ජනාධිපතියෝ,උඹ කූඩුවක ඉන්න ගිරවෙක් ලස්සන ලස්සන කතා කියනවා.ඒත් බඩගින්නේ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍ර යෝ කියලා හිතා ගන්න එක හොදයි. උන් ඉන්නේ කෝපයෙන් අවස්ථාව ආපු ගමන් උඹව ගොදුරු කර ගන්නවා“ —කැරොලිනා මාරියා ඩී ජීසස්
මේ දවස් වල මූණු පොතේ හුවමාරු වන උධෘතයක් මගේ හිත ලග නතරවුනා. හිතන්න බොහෝ දේවල් තියෙනවා. අපේ රට , අපේ රටේ වර්තමාන පරම්පරාව . ඔවුන් ඉන්නේ ව්‍යාඝ්‍රයෝ වගේ. උන් දත් විලිස්සා ගෙන රතුවුන ඇස් බෝල කර ගෙන කර කවමින් බලා ගෙන ඉන්නේ ගිරවා මරා දමන්න. ඉවසීමේ සීමාව ඔවුන්ගෙන් ඔබ්බට ගිහින්. සීමාව අවුල් වියවුල් කරන්න අපේ ඇත්තන්ගේ දායකත්වයත් ඉහලයි. එයාලටත් කූඩුවේ හිරවෙන්න සිහින තියෙනවා.ඒකට මග පාදාගන්න ඉන්න ගිරව් මේ ව්‍යාඝ්‍රයෝ රෑනට මවන්නේ සුරංගනා ලෝකයක්.
මාරියා බ්‍රසිලියානු ජාතික ලේඛිකාවක්. ඈ සාඕ පවුලෝ නගරයේ පීඩිතයන් සමග මුඩුක්කු ප්‍රදේශයක ජීවත්වු දිරිය කතක් .ඇගේ ජීවන සටහන් පීඩිත ජීවිතය ඇගෙන් මුදවා ගත්තත් ඈ දරිද්‍රතාවය සහ පාලකයන්ගේ දුෂ්ඨ භූමිකාව පීඩිතභාවයේ සිටම , පීඩිතභාවය අත්විදිමින් සටහන් කලා.
බ්‍රසීලයේ සැක්‍රමෙන්ටෝ නම් කුඩා නඟරයේ දී 1914 මාර්තු මස 14 දින උපත ලද කැරොලිනා කුඩා කලම නිවසින් පලා යනවා. ජීවිතය ගැන කිසිත් අවබෝධයක් නොමැතිව, දන්නා හදුනා ගත් කිසිවෙත් නැති සාඕ පවුලෝ නගරයට.එතකොට ඇගේ වයස අවුරුදු දාහතක්. පියා මව අතහැර ගිහින්. මවගෙන් ඇයට ආදරය ලැබුනේ නැහැ. මව ගෙන් පලා ආ ඇය සාඕ පවුලෝ නගරයේ තනිවනවා.මුඩුක්කු ජීවිතයටත් පියෙක් නැති ති දරු මවකගේ උරුමයත් සමග කටුක ජීවන අරගලයක යෙදෙන ඇය විවේක ඇති විට ලියන්න පෙලෙඹෙනවා.
අක්‍රමවත් ව විසිකරන කඩදාසි කැබලි වල සටහන් වන ඇගේ දරිද්‍රතාවයෙන් උණුසුම් වු ලියවිලි පැල්පතේ ගෝණි මල්ලක එකතුවෙනවා. ඈ රීඩර්ස් ඩයිජස්ට් සගරාවට මේ පිටපත් හැරියත් අප්‍රසිද්ධ චරිතයක්වු මාරියාගේ නිර්මාන ඔවුන්ගේ අවධානයට පත්වෙන්නේ නැහැ. කාලය මෙලෙස ගෙවී යද්දී “ අවුඩාලියෝ ඩාන්ටාස් “ නම් ‘ඕක්රූක්ශයරෝ‘ කියන සගරාවේ සේවය කරන මාධ්‍යවේදියා හමුවෙනවා. අවුඩාලියෝ ඇගේ සටහන් මළු සංස්කරණය කරමින් තමන් සේවය කළ පුවත්පත් ආයතනයේ පුවත් පතේ පළකරනවා.පසුව අවිධිමත් ජීවණ සටහන් මාරියෝගේ දීනපොත් සටහන් ලෙසින් බෞතීස්ම ලබා බ්‍රසීලයෙන් පිටතටත් පැතිරෙමින් මාරියෝ ගේ දූගී ජීවිතයට අරුතක් සපයනවා.
The Diary of Carolina Maria De Jesus නම් ලැබු පොත
පිටවු පසු පොතට ලැබුන ජනප්‍රියතාවය මාරියෝටත් ලැබෙනවා .විශාල ලෙස පිටපත් අලවි වෙනවා. පොත බ්‍රසීල විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව කරන සිසුන්ගෙ අත් පොතක් බවට පත්වෙනවා. නීති විද්‍යාලයේ සාමාජිකත්වය දීමෙන් ඈ හට බුහුමන් කරනු ලැබෙනවා.
1977 පෙබරවාරියේ ඈ මිය යන්නේ ජීවිත කාලයෙන් තුනෙන් දෙකකටත් වඩා කාලයක් තිස්සේ ඇ සිහින මැවූ සෞභාග්‍යමත් ජීවිතය අත්විදිමින්.
අපි අදුරට සාප කරමින් සිටිනවා. එක් පහනක් හෝ දල්වන්න උත්සහා කරන්නේ නැතිව.අපි එක් එක් පහන බැගින් දැල්වුවහොත් අදුර දුරුවෙලා යාවී. මාරියෝගේ ජීවිතය අදුරෙන් ගොඩ නැගුනේ අදුරේ සිට සාප කරමින් නොසිට පහන් එකින් එක දල්වපු නිසා කියලා මම හිතනවා.එය අහම්බයක් ලෙස පෙනුනත් ජීවිතයේ හැඩරුව වෙනස් කරන දෛවය ක්‍රියාත්මක වෙන්නේ අප නොසිතනා අයුරින්.නොසිතනා විලසින්.
Thursday, June 27, 2024
කැරොලිනා මාරියා ඩී ජීසස්
Thursday, June 20, 2024
බිත්තර.
බිත්තර ගැන මෙතරම් කතා බහට ලක්වුන කාලයක් මට මතක නැහැ;මේ ඔක්කොම හුට පට වෙළද ඇමතිතුමාගේ ආරෝවක් කියලා දවසක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇහුවා.දේශපාලකයෝ කියන්නේ සමාජ සේවකයෝ පිරිසක් කියලයි මම හිතන්නේ.ඒත් අපේ දේශපාලකයෝ හිත් මමත්වයෙන් පුරවා ගත්ත අය විදියටයි අපි දකින්නේ.දේශපාලනයේදී පෞද්ගලික කරුණු කාරනා තියෙන්න පුළුවන්ද ?.
බිත්තර විටමින් ඒ – 6%ක්, ෆෝලේට් 5%ක්, විටමින් බී 5 : 9%ක්, විටමින් බී 12 : 15%ක්, විටමින් බී 2 : 9%ක්, පොස්පරස් : 9%ක් සහ සෙලනියම් : 22% ක් බිත්තරවල අඩංගු වෙනවා. එයට අමතරව විටමින් ඩී, විටමින් ඊ, විටමින් කේ, විටමින් බී 6 වගේම කැල්සියම් සහ සින්ක්ද බිත්තරයක තියෙනවා. බිත්තරයකින් කැලරි 77ක් සිරුරට එකතුවෙන අතර ප්‍රෝටීන ග්‍රෑම් 5ක් සිරුරට හිතකර මේද අම්ල ලෙස සිරුරට ඇතුළත් වෙනවා. එක් බිත්තරයක තිබෙන පෝෂ්‍ය පදාර්ථ එක්ක ගත්තාම අඩුම මිලකට ගන්න පුළුවන් පෝෂ්‍යදායි ආහාරයක් වෙන්නේ බිත්තර.
බිත්තර වලට පාලන මිලක් පැනවුවා. පාලන මිලට විකුනන්න සිල්ලර වෙලෙන්දෝ කැමතිවුනේ නැහැ. එයාලට ලැබෙන ලාභය රුපියල් දෙකක් නිසා. නිෂ්පාදකයා පිරිවැය වැඩි නිසා ලාභයක් නැහැ කිව්වා. මහපරිමානයෙන් ගොවිපල පවත්වා ගෙන යන්නන් , බිත්තර රැස් කර අළවි කරන්නන් වෙළද පලට බිත්තර විකුනන්නේ නැතිව මහා පරිමාන ආහාර නිෂ්පාදකයින්ට බිත්තර අළවි කරන්න පටන් ගත්තා. මෙයට හේතුවකුත් තිබ්බා.
බිත්තර නිෂ්පාදනය සදහා කුකුළු පැටවුන් , ආහාර ,බෙහෙත් ද්‍රව්‍ය හිගයක් සහ මිළ අධික වීම නිසා මහා පරිමාන නිෂ්පාදකයෝ තම නිෂ්පාදන පරිමාව අඩුකලා.කුඩා ගොවිපල හිමියන් නිෂ්පාදන පිරිවැය දරා ගන්න බැරිව තම ගොවිපලවල් වසා දැම්මා.
මේ හේතුවෙන් බිත්තර වෙළද පලේ හිගයක් ඇතිවුනා. ඉල්ලුම සහ සැපයුම අතර වෙනස බිත්තර මිළ ඉහල යන්න හේතු වුනා.රජය ඉන්දියාවෙන් බිත්තර ගේනන තීන්දු කලේ මේ වගේ පසුබිමක.
රජය ඉන්දියාණු බිත්තර, කර්මාන්තකරුවන්ට දෙන්න තීරණය කරලා අහාර නිෂ්පාදන කර්මාන්තකරුවන්ගේ වෙළද පල අත්පත් කරගන්නා විට පාරිභොගික වෙළද පලට මෙරට නිෂ්පාදනය කරන බිත්තර ලැබෙයි කියන බලාපොරොත්තුව ඇති කර ගෙන සිටිනවා. ඒ වුනත් පරිභෝජනයට ප්‍රමානවත් බිත්තර ප්‍රමාණයක් මෙරට ගොවිපල වලින් නිෂ්පාදනය වන බවක් දකින්නට නැහැ. බිත්තර නිෂ්පාදකයාට අවශ්‍ය යටිතල පහසුකම් ඒ කිව්වේ කුකුළු පැටවුන් ,සාධාරන මිලට ආහාර හා ඖෂධ තාමත් ලැබෙන්නේ නැහැ.රජයේ නව බදු ප්‍රතිපත්ති බිත්තරේටත් හරස් වෙලා. කෘෂිකර්ම අමාත්‍යංශයට අනුව දියර කිරි නිෂ්පාදනය සියයට 19.8කින්, බිත්තර නිෂ්පාදනය සියයට 34.9කින්ද, කුකුල් මස් නිෂ්පාදනය සියයට 12.1කින්ද පහත වැටී ඇති බවයි පැවසෙන්නේ.
එම අමාත්‍යංශයම සදහන් කරන පරිදි මෙයට හේතුව සත්ව ආහාර නිෂ්පාදනය නිසියාකාරව නොසිදුවීමයි.ගොවීන්ට බීජ , පොහොර නිසිකලට නොලැබෙන් විට අස්වැන්න බලාපොරෙත්තුවෙන්න බැහැ. මෙයට වගකිව යුත්තෙත් කෘෂිකර්ම අමාත්‍යාංශය. ඇමති දෙපල රෙදි ඇදගෙන නානවාද නැත්නම් රෙදි නැතිව නානවද කියලා හිතා ගන්න බැහැ. එකම මේසෙක විසදගන්න පුළුවන් ප්‍රශ්න එකිනෙකා හමු වෙන්නේ නැති ගානට වේදිකාවේ නැත්නම් මාධ්‍ය සාකච්ඡා පවත්වලා දිග අරිනවා.
ඉන්දියාවෙන් බිත්තර ගෙනවිත් ඉන්දියාවට යන විනිමය ගැන හිතන්නේ නැහැ. අපේ ගොවියට බීජ පොහොර අඩු බදු අයකිරීමකින් සපයලා කුකුල් ගොවිපල හිමියනට පැටවුන් ඖෂධ සපයන්නේ නම් ක්‍රමවත් සැලැස්මකින් මාස කිහිපයකින් බිත්තර දේශීයව නිෂ්පාදනය කර ගත හැකියි. සහල් වලට දැන් ගැටළුවක් තියෙනව ?.කන්න දෙකකින් සහල් ප්‍රශ්නය විසදුනා වගේ බිත්තර ප්‍රශ්නයත් විසදේවි.
වෙළද අමාත්‍ය වරයා එක පාරක යන කොට කෘෂිකර්ම ඇමති තුමා යන්නේ වෙන පාරක.සත්භාවයෙන් කටයුතු කරනවා නම් මේවා ගැටළු නෙමෙයි.බිත්තරයටත් QR නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
Subscribe to:
Posts (Atom)