ඇණ නවන ළපටි පැල
Api Kawuruda අපි කවුරුද ?.
පාට කණ්නාඩි කරන වින්නැහිය
පක්ෂපාතීත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ, සමහර අය දේශපාලනඥයින්ට හෝ පක්ෂවලට පක්ෂපාතී වන අතර අනෙක් අය රටට පක්ෂපාතී වෙති.
සමහරුන්ට දේශපාලනය යනු සමාජ අවශ්‍යතාවයක් පමණි.
නමුත් පිරිසකට එය ආගමක්. රටට පක්ෂපාතී මිනිසුන්ට වැදගත් වන්නේ ප්‍රතිපත්ති, ක්‍රියාමාර්ග, ප්‍රතිව්‍යුහගත කිරීම් මිස පුද්ගල පෞර්ෂයන් හෝ පක්ෂ නොවේ.
මිනිසුන් තම විශ්වාසයන්, දැනුම සහ බුද්ධිය අනුව හැසිරේ. නූගත් සමාජශීලී නොවන මිනිසුන් මෙන්ම දැනුම ඇති උගත් මිනිසුන් අන්ධ භක්තීන් හා විශ්වාස තුල සැරි සරයි. එලෙසින්ම උගත් හා බුද්ධිමත් පුද්ගලයින් පවා විවිධ විශ්වාසයන් දරයි. එනමුත් මේ කුලක තුනක ප්‍රතිචාර හා ප්‍රතිඵල එකිනෙකට වෙනස් වේ. බොහෝ දෙනෙක් විවේචන වලට, තර්කානුකූල සත්‍ය පිලිගැනීමට හෝ විවිධ මතවලට කැමති නැත.
මේ කියන්න යන්නේ, වර්තනමාන ශ්‍රී ලාංකික දේශපාලනය මුල් කරගෙන කිසියම් ශ්‍රේෂ්ඨ අරමුණක් වෙනුවෙන් පෙනී සිටින හා සාමකාමීවත් සදාචාරාත්මකවත් සංවාද කරන, කිසියම් විශ්වාසයකින් බලා හිඳින මහත්මාවරුන් ගැන නොවේ.
බෙරයට ගහන විට මහ හඬින් ශබ්දය නිකුත් වේ. ඇතුල හිස් ය. එවැනි මාර පුත්‍රයන් රාශියක් වත්මන් දේශපාලන සන්දර්භය තුල ඔවුන් කල ලබ්බක් නැතත් උද්දාමයෙන් හා ඉතාමත් අසික්කිත ලෙස කරන රඟපෑම ගැනය. එසේම සූදානම් වී නොසිටි යන යන තැන හාන, අං දෙකක් හා නැට්ටක් විතරක් නොමැති මෝඩ දේශපාලකයින් හා උන් වෙනුවෙන් කුලල්කා ගන්නා මිනිසුන් ගැනය.
දේශපාලනය අන්ධ ඇදහිල්ලක් ලෙස සලකන පුද්ගලයින් සමඟ කටයුතු කරන විට, අප ප්‍රවේශම් විය යුත්තේ එබැවිනි. ඔවුන් තණකොළ නිල් යැයි විශ්වාස කරන්නේ නම්, කිසිදු තර්කනයක් ඔස්සේ ඔබට තණකොල කොල පැහැති බව වටහා දෙන්නට නොහැකි වනු ඇත. මේ සියල්ල රැඳී ඇත්තේ මිනිසාගේ සමාජ පසුබිම, සංස්කෘතිය සහ අධ්‍යාපනය මත පදනම්වයි. දේශපාලනය ආගමක් කරගත් මිනිසුන් කොයි මොහොතේ හෝ හාස්කමක් සිදුවී තම බලාපොරොත්තු සපල වේ යැයි බලාහිඳී!
රටට ආදරය කරන, රටට පක්ෂපාතී මිනිසුන් සියල්ල හාස්කමකින් සිදුවන තෙක් හෝ දේශපාලකයින්ට ඕන දේ සිදුකරන තෙක් බලා සිටින්නේ නැත.
හේන්පිටගෙදර සිට වැලිකඩ හරහා
...බෞද්ධාලෝක මාවතේ පිහිටි පොලිස් පරීක්ෂණ ස්ථානයේ රාත්‍රිය ගත කර, දෙවෙනි දින මැගසින් බන්ධනාගාරයට යවනු ලැබූ මම කාමර කිහිපයක් ඇති වාට්ටුවක එක් කාමරයක නතර කරනු ලැබීමි.
පසුවදාට එළි විය.
මා අත තිබුණේ පෑන පමණකි.
එහි පාලක නිලධාරී මහතා ජෝර්ඩන් නමැති ලංසි මහතෙකි. ඒ මහතා කාරුණික පුද්ගලයෙකි. එසේම බුද්ධි සම්පන්න ය. මම ඒ මහතාගෙන් ලියන්නට ඉඩ තිබේදැයි ඇසීමි. එයට ඉඩ ඇති බව දැනගත් පසු කරදාසි ද ලබාගෙන 'දුටුගැමුණු රජුගේ චරිතය' පාලි පද්‍යයෙන් වර්ණනාත්මකව රචනය කිරීම ආරම්භ කළෙමි. මාසයකින් එම පොත අවසන් කිරීම මගේ එකම අධිෂ්ඨානය විය.
...ඒ ගෙතූ අවස්ථාවේ මා ළඟ කිසිම පොතක් පතක් නොවීය. දසමහ යෝධයන්ගේ චරිත දැක්විය යුතු අවස්ථාවෙහිදී ඔවුන්ගේ නම්, ගම් සහ චරිත ආදිය මට මතක නැත. ඒවා කෙසේ දැන ගත හැකි ද ? යන ප්‍රශ්නය මා සිතට නැගිණි. සිරකරුවන් සඳහා එහි පුස්තකාලයක් ද තිබේ. මම එහි ගොස් එකිනෙකාගේ අතටම දිය වූ කබල් පොත් ගොඩ අදින විට 'දසමහ යෝධයෝ' යන නමින් මුද්‍රිත කුඩා පොතක් හමුවිය. එයින් මගේ ගැටලුව ලිහී ගියේ ය.
....පරිච්ඡේද 18කින් සහ පාලි පද්‍ය 1106කින් එය මාසයක් තුළදී සම්පූර්ණ කළෙමි. එම වර්ෂයේ ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලය මගින් පාලි පද්‍ය සඳහා පිරිනමන ලද ත්‍යාග ද එම පොතට හිමිවිය.
...මගේ ජීවිත කාලය තුළ සාර්ථක, ප්‍රයෝජනවත් ජීවිතයක් ගත වූ කාලය කවර කාලයදැයි යමෙක් මගෙන් ප්‍රශ්න කළහොත් මා පිළිතුරු දෙන්නේ මැගසින් බන්ධනාගාරය තුළ මා ගත කළ අවුරුදු 03 හා මාස කිහිපය යයි කියමි. එයට හේතුව නඩුවට උසාවියට යන එන හා එහි ගෙවන කාලය හැරුණු විට හැම මොහොතක්ම ධර්ම ශාස්ත්‍රීය සේවය සඳහා මට කැප කළ හැකිවීම ය. මම එම බන්ධනාගාරය තුළ දින 1228ක් ගත කළෙමි.
...මගේ බන්ධනාගාර ජීවිතය ඉතාම සාර්ථක ජීවිතයක් බව එහිදී රචනා කළ පොත් 28න් ඔබට ද පැහැදිලි වනු ඇත.
- අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ශ්‍රී ඤාණසීහ නාහිමිපාණන් වහන්සේ
අදට යෙදෙන හේන්පිටගෙදර ශ්‍රී ඤාණසීහ නාහිමියන්ගේ 44වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් උපුටාගන්නා ලද්දේ උන්වහන්සේ විසින් රචනා කරන ලද 'හේන්පිටගෙදර සිට වැලිකඩ හරහා' ස්වයං ලිඛිත චරිතාපදානයෙනි.
කර්නල් මුහම්මර් ගඩාෆි
කර්නල් මුහම්මර් ගඩාෆි මේ සියල්ල දැන සිටියාක් මෙන් ය. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කොට, එහි නායක සදාම් හුසේන්ව ඝාතනය කිරීමෙන් පසු පැවැත්වුණු 2008 අරාබි ලීග් සමුළුවේදී, එවකට ලිබියානු නායක ගඩාෆි මෙසේ පැවසීය."ඉරාකය ආක්‍රමණය කිරීමටත්, විනාශ කිරීමටත්, ඉරාක ජාතිකයන් මිලියනයකට ජීවිත අහිමි කිරීමටත් හේතුව කුමක්ද?
ඉරාකය සතුව WMD's තිබුණා නම්, ඒ වුණත් පාකිස්තානය සහ ඉන්දියාව සතුවත් න්‍යෂ්ටික බෝම්බ තිබෙනවා නොවේද? චීනය, රුසියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ඇමරිකාව සතුවත් තිබෙනවා නොවේද? මේ සියළු රටවල් විනාශ කර දැමිය යුතුද?
හොඳයි, අප ඒ WMD's සහිත සියළු රටවල් විනාශ කර දමමු. විදේශ බලවන්තයෙකු පැමිණ, අරාබි රටක පැලපදියම් වී එරට ජනාධිපතිවරයාව එල්ලා දමනවා. අප පසෙකින් වාඩිවී සිනාසෙමින් සිටිනවා.
සදාම් හුසේන්ව එල්ලීම පිළිබඳව ඔවුන් පරීක්ෂණයක් නොපවත්වන්නේ ඇයි? යුධ සිරකරුවෙකු එල්ලා දමන්නේ කෙසේද? අරාබි රටක ජනාධිපතිවරයෙකු, අරාබි ලීගයේ සාමාජිකයෙකු යනු සුළුපටු පුද්ගලයෙකු නොවෙයි.
සදාම් හුසේන්ගේ ප්‍රතිපත්ති ගැන හෝ අප අතර තිබූ දේශපාලනික මතභේද පිළිබඳ මා කතා කරන්නේ නැහැ. අප හැමෝටම ඔහුත් සමග දේශපාලනික මතභේද තිබුණා. මේ ස්ථානයේ සිටින අප අතරත් එවැනි මතභේද තිබෙනවා. මේ ශාලාවෙන් පිටතදී අපට බෙදාගන්නට කිසිවක් නැහැ.
සදාම් හුසේන්ව ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණයක් නොපැවැත්වෙන්නේ ඇයි?
ඇමරිකාව, අයතුල්ලා අලී ඛමෙයිනිට එරෙහිව සදාම් හුසේන් සමග එක්ව සටන් කළා. ඔහු ඔවුන්ගේ මිතුරෙක්.
ඔබ ඇමරිකාවේ මිතුරන්.
- මුහම්මර් ගඩාෆි, 2008 අරාබි ලීග් සමුළුවේදී.
- - - - - - - - - -
2008 අරාබි ලීග් සමුළුව පැවැත්වුණේ මාර්තු 29 වැනිදා සිරියාවේ දමස්කස් අගනුවරදීයි. ඉන් වසරකට පසුව, 2009 අරාබි ලීග් සමුළුවේදී ලිබියානු නායක මුහම්මර් ගඩාෆි, සවුදි අරාබියේ අබ්දුල්ලා රජු බ්‍රිතාන්‍යයේ නිර්මාපිත, ඇමරිකානු ආරක්ෂාව ලබන්නෙකු බව ඔහුට ඍජුවම ප්‍රකාශ කළේය. විශාල ඇමරිකානු කඳවුරු කිහිපයක් සවුදි අරාබියේ පිහිටුවා තිබීම සහ අබ්දුල්ලා රජු උග්‍ර ඇමරිකානු හිතවාදියෙකු වීම ඊට හේතුවයි. ගඩාෆි-අබ්දුල්ලා අතර උණුසුම් වාදයක් ඇතිවෙද්දී ඊජීප්තු නායක හොස්නි මුබාරක් මැදිහත්ව ප්‍රශ්නය සමථයකට පත්කළේය.
2009දී 'අරාබි වසන්තය' නම් ව්‍යාපෘතිය පණගැන්විණි. ඒ සමග ඇතිවූ තරුණ අරගල, ඝාතන, කුමන්ත්‍රණ, කැරලි සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් පසුව ටියුනීසියාව, ඊජීප්තුව සහ ලිබියාව යන රටවල් වල පාලකයන්ගේ වෙනසක් ඇතිවිය.
සිරියාව සහ යේමනය දරුණු සිවිල් යුද්ධ වලට මුහුණපෑවේය. බහරේන්හිද සිවිල් නැගිටීම් දැකිය හැකිවූ අතර මේ බොහෝ රටවල් වල ආර්ථිකයන් කඩාවැටුණි. මහජනයා අන්ත දුගීහාවයට පත්විණි. ඒ රටවල් තුළ අන්තවාදීන් සහ අවි අත දරාගත් තරුණයන්ගේ කල්ලි සුලබ විය.
උක්ත නිර්භීත කතාව පැවැත්වූ මුහම්මර් ගඩාෆි, 2010 ඔක්තෝබර් 20 වැනිදා, ලිබියාවේ National Transition Council (NTC) නම් සංවිධානය ප්‍රමුඛ මහජනතාව විසින් මහමග දිගේ ඇදගෙන ගොස්, වෙඩිතබා ඝාතනය කළේය. එතැනින් පසුව ලිබියානු පාලන තන්ත්‍රයේ කඩාවැටීම ඇරඹිණි.
2012දී ගාසා තීරයේ යුද්ධ ගැටුම් යළි ඇවිලිණි. එය මෙතෙක් නොනවත්වා ක්‍රියාත්මක ය. 2023දී ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලන් සහ ඊශ්‍රායලය අතර ගැටුම් වැඩි විය. ඊශ්‍රායල-පලස්තීන ගැටුම්ද උත්සන්න විය. එමෙන්ම රතු මුහුදේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් ඊශ්‍රායලය සහ යේමනයේ හූති ගරිල්ලන් අතර ගැටුම් පවතියි.
එකල ජාත්‍යන්තර ප්‍රවෘත්ති වලට අනුව ගඩාෆි යනු ඒකාධිපතියෙකි. ඔහු සාන්තුවරයෙකු යැයි කිව නොහැකිය. එහෙත් ගඩාෆි විසින් 2008දී පැවැත්වූ උක්ත කතාව තුළ, මෑත කාලීන ගෝලීය දේශපාලන ඉතිහාසය පිළිබඳ බොහෝ තොරතුරු ගැබ්ව ඇත. ඉතිහාසය සියල්ලට සාක්ෂි දරමින් තිබේ. ඊශ්‍රායල්-ඉරාන ගැටුම් යනු එහි වර්තමානයයි.
"මේ හෑලි අපට මොකටදැ?"යි විමසන ඕනෑම කෙනෙකුට දියහැකි පිළිතුර වන්නේ, "කුසට පෙර මොළයට සංවේදනා දැනෙන බවත්, ඒවාට සංවේදී වීම වැදගත් බවත්" ය.
- අසංක හදිරම්පෑල.
මුණු පොතට - අයුලි නුගේරා.
දේශපාලන උමතුව
මොස්කව් ගුවන් තොටුපලේදී රේගු නිළධාරීන් ඔහුගේ ගමන් මලු පරීක්ෂා කරන විට ගමන් මල්ලක් තුල තිබී ලෙනින්ගේ ප්‍රතිමාවක් හමු විය.
නිළධාරින් අතර සිටි ප්‍රධාන නිළධාරියා " මෙම ප්‍රතිමාව කුමක්ද ? " යයි ප්‍රශ්න කලාය.
" නිලධාරි සහෝදරයා මේ සහෝදරයා අදුරන්නේ නැද්ද ?. "
පුදුමයි නේ .
සමාජවාදයේ අත්තිවාරම , රුසියානු ජනතාවගේ සමෘද්ධිමත් අනාගතය නිර්මාණය කල ලෙනින් සහොදරයා. නිලධාරි සහෝදරයා අදුරන්නේ නෑ ......පුදුමයක්නේ .
අපේ වීරයාගේ සදාකාලික මතකය ......මම යන යන තැන රැගෙන යමි. "
ඔහුගේ දේශ ප්‍රේමය ගැන පැහැදුන නිලධාරියා ප්‍රතිමාව රැගෙන යාමට අවසර ලබා දුන්නේය.
යුදෙව් ජාතිකයා ප්‍රතිමාවත් රැගෙන නිරුප්‍රදිතව ඊශ්‍රාලයේ ටෙල් අවිවි ගුවන් තොටුපලට ගොඩ බැස්සේය.
පිටවීමේ අවස්ථාවේදී ගුවන් තොටුපල නිලධාරීන්ගේ පරීක්ෂාවට නැවතත් ඔහුත් ඔහුගේ ගමන් මලුත් ලක්විය.
ප්‍රතිමාව කෙරෙහි අවධානය යොමුවු ගුවන් තොටුපල නිලධාරීන් ඔහු ප්‍රශ්න කරන්නට විය.
"මේ කුමක් ද? මොනවටද ගෙනියන්නේ ? .ප්‍රශ්න වැලකට මුහුණ දෙන්නට ඔහුට මුහුණ දෙන්න සිදුවිය.
සර් මේ ප්‍රතිමාවේ සිටින්නා කවුද ?. මම හිතන්නේ අදුනාගෙන නෑ වගෙයි.
මේ ඉන්නේ මෝඩ ක්‍රියේටින් ලෙනින් .
මම යුදෙව්වෙක්. මම මේ පිලිමය ගෙන යන්නේ මේ මෝඩයාට දිනපතාම අවමන් කරන්න.
ඊශ්‍රාල නිලධාරියාට දැනුනේ සතුටක්. මේ යුදෙව්වා විශිෂ්ඨයෙක්......තවදුරටත් පරීක්ෂාවකින් තොරව බැග් සමග රේගුවෙන් නිදහස් කලේ කිසියම් ආඩම්බර සිතකින්.
යුදෙව් රුසියානුවා තම නවාතැනට ගියා.
ඔහු ලෙනින්ගේ ප්‍රතිමාව සාලයේ තැන්පත් කලා.
දිනක් ඔහුගේ මිතුරන් සමග නිවසේ රාත්‍රි භෝජන සංග්‍රහයක්.......
අතර දී මිතුරෙක් ඔහුගෙන් අහනවා..
ලෙනින් මෙතන තියාගෙන මොකට ද ? කියලා.
මිත්‍රයා , මෙතන ඝන රත්තරන් කිලෝ දහයක් !.
මම රුසියාවෙන් බදු හෝ රේගු බදු නොගෙවා මෙරටට ගෙන ආවා.
පුදුම ද ? මිත්‍රයා.
රටවල් දෙකක දේශපාලන දෙවිදියක්.
මම ඒ දෙවිදිය මගේ වාසියට යොදා ගත්තා !.
දෙරටේ නිලධාරීන් ඒ ඒ රටවල දේශපාලනයෙන් උමතුවට මෝහනයට පත්වෙලා.
මම කලේ ඔවුන් මෝඩයන් ට ඇන්දවීම.
ලෙනින් රටවල් දෙකට පෙනුනේ දෙවිදියකට.
අන්තිමට ඉතිරි වෙන්නේ බැදීම් විතරයි.
ඇයි මහත්තයා පුතා....... ?.
හරි ඔහොම පොඩ්ඩක් ඉන්නකෝ
මහත්තයා ප්‍රයිවට් තැනකට යනවද ?
හොස්පිටල් එකට යනව ද ?
ඕන් නැහැ පුතා.........
මට අසනීපයක් නැහැ ....
අසනීපයක් නැහැ ?.
එහෙනම් ඇයි එහෙම උනේ ?.
ඇම්බියුලන්ස් එකේ ලතෝනියට
මගේ දුක ඉහිලුම් නැතිව ගියා පුතා.............
මගේ පණ උදුරාගෙන මාව තනිවෙයි කියලා මට හිතුනා
පණ උදුරාගත්තම තනිවෙනවා.........
මාර ටෝක් එකක් නේ සර් ඒක ?.
පණ උදුරාගත්තම මිනිස්සු මැරෙනවා
මැරුනම කොහොමද ?.
අපි තනි වෙන්නේ ?
මහමෙර තරම් උසට අපි පොදි බැද ගත්ත බලාපොරොත්තු
ජීවිතයේ අන්තිම කාලේ වෙන කොට
අපෙන් කිසිම කරුනාවන්ත කමක් නැතිව උදුරා ගන්නවා
එතකොට අර තරුණ කාලේ තිබුන ජවය
අපේ රූප සම්පත්තිය අපෙන් ඈත් වෙනවා
අන්තිමට ඉතුරු වෙන්නේ බැඳීම විතරයි පුතා.
ඒකත් කීයෙන් කීදෙනාටද
ඉතින් ඒ බැදීමත් මගෙන් ඈත්වෙයි කියලා මට බයයි පුතා .........
- සබැදියත් සමග වීඩියෝවට.https://www.facebook.com/AnandaAbeynayakeDramas/videos/9681619951892269
ජයලත් මනෝරත්න යන්ගේ රගපෑම.
පසුවදන.
මටත් ඇම්බියුලන්ස් නලා හඩ ඉවසන්නේ නැහැ.
නිවස අසල තියෙන රෝහලෙන් ......
119 ගිලන් රථය .......
අපේ නිවස පහුකරන වාරයක් පාසා ....
මට මගේ බාල සහෝදරයා
මගේ අම්මා සිහිපත් වෙනවා.
ඒ දෙදෙනා සමගම අවසන් අවස්ථාවේ මම ගිලන් රථයේ....
නලා හඩ .....මාව තාමත් සසල කරනවා.
පසුගිය දිනක
රෝහලක දවසක් දෙකක් ගතවු කාලය
ගතවන ජීවිතයේ අන්තිම කාලය ......
අපි අතහැර යන්න අකමැති අපේ බැදීම්ද ?.
මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී
අලුත් අවුරුද්ද ගෙවි යනවා.
හිස තෙල් ගා ස්නානය කරන නැකතුත් පහුවුනා.
මගේ මිත්‍ර බන්දු කනස්සල්ලෙන්....මට නන්දා මාලණියන්ගේ සුදු හාමිනේ මතක් වුනා."සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේදීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේමං විතරයි තනියම දැන් මගෙ නිවසේඋඹලගෙ තාත්තා ඇත දුර බලාගෙනකවදා දූ පුතුන් ඒ දැයි පතාගෙනවේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙනමං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙනදරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමීමනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමීමරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමීලේකිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී "ගී පද - මහාචාර්ය සුනිල් ආරියරත්න.සංගීතය - නන්දා මාලිනී.ගායනය - නන්දා මාලනීබන්දු දෙපලට දු වරුන් දෙදෙනයි. එක පුතයි.විවාහයෙන් පස්සේ ඔවුන් වෙන වෙනම කැදලි හදා ගෙන ඉගිල්ලිලා.දරු මුනුපුරන් අහිමිවු පාලුව දෙපලට දරාගන්න බැරි වෙලා.අවුරුද්දට සති ගානකට ඉස්සර බන්දු ලක ලෑස්ති වුනේ දරු මුනුපුරන් එක්ක අවුරුදු සමරන්න.දෙපලම මහත් ප්‍රබෝධයෙන් .....ලෙඩ දුක් පහවෙලා .........සිත් සතන් පහන් වෙලා ......මුණුවල මල් පිපිලා..ඒත් බලාපොරොත්තු කඩවෙලා.අවුරුද්දට එන්න අපහසු බව දන්වමින් දරුවන් තුන්දෙනාම පණිවිඩ තියලා.අවුරුදු හිතවත් කම් තර කර ගන්න බන්දු දකින්න ගිය අපිට අහන්න වුනේ දුක් ගැනවිල්ලක්පාලුවත් තනිකමත් බන්දු යුවලට හොදටම දැනිලා.කොයි වැඩිහිටියත් පොදු තනිකම......මම බන්දුට කියනවා.පොතක් පතක් කියවන්න.මුණු පොතේ නන්නාදුනන යහලුවෝ ටිකක් හොයාගන්නහැබැයි පරිස්සමෙන්....අපේ වයසටයි අපේ බුද්ධිමය තරාතිරමටයි අපි කැමති අදහස් උදහස් වලට ගැලපෙන ..අය තෝරා බේරා ගෙන කතා බහක් පටන් ගන්නකාලය ගෙවිලා යනවා තේරෙන්නේ නැහැ.අන්තරජාලයෙන් කැමති මාතෘකා යටතේ තියෙන ලිපි ලේඛණ කියවන්න.දැන් ගමන් බිමන් යන්නත් බැහැ. මහන්සියි. තනියෙන් යන්නත් බැහැ.අවට ඉන්න යාලු හිතවතුන් හමුවෙන්නත් තියෙන ඉඩකඩත් සීමාසහිත වෙලා.
බන්දු දෙපල ගුරුවරු.
ළමයිත් එක්කම ජීවිත කාලයම ගෙවලා විශ්‍රාම ගිය එයාලට පාලුව තව තවත් දැනෙනවා.
ජීවිතය .......අපි කාටත් පොදු ධර්මතාවයක හිරවෙලා.
සුබ නව වසරක් වේවා !.
සිංහල දෙමළ අලුත් අවුරුද්දක මතක.
අවුරුදු සමරලා එවරයි. රතිඥ්ඥා හඩත් වියකිලා ගිහින්.
අපිට ( මධ්‍යම කදුකරයට ) වැස්ස නිසාදෝ කොහා ආවෙම නැහැ .
මැයි මාසයේ පරිසරය උණුසුම් වෙන කොට වෙසක් අරන් කොහා ඒවි.අවුරුද්ද සමරන්න අපේ රටේ අය එකිනෙකා එක එක විදියට.
ගමේ ගොඩේ අපි වගේ ( බයියන් ) අය තාමත් පරණ හණමිටිය කරේ ගහගෙන නැකත් සාශ්‍ත්‍රයට මුල් තැන දෙමින් සංස්කෘතික අංග අනුගමනය කරනවා. රූප මාධ්‍ය නම් ඔය ඔක්කොම කළවම් කරගෙන වැඩ සටහන් කරනවා. කොහොමත් අපේ මාධ්‍ය කරන්නේ විලම්බීතමනේ. දේශපාලකයන්ට අනුව අවුරුද්ද පුනරුදයට අහුවෙලා. අවුරුදු හැත්තෑහයක් රට කරපු හොරු දූෂකයෝ රට නැති බංගස්තාන කරපු හැත්ත අවුරුදු නැකතට කිරි උතුරලා කිරිබත් කාලා ගණුදෙනු කරලා අනුගමනය කරපු ගතාණුගතික ක්‍රමය මේ අවුරුද්දේ වෙනස් වෙලා. අලුත් ඇත්තෝ මොනවද කලේ කියලා රට දන්නේ නැහැ. අවුරුදු කියලා රාජ්‍ය උත්සවයක් නැහැ. තොයිතරම් සරල ද ?. හොද ද ?.
නාස්තිකාර වියදම් ඇත්තේ නැහැ .දිගින් දිගටම මේ අවුරුද්ද ආදර්ශයට ගත්තෝත් අවුරුදු දෙක තුනක් යන කොට බයියන්ගේ සම්ප්‍රදායික සිරිත් විරිත් නැත්තටම නැති වෙලා රට නිදා ගන්න සතියක් වැඩකරන සතියක් බවට පත් කර ගන්න ප්‍රල්‍රවන්.
රට වෙනස් කරන්න පුලුවන් වුනත් ලෝකේ වෙනස් කරන්න අපිට බැහැ. දකුණු අග්නි දිග ආසියාණු රටවල් මේ අවුරුදු සැමරුම සිද්ධ කරනවා. මෙයාලත් අපිට සමගාමිව එකම කාලවකවාණුවක තමයි අවුරුදු සමරන්නේ. දෙමළ අලුත් අවුරුද්ද ,තායි අලුත් අවුරුද්ද බෙංගලියන්ගේ බෙංගලි අලුත් අවුරුද්ද කාම්බෝජයේද කාම්බෝජ අලුත් අවුරුද්ද, ලාඕසයේදී ලාඕ අලුත් අවුරුද්ද මියන්මාරයේ තිංග්යන් සහ ඉන්දියාවේ ඔරියා අලුත් අවුරුද්ද අපේ අවුරුද්ද හා බොහොම සමාන කම් දක්වන අවුරුදු උත්සව.
නැකත් ගැන අවධානය යොමු කරන අය හිතන්නේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේදී අවුරුද්ද උදාවෙන බවයි. සුර්යා රේවතී නැකතෙන් අස්විද නැකතට සංක්‍රමණය වෙන අවස්ථාවේ අවුරුදු උදාවන බවත් නැකත් සාස්ත්‍රය අනුගමනය කරන්නෝ පවසනවා.
අවුරුද්දේ නැකත් විධ අනුගමනය කරන්නෝ
- අලුත් අවුරුදු උදාව
- නව සඳ බැලීම
- පරණ අවුරුද්දේ අවසන් ස්නානය
- කෑම පිසීම
- වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, ආහාර ගැනීම
- හිස තෙල් ගෑම
- රැකියාවට පිටත්වීම
- අවුරුදු උත්සවය පැවැත්වීම
වැනි චාරිත්‍ර විධි අනුගමනය කරනවා. මේවා දැන් දැන් වෙනස් වෙලා. අතීතයට එක්වෙලා .අතීතයට එක් වෙමින් තියෙනවා. හාස්‍යයටත් අවතක්සේරුවටත් ලක්වෙමින් පවතිනවා.කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු පුරුදුව සිටි අපේ බාලකාලය මතක්වෙනවා. බක් මාසේ වැස්ස පටන් ගන්නේ මාර්තු අවසන් සතියේ තරම. ඊට පෙර වී ගොවියෝ තම අස්වැන්න ගෙට ගන්නවා .අප්රේල් මුල් සතිය අවසන් වෙන කොට ගොවිතැන් කටයුතු වලින් විරාමයක් ලැබිලා විවේක කාලය එලඹෙනවා. ඉතින් අපට අවුරුදු තමයි. අලුත් ඇදුම් පැළදුම්, ගෙවල් දොරවල් අලුත් වැඩියා කරලා කල එලියට පත් වෙනවා. ගෘහ භාණ්ඩ වෙනස් වෙනවා. නෑදෑයෝ එහාට මෙහාට නෑ ගම් යනවා. කෝන්තර ආරවුල් විරසක සමතයකට පත් වෙලා එකම මේසේ කකාබිබි සතුටු සාමිචියේ යෙදෙනවා......ඉතින් අවුරුදු නෙමෙයි ද ?.
මේවා බයියන්ට අයත් දේවල් වෙලා බයියනුත් සමග විනාශයට පත් වෙනවා දකින්න කැමති ටොයියෝ ඉන්නවා. වැරද්දක් නැහැ. අද ගොවිතැනට බතට නෙමෙයිනේ මුල්තැන !.
ගමෙන් නගරයට සංක්‍රමණය වෙලා යන්ත්‍ර සූත්‍ර වල හිරවෙලා , කඩදාසි ලිපි ගොනු වල හිරවෙලා. ජීවිතයම දුෂ්කරක්‍රියාවක් පත්වෙච්ච ජනතාවකට මේ කාලය හුස්මක් ගන්න සබ්බ සකල ගතමනාව දිය කරලා හරන කාලයක්. ඒ පැත්ත බලලා මේ පැත්ත බලන කොට බැංකු ගිණුම දාලා ගිහින් මැයි මාසේ අන්තිම වෙනකම් දැවෙන ගින්නට දෑස නිලන්කාර වෙලා.
ඔන්න අවුරුදු ..............









.jpeg)



