Monday, February 3, 2025

විජේරාම නිළ නිවස

 



විජේරාම නිළ නිවස සම්බන්ධ
අනුරගේ කතා ජන මනසට එල්ල කරන මනෝවිද්‍යාත්මක ප්‍රහාරයක්.

මෙහෙම කියන්නේ මනෝජ් විජේසේකර.

1) මහින්ද රාජපක්ෂ රැදී සිටින විජේරාම නිළ නිවස මහින්ද ට අයිති එකක්ද?
නැත
2) එය කවදා හෝ මහින්දට හෝ එම පවුලට අයිති වෙනවාද?
නැත
3) එම නිවස මහින්ද විසින් සිය බලය පාවිච්චි කර ලබාගත් එකක්ද?
නැත, හිටපු ජනාධිපතිවරයෙකු ට නීතියෙන් හිමිවන වරප්රසාදයකි.
4) මෙම නිවස මහින්ද රාජපක්ෂ ගේ දේශපාලන පක්ෂය බලයේ සිටියදී ලබාගත් එකක්ද?
නැත මෙය යහපාලනය විසින් ලබාදුන් එකකි.
5) රජයට මෙම නිවස නැවත ලබාගත් හැකීද?
මෙම නිවසට පිටින් කාර්යාල පහසු කම් සහ සියයකට පමන ප්රමාණවත් රැස්වීම් ශාලාවක් ඇත.ඒවාද නිවස ලෙස ගෙන අවලාද ගොඩනගමින් සිටී.
ඕනම මොහොතක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට වෙනත් සුදුසු නිවසක් ලබාදීමෙන් හෝ නිවසක් සදහා කුලියක් ලබාදීමෙන් පසු මෙම නිවස රජයට ලබාගත් හැකියි.
මහින්ද රාජපක්ෂ යනු ලංකාවේ වැඩිම ජීවිත තර්ජනය සහිත පුද්ගලයා වෙයි.
ඔහුට යහපාලනය විසින් ලබාදුන් ආරක්ෂක භටයින් සංඛ්යාව 1200 කට වැඩියි.
මහින්ද රාජපක්ෂට ලැබෙන නිවස 1200 කට වැඩි ආරක්ෂකයින් ට රැදී සිටීමට ප්රමාණවත් වාහන නතර කල හැකි විශාල පිරිසකට ටොයිලට් , ආහාර ගන්නා ස්ථාන සහිත තැනක් විය යුතුයි.
ඒ වගේම ආරක්ෂාව සදහා මාර්ග පළල් , අවශ්ය විටක මාර්ග වසාදැමූ විට ජන ජීවිතයට හානි නොවන , ඒ වගේම එක පාරක් වසා ත්රස්ත ප්රහාර එල්ල උවහොත් වෙනත් මාර්ගයකින් ජනාධිපතිවරයා ආරක්ෂිතව රැගෙනයා හැකි ස්ථානයක් විය යුතුයි.
මේ සියලු කරැනු සලකා ඔහුට ලබාදී ඇත්තේ හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් රැදී සිටි නිවසයි.ඉන් පසුව මෙම නිවසේ මෛත්රීපාල සිරිසේන ඇමතිවරයෙකුට සිටියදී පාවිච්චි කර ඇත.
මෙම නිවස පිහිටි විජේරාම මාවතේ මහින්ද නිල නිවස පිහිටි මාර්ගයේ
පළමු නිවස අගවිනිසුරැ නිළ නිවසයි
දෙවන නිවස පොලිස් පති නිළ නිවසයි.
තුන් වැන්න සීඩා ආයතනයයි.
හතර වැන්නේ සහ පස් වැන්න ඇමති නිළ නිවාස වෙයි.
හය වැනි නිවස මහින්ද රාජපක්ෂ නිළ නිවසයි.
පාරේ අනෙත් පස පළමු ගොඩනැගිල්ල බ්රිතාන්ය තානාපති කාර්යාලය යි.ඉන්පසු ඇමති නිවාස කිහිපයක් පිහිටා ඇති අතර ඊට පසුව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය පිහිටා ඇත. ඊට එහා පැත්ත පාසලකි.
ඒ අනුව මෙම මාර්ගය සම්පූර්ණ ලෙස රජයේ ඉඩම් සහ නිවාස පිහිටා ඇති අතර එහි රැදී සිටින අයට ආරක්ෂාව සැපයීමේ දී එය පහසුවකි.
මෙම මාර්ගයේ පිහිටි සියලු නිල නිවාස සමාන පහසුකම් සහ වටිනා කම් සහිත ඒවා වෙයි.
මෙම නිවාස කවදාවත් ආදායම් ඉපයීමට කූලි පදනම මත ලබාදී නැත.මහින්ද ජනාධිපතිවරයා ඉවත්ව ගියහොත් තවත් මන්ත්රීවරයකුට මෙම නිවස හිමිවෙනවා.
එසේ නම් මහින්ද රාජපක්ෂ නිළ නිවස ගැන පමනක් ජනතාව වෛරය අවුස්සා කතා එළියට එන්නේ ඇයි?
එකක් මහින්ද ජනාධිපතිවරයා යුද්ධය දිනූ නායකයා බැවින් ඔහුගෙන් පලි ගැනීමටයි.අනෙක ඔහු අනාරක්ෂිත තැනක් පදිංචියට යැවීමටයි.
හිටපු ජනාධිපතිවරැන්ට නිළ නිවාස එපා නම් රජය කල යුත්තේ ජනාධිපති වරප්රසාද පනත සංසෝධනය මිස මයික් පැලීම් නොවේ.
පනත සම්මත කර නීතියෙන් මෙය කල හැකිව තිබියදී ජනාධිපති මයික් බලන්නේ ඇයි.
ඔවුන් බලයට ආවේ මහින්ද හොරෙකු බවත් ඔහු විසින් ඩොලර් බිලියන ගණනක් වත්කම් සොරකම් කල බවටත් ප්රබන්ධ සමාජගත කර ඒ මගින් ගොඩනැගූ වෛරය මතීන්ය.
මහින්ද සොරකු ලෙස සිතා සිටින ජනතාව ඒ හොරකම් අනුර විසින් අල්ලන තෙක් බලා සිටී.
නමුත් කිසිම හොරකමක් මහින්ද වීසින් නොකල බව අනුර දනි.
මේවා නොදන්නා ජනතාව මහින්දගේ හොරකම් අල්ලන්න අනුරට බලකරනවා.
මෙන්න මෙතනදී අනුර සයිකෝ ගේමක් ගහනවා.
ඔහු මහින්දගේ සොරකම් ගෑන කතා නැතිව ජනතාව වෛරය මහින්දගේ නිළ.නිවස වෙත යොමු කරනවා.
මෙය පැහැදිලි ලෙස ජනතාව ඇස් වලට මිරිස් කුඩු ගැසීමක් වෙයි

ලියුවේ Manoj Wijesekara

මම මුණුපොතේ shear කලා.

ලියනාරච්චි .ඩී. සිල්වා සහෝදරයා මේ ගැන දක්වන්නේ මෙහෙම අදහසක්.

ලෝකයේ විශ්‍රාම ගිය කිසිම ජනාධිපතිවරයෙකුට නොමැති වැඩ ගොඩක් මොහුට ඇත. නමුත් තනිව ඇවිදගන්න වත් නොහැකි දැන් මතකය වත් හරියට නොමැති ඔහු කරන එකම වැඩ කොටස නම් තමාගේ පවුල සිරගත වීම වලක්වාගෙන පුතා යලිත් බලයට පත්කිරීමට කැසකැවීම මිසක මේ රටේ ජනතාවට කරන සෙතක් නැත. ඔහුට ජීවිත තර්ජනයක් නොමැතිබව ආරක්ශක බුද්ධි වාර්තා පවසා ඇත. ආරක්ශාවක් අවශ්‍ය වන්නේ සොරුන්ට නීතියෙන් ගැලවීමටයි. ඒ සදහා ඔහු උපරීම ශක්තිය බොරුව වපුරවමින් සිටී. මේ පෝස්ට් එක ඊට හොදම නිදසුනයි. රනිල්ට මහින්දට වඩා පිළිගැනීමක් ජාත්‍යන්තරය තුල ඇත. මහින්ද දැන් කිසිවකු පිළිගන්නේ නැත. ජනතාව ඔහු ප්‍රථික්ශේප කොට කුනුකූඩයට දමා 2.5% කගේ පමණක් ප්‍රසාදයට පත්කොට ඇත.
ඔහු දැන් බිරිඳ සමග අරුවන්ගේ ආරක්ශාව බලාකියාගැනීම යටතේ ජීවත්විය යුතු මහල්ලෙකි. බල ලෝභීත්වය නිසා , මහජන මුදල් සොරකම් කිරීමෙන් රට ආර්ථික බංකොලොත්වයට පත්කිරීමෙන්, කිසිදු අද්‍යාපන සුදුසුකමක් නැති බැසිල් වැන්නවුන් මුදල් ඇමති කිරීමෙන්, දරුවන් තිදෙනා සහ පවුලේ හැම එකෙක්ටම හොර ගනුදෙනු, ඩීල්, කොමිස් , ඝාතන කිරීමට ඉඩ පහසුකම් සැලසීමෙන්, වංචා දූශන වලට ප්‍රසිද්දියේම ඉඩ පසුකම් සැලසීමෙන් අනුන්ගේ දේපල වංචා සහගත ලෙස පවුලේ උදවියට ලබාගැනීමට සැලැස්වීමෙන් තමා යුද ජයග්‍රනයෙන් ලබගත් කීර්තිය, නම්බුව, සියල්ලක්ම විනාශ කරගෙන පීචං වී ඇතිබව දැනගත යුතුව ඇත. එනිසා ඔහුට තවත් රජ සැප දීමට දුප්පත් ජනතාවගේ බදු මුදල් කාබාසිනියා කරන්නේ නම් එය හුදී ජනතාවටම කරන පාපකාරී දේශ ද්‍රෝහී ක්‍රියාවකි. ඔහු නියම ජනතාවාදී පුද්ගලයෙක් නම් ප්‍රජාතන්ත්‍රවාදී මිනිසෙකු නම් රනිල් , ගොඨාභය මෙන් තමාගේ නිවසට ගොස් නිවී සැනසිල්ලේ ජීවත්විය යුතුයි. දරුවන් ඔහුව බලාගත යුතුයි. යම් සහනයක් අවශ්‍යනම් ජනතාවට බරක් නොවනසේ රජය ඔහුට උදවු කලයුතුයි.
දැන්වත් මෝඩයින්ගේ වහසිබස් , ඔහුට කඩේ යාම බොරුව උලුප්පා ජනතා මුදල් කාබාසිනියා කිරීමට දරන පටු උත්සාහයන් නැවැත්විය යුතුයි. අවසානයේ අපහාසයට, උපහාසයට ලක්වෙන්නේ මහින්ද පමනමයි.


මනෝජ් විජේසේකර.  සහෝදරයා ගේ අදහසට ප්‍රතිචාර දක්වන ඩී.වී උපාලි සහෝදරයාට මෙහෙම අදහසක් තිබුනා. 

සහතික ඇත්ත අයියා මේ වයසක මනුස්සයා රිදවලා මොනවද බලාපොරොත්තු වන්නේ සමහර විට මෙම සිදුවිමම පරිහානියේ ආරම්ය වි.යහැකියි සත්‍ය ජයගනි.

Monday, January 27, 2025

උඹෙනුත් කැකුළු හාල් ඉල්ලුවද




*උඹත් මාලිමාව රට හදයි කියල අවංකවම ඡන්දය දීපු හෝ ඒ වෙනුවෙන් වැඩ කරපු එකෙක් ද?
මේ ටික මතක තියාගෙන ගැම්මෙන් ඉදහල්ල.
ගෝඨබය කියල එකෙක් ගෙනල්ලා රතිඤ්ඤා පත්තුකරල ,කිරිබත් කාල
පොහොර ⁣ටික නැති කලා උඹ උන්ගෙ ගොට්ටන්ගෙන් පොහොර ඉල්ලුවද
රට බංකොලොත් කරල තෙල් නැතිව වාහනෙ තෙල්පෝලිමේ තියල, කොල අතු ,ඉටිරෙදි වලින් වහල පයින් ඇවිත් ආයෙ පයින් ගිහින් දුක් වින්ද උඹ උන්ගෙන් තෙල් ඉල්ලුවද?
කරන්ට් එක නැතිව බැටරියකට වයර් අමුනගෙන දරුවො පාඩම් කෙරෙව්වා උඹ උන්ගෙන් කරන්ට් එක ඉල්ලුවද?
ගෑස් නැති උනා,හැම භාන්ඩයක්ම එකට තුන්ගුනයකින් මිල වැඩි කලා( උදා- රුපියල් 5ට තිබ්බ ගිණි පෙට්ටිය 20 කලා,රුපියල් 900ට තිබ්බ සිමෙන්ති කොට්ටෙ 3200 කලා,රුපියල් 50,60 තිබ්බ සබන් කැටේ 145 කලා
රුපියල් 10ට තිබ්බ පෑන රුපියල් 50 කලා)
කොටින්ම කියවවනම් pulsar ,Fz පැදපු එකා ct100 පදින තැනට දැම්ම
ගෝල්ඩ්ලිෆ් එක බීපු එකා බීඩියට දැම්ම ,, වඩුවැඩ කරපු එකා මේසන් වැඩ කරපු එකා වැඩ නැතිව හූල්ලමින් හිටිය
උඹල මේව උන්ගෙන් ඉල්ලුවද ? නෑනෙ ,නෑනෙ 



එහෙනම් රෙද්දටද කෙලවලා දීපු රටක් මාස තුනක ආන්ඩුවෙන් සියල්ල අංගසම්පූර්ණ වෙන්න කියල කින්ඩි දාන්නේ ඇයි කියල ගැම්මෙන් අහපල්ල
කොටින්ම මිනිස්සු කරන්ට්,තෙල් ,ගෑස් නැතිව දුක් විදිද්දි මහ එවුන් උඩින් යමින් රට සවාරි යමින් ,බාල බෙහෙත් ගෙනල්ලා මිනිස්සු මරමින් කටයුතු කරද්දි ඔය කටවල් පූට්ටු වෙලා තිබුනෙ ඇයි කියල අහපල්ල
මේ රටේ බදු බර දරාගන්න බැරිව උගත් මිනිස්සු රට දාල යනකොට, විසඳනව කියල ඇවිත් රනිල් කෑලි කෑලි විකුණල ,ණය ගන්නකොට රනිල් පොර කියල දගලන ලදරු මානසිකත්වය ගැන ඇත්ත කතාව ගැන මොකක්ද කියල ගැම්මෙන් කියල දියල්ල
ගැම්මෙන් , ගැම්මෙන් ඉදපල්ල
........................ ............
*දශක ගානක් හොරා කාපු වලව් හාමුලගෙ කකුල්වලට පෑගිල හිටපු ජනතාව අපේ පංතියේ පොඩි මිනිහෙක් ජනාධිපති කරගත්ත කියල ගැම්මෙන් ඉදහල්ල
ඒ පත්කරපු ජනාධිපති විශාල උත්සව නැතිව,වරප්‍රසාද අඩුකරගෙන සාමාන්‍ය මිනිහෙක් වගෙ රට පාලනය කරන එක ගැන ගැම්මෙන් ඉදහල්ල
* ඡන්දෙ දින්නට පස්සේ වෙනද වගෙ මිනිස්සුන්ට හිංසා නොකර පාරවල්වල කිරිබත් කාල,රතිඤ්ඤා පත්තුකරල පලිගත්තෙ නැති එක ගැන ගැම්මෙන් ඉදහල්ල
* ජනාධිපති ,ඇමතිල තමන්ගේ සනුහරේ අමාත්‍යාංශවලට පුරවගෙන ,රට සවාරි යමින් සංදර්ශන නැති එක ගැන ගැම්මෙන් ඉදහල්ල
* දීර්ඝකාලීන වැඩපිළිවෙළක් යටතේ වැසී තිබූ කර්මාන්ත ශාලා අරම්භ කරමින් දැවැන්ත ආයෝජන රටට ගේන එක ගැන ගැම්මෙන් ඉදහල්ල
බංකොලොත් රට නිල වශයෙන් බංකොලොත් බාවයෙන් මුදා ගත්තෙ අනුරල කියල ගැම්මෙන් ඉදහල්ල
විකුණන්න හදපු ආයතන,සම්පත් බේරගෙන ගොවියත්,දුගියත් වියාපාරික⁣යනුත් බේරගෙන සීරුවට මේ ගහන ගේම දැකල ගැම්මෙන් ඉදහල්ල
දින්නොත් විදෙස් සම්බන්ධතා නැතිවෙනව,ආගම විනාශ කරනව,පෙරහැර නවත්වනව, රට ලේ විලක් වෙනව,ඩොලරය ඉහල යනව,කොටස් වෙළඳපොල කඩා වැටෙනව ,තෙල් නැතිවෙනව,ගෑස් නැතිවෙනව වගේ මඩ ගහපුව බොරු කරපු එක ගැන ගැම්මෙන් ඉදහල්ල
හාල් ඇටේ අල්ලගෙන දගලද්දි බොහෝ භාන්ඩවල ,⁣⁣ බෙහෙත්වල මිල අඩුවීම ගැන ගැම්මෙන් ඉදහල්ල
කුඩු මාධ්‍ය හා ජවාරම්කාර මාධ්‍ය කිහිපයක් (හිරු,දෙරණ ) ආන්ඩුව වට්ටන්න හිතන් කරන ප්‍රචාර පරම සත්‍ය කියල පිලිගන්නෙ නැතිව ඇත්ත දැකල ගැම්මෙන් ඉදහල්ල
කොටින්ම උත්සව පලකට ගියාම සම්බා රයිස් එක කාල එළියට ඇවිත් කැකුළු හාල් ඤැහ් ගාන තක්කඩින්ට විරුද්ධව ගැම්මෙන් ඉදහල්ල
විධායක ජනාධිපති කෙනෙක් ඉන්න 2/3 ආන්ඩුවට සහය දෙන උඹලට ගැම්මෙන් ඉන්න බැරිනම් රටටම කෙලවල පරාද වෙල ගිය හාමුලගෙ හෙන්චයියන්ට කොහොමත් ගැම්මෙන් ඉන්න බෑ කියල තේරුම්ගෙන ගැම්මෙන් ඉදහල්ල
 ⁣ඡන්දය දීපු හා දුන්න වගෙ රගපාපු ,දෙන්න කෙනෙක් නැති නිසා දෙන්නම් වාලෙ ඡන්දෙ දීපු අය තේරුම්ගෙන නොතේරෙන කමට බනින අයට තේරුම්කරල,තක්කඩි කමට අපහාස කරන අයට ගැම්මෙන් උත්තර දීපල්ල
 නිවාස,සුපෝඛබොෝගී වාහන අතඇරල,රට පුරා තියෙන ජනාධිපති මන්ධිර අත ඇරල,රට ඇතුලත ගුවන් ගමන් අත ඇරල ,ආරක්ෂාව අඩුකරගෙන, ඒ විතරක් නෙවෙයි මිලියන ගනන් වැටුප් අතඇරල රට හදන්න ස්වෙච්ඡාවෙන් ( වැටුප්,වරප්‍රසාද නොගෙන) වැඩකරන ලේකම්ල,උපදේශකල දාගෙන මේ රට හදන ගේම තමයි මේ ගහන්නේ කියල ගැම්මෙන් ඉදහල්ල
හොද දේවල් කප්පරක් තියෙද්දී හාල් ඇටේ, බස් ,බයික් කෑලි ගැන කියමින් ආන්ඩුව පෙරලන්න හිතනවනම් ඒව හීන කියල තේරුම්කරල ⁣,මිනිස්සුන්ට පොහොසත් රටක්,ලස්සන ජීවිතයක් හදනවම තමයි කියන ගැම්ම තියාගෙන ගැම්මෙන් ඉදහල්ල .