Sunday, August 3, 2025

හේන්පිටගෙදර සිට වැලිකඩ හරහා



බන්ධනාගාර ගතව සිටි ඤාණසීහ නාහිමියන්
අධිකරණය වෙත හෝ නැවතත් බන්ධනාගාරය වෙත වැඩම කරන අවස්ථාවක්.

 

...බෞද්ධාලෝක මාවතේ පිහිටි පොලිස් පරීක්ෂණ ස්ථානයේ රාත්‍රිය ගත කර, දෙවෙනි දින මැගසින් බන්ධනාගාරයට යවනු ලැබූ මම කාමර කිහිපයක් ඇති වාට්ටුවක එක් කාමරයක නතර කරනු ලැබීමි.
පසුවදාට එළි විය. 

මා අත තිබුණේ පෑන පමණකි.

එහි පාලක නිලධාරී මහතා ජෝර්ඩන් නමැති ලංසි මහතෙකි. ඒ මහතා කාරුණික පුද්ගලයෙකි. එසේම බුද්ධි සම්පන්න ය. මම ඒ මහතාගෙන් ලියන්නට ඉඩ තිබේදැයි ඇසීමි. එයට ඉඩ ඇති බව දැනගත් පසු කරදාසි ද ලබාගෙන 'දුටුගැමුණු රජුගේ චරිතය' පාලි පද්‍යයෙන් වර්ණනාත්මකව රචනය කිරීම ආරම්භ කළෙමි. මාසයකින් එම පොත අවසන් කිරීම මගේ එකම අධිෂ්ඨානය විය. 

...ඒ ගෙතූ අවස්ථාවේ මා ළඟ කිසිම පොතක් පතක් නොවීය. දසමහ යෝධයන්ගේ චරිත දැක්විය යුතු අවස්ථාවෙහිදී ඔවුන්ගේ නම්, ගම් සහ චරිත ආදිය මට මතක නැත. ඒවා කෙසේ දැන ගත හැකි ද ? යන ප්‍රශ්නය මා සිතට නැගිණි. සිරකරුවන් සඳහා එහි පුස්තකාලයක් ද තිබේ. මම එහි ගොස් එකිනෙකාගේ අතටම දිය වූ කබල් පොත් ගොඩ අදින විට 'දසමහ යෝධයෝ' යන නමින් මුද්‍රිත කුඩා පොතක් හමුවිය. එයින් මගේ ගැටලුව ලිහී ගියේ ය.
....පරිච්ඡේද 18කින් සහ පාලි පද්‍ය 1106කින් එය මාසයක් තුළදී සම්පූර්ණ කළෙමි. එම වර්ෂයේ ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලය මගින් පාලි පද්‍ය සඳහා පිරිනමන ලද ත්‍යාග ද එම පොතට හිමිවිය.
...මගේ ජීවිත කාලය තුළ සාර්ථක, ප්‍රයෝජනවත් ජීවිතයක් ගත වූ කාලය කවර කාලයදැයි යමෙක් මගෙන් ප්‍රශ්න කළහොත් මා පිළිතුරු දෙන්නේ මැගසින් බන්ධනාගාරය තුළ මා ගත කළ අවුරුදු 03 හා මාස කිහිපය යයි කියමි. එයට හේතුව නඩුවට උසාවියට යන එන හා එහි ගෙවන කාලය හැරුණු විට හැම මොහොතක්ම ධර්ම ශාස්ත්‍රීය සේවය සඳහා මට කැප කළ හැකිවීම ය. මම එම බන්ධනාගාරය තුළ දින 1228ක් ගත කළෙමි.
...මගේ බන්ධනාගාර ජීවිතය ඉතාම සාර්ථක ජීවිතයක් බව එහිදී රචනා කළ පොත් 28න් ඔබට ද පැහැදිලි වනු ඇත.
- අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත හේන්පිටගෙදර ශ්‍රී ඤාණසීහ නාහිමිපාණන් වහන්සේ
අදට යෙදෙන හේන්පිටගෙදර ශ්‍රී ඤාණසීහ නාහිමියන්ගේ 44වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් උපුටාගන්නා ලද්දේ උන්වහන්සේ විසින් රචනා කරන ලද 'හේන්පිටගෙදර සිට වැලිකඩ හරහා' ස්වයං ලිඛිත චරිතාපදානයෙනි.

හසිත චාමිකර ගුණසිංහ 


Sunday, June 22, 2025

කර්නල් මුහම්මර් ගඩාෆි

 

44 හැවිරිදි ගඩාෆි, 1986 ඇමරිකානු ගුවන් ප්‍රහාර වලට ලක්ව විනාශ වූ ලිබියාවේ ට්‍රිපොලි අගනුවර බාබ් අසීසියා මාළිගය තුළදී. මේ, අන්තර්ජාලය තුළ ඔහු සිනාසෙමින් සිටින ඡායාරූප අතලොස්සෙන් එකකි.

කර්නල් මුහම්මර් ගඩාෆි මේ සියල්ල දැන සිටියාක් මෙන් ය. ඇමරිකාව විසින් ඉරාකය ආක්‍රමණය කොට, එහි නායක සදාම් හුසේන්ව ඝාතනය කිරීමෙන් පසු පැවැත්වුණු 2008 අරාබි ලීග් සමුළුවේදී, එවකට ලිබියානු නායක ගඩාෆි මෙසේ පැවසීය.

"ඉරාකය ආක්‍රමණය කිරීමටත්, විනාශ කිරීමටත්, ඉරාක ජාතිකයන් මිලියනයකට ජීවිත අහිමි කිරීමටත් හේතුව කුමක්ද? අපගේ ඇමරිකානු මිතුරන්ට මේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඉඩ හරිමු'