

සුසාන.



බටලන්ද කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමත් සමග අතීතය මේසය මතට පැමිණ හොල්මන් කරන්න පටන් අරන් ඇත. වර්තමාන ආණ්ඩුපක්ෂය එවකට කරන ලද භීෂණකාරි ක්‍රියාමෙන්ම එවකට ආණ්ඩු පක්ෂය එම භිෂණය මැඩපැවත්වීමට නිල හමුදා මෙහෙයවීමද දැන් වේදිකා ගතවේ.

මේ ලිපිය ඒ දෙපාර්ශවය ගැන එකිනෙකාට එරෙහිව පල කිරීමකි.

ශ්‍රී ලංකාවේ සමූහ මිනීවළවල් ලැයිස්තුව..1. 1989 දී කොළඹ දිස්ත්‍රික්කයේ හෝකන්දර සමූහ සුසානය. මෙහිදී සිරුරු 19 ක් හමු වූ අතර ඒ සියල්ල ම හඳුනාගෙන ඇත. 89 ජවිපෙ කැරැල්ල සමයට අයත් ය. මරා දමුනු ලැබූ අයගේ සිරුරු, 1989 අගෝස්තු 13 වැනිදා බෝම්බයක් පිපිඉරීමෙන් හටගත් වළකට දමා පුලුස්සා තිබේ.
2. 1989 දී මහනුවර දිස්ත්‍රික්කයේ අංකුඹුර සමූහ සුසානය. සොයාගත හැකි වූ මළසිරුරු ගණන 39 කි. 89 කැරැල්ල සමයේදී සිදු වූ ඝාතනයන් ය.
3. 1989 දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය සමූහ සුසානය. සිරුරු 20 ක් සොයාගන්නා ලදී. ඒවා ද 89 කැරැල්ල සමයට අයත් විය. මෙම සිරුරු ගොඩගැනීමෙන් පසු ඒවාට කුමක් සිදු වූයේදැයි දැනටත් අබිරහසකි.
4. 1989 මාතර දිස්ත්‍රික්කයේ විල්පිට සමූහ සුසානය. මෙම සිරුරු ද 89 කැරැල්ල සමයට අයත් වූ අතර කිසිඳු කොමිෂන් වාර්තාවක මළ සිරුරු සංඛ්‍යාව නිශ්චිතව දක්වා නැත. සමූහ මිනීවල හමුවන්නේ යුද හමුදා කඳවුරක් පිහිටි ස්ථානයක ය.
5. 1990 දී හමුවූ ගම්පහ දිස්ත්‍රික්කයේ වවුල්කැලේ සමූහ සුසානය. වවුල්කැලේ රක්ෂිතය තුළදී 12 දෙනෙකු ඝාතනය කර ටයර් දමා පිළිස්සු බවට සාක්ෂි ඇත. මෙය 89 කැරැල්ල සමයේදී සිදු වූ අවසන් සමූහ ඝාතනය යැයි සැළකේ. වයස 17-34 අතර තරුණයින් 34 දෙනෙකු පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන සිදුකළ ඝාතනයක් වන අතර ඇසින් දුටු සාක්ෂිකරුවෙකු සිටිය හෙයින් විස්තර හෙළි විය. නමුත් හඳුනාගත් සැකකරුවෝ සියලු දෙනා 2000 දී නිදොස් කොට නිදහස් කරන ලදී.
6. 1994 දී හමු වූ ගම්පහ දිස්ත්‍රික්කයේ වල්පිට රජයේ ගොවිපළ තුළ සමූහ සුසානය. මහේස්ත්‍රාත් නියෝගය මත මළසිරුරු 30 ක් හමු විය. ජවිපෙ සැකකරුවන්ගේ බවට සැක කෙරේ. පරීක්ෂණ කළ මහේස්ත්‍රාත්වරයාට ස්තාන මාරුවක් ලැබුන අතර, මුලින්ම අත් අඩංගුවට පත් සැකකරුවෙකු වූ නිමල් ප්‍රනාන්දු, පසුකලෙක වයඹ පළාත් පොලිස් ස්ථානාධිපතිවරයෙකු ද බවට පත්විය.
7. 1994 දී හමු වූ රත්නපුර දිස්ත්‍රික්කයේ සූරියකන්ද සමූහ සුසානය. 89 කැරැල්ල සමයේ මෘතදේහවල ශේෂයන් වන අතර, හමු වූ මළ සිරුරු ගණන 300කට අධික ය. ඇඹිලිපිටියෙන් අතුරුදහන් වූ පාසැල් සිසුන් 46 කගේ සිරුරුද එහි ඇති බවට සැක කෙරේ. කැණීම්වල අවිධිමත් බවින් සාක්ෂි සියල්ල විනාශ වූ සමූහ මිනීවලකි. පරීක්ෂණවලට සහභාගී වූ නීතීඥයෙකුට වෙඩි තබණ ලද අතර, හාරන ලද වළවල්වලට පස් සහ වතුර දමා කිහිපවරක් වසා ඇත. මිනිස් හිස් කබලක් සහ සිවුරක් අලුතෙන් වළලා සාක්ෂි ව්කෘති කරන ලදී. මේ සිදුවීමේ ප්‍රධාන සැකකරුවෙකු වූ කර්නල් ආර් පී ලියනගේ පසුකලෙක බ්‍රිගේඩියර් තනතුරට උසස්වීම් ලැබීය. සිසුන්ගේ දෙමව්පියන්ගේ පෞද්ගලික මැදිහත්වීමෙන් නඩු පැවරුවද නිසි යුක්තිය ඉටු නොවිණ.
8. 1994 දී හමු වූ ගම්පහ දිස්ත්‍රික්කයේ එස්සැල්ල සමූහ මිනීවල. 89 කැරැල්ල සමයට අයත් සිරුරු හමුවිණ. කොමිෂන් වාර්තාවලට අනුව මේ සිරුරු අයත් වන්නේ බස්නාහිර පළාතේ හමුදා කඳවුරකට 1989 සැප්තැම්බර් 19 දා ගෙනයන ලද සිරකරුවන් 15කට හෝ 16කට ය. කාන්තාවෝ තිදෙනෙක් ඒ අතර විය.
9. 1995 හමුවූ කොළඹ දිස්ත්‍රික්කයේ බොල්ගොඩ වැවේ තිබූ සිරුරු. මළ සිරුරු ගණන 21 කි. ඒවා LTTE සාමාජිකයින්ගේ මළ සිරුරු ය. පොලිස් විශේෂ කාර්‍ය බළකායේ 21 ක් සහ සාමාන්‍ය වැසියන් තිදෙනෙකු සැකපිට අත් අඩංගුවට ගෙන නිදහස් කරන ලදී.
10. 1999 දී හමුවූ යාපනය දිස්ත්‍රික්කයේ දොරේඅප්පා ක්‍රීඩාංගණයේ සමූහ සුසානය. 1987 දී ඉන්දීය සාම සාධක හමුදා විසින් මරා දමන ලද යාපනේ වාසීන්ගේ සිරුරු යැයි සැක කරන නමුත් සිරුරු හඳුනාගත නොහැකි විය. සිරුරු 40-50 අතර ශේෂයන් හමුවිය.
11. 1999 දී හමුවූ යාපනය දිස්ත්‍රික්කයේ චෙම්මනි සමූහ සුසානය. 1996 දී පාසැල් ශිෂ්‍යාවක වූ 'ක්‍රිෂාන්ති කුමාරස්වාමි' සහ ඇගේ මව, සොහොයුරා, සහ අසල්වාසියෙකු ඝාතනය කළ ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ ඇතුලු හමුදා සෙබළු පස් දෙනෙකුට එරෙහි නඩු විභාගයේදී මෙම සුසානය හමුවිය. අදාල අයට අමතරව තවත් මළසිරුරු 400 ක් පමණ එහි වළදමා ඇතිබව සැකකරු පාපොච්ඡාරණය කළේය. නමුත් සොයාගත හැකි වූයේ ඉන් 15 ක් පමණි. ප්‍රධාන සැකකරු වූ ලාන්ස් කෝප්‍රල් සෝමරත්නට පමණක් ක්‍රිෂාන්ති කුමාරස්වාමි ශිෂ්‍යාව දූෂණය කොට මරාදැමීම ඔප්පු වීමෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය. ඊට සම්බන්ධ යැයි ඔහු හෙළිකල තවත් හමුදා සාමාජිකයෝ 17 දෙනෙකු පමණ නඩුවෙන් නිදහස් වී ඉන් 4 දෙනෙකු උසස්වීම් ලැබූහ.
12. 2000 දී හමු වූ යාපනය දිස්ත්‍රික්කයේ මිරුසුවිල් සමූහ සුසානය. සිරුරු ගණන 8කි. ළමුන් 3 දෙනෙකි. ඉන් එක් දරුවෙකු පස් හැවිරිදි වූ අතර එම දරුවාගේ සිරුරේ වධ හිංසාවලට ලක් වූ සලකුණු හඳුනාගැණින. නඩුව චාවකච්චේරි අධිකරණයේ ආරම්භ විය. සැකකාර හමුදා නිලධාරීන් ගණන 14 කි. අනතුරුව මෙම නඩුව අනුරාධපුරයටත්, එතැනින් කොළඹ මහාධිකරණයටත් ලෙස ස්ථානය වෙනස් කරන ලදී . යුද හමුදා දිගුදුර විහිඳුම් බළකායේ සුනිල් රත්නායකට 2015 දී මරණ දණ්ඩනය හිමිවිය. අභියාචනාධිකරණයද එය තහවුරු කරන ලදී. 2020 දී ගෝඨාභය රාජපක්ෂ මෙම අපරාධකරුට ජනාධිපති සමාව ප්‍රදානය කළේය.
13. 2010 දී හමුවූ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ගණේෂපුරම් සමූහ සුසානය. සිරුරු ගණන 6කි. වැසිකිලි වළකින් හමුවිය.
14. 2012 දී මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ මහ රෝහල් පරිශ්‍රයෙන් හමුවු සමූහ සුසානය. ගොඩගත් සිරුරු ගණන 155 කි. කැණීම් සඳහා නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වාට වහාම ස්ථාන මාරුවක් ලබාදෙන ලදී. මහාචාර්‍ය රාජ් සෝමදේවගේ වාර්තාවට අනුව හිස් කබල්වලට ඇණ ගසා මරණ ලද සලකුණු ඇති බව තහවුරු විය. 1980 අග භාගයට අයත් බව තීරණය කර ඇත. නමුත් එක්සත් ජනපදයට යැවූ සාම්පල පරීක්ෂාවේ නිගමනය වූයේ මෙම සිරුරු 1950 ට ආසන්න ඒවා වියහැකි බවය.
15. 2013 දී හමුවූ මන්නාරම දිස්ත්‍රික්කයේ තිරුකේතීස්වරම් සමූහ සුසානය. LTTE ය විසින් මරා දමනලද යුද හමුදා භටයින්ගේ සිරුරු 80කට වඩා මෙහිදී හමුවිය. තවත් සිරුරු ගොඩගන්නට තිබේ. බොහෝ සිරුරුවල අත් පිටුපසට කොට ගැටගසා තිබේ. තවමත් එම ශේෂයන් මහේස්ත්‍රාත් භාරයේ පවතින අතර නියෝගයන් හා මුදල් නොමැතිවීම මත පරීක්ෂණ නවත්වා ඇතැයි ප්‍රකාශ විය.
16. 2014 මඩකළපුව දිස්ත්‍රික්කයේ කළුවන්චිකුඩි සමූහ සුසානය. මළ සිරුරු 160 කට වැඩිය. කොටි සංවිධානය විසින් 1990 ජූලි 12 දින කුරුක්කල්මඩමින් පැහැරගත් මුස්ලිම්වරුන්ට අයත් යැයි සැළකේ. සිරුරු 160 න් එකක් හෝ මේවනතෙක් ගොඩ ගෙන නැත. පරීක්ෂණ නැවතුනේ මහින්ද රාජපක්ෂ සමඟ විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) සම්බන්ධ වීමත්, එහි සබඳතා හෙළිවන බවට වූ සැකයත් නිසා ය.
17. 2018 දී හමුවූ මන්නාරම දිස්ත්‍රික්කයේ මන්නාරම සතොස ගොඩනැගිල්ලට අයත් භූමියේ සමූහ සුසානය. කුඩා දරුවන් 28 ක් ඇතුලු 318 කගේ සිරුරු ගොඩගන්නා ලදී. කකුල් යකඩ කම්බි මඟින් බැඳ තිබිණ. ෆ්ලොරීඩාවේ කාබන් දත්තපරීක්ෂාවකට අනුව ඒවා 15-18 ශතවර්ෂවලට අයත් යැයි සඳහන් විය.
18. 2019 දී හමු වූ මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩියිරිප්පු සමූහ සුසානය. සිරුරු ගණන 9කි. පරීක්ෂණ අවසන් නැත.
19. 2020 දී මුලතිවු දිස්ත්‍රික්කයෙන් හමුවූ මුලතිවු සමූහ සුසානය. සිරුරු ගණන නොදනී. ආණ්ඩුව විසින් පිහිටුවන ලද අතුරුදහන් වූවන්ගේ කාර්‍යාලය විසින් නඩුව විමර්ශනය කෙරේ. තොරතුරු නොමැත.
20. 2020 කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සමූහ සුසානය. තොරතුරු නැත.
ලංකාව අපරාධ රාජ්‍යයකි. සියලු පාර්ශ්ව සියලු යුගයන්වලදී සියලු ජනවර්ග සමූහ ඝාතනය කොට ඇත. ඒ සිරුරුවලින් හමුවන සලකුණු අනුව අමානුෂික වධ බන්ධනයන්ට ලක් කර ඇත. ඉතා කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා ඝාතනය කර ඇත. දූෂණය කොට ඇත.
මේ සිරුරු ගොඩගත යුත්තේ ඇයි? පරීක්ෂණ කළ යුත්තේ ඇයි?
සියලු අපරාධකරුවන්ට දඬුවම්ලැබිය යුතුය. වින්දිත පවුල්වලට හා මියගියවුන්ට යුක්තිය ඉටුවිය යුතුය. ඒ කිසිවක් නැතත් වධ වේදනා විඳ එකා පිට එකා මැරී වැටීම වෙනුවට, මියගියේ කවුදැයි හඳුනාගෙන තමන්ට වෙන් වූ සුසානයක ගෞරවණීය සමුදීමක් සහිතව භූමදානය වන්න ඒ සෑම මළ සිරුරකට ම මිනිසෙකු ලෙස අයිතිවාසිමක් ඇත.
ලංකාවට තවම මේ ගැන හරිහමන් නීතියක් නැත. අපරාධ නඩුවිධාන සංග්‍රහයේ ඇති "චූදිතයින් නොමැති හෝ හඳුනානොගත්" අපරාධවල පටිපාටිය අනුව මේ සිරුරු පරීක්ෂා කොට සියල්ල අවසන් කිරීම යුක්තිසහගත නොවේ.
පහත තාච්චිවල ඇත්තේ ඔබගේ හිස නම්? එළැඹීමට නියමිත අයුක්තිසහගත මොහොත වෙනස් කිරීමට දැන්ම කටයුතු කළ යුතු නොවේද?
(ඡායාරූපය : මන්නාරම සමූහ සුසානය. ශ්‍රී ලංකාව)
- Nuwan Ishara Mahagamage -




76 වසරක සාපයේ ප්‍රධාන කොටස්කරුවන්ගේ කාර්යභාරය
1971 දී පොලිස් ස්ථාන 92කට ගැහුවා පොලිස් නිලධාරීන් 37ක් සහ හමුදා නිලධාරීන් 26ක් ජවිපෙ කැරලිකරුවන් අතින් ඝා/තනය වුනා.
කැරලිකරුවන් විසින් මhරා දමන ලද සිවිල් වැසියන් සංඛ්‍යාව 411ක් ඇතුලු 7000ක් ඝාතනය කලා
1988/89
1989 පෙබරවාරි 08 වෙනි දින දළදා මාලිගාවට පහ/රදුන්නා
1988 අප්‍රේල් 23 වෙනි දින කටුනායක ගුවන් තොටුපලට පහර/දුන්නා
1987 අගෝස්තු 18 වැනි දින පාර්ලිමේන්තුවට පහර / දුන්නා
සාමාන්‍ය ජනතාව - 3210 එවකට ආණ්ඩු පක්ෂ සාමාජිකයන්- 1735 රාජ්‍ය සේවකයන් - 487
අධ්‍යාපනඥයන් - 52 දේශපාලනඥයන් -70 හමුදා සාමාජිකයන්- 209 පොලිස් නිලධාරීන්- 342
මුරකරුවන් - 98 ඝාaතනය කලා.
පොදු දේපළ..
ලංගම බස් - 553, ඩිපෝ - 15, ලංගම වැඩපලවල් - 01, රජයේ වාහන - 113, පෞද්ගලික වාහන - 29
දුම්රිය - 16ද, ම්රිය මාර්ග - 12, දුම්රිය ස්ථාන - 24 තැපැල් කන්තෝරු - 18 පණිවුඩ හුවමාරු මධ්‍යස්ථාන - 12
තාක්ෂණික ආයතන - 01, දුරකථන රැහැන් - 84 ගොවි මධ්‍යස්ථාන - 04, තේ කම්හල්- 73, වතු බංගලා - 38
ට්‍රාන්ස්ෆෝමර -132, අට්ටාල - 13, විදුලි රැහැන් - 69, විදුලි මීටර - 25, විදුලි බලාගාර - 02 උප විදුලි බලාගාර - 09
කෘෂිකර්ම මධ්‍යස්ථාන - 103.
විනාශ කරපු රාජ්‍ය ආයතන
දැව සංස්ථා මධ්‍යස්ථාන , ස්කාගාර, පෙහෙකම්හල් , ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව , තුනීලෑලී සංස්ථාව , කජු සංස්ථාව, පොහොර සංස්ථාව , පතල් ආකර, රජයේ පාසල් , පහරදීම් හා මංකොල්ල කෑම්බැංකු - 40 (වැඩි), රාජ්‍ය කන්තෝරු - 21 , රජයේ නියෝජිත කන්තෝරු -294, පෞද්ගලික දේපල හානි , රාජකාරි නිල නිවෙස් - 107, පොලිස් නිල නිවෙස් - 76, සාමාන්‍ය නිවාස- 20, පෞද්ගලික ගොඩනැගිලි - 33, සර්වෝදය මධ්‍යස්ථාන - 05 , ප්‍රාදේශීය සභාසමාජ ශාලා, විදේශ ඉදිකිරීම් ව්‍යාපෘති හා මධ්‍යස්ථාන වෘත්තීය සමිති කාර්යාල ගිනිතැබීම් සහ විනාශ කිරීම් - වී මෝල් - 18ක්.
01.යටියන වී මෝල.- වී මෙටිට්‍රික් ටෝන් මිලියන 800ක පහසුකම් සහිත අංග සමිපුර්ණ වී කොටන මැෂින් තුනක්
02. තෙඹුවන වී මෝල - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 300ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ යන්මාර් මැෂින් 02ක්
03.හසලක වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 500ක් ගබඩා පහසුකම් ඇති අංග සමිපුර්ණ වී කොටන මැෂින් 6ක්.( කුබෝටා)
04.මිද්දෙණිය වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 900ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ කමීන්ස් මැෂින් 02ක්.
05. රණ හංස වී මෝළ - මොණරාගල .
වී මෙටිට්‍රික් ටෝන් මිලියන 830ක් ගබඩා පහසුකම් සහිත අංග සමිපුර්ණ මැෂින් 02ක් .
06.රන්න උණාකුරුව වී මෝළ - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 700ක් සහිත අංග සමිපුර්ණ ලැන්මාර් මැෂින් 02ක්.
07.අගුළුකොළපැලැස්ස වී මෝල - වී මෙටිට්‍රික් ටෝන් මිලියන 900ක් ගබඩ පහසුකම් සහිත අංග සමිපුර්ණ කුබෝටා මැෂින් දෙකක්.
ආදී වශයෙන්..
08.උරගහ වී මෝල - ගාල්ල.
09.බද්දේගම මෝල - ගාල්ල
10.කිරිමැටිමුල්ල වී මෝල -මාතර
11.කඩ පනහ වී මෝල නොචිචියාගම - අනුරාධපුරය .
12.යාය 14 /13/12/11 වී මෝළ කාශ්‍යප පුර - පොළොන්නරුව .
13.යාය 01 ඇලහැර මෝල - පොළොන්නරුව .
14. ලිර වී මෝළ - යාපහුව .
15.සකුනි වී මෝළ - ආන්දමිකුලමි - කන්තලේ
16.රත්න වී මෝළ - වී මෝළ - ත්‍රිකුණාමලය
17.පල්ලත්තර වී මෝළ - මොදරවාන බෙලිඅත්ත .
18.සහන වී මෝළ දමිමුල්ල බෙලිඅත්ත .

දැනට ලංකාවෙ සහල් අවශ්‍යතාවයෙන් 60%ක් සැපයීම අඩාල වීම.
1987 ලංකාවෙ සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 1700 උන අතර රජයේ සතු සහල් මොල් වලින් මෙට්‍රික් ටොන් මිලියන 1450 පමණ නිශ්පාදනය කරන ලදී.
1992 වසරේ රජයෙ 1992 වසරේ ලංකාවෙ සමස්ථ සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 1900 වන අතර රාජ්‍ය අංශයෙ නිශ්පාදණය මෙට්‍රික් ටොන් මිලියන 800 දක්වා එනම් මෙට්‍රික් ටොන් මිලියන 1100 පහත වැටී ඇත.
සහල් මෝල් ගිණි තැබිම නිසා අස්වැන්න අලවිකල නොහැකි විම සහ එම වකවානුවෙ පෞද්ගලික මහා පරිමාණ මොල් හිමියන් නොසිටී නිසා වී ගොවියන් විකල්ප බොගවලට යොමු ඌ අතර අක්කර දස දහස් ගනන් වගාකිරීම අත් හැර දමන ලදී.

ලොරි සහ ට්‍රැක්ටර් 52 ගිණි තැබීම.

කළමනාකාර වරුන් තුන් දෙනෙකු පුළුස්සා ඝාතනය කීරිම.

එවට අයිති වාහණ 19ක් පුළුස්සා විනාශ කිරිම.

සේවකයන් 1543 දෙනෙකුට රැකියා අහිමි කිරිම.
88/89 ජවිපේ විනාශ කාරි කැරැල්ල නිසා රජය සතු සමස්ත පාඩුව - රුපියල් බිලියන 5450 ක්
ජෙප්පෝ රටට කරපු ආර්ථික හානිය බිලියන 6000 ක් ප්‍රභා කරපු විනාශය ට විතරයි දෙවනි වෙන්නෙ


Sanjeewa Batuwaththa.


  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

ඉවසීමෙන් විමසිල්ලෙන් බලා සිටිය යුතුමයි.ඉක්මන් නොවිය යුතුයි.





 මගේ මුණු පොතේ මේ අදහස පලකලේ ලැබෙන ප්‍රතිචාර නිරීක්ෂණය කරන අදහසින්. සමහර පාඨකයෝ  මා පලකල ලිපියේ අන්තර්ගතය අවධානයට ලක්නොකර බාහිර අදහස් ප්‍රකාශ කරනවා. එයට හේතුවක් තියෙනවා වර්තමාන ආණ්ඩුවට ලැදි කොටස් ඉලක්ක කර ගන්නේ පලකිරීම නෙමෙයි පලකරන්නා. ඔවුන් හිතන්නේ ආණ්ඩුවට පහර දෙන්න මෙවැනි වියමන් පලකරනවා කියලා.

"යම් දවසක අනුර බලයෙන් විසිකර හරිණි අමරසුරිය රනිල් වික්‍රමසිංහ මෙන් " වැඩ බලන්න " ජනාධිපති කරවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන විට ඇමරිකන් අවශ්‍යතාවයට ජවිපය යෙදවා ගෙන පමණක් ඇති බව ඔවුන් වටහා ගනු  ඇත." ----Copied 

මෙය පාදක කරගෙන මෙම වියමන වියමන් වෙනවා.

"2018 වෙනකොටත් ෆේස්බුක් එකේ නැතිවෙච්ච පූසන්ගෙ පෝස්ට් ශෙයා කර කර හිටපු හරිනි අමරසූරිය...
අලුතෙන් හදපු මාලිමාවේ ඉහලම පුටුවට යනකොට,
කවදාවත් ජවිපෙ හෝ වාමාංශික දේශපාලනයක නොසිටිය ඇය පළපුරුදු ජවිපෙ දේශපාලකයන් අබිබවා රටේ අගමැති වෙනකොට,
අපි කිව්වා මෙතන තියෙන්නේ වෙනම ගේම් එකක් හරිනි කියන්නේ එක්සත් ජනපද උවමනාවට ගෙනල්ලා ප්ලාන්ට් කරපු ඉත්තෙක් කියලා.
LGBT ව්‍යාපෘතිය, ෆෙඩරල් මතවාද එක්ක එන හරිනි ඇතුලු මාලිමා නඩය නටන්න හදන නාඩගම අපි එදා දැක්කා. 
ඒක මුහුණු පොතේ ලිව්වා. 
අපට එදා හිනාඋනා අපහාස කරා.
ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කියපු විමල් වීරවංශට උසුලු විසුලු කරා
මේවා කුමන්ත්‍රණ නෙමේ ඇමරිකානු බල කඳවුරේ එලිපිට කරන ප්‍රොජෙක්ට් කියල නලින් ද සිල්වා මහතා කියනකොට මැන්ටලයක් පිස්සෙක් කිව්වා.
නමුත් අද USAID සංවිධානය ලංකාවේ ව්‍යාපෘති සඳහා තෝරාගත් පිරිස අතර පළමු 10 අතරේ හරිනි අමරසූරිය සහ ඇගේ විශේෂ ලේකම්වරිය ඉන්න බව ඊලෝන් මස්ක් ගේ හෙලිදරව්වල පැහැදිලිවම සටහන් වෙනවා.
ඊට අමතරව එජාපයේ සෑහෙන පිරිසකගේ නම් මේ ලැයිස්තුවේ සඳහන්.
ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊලෝන් මස්ක් නොහිටින්න අදත් රටේ මිනිස්සු හිතන්නේ ජාත්‍යන්තර බලපෑම් කතා බොරුවක් කියලයි.
( උපුටනය අවසන්.)

ප්‍රතිචාර දක්වන්නියක් මෙහෙෙ කියනවා 
"ඒකත් දැනගත්තේ ට්‍රම්ප්පච්චිට පිං සිද්ද වෙන්න. God bless him " 
තවත් කෙනෙක් ගේ අදහස  
"පාලකයින් බුද්ධියෙන් රට පාලනය නොකොලොත්,රටම අමාරුවේ " කියලයි
 වැඩියෙන් ගෙදර ගිය .....පොඩිහිටියන්ට රට ගිය 85 න් ලක්ෂ නවයක් ගෙදරවී නිහඩවුන ඡණ්ද පොල හිස් වුන......කවුද වගකියන්නේ මේ රටට "  රටට වගකිවයුතු කෙනෙක් නැති බව පලකරන්නේ වැඩිහිටි ගුරුවරයෙක්.
විශ්‍රාමික විදුහල්පතිනියක්   ""මම නම් තාමත් මෙසේ නොදකිමි. මේ කතාවද පච වංශගේ ඇමරිකන් කුමන්ත්‍රණයක් කියන තලියේත් කිඹුලන් දැකීමකි.""
"බොහො ක්‍රියාකාරකම් ගැන එම ක්‍රියා කාරිකයින්ම පසුව පාපෝච්චාරණය කල වාර්තා ඕනි තරම්, සොයා කියවන්න. "කියලා තවත් ගුරු මහත්මියක  කියන කොට පළමු විදුහල්පතිනියට චුට්ටක් තරහ  ගිහිල්ලා වගේ  "විශේෂ අවශ්‍යතාවයක් සැබව්න්ම නැත.ස්තුතියි ඒ බව දැන්වූවාට" පලකරනවා.
"ලෝකය ගැන දන්නේ නැති අය ට තමයි මේවා විහිළුවක් වෙන්න ඇති කියලා හිතෙන්නේ   " ඒ තවත් අදහසක්.                
දේශපාලන පීඩාව ,වෛරය සහ නිතර පිටකරන මගේ මේ මිත්‍රයා 
"අවුරුදු 76ක් රට විනාශවෙනතුරු බංකොලොත් වෙනතුරු බලා හිටපු මිනිස්සුන්ට මේ අවුරුදු 5 බලාඉන්න බැරි හැටි. හරි පුදුම ජාතියක්. මේ විදියට ඒ කාලෙත් විවේචන හොරකම් , ඩීල්, කොමිස් ගහපුව පෙන්නල දීල ඒ අයව නීතියේ රැහැනට කොටු කරල දුන්න නම් එක්කො උන් හිරේ, නැත්නම් මේ පෝස්ට් ලියන අය දිව්‍යලෝකෙ හරි අපායෙ හරි ඉන්න තිබුනා. ඒ තරම් ධාර්මික සුදු වෑන් නැති රටක්නෙ අපිට තිබුනෙ."                                                                                                                                                  
මෙතුමා විශ්‍රාමික විදුහල්පපති වරයෙක් ජවිපෙට සහයෝගය දක්වන් දවසකට එකක් දෙකක් පෝස්ට් ලියන මිත්‍රයෙක් .
"එයාලා ඉස්සර කිව්වෙ ජවිපෙ ඉන්නෙ අඩුකුලේ උන් කියලා.ඊට පස්සෙ කිව්වා උන් හිඟන්නො කියලා. 2010/15 වෙද්දි පෞද්ගලිකව එක් එක් අයට අපහාස කළා.අනුරට ලපයා,පචයා,කට උල්කරලාබොරු කියන්නා,පුංචි අම්මා,සුනිල්ට ඇඟිලිකොටා,ආදිය.2020 විතර වෙද්දි අනුන්ගෙ කළිසම් කමිස ඉල්ලන් ඇඳින ආදී අනුන්ගෙන් යැපෙන කොටසක් ලෙස ඒත්තු ගැන්නුවා.ඊළඟට ඉංග්‍රීසි බැරි සමාජ සම්බන්දතා නැති ගොඩයො කිව්වා.ජවිපෙ ජාජබ වෙලා උගත් බුද්ධිමතුන් ඒවටා රොක් වෙද්දී ඊළඟට බැලුවා මාලිමාව ඇතුළෙ ජවිපෙ හා අලුතින් එකතුවූ පිරිස අතර භේදයක් හදන්න.ඒකත් අසාර්ථක වුනාම පක්ෂය තුළ දක්ෂ ක්‍රියාකාරීන් දඩයම් කරන්න ගත්තා.චතුරංග,හරිණී,කොට්ටහච්චි,කෞශල්‍යාආදීන්.
එයාලට මුළ ඉඳන්ම හරිණී මාළිමාව තුළ හිඳීම ලොකු හිසරදයක් වුනා.එයා අපේ පංතියේ කෙනෙක්.ප්‍රභූවරියක්.කියලයි ඔවුන් හිතුවේ.අවසානේ දැන් ඇය අමෙරිකන් ඔත්තු කාරියක ලෙස හංන්වඩු ගැහීමේ බොළඳ උත්සාහයක යෙදී සිටී."
තවත් මහත්මයෙක් ගේ අදහස මෙහෙමයි
"තමන්ගේ පක්ෂ කුල්ල කුජීත වෙලා තියෙද්දී.ඉන්ද්‍රකීළයක් සේ නොසැලිව බලවත්ව සිටින පක්ෂයක් සොලවන්න ගන්නා මේ උත්සාහයන් ලේනියක් වලිගයෙන් මුහුද සිඳින්නට ගත් උත්සාහයට සමානයි.
වත්මන් පාලකයන්ගේ අභිමතාර්ථය, බoකොලොත් කර ඇති රට, සoවර්ධිත රටක් බවට පත්කොට, පීඩිත ජනතාවට බලාපොරොත්තු සහිත ජීවිතයක් ලඟා කරදීමේ උතුම් අරමුණ මිස, පැවැත්මක් නැති හුදු බලකාමය නොවන බව, ගැටලු නිර්මාණය කිරීමට යත්න දරණ්නන් තේරුම් ගත යුතුය . "                                                                                                                                                                                                                                   විශ්‍රාමික අධ්‍යාපන පරිපාලන නිලධාරියෙක්    මෙහෙම අදහසක් පලකරනවා.                                                                                                              "දැන් ඇමෙරිකාවෙ අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම කණපිට හැරිල නේද තියෙන්නේ. හැම කාලෙකම වගේ රාජ්‍ය නායකයින්ට මේවගේ චෝදනා එල්ලවුනා. ඒක අපේ රටට විතරක් නෙවෙයි. විශේෂයෙන් තුන්වැනි ලෝකයේ රටවල නායකයන්ටත් අඩුවැඩි වශයෙන් වෙනත් සමහර රටවල නායකයන්ටත් එහෙම වුනා. විදේශ බලවේග කොහොම වුණත් රටට විනකරන දේශපාලනඥයින් ගැන මිනිස්සු තීරණ ගන්න එක වළක්වන්න බෑ. විමල් වීරවංශ ඔය දේවල් කියන්නෙ මොන අරමුණින්ද කියල හැමෝම වගේ දන්නවා. ඒ නිසා අඩුම නපුර තෝරාගැනීමේ න්‍යාය තමා අනුගමනය කරන්නේ.
මේ තවත් ප්‍රතිචාරයක් . මාලිමාවේ සහෝදරයෙක්.
"වීරවංශ ගනයේ මේවැනි පුලාප වලට රටේ මිනිසුන් රැවටුන යුගයක් තිබුනා නමුත් දැන් ලෝකය ගොලීකරණය අතින් උච්ච ම තලයකට පත් වෙලා. ලංකාවත් එහිලා සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන එම නිසා තව දුරටත් ගොත්ත්‍රික නොවන සමාජයක මේ වැනි අධිරාජ්‍යයවාදි බීජයන් රෝපනය කල නොහැකි බව කපටි වන්චනික ප්‍රබන්ධකරුවන් තේරුම් ගත යුතුව ඇත."
ඈ ලියන්නේ බංගලි දේශයේ ඉදන්
"ඔය තියෙන්නේ ඩුබායි සහ මැද පෙරදිග රටවල් එක්ක අපේ සම්බන්ධතාවය වැඩි කර ගනිවි කියන භය . ඇමරිකාවත් දැන් භුමිතෙල් ගහපු ගැරඩි වගේ. එක ගලෙන් කුරුල්ලෝ පහක් හයක් මරන්න ට්‍රයි කරන්නේ . අපේ ලංකාවේ ඇත්තොන්ටත් ඉතිම් ඉබ්බා දියට දැම්මාම ඇන්නැවේ කිව්වලු . ඇයි ඉතින් ඇමරිකාවෙන්නේ මේ නිවුස් ටික ඔක්කොම දුන්නේ . පුදුම ආවැඩිල්ලක් තියේවි බුකියේ මේ සතිය පුරා.එක්සත් ජාතිම පක්ශයේ නම් වැඩි පුර ඉන්නේ. එ අයට දින්න බැරි උනේ ඇයි.ලියන්නා කෙසේ ලීවත් බලන්නා.  
මේ නිව්යෝර්ක් දෘෂ්ඨියෙන් . කවදත් සුබවාදී දේශපාලන අදහස් දරන මගේ සහෝදරයා.
Dream island people newer ever getting up still looking bad dream.how ever building the country
මෙතුමිය විශ්‍රාමික ගුරුතුමියක්. මාත් එකග වෙනවා අදහසට හෙඩිමටත් ඒකම යෙදුවා.
"ඉවසීමෙන් විමසිල්ලෙන් බලා සිටිය යුතුමයි.ඉක්මන් නොවිය යුතුයි."


අයෙත් මෙවන් බහුබූතයකින් හමුවෙමු.

එතෙක් ආයු...බෝ වේවා. 

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS